Saturday, December 31, 2011

◄ කරන කියන දේ ►



තම පියා සමඟ උදේම අසල කඳු ගැටයට නැඟීම පුරුද්දක් කරගෙන සිටි අවුරුදු 5ක පමණ පුතෙකු එදිනද උදෑසනම තම පියා හා කන්ඳ තරණය කරන්නට වුනා. ඒත් ඔහුගේ දැඟළිලි ස්වාභාවය නිසාම එක්වරම ඔහු ලිස්සා ගොස් ඇද වැටුණා. රිදුම් දෙන කකුල නිසාම ඔහුට ''අනේ'' කියා කෑ ගැසෙද්දී අවට පරිසරයේ තිබූ නිහඬ බව නිසාම ඔහුගේ වචන දෝංකාර දී නැවත ''අනේ'' කියා ඇසෙන්නට වුනා. මේ වන්නේ කුමක්දැයි සිතාගත නොහැකි වූ පුංචි පුතා ''ඔයා කවුද'' යැයි ප්‍රශ්ණ කරා. එයටද පිළිතුරු ලෙස නැවතත් දෝංකාරය ''ඔයා කවුද'' යැයි හඬ නැඟුවා. මෙයින් කෝපයට පත් පුංචි දරුවා ''කවුද මේ මෝඩයා'' යැයි කෑ ගැසුවා. එයටත් පෙර පරිදිම දෝංකාරය පිළිතුරු දුන්නා. ''කවුද මේ මෝඩයා''.

සිදුවන්නේ කුමක්දැයි වටහා ගත නොහැකි වූ තැන පුතා තම පියා දෙස බලා ''තාත්තේ මොකද්ද මේ වෙන්නේ'' යැයි විමසුවා. එවිට පියා තම පුතුව ලඟට ගෙන මෙසේ කෑ ගැසුවා.


''මම ඔබව අගය කරනවා'' එවිටද දෝංකාරය පිළිතුරු දුන්නා. ''මම ඔබව අගය කරනවා'' නැවතත් පියා ''ඔයා නම් හරිම හපනෙක්'' යැයි කෑ ගසා පැවසුවා. එවිටද එය දෝංකාර දී පිළිතුරු ලෙස ''ඔයා නම් හරිම හපනෙක්'' යැයි ඇසෙන්නට වුනා.


පුතුට එවිට සතුටක් දැනුනත් ඔහුට සිදුවන දේ වටහා ගැනීමට නොහැකි බව තේරුම් ගත් පියා පුතුට මෙසේ පැවසුවා. ''පුතේ, ඔයා කියන දේ ආයෙත් ඒ විදියට ඇහෙන දේට මිනිස්සු කියන්නේ දෝංකාරය කියලා. ඒත් ඒකම තමයි පුතේ ජීවිතේ කියන්නෙත්.



ජීවිතය වෙනුවෙන් අපි කරන කියන දේම තමයි ආපසු අපිට ජීවිතය තෑගි කරන්නේ. අපේ ජීවිතය ඇත්තටම අපි කරන කියන දේවල ප්‍රතිරූපයක් වගේ. ඔයාට අනිත් අයගෙන් ආදරේ අවශ්‍යය නම්, ඔයත් අනිත් අයට ආදරේ කරන්න ඕන. ඔයාට අනිත් අයගෙන් ගෞරවය අවශ්‍යය නම්, ඔයා අනිත් අයටත් ගරු කරන්න ඕන. ඔයා ජීවිතේට කරන හැමදේම පෙරලා ඔයාටත් ඒ විදියටම ලැබෙනවා.''

''YOUR LIFE IS NOT A COINCIDENCE, IT'S A REFLECTION OF YOU !''

Friday, December 30, 2011

◄ කවදා ගෙවා නිම කරම්ද? ►



රාත්‍රී කෑම පිළියෙල කරමින් සිටි තම මව වෙත පැමිණි පුංචි පුතු, ඔහු සවස් වරුව පුරා ලියූ පොත් පිටුවක් රැගෙන විත් එය කියවා බලන්නැයි මවට ඇවිටිලි කරන්නට වුනා. තම අත් පිසදා ගත් ඇය එය රැගෙන කියවන්නට වුනා.

1.තණකොල කැපීමට - Rs.100

2.සතිය පුරාවටම මගේ කාමරය පිරිසිදු කිරීමට - රු.200
3.කියූ වේලාවල් වලට කඩේට යෑමට - රු.250
4.ගෙදර කිසිවකු නොමැති වේලාවලදී නංඟිව බලා ගැනීමට - රු.300
5.මෙවර වාර විභාගයට හොඳ ලකුණු ගැනීමට - රු.250
6.වත්ත සුද්ද කිරීමට - රු.500
ගෙවීමට ඇති මුළු වටිණාකම = රු.1600


තම පුංචි පුතු දෙස මොහොතක් සිනා මුහුණින් බලා සිටි ඇය එම පොත් පිටුවෙහි අනිත් පස පෙරළා, ලියන්නට වුනා. මිනිත්තු කිහිපයකින් එය ලියා අවසන් කර තම පුංචි පුතු අත එය තබා කියවා බලන්නැයි ඇය පැවසුවා. එහි මෙසේ සටහන්ව තිබුණා.

1.මාස 9ක් පුරා ඔයා මගේ ඇඟ ඇතුලේ වැඩෙද්දී ඔයාව දරාගෙන සිටීම - නොමිළේ

2.වසර 2ක් පුරාවටම ලේ කිරි කරලා පොවලා ඔයාව ජීවත් කරවීම - නොමිළ
3.ඔයා ලෙඩ වෙලා සිටි හැම රැයකම නිදි මරමින් ඔයාව බලාගැනීම, ඔයාට වෙලාවට බෙහෙත් ටික පෙවීම - නොමිළේ
4.ඔයාගේ කැතකුණු අතගා, ඔයාව පිරිසිදු කිරීම - නොමිළේ
5.ඔයා ලෙඩ වුනාම, තුවාල කරගත්තම මම අඬපු හැම කඳුලු බිංදුවක්ම - නොමිළේ
6.ඔයාට හොඳම සෙල්ලම් බඩු අරන් දීලා, ඔයාට ලස්සනම ඇඳුම් අරන් දීලා ඔයාව කුමාරයෙක් වගේ තියාගැනීම - නොමිළේ
ඉතිං මගේ රත්තරං පුතේ මේ ඔක්කෝම එකතු කරාම ඔයාට ගෙවීමට ඇති මුළු වටිණාකම සම්පූර්ණයෙන්ම නොමිළේ...

පුංචි පුතාගේ පොත් පිටුව එයාගේ ඇස් වලින් වැටුණු කඳුලු බිංදු වලින් බොඳ වෙලා යද්දී පුතා එයාගේ ගෙවීමට ඇති මුළු වටිණාකම කියන තැන මෙහෙම ලියුවා. ''සම්පුර්ණයෙන් ගෙවා අවසන් කරන ලදී'' ''All that I am, or hope to be, I owe to my angel MOTHER''

Thursday, December 29, 2011

◄ තෑග්ගෙන් තෑග්ග​ ►



ඇය සෑම දිනකම තමා කෑම සඳහා පුච්චා ගන්නා පාන් ගෙඩියට අමතරව තවත් අමතර පාන් ගෙඩියක් පුච්චා එය නිවසේ ජනෙල් පඩිය මත තබන්නට පුරුදුව සිටියේ ඒ අසලින් පාරේ යන බඩගිනි අයෙකුට එය ආහාරයක් වේවා යන ප්‍රාර්ථනාවෙනි. ඒ අසලින් ගමන් ගත් විරූපි වකුටු ගැසුණු මිනිසෙකුද පුරුද්දක් සේම ඇය මෙසේ තබන පාන් ගෙඩිය රැගෙන යන්නට පුරුදු වූවා. නමුත් ඔහු කිසිදිනෙක ඇයට ස්තූති කරන්නට සිතුවේ හෝ නෑ. ඔහු කල එකම දේ නම් එසේ පාන් ගෙඩිය රැගෙන පිටව යන අතරතුර මෙසේ පැවසීම පමණයි.

''උඹ කරන නරක උඹ ගාවම ඉතිරිවේවි, ඒත් උඹ කරන හොඳ ආයෙත් නුඹව සොයාගෙන එනවා''


මෙසේ සෑමදාම ඇය සාදා තබන පාන් ගෙඩිය රැගෙන යන මේ විරූපි මිනිසා ඇයට කිසිදිනෙක ස්තූති නොකිරීම ගැන ඇයට දිනෙන් දින ඇති වුනේ කෝපයක්. දිනක් ඇය ඒ තරහා අවසන් කරන්න සිතුවා, ඇය දෙවනුව පුච්චන පාන් ගෙඩියට වස එකතු කොට ජනෙල්‍ පඩිය මත තැබුවා. ඒත් මොහොතක් යෑමට මත්තෙන් ඇය මේ කරන්නට යන පාපය ගැන ඇයට සිහියට නැඟුනා. වහාම ඒ පාන් ගෙඩිය ඉවත්කොට ඇය තම කෑම සඳහා පුච්චාගත් පාන් ගෙඩිය ජනෙල් පියන මත තැබුවා. වෙනදා මෙන්ම විරූපි මිනිසා පැමිණ එය රැගෙන යන්නට වුනා. ඒ වගේම තම පුරුදු වදන් වැළ පැවසීමටද ඔහු අමතක කළේ නෑ. ''උඹ කරන නරක උඹ ගාවම ඉතිරිවේවි, ඒත් උඹ කරන හොඳ ආයෙත් නුඹව සොයාගෙන එනවා''


ඇය මෙසේ පාන් ගෙඩියක් පුළුස්සා තබන සෑම දිනෙකම ඊට සති ගණනකට පෙර නිවසින් බැහැරව ගොස් අතුරුදන් වූ තම එකම පුතා ආරක්‍ෂා කර දෙනමෙන් දෙවියන් යදින්නටද පුරුදුව සිටියා. එදිනම ඇය තමාහට නැවත පාන් ගෙඩියක් පුළුස්සා ගැනීමට සැරසෙද්දීම ඇයගේ නිවසේ දොරට යමෙකු තට්ටු කරන්නට වුනා. දොර හැර බැලූ ඇයට තම දෙනෙත් අදහා ගත නොහැකි වුනා, තම එකම පුතු ඉතාමත් දුර්වල තත්ත්වයෙන් දොර අසල සිටිනු දුටු ඇය වහාම ඔහු වත්තන් කරගෙන ඇඳ වෙත රැගෙන ගියා.


එවිට ඔහු සෙමින් තමාට වූ අකරතැබ්බය විස්තර කරන්නට වුනා. ''මම එදා කැලය මැදින් යමින් සිටියදී කැලයේ වූ වළක් තුලට මම ඇද වැටුනා. දවස් 2ක් විතර මම සිහි නැතිව ඉන්නට ඇති. මගේ කකුලේ වූ තුවාලය නිසාම මට ඒ වළෙන් ගොඩ එන්නට නොහැකි වුනා. දින කිහිපයක් මම බේරා ගන්නා ලෙස කෑ ගසමින්, කෑමක් නැතුව සිටිද්දී ඒ අසලින් ගිය විරූපි වකුටු මනුස්සයෙක් මට පාන් කැබැල්ලක් වළ තුළට දමා යන්නට වුනා. ඔහු මේ විධියට මේ දින ගණන පුරාවටම මාහට තම පාන් ගෙඩියෙන් කොටසක් දුන්නා. අදත් ඔහු මට තමාගේ පාන් ගෙඩියෙන් කොටසක් වෙනදා මෙන්ම දුන්නා, ඒක කාලා මම අමාරුවෙන් එල්ලී වළෙන් ගොඩට ආවා. ඒ මනුස්සයා නැති වෙන්න අද මම මැරිලා අම්මේ.''


ඇයට මේ කතාව ඇසෙද්දී තම ගත වාරු නැතිව ගියා. ඇස් වල කඳුලු පුරවා ගත් ඇය අද තමා කරන්නට ගිය දෙයින් තම පුතුගේ ජීවිතයද අහිමි වන්නට තිබූ බව සිතන්නට වුනා. ඒ සමඟම ඇයට අර විරූපි මිනිසාගේ වදන් මතකයට නැඟුනා.


''උඹ කරන නරක උඹ ගාවම ඉතිරිවේවි, ඒත් උඹ කරන හොඳ ආයෙත් නුඹව සොයාගෙන එනවා''


ඉතිං යාලුවනේ ඔයාලත් පුළුවන් තරම් අන් අයට උපකාර කරන්න. අන් අයට හොඳම කරන්න. එයින් පෙරළා කිසිවක් ඔවුන්ගෙන් බලාපොරොත්තු වන්නට එපා.

Wednesday, December 28, 2011

◄ Re-Mix පිරුළු ►



•ගහෙන් වැටුණු මිනිහට කොකාගේ සුද පේන්නේ ඉගිළෙන විටලු
•ඌරාගෙ මාළු මදිවට හරක් කිවුවා සේ
•කිරි ගහට ගොනා ඇන්නා වගෙයි
•දාහට අරන් පන්සීයට කොස්ඇට බාවනවා වගෙයි
•උගුරට හොරා අඹුඩ ගැහුවා වගේ
•අනුන්ට කපපු වලේ හබන් කුකුලොන්ට රජ මඟුල්ලු
•අඬන්න ඉන්න මිනිහ කැපු වලේ තමන් වැටීම
•ජම්මෙට වඩා මහ මුදලිකම ලොකුයිලු
•උපාසක බලල්ලුන්ගෙන් පේන ඇහුව වගේ
•හොරාගේ අම්මට ඇඟිල්ලෙන් අනිනවා වගෙයි
•දෝලාවෙන් පැන්නොත් බිම වැටේ
•පනින රිලවාට ඇඟිල්ලෙන් අනිනවා වගෙයි
•ඇටිකෙහෙල් කාපු කැකිල්ලේ රජ්ජුරුවෝ වගේ
•ලුලා නැති කලට බලල්ලුත් සාක්කිලු
•අලි මදිවට අම්ම පෙව් කිරි මතක් උනා වගේ
•පරංගියා එකට කෑවත් බොක්ක වෙනස්ලු
•කතාව දෝලාවෙන් ගමන උරුලෑව ගිය පාර වගේ
•ඇතුන් යන පාරේ හතු පිපෙනවා වගෙයි
•අබුද්දස්ස කලේ පොත් ගත්තේ කියවන්නද
•ඉබ්බාට අමු කැවිලා වගේ
•උඩ පැන්නොත් අන්තිම ඉත්තත් අදිනවා
•අඩුව තියෙද්දි ඌරන් කැකුණ තලනවලු
•අඟේ ඉඳන් පුටුව හැදුව වගේ
•බළල්ලු ලවා පේන ඇහුව වගේ
•ගිනි පෙලෙල්ලෙන් බැටකාපු එකාට අග්ගලාවත් කජ්ජක්ද?
•ගහෙන් වැටුණු මිනිහ විය සිදුරෙන් හඳ දකින්නා වගෙයි
•අතීසාරයට කොට්ටේ මාරු කලා වගේ
•පුහුල් හොරා ඉනි කපුවා වගෙයි
•වෙහෙර ගිලපු මිනිහ කරෙන් දැනේ
•හිස රදේට වන්සේ කබල් ගානවා වගේ
•අටුව කඩා දියේ දැම්මහම ඇන්නාවේ කිව්වලු
•නංගි පෙන්නලා පිහාටු ඉල්ලනවා වගෙයි
•දත ඇති දා කජු කනවා වගෙයි
•ඇවිද්ද පය ගමරාලගේ වංගෙඩිය වගෙයි
•දෙවේලේ දකින කුකුලගේ කරමල දෙපෙත්තෙන් දැනේ
•ලැජ්ජා නැතිකම දෙපෙත්තෙන් දැනේ
◘▬◘ හරි දැන් ඔය යාලුවොත් Re- Mix කරමුද බලන්න. ◘▬◘

◄ කඳුලු වල තේරුම​ ►



එක් රාත්‍රියක වයස අවුරුදු 60ක් පමණ වයස්ගත වූ පුද්ගලයෙකු උද්‍යානයක වූ බංකුවක් මත වාඩිවී, තම S-Series Mercedes රථය අසල පාරේ නවතා, නවීනතම මාදිලියේ Rolex අත් ඔරලෝසුවක් පැලඳ, වටිනා ජංගම දුරකතනයක් අතැතිව, Armani ඇඳුමින් සැරසී, ඉතාලි පාවහන් යුගලක් පැලඳ, Swiss බැංකු චෙක්පොත් කිහිපයක් තමා පසෙකින් තබා කඳුලු පිරි දෙනෙතින් නිසොල්මන්ව බලා සිටී.

ඒ ඇයි කියලා හිතාගන්න පුළුවන්ඳ?

ඇත්තටම ඒ ඔහු බලා සිටින්නේ ඔහුට මදක් ඈතින් ඇති තවත් බංකුවක් වටා එක් රොක් වුනු කොලු ගැටයින් සමූහයක් ප්‍රීතිවෙමින් ඉන් එක් අයෙකුගේ උපන් දිනයක් සමරන අයුරුයි.

ඔබට ඔබේ ජීවිතයේ මිතුරන් මඟහැරී ඇති බව දැනුනු විට, ඔබ කෙතරම් සුඛෝපබෝගී දිවි පෙවෙතක් ගත කරා වුවද නෙතට කඳුලක් උනනු නොඅනුමානය.

When you miss your good old friends, luxury cant stop your TEARS !
Dedicated to all my loving friends...

Tuesday, December 27, 2011

◄ ආදරයේ මිහිරි රස ►



ඒ රාත්‍රී සාදයේ රෑ මනමාලිය ලෙසයි ඔහුට ඇයව පෙනුනේ. සෑම තනිකඩ පිරිමියෙකුම ඇය පසු පස යද්දී, සෑම විවාහක පිරිමියෙකුම ඇය වෙත බැලුම් හෙලද්දී ඔහු නොසැලෙන දෑසින් ඇය දෙස බලා සිටියා. කෙමෙන් රෑ බෝවෙද්දී ඇය කරා ලන්වුනු ඔහු ඇයට කෝපි කෝප්පයක රස විඳීමට ආරාධනා කරා. එක්වරම මේ නොසිතූ ආරාධනයෙන් ඇය පුදුම වුනත් ඔහුගේ ශීලාචාර ඇමතීම හමුවේ ඇය ඔහුගේ ඒ ඉල්ලීමට එකඟ වුනා. වීදිය කෙළවරේ වූ coffee shop 1ක් වෙත පිය නැඟූ දෙපල ඔවුනටම වෙන්කර ගත් මේසයක මුහුණට මුහුණලා අසුන් ගත්තා. නමුත් ඔහු ඇය හා කිසිත් පැවසීමට හෝ ඇය දෙස ඍජුව බැලීමට තරම් සිත දැඩි අයෙකු වූයේ නෑ. ඔහුගේ සිත වේගයෙන් ගැසෙන්නට වෙද්දී ඇය තමාට යා යුතු බව පැවසූවේ ඔහුගේ මේ හැසිරීම ඇයටද අපහසුවක් වූ නිසයි. එවිටම ඒ අසලින් ගිය වේටර් වරයෙකුට ඔහු මෙසේ පැවසූවා.

''කරුණාකර මට ලුණු ටිකක් දෙනවද මේ කෝපි කෝප්පයට දාගන්න?''

අවට සිටි සියල්ලෝම එක්වරම ඔහු වෙත තම නෙත් යොමු කරද්දී ඔහු වේටර් ගෙන ආ ලුණු තම කෝපි කෝප්පයට මුසු කර බොන්නට වුනා. ඔහුගේ මේ ක්‍රියාවෙන් පුදුමයට පත්ව සිටි ඇය සෙමින් ඔහුගෙන් මෙසේ විමසුවා.

''ඇයි ඔයා ඔයාගේ කෝපි කෝප්පෙට ලුණු එකතු කරලා බොන්නේ, මම මගේ ජීවිතේටම එවන් පුරුද්දක් ඇති අයෙකු දුටු පලමු අවස්ථාව තමයි මේ.''

ඔහු එයට මෙසේ පිළිතුරු දුන්නා.

''මගේ පුංචි කාලේ ගෙවුනේ මුහුද ලඟ තිබුණු අපේ සීයාගේ නිවසේ. මම මුහුදට පුදුම තරම් ආදරේ කරා. ඒ ආශාව අදටත් ඒ වගේමයි. මට මගේ කෝපි කෝප්පයේ ලුණු රස දැනෙද්දී, මම තවමත් ඒ මුහුද ලඟ ජීවත් වෙනවා වගේ දැනෙනවා. මම මගේ පුංචි කාලේ ගැන ඒ වෙලාවට මතක් කරනවා, මගේ පියා නැති වුනේ මට අවුරුදු 2දී. එදා ඉඳන් මගේ අම්මා, ආච්චියි සීයයි එක්ක මාව බලා ගත්තු විධිය, ඒ 3න් දෙනාගේ ආදරේ, මට ආයෙත් මතක් කරල දෙන්නේ මේ ලුණු දාපු කෝපි කෝප්පයම තමයි.''

එසේ පවසද්දී ඔහුටත් හොරා ඔහුගේ දෑසින් කඳුලු කැට කිහිපයක් වැගිරෙනු ඇය දුටුවා. තම ගෙදර අය ගැන මෙසේ තම අවංක හැඟීම් පලකරන ඔහු ගැන ඇයට ඇතිවුනේ පුදුම තරම් වූ පැහැදීමක්. ඉන්පසු ඇයත් තම ළමා කාලයේ සිට මේ වනතුරු ඇය ගෙවන ජීවිතයේ වත ගොත ඔහු හා බෙදා ගත්තා. ඔවුන් මෙසේ ඇරඹී කතාබහ ඔවුනට නැවත නැවත මුණ ගැසීමට සුන්ඳර ඇරඹුමක් වුනා. ඔහු එදා ඔහුගේ කෝපි කෝප්පයට ලුණු එකතු කර නොගන්නට ඇයට එම සුන්ඳර මිනිසා අතහැරීමට ගිය අයුරු ඇය දිනපතා සිතන්නට වුනා. මෙසේ කාලය ගතවෙද්දී සෑම සුන්ඳර ආදර කතාවක වගේම මේ කුමාරය සහ කුමාරිය ආදරෙන් බැඳී විවාහය දක්වා තම බැඳීම අලුත් කර ගත්තා.

ඇත්තටම ඔවුන් දෙදෙනා එකිනෙකා වෙනුවෙන්ම මැවුණු යුවලක් සේ සතුටින් ජීවිතය ගෙනගියා. සෑම දිනකම ඇය ඔහු වෙනුවෙන් සාදන කෝපි කෝප්පයට ලුණු එකතු කරන්නත් අමතක කරේ නෑ. මෙසේ වසර 40ක් ගෙවී ගිය තැන ඔහු මිය ගියා. ඒත් ඔහු ඇය වෙත මෙම ලිපිය ඉතිරි කර ගිහින් තිබුණා.

''දයාබර සැසී,
මට සමාවෙන්න. මගේ ජීවිතයේම මම ඔයාට කළේ ලොකු බොරුවක්. වංචාවක්. මම ඔයාට කරපු එකම බොරුව එය පමණයි, ඒ තමයි අපි මුණගැසුනු පලමු දවසේ මම බිව් ලුණු එකතු කරපු කෝපි කෝප්පය. එදා මට ඔයා එක්ක කතා කරන්නේ මොනවද කියලා හිතා ගන්න බැරුව බොහොම චකිතයෙන් සිටි මොහොතකයි වේටර් එතැනින් ගමන් කරේ. ඇත්තටම මට ඕන වුනේ සීනි, ඒත් මා හට කියැවුනේ ලුණු අවශ්‍ය බවයි. ඒ වෙලාවේ මට ඒ කියැවුනු දේ වෙනස් කරන්නවත් සිතක් තිබුණේ නෑ. මම මොහොතකට වත් හිතුවේ නෑ අපේ කතාබහ පටන් ගැන්මෙදිම ඔයාට බොරුවක් කියන්න වේවි කියලා. මට ඔයාට මේ දේ කියන්න ජීවිතේ පුරාවටම ඕන වුනත් ඒ හැම මොහොතෙදිම මට ඔයාට ඒ දේ කියන්න හිතට ශක්තියක් තිබුණේ නෑ. ඒත් දැන් මම මැරෙන්න ලංවෙලා නිසා මට ඔයාට මේ දේ කියන්න පුළුවන්. මම කවදාවත් ලුණු දැමූ කෝපි වලට ආස කරේ නෑ සැසී. ඒ තිත්ත රස කොච්චර නම් බීමට අමාරුද කියලා ඔයාට හිතාගන්නවත් බෑ. ඒත් මම ඔයා එක්ක ගෙවපු ජීවිතය පුරාවටම ඒ තිත්ත රස ආදරයෙන් රසවින්ඳා. ඔයා මගේ ජීවිතේ ඉන්න නිසා මට ඒ දේ දරාගන්න එක අමාරු දෙයක් වුනේ නෑ. ඔයා මගේ ජීවිතේට ආපු එක තරම් සතුටක් මට වෙනත් නෑ සැසී. මට තව වතාවක් ජීවත් වෙන්න ලැබුනොත් ඒ ජීවිතේ පුරාවටමත් මට ඔයාව ඕන, ලුණු දාපු කෝපි කෝප්ප තව ආත්ම ගණනක් බොන්න වුනත් පුළුවන් මට ඔයාව ලැබෙනවා නම්.''

ඇයගේ දෑසින් කඳුලු කැට වැගිරෙන්නට වුනා. දිනක් ඇයගෙන් කෙනෙකු ලුණු දැමූ කෝපි මොන රසදැයි විමසූ විට ඇය සිනාසී මෙසේ පැවසූවා.

''ඒක හරිම මිහිරි රසයක්, හරියටම ආදරේ පිරුණු ජීවිතයක් වගේ''

Love is not to forget but to forgive, not to see but understand, not to hear but to listen, not to let go but HOLD ON.

සැ.යු. ඉංග්‍රීසි පරිවර්තනයක් බව කරුණාවෙන් සලකන්න.

Sunday, December 25, 2011

◄ අළුතින්ම ආවර්ථිතා වගුවට එක්වූ මූලද්‍රව්‍යය ►



•රසායනික නාමය : Girl

•සංකේතය : Gl

•පරමාණුක ස්කන්ධය : ඒක ගැන අහන්න හිතන්නවත් එපා

•භෞතික ගුණ :
1.ඕනෑම වේලාවක දුම් පිටවිය හැක.
2.ආදරයෙන් අවධානය ලැබෙන විටදී ඉක්මනින් උණුවේ.
3.වැරදි ලෙස පරිහරණයේදී තිත්ත රසක් ඇතිවේ.

•රසායනික ගුණ :
1.ප්‍රතික්‍රියා සීග්‍රතාව ඉහල අහයක් ගනී.
2.උපරිම ලෙස අස්ථාවර වේ.
3.රත්රන්, පැලැටිනම්, දියමන්ති, මැණික් සහ Branded වස්ත්‍ර සඳහා වේගයෙන් ප්‍රතික්‍රියා කරන අතර ඒවාට ඇති ආකර්ශන බලයද ඉහල වේ.

•ස්වාභාවය :
1.මුදල් නාස්ති කරයි.
2.අතහැර දමා ඇති අවස්ථාවලදී දැඩි ශබ්දයක් නඟමින් ස්ඵෝටනය වේ.

•භෞතික අවස්ථාවේදී සොයාගත හැකි ස්ථානය : කැඩපත ඉදිරියේ

Saturday, December 24, 2011

◄ ආදරය සහ විවාහය ►



දිනක් සිසුවෙක් තම ගුරුතුමාගෙන් ආදරය යනු කුමක්දැයි විමසුවා. ඔහු ඊට පිළිතුරු දීමට ප්‍රථම පන්ති කාමරය එපිටින් වූ ඉරිඟු යායෙන් විශාලතම ඉරිඟු කරල රැගෙන එන්නයි සිසුවාට පැවසුවා. නමුත් එක කොන්දේසියක්ද පැනවූවා. එසේ විශාලතම ඉරිඟු කරල රැගෙන ඒමට යන ගමනේදී ඔහුට ආපසු පැමිණ පසුකර ගිය ඉරිඟු කරලක් කැඩීම තහනම්.

ඉතිං සිසුවාත් කොන්දේසිය පිළිගෙන ඉරිඟු යාය අතරින් යනවිට ඔහු දුටුවා විශාල ඉරිඟු කරලක්. ඒත් ඔහුට හිතුනා ඉදිරියේ ඊටත් වඩා විශාල ඉරිඟු කරල් ඇතැයි කියා. එසේ යනවිට ඔහුට තවත් එක් විශාල ඉරිඟු කරලක් හමුවූවා. ඔහු නැවතත් සිතුවා ඉදිරියේ ඊටත් වඩා විශාල ඉරිඟු කරල් ඇතැයි කියා. නමුත් එසේ තවත් පැය කාලක් පමණ ඉදිරියට ගියත් ඔහුට වැටහුනා පෙර දුටු ඉරිඟු කරල තරම් විශාල 1ක් සොයාගත නොහැකි බව. ඉතිං ඔහු නැවතත් ගුරුතුමා වෙත හිස් අතින්ම ගොස් සිදුවූ දේ පැවසුවා. එවිට ගුරුතුමා මෙසේ පැවසුවා.

''ඕකම තමයි ආදරය, ඔබ දැනට ආදරය කරන කෙනාට වඩා හොඳ කෙනෙක් හමුවේයැයි සිතා ආදරය කරන කෙනා අතහැර ඊට වඩා හොඳ කෙනෙක් සොයමින් යන අතර ඔබට වැටහෙනවා ඔබ ඔබට ගැලපෙන හොඳම කෙනාව නැති කරගත් බව. ඒත් එවිට ඔබ ප්‍රමාධ වැඩියි.''

එවිට සිසුවා නැවත මෙසේ විමසනවා. ''එතකොට විවාහය කියන්නේ මොකද්ද?''

එයටත් පිළිතුරු දීම ලෙස ගුරුතුමා තම සිසුවාට පෙර පරිදිම කොන්දේසිය සහිතව ඉදිරියෙන් ඇති ඉරිඟු යායෙන් විශාලතම ඉරිඟු කරල රැගෙන එන ලෙස පැවසුවා. මෙවර සිසුවා තමා පෙර වැරැද්ද සිහියට ගනිමින් ඔහුට පලමුවම සිතට නිවැරදියි සිතුණු ඉරිඟු කරල තෝරාගෙන තම ගුරුතුමා වෙත පැමිණියා. එවිට ගුරුතුමා තම සිසුවාට මෙසේ පවසනවා.

''මෙවර ඔබ විශාලම ඉරිඟු කරල තේරීමේදී ඔබට හොඳයැයි, සිතට හරියැයි සිතුණු දේ ඔබ තෝරාගත්තා. ඒ වගේම ඔබට විශ්වාසයක් තිබුණා ඔබට ලැබෙන හොඳම දේ මෙය බවට. අන්න ඒ වගේමයි විවාහයත්''

◄ Results ආවම​ ►



Story 1 ► ප්‍රතිඵල අනුව විභාගය ''සමත්වූ'' කොලුවෙක් හා ඔහු අසල නිවසේ uncle අතර ඉන්පසු දින උදෑසන සිදුවන දෙබස.

Uncle : ආ පුතා, උදේම පාන් ගේන්න යනවා වගේ.
Exam pass කොලුවා : ඕව් Uncle, campus යන්න පුළුවන්. යන්තම් A දෙකයි, B එකයි.
•........................••........................••........................•

Story 2 ► ප්‍රතිඵල අනුව විභාගය ''අසමත්වූ'' කොලුවෙක් හා ඔහු අසල නිවසේ uncle අතර ඉන්පසු දින උදෑසන සිදුවන දෙබස.

Uncle : ආ පුතා, ඊයේ results ආවා නේද? කොහොමද?
Exam fail කොලුවා : ඔව් Uncle, මම මේ පාන් ගෙන්න යනවා. ගිහින් එන්නම්.

Friday, December 23, 2011

◄ විනිශ්චය ►



දිනක් වෛද්‍යවරයෙක් වේගයෙන් රෝහල වෙත තම රථය නවතා දිව ආවේ ඔහුට රෝහලෙන් හදිසි ශල්‍යකර්මයක් සිදු කිරීමට ඔහු අත්‍යාවශ්‍ය බව දැනුම් දුන් බැවිනි. වහාම ශල්‍යාගාරය සඳහා අඳින ඇදුම් වලින් සැකසුනු ඔහු ශල්‍යාගාරය වෙත දිව එද්දී සැත්කමට මුහුණ දීමට සිටි දරුවාගේ පියා ඔහුට කොරිඩෝවේදී හමුවෙනවා.

''පුදුම මිනිස්සු නේද, කිසිම වගකීමක් නෑ. හදිසි වෙලාවකදි ඉක්මනට එන්න ඔබතුමාල සේවයට බැඳිලා ඉන්නවා නේද? දන්නවද, මගේ පුතා ශල්‍යාගාරය ඇතුලේ ජීවිතයයි මරණයයි අතර සටනක.''

''මට සමාවෙන්න, මම රෝහලෙන් බැහැරව සිටි නිසයි පැමිණීමට ප්‍රමාද වුනේ. ඔය මහත්මයා දැන් ඉවසීමෙන් මට අවසර දෙනවද ශල්‍යාගාරයට යන්න.''

''ඉවසන්න, ඉවසන්න... ඔබතුමා නම් කියාවි. මගේ පුතයි අරක ඇතුලේ මැරෙන්න යන්නේ, ඔබතුමාගේ පුතා නෙවෙයිනේ.''

''මහත්මයගෙ තරහ මට තේරුම්ගන්න පුළුවන්. ඒත් ඔහොම කෝප අරගෙන වැඩ කරන්න බෑ නේද? දැන් තවත් ප්‍රමාද නොකර කරුණාකරල මට යන්න ඉඩ දෙනවද? මම පොරොන්ඳු වෙනවා මට හැකි උපරිමය කරලා ඔබේ පුතාව බේරල දෙන්න. ''

''අවවාද දෙන්න නම් ලේසියි, මොකද තමුන් නෙවෙයිනේ මෙතන දුක් වෙන්නේ. දරු දුකක් තේරෙනවා නම් ඔහොම වැඩ කරන්නේ නෑ ඔබ තුමන්ලා''

කෙසෝ හෝ ඔහුගෙන් මිදී පැය 2ක පමණ සාර්ථක ශල්‍යකර්මයකින් පසුව නැවත වේගයෙන් ශල්‍යාගාරයෙන් ඉවතට පැමිණෙන වෛද්‍යවරයා '' ඔබේ පුතා වාසනාවන්තයි, අපේ සැත්කම සාර්ථකයි'' යනුවෙන් පවසමින් වේගයෙන් එතැනින් පිටව යන්නට වුනා.

තමුන් ස්තූතියි පවසන තුරු හෝ නොසිට මෙසේ වේගයෙන් පිටව යන වෛද්‍යවරයා ගැන ඔහු හෙදියකගෙන් විමසනවා.

''මට මගේ දරුවා ගැන තව ටිකක් දැන ගන්නකම් වත් ඉන්න බැරි තරම් අර දොස්තරයට වැඩ රාජකාරිද. මහ නපුරු උද්දච්ච මිනිස්සු. කොහෙද ඇත්තටම අර මනුස්සයා අර දුවන්නේ?''

''හ්ම්ම්... ඔයාගේ පුතාගේ පණ බේරලා දීලා එතුමා ඒ දුවන්නේ තමන් ගේ දරුවගේ අවසන් කටයුතු කරන ස්ථානයට. මීට දින 2ට කලින් වුනු හදිසි අනතුරකින් ඔහුගේ එකම දරුවා මියගියා''

යාලුවනේ... කිසිම කෙනෙක්ව ඉක්මනින් විනිශ්චයට ලක් කරන්න එපා. මොකද අපි ඇත්තටම දන්නේ නෑ ඒ කෙනා තමන් ගේ ජීවිතය ඇතුලේ මොන වගේ ප්‍රශ්නෙකට මැදිවෙලා ඉන්නවාද කියලා.

◄ දෙවොල් දෙවි කතා පුවත ►



කකුසඳ බුදුන්ගේ සමයෙහි දඹදිව කලිඟුපුර බොළඳ නම් සිටාණන් නිසා යසවතී දේවියට පිරිමි දරුවන් සත් දෙනෙකුද දුවක්ද ඉපිද ඇත. දෙවොල් සාමි, ඉරුරැස් සාමි, සඳරැස් සාමි, ගිනිරැස් සාමි, තෙදරැස් සාමි, බුදුරැස් සාමි, මහා සාමි යනු එම දරුවන් සත් දෙනාය. ඇයගේ දුව පද්මිණි නම් වූවාය. පද්මිණී කකුසඳ බුදුන් වහන්සේට මී අඹයක් පූජා කොට මතු අනාගතයේ දෙවොල් දෙවිවරුන් අතර සහෝදරියක් වීමට ප්‍රාර්ථනා කර ඇත. පදිමිණීයගේ සහෝදරයන් තුරුණු වියට පත්වූ විට බෙහෙවින් දරදඬු වූ හෙයින් මහජනයා ඔවුන් ගේ ගැහැට ඉවසාගත නොහැකිව රජුට පැමිණිලි කර තිබේ. කෝපයට පත් පියරජු පුත් කුමරුන් සත්දෙනා කැඳවා නැව් 7ක් තනා වෙළෙඳුන් ගේ වේශයෙන්ම ඔවුන් ගේ පිරිස් සමඟ පිටුවහල් කර තිබේ. පුරාවෘත්තයේදී සත් කුමාරවරුන් ගේ පිරිස හැඳින්වෙන්නේ දෙවොල් කුරුම්බර, අඳුන් කුරුම්බර, සඳුන් කුරුම්බර, හෙට්ටි කුරුම්බර, ගිනි කුරුම්බර, එර්දි කුරුම්බර, මල් කුරුම්බර, සැඩ කුරුම්බර සහ වඩිග කුරුම්බර යනුවෙනි.

කුමාරවරුන් ඇතුළු මහ සේනා පිරිවර මුහුදෙන් ගමන් ගත් දිනයක මුහුද බොහෝ සෙයින් සැඬවූ සෙයින් ගමන් ගත් නැව් කැඩී බිඳී ගොස් ඔව්හු මහත් ව්‍යසනයකට මුහුණ පෑහ. දෙවොල් සාමි නම් තැනැත්තා මෙම විපතින් තමා සහ පිරිස බේරාගැනීමේ අටියෙන් තමා යාත්‍රා කළ නැවේ කුඹගස මුදුනට නැඟී මිනි පහනක් දල්වා කතරගම දෙවියන්ට යාඥා කිරීමෙන් පසු සක් දෙවිදුන් ගේ පඬුපුල් ආසනය හුණුගල් පහුරක් බවට පත්කර ඔවුන් ඉදිරියට මවා පෑ බව කියති. මෙම ගල් පහුර දැනට සීනිගම දේවාලයේ බිත්ති ලෙස සලකයි.

නැව් 7න් ආ සෙනඟ එම ගල් පහුරට නැගී සමන් කුළට ගොඩ වදින්නට අදහස් කළත් සමන් දෙවිඳුන් ඊට ඉඩ නොදුන් බැවින් දෙවනුව කතරගමට ගොඩ බහින්නට ගොස් ඇත. එහිදී කඳ කුමරු හරස්වූ බැවින් දෙවුන්ඳරට ගොඩ බහින්ට ගොස් ඇත. එහිදී උපුල්වන් දෙවිඳුන් පෑ විරිද්ධතාව නිසා ලුණු මෝදරට ගොඩබහින්නට ඔවුන් යත්න දැරුවද එයට දැඩිමුණ්ඩ දෙවියන් විරුද්ධතාව පෑ නිසා එයටද ඉඩ නොලැබී ඇත. පසුව උණවටුනට එන්නට අදහස් කළද දේව රජ්ජුරු දෙවියන් ඊට හරස් වී ඇති බැවින් ඊරුගල් දේවාලයට ගොඩ බැසීමට සිදුවී තිබේ. එහි වූ වාසල දෙවියන් ගේ අණසක පරිදි සියලු දෙනා සීනිගමට ආ බව මේ පිළිබඳ පැවත එන කවිවල දැක්වෙයි.

දෙවොල් කණ්ඩායමේ පැමිණීම සිදුවන මේ කාලවකවානුවේ සීනිගම තොටමුණේ පත්තිනි නම් කතක් නායිකාව වී සිට ඇත. දේවත්වයෙහිලා එවකටත් පිදුම් ලැබූ ඇය පතිවත සුරැකි කුළඟනාවකි. ලංකාවේ ගජබා රජුන් කළ ඇදහීමට පාත්‍රවූ පත්තිනියගේ එක් අවස්ථාවක් ලෙස මෙයද සැලකේ. පත්තිනි දෙවඟන ඔවුනට විරුද්ධව නැඟී ගිනිවැට 7ක්ද, යක්‍ෂ පිසාච ආදීන් ද මවා ඔවුන්ගේ ගමන වළකා ඇත. දෙවොල් කුරුම්බර තෙමේ ඒ ගිනි සිසිල් කොට මැඩලා එම ගිනි දැල් වලින්ම සළුවක් හා සුම්බරයක් මවා සීනිගමට පැමිණ තිබේ. එම ගිනි ජය ගැනීමට ඔවුනට පිහිට වී ඇත්තේ කතරගම දෙවියන් බවටද විශ්වාසයක් පවතී. දෙවොල් සහ පත්තිනි දෙවඟන කකුසඳ බුදුන් දවස සොයුරු සොයුරියන්ව ඉපිද පින්කම් කොට දේවත්වය පැතූ අයවේ. සීනිගමදී තමාට විරුද්ධවූ පත්තිනි දෙවඟනට ඔහු පෙර නෑකම් පවසන්නට වී ඇත. පත්තිනි (පෙර ආත්ම භවයේදී පත්මිණී) විසින් ගිනි කඳු මවන ලද්දේද එම කරුණු සත්‍යය දැයි පරීක්‍ෂාකිරීමට බව පොත්පත් කරුණු අතර වේ. දෙවොල් දෙවියනගේ වැඩිමල් සොයුරිය පත්තිනි බවත්, එහෙයින්ම පත්තිනියගේ තොටට පිවිසීමේ වරම් සක් දෙවිඳු දෙවොල්හට දුන් බවත්, ඒ අනුසාරයෙන් අදටත් තොවිල් වලදී ඔවුහු එක යහන කෙළි පුද ලබන්නටත් වී ඇත.

සැ.යු. : මේ කතා පුවත් විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුය. ස්තූතියි !

Wednesday, December 21, 2011

◄ මම ඔයාට ආදරෙයි ►



♥අවුරුදු 5 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා ඇහුවා ''ආදරෙයි කියන්නේ මොකද්ද'' කියලා.
♥අවුරුදු 15 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා ලැජ්ජාවෙන් හිනාවෙලා බිම බලා ගත්තා.
♥අවුරුදු 20 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා ඔයාගේ මූණ මගේ පපුවට තද කරලා මගේ අත තදින් අල්ල ගත්තා.
♥අවුරුදු 25 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා මට උදේ කෑම හදල දීලා නළලට හාදුවක් දීලා මට කිව්වා ''වැඩට යන්න පරක්කු වේවි, ඉක්මන් කරන්න'' කියලා.
♥අවුරුදු 30 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා මට කිව්වා ''ඔයා මට ඇත්තටම ආදරෙයි නම් අද කලින් ගෙදර එන්න'' කියලා.
♥අවුරුදු 40 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා මට කිව්වා ''මම දන්නවා අනේ, පුතාට home work කරන්න උදව් වෙන්න'' කියලා.
♥අවුරුදු 50 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා මහමින් හිටපු ඇඳුම දිහා බලාගෙනම යන්තමට සිනා සුනා.
♥අවුරුදු 60 දී මම ඔයා මට ලියලා එවපු මුල්ම ලියුම අතේ තියාගෙන කියවන අතරේ ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා මගේ අත් දෙක තදින් අල්ල ගෙන මගේ මූණ දිහා බලගෙන හිටියා.
♥අවුරුදු 70 දී මම රෝහලේ ඇඳේ ඉන්නකොට ඔයා ''මම ඔයාට ආදරෙයි'' කිව්වම මට මොනවත් කියාගන්න බැරුව ඇඬුනා.

අපි ගොඩාක් වෙලාවට අපි ආදරේ කරන කෙනා ''මම ඔයාට ආදරෙයි'' නැතිනම් ''I Love You'' කිව්වම පිළිතුරු විධියට ''මමත් ඔයාට ආදරෙයි'' හෝ ''I Love You Too'' කියල කියනවා බොහෝ දුරට අඩුයි. ආදරේ පෙන්නන ක්‍රම බොහෝමයක් තිබුනත් අපි කවුරුත් ආසයි අපි අනිත් කෙනාට ආදරෙයි කිව්වම ඒ කෙනත් අපිට ආදරෙයි කියලා කියනවා නම්. මේ දේ අත් විඳපු අයත් ඇති, ඒ අයට වගේම ආදරේ කරන හැම දෙනාටම මේ අදහස වැදගත් වේවි කියලා හිතනවා.

''I LOVE YOU'' , There are many ways of expressing love but nothing can play the same magic that these 3 words can play when said in return.

සැ.යු. මෙය පරිවර්තනයක් බව කරුණාවෙන් සලකන්න

Tuesday, December 20, 2011

◄ මෙහෙමත් ප්‍රශ්න 5ක් ►



මේ ප්‍රශ්න 5 ඇත්ත වශයෙන්ම රැකියාවකට සුදුසු දැයි තෝරාගැනීමේ පරීක්‍ෂණ වලදී අසන ලද ප්‍රශ්න 5ක්. ඒවාට රැකියා අයදුම්කරුවන් ලබාදුන් පිළිතුරු නිසාම ඒවා තවත් සුවිශේෂයි. අවසානය දක්වාම කියවලා බලන්නකෝ.

•ප්‍රශ්න අංක 1 : මම ඔබගේ සහෝදරිය සමඟ හොර රහසේම නිවසින් පිටව ගොස් ඇති බව ඔබ දැනගතහොත් ඔබ මොකද කරන්නේ?
පිළිතුර : මගේ සහෝදරියට ඔබට වඩා ගැලපෙන අයකු ලැබෙන්නේ නෑ සර්. ඒ නිසා මම ඔබ දෙපලට සුබ පතනවා.

•ප්‍රශ්න අංක 2 : (වයස 18ක් වූ තරුණියකගෙන්) ඔබ දිනක් රෑ නින්ඳට ගොස් පසුදින අවදිවන විට ඔබ ගැබ් ගෙන ඇති බව දැනගතහොත් ඔබ කුමක්ද කරන්නේ?
පිළිතුර : මම ගොඩාක් සතුටු වෙනවා, වහාම එදා දවස නිවාඩුවක් දානවා මගේ ස්වාමිපුරුෂයා හා ඒ සතුට බෙදා ගන්න. (ඒ වනවිට විවාහ නොවී සිටි ඇයවන් තරුණියක් සාමාන්‍යයෙන් එවන් ප්‍රශ්නයකදී පිළිතුරු දීමට නොහැකිව අතරමං වෙනවා, ඒ ගැන ඇයගෙන් විමසූ විට පවසා සිටියේ ''ඇයි මම නරක විධියට මගේ ජීවිතය ගැන දකින්නේ'' ලෙසයි.)

•ප්‍රශ්න අංක 3 : අයදුම්කරු පැමිණ වාඩිවුනු පසු ඔහු ඉදිරියෙන් කෝපි කෝප්පයක් ගෙනැවිත් තබනවා. ඉන් පසු ඔහුගෙන් අසන ප්‍රශ්නය නම් ''What is before you?'' යන්නයි.

පිළිතුර : අයදුම්කරු ක්‍ෂණයකින් ''Tea'' ලෙස පිළිතුරු දෙනවා.
(ඔහු ඉදිරියේ හොඳින්ම පෙනෙන්නට කෝපි කෝප්පයක් තබා තිබියදී ඔහු තේ ලෙස පිළිතුරු දුන්නේ ඇයිද කියලා කල්පනා කරනවා ඇති නේද? ඇත්තටම ඔහු ඒ ප්‍රශ්නය දුටුවේ අපි හැමෝම දකින ආකාරයට නෙවෙයි. ඉංග්‍රීසි හෝඩියට අනුකූලව ''What is before ''U'' යන්නට පිළිතුරු ලෙසයි ඔහු ''T'' ලෙස පිළිතුරු දුන්නේ.)

•ප්‍රශ්න අංක 4 : ඔබ දිනක් මහා වරුසා ඇද හැලෙන රාත්‍රියක ඔබගේ වාහනයේ ගමන් කරමින් සිටින විට ඔබ දකිනවා බස් නැවතුමක තිදෙනෙකු බසයක් පැමිණෙන තෙක් බලා සිටිනවා.
1.වහාම රෝහලක් වෙත ගෙන යෑමට නොහැකි වුවහොත් මිය යන වයසක ආච්චි කෙනෙක්.
2.වරක් ඔබගේ ජීවිතය බේරූ ඔබේ මිතුරෙක්.
3.ඔබ ඔබගේ ජීවිතය පුරාවටම සොයමින් සිටි ඔබගේ ජීවන සහකාරිය.
ඔබගේ වාහනයේ තවත් ඇත්තේ එක් ආසනයක් පමණයි. ඔබ කුමක්ද කරන්නේ?

පිළිතුර : ආච්චි අම්මව රෝහලකට ඇතුළත් කොට ඔහුට නිවසට යන ලෙස පවසා මම මගේ මිතුරාට වාහනයේ යතුර ලබා දෙනවා. ඒ අතරේ මම බසයක් එනතුරු මා මෙතෙක් කල් සිහින දුටු ඇය හා දොඩමලු වෙනවා. (නියමයි නේද?)

•ප්‍රශ්න අංක 5 : ''මා මේ ඔබගෙන් අසන අවසන් ප්‍රශ්නය, ඔබ ඔබගේ ලිපි ගොනුව තබා ඇති මේ මේසයෙහි හරි මැද තත්පර 10ක් තුළ මා හට පෙන්වන්න.''

පිළිතුර : ඔහු වහාම තම අත පොවන මානයෙන් ඔහුගේ ඇඟිල්ල තබා එය හරි මැදයයි පෙන්වනවා.
ඉන්පසු ඔහුගෙන් නැවතත් පරීක්‍ෂාකරු මෙසේ විමසනවා : ''ඔබ කොහොමද හරියටම ඒ හරි මැද කියලා තීරණය කරන්නේ?''
ඔහු මෙසේ පිළිතුරු දෙනවා : ''සමාවෙන්න සර්, ඒත් ඔබට තවත් ප්‍රශ්න අහන්න අවස්ථාවක් නෑ. කලින් ඔබ මට පැවසුවා ඒ ඔබ අහන අවසන් ප්‍රශ්නය බව.''

මෙවැනි ප්‍රශ්න අද කාලයේ තෝරාගැනීමේ පරීක්‍ෂණ වලදී අසන ප්‍රවනතාව වැඩියි. එසේ කරනුයේ ඔබ රාමුවකට කොටු වී නොමැතිදැයි දැන ගැනීමට සහ අවස්ථාවට උචිත ලෙස ක්‍රියා කිරීමට ඔබට හැකියාව තිබේද යන්න පරීක්‍ෂා කිරීමට.

''THINK OUT OF THE BOX, AND LOOK AT THE WORLD THROUGH AN OPEN MIND''

◄ හිට්ලර්ගෙන් ඔබේ දිවියට ►



ඇඩොල්ෆ් හිට්ලර්, ඔහු 1933 සිට 1945 දක්වා ජර්මානූ චාන්සල්වරයා ලෙස කටයුතු කරනු ලැබු අතර එමෙන්ම 1934 දි ජර්මානූ රජයේ නායකයාද බවට පත් වී Führer und Reichskanzler ලෙස ජර්මානූ රාජ්‍යයේ ඒකාධිපති පාලනයක් ගෙන ගියේය. අහිංසක ජර්මන් යුදෙව්වරු මිලියන ගනනක් මරා දැමූ ඔහු අපට ජීවිතයේ සුභ සිද්ධිය සඳහා යොදා ගත හැකි රුවන් වැකි සිය ගණනක් ඉදිරිපත් කල අයෙකු බව කිවහොත් ඔබ පුදුම වනු නොඅනුමානය. ඒවායින් මා සිත් ගත් කිහිපයක් ඔබ හා මෙසේ බෙදා ගන්නට සිතුවෙමි.

•දෙවියන් වහන්සේ නෑදෑයින් මැවූ සේක. දෙවියන්ට ස්තූති වන්නට මා හට මිතුරන් තෝරාගැනීමට අවස්ථාවක් ලැබී ඇත.

•ඔබ ආලෝකමත්ව සිටින විට සියල්ලෝම ඔබ පසුපසින් පැමිණෙනු ඇත. නමුත් ඔබ අඳුරේ සිටිද්දී ඔබගේම සෙවනැල්ලද ඔබව මඟ හරිනු ඇත.

•ජීවිතය යනු චොකලට් පිරුණු පෙට්ටියක් වැනිය. පිටතින් බලා එහි තිබෙන දෑ ඔබට රස විඳිය නොහැක.

•මිනිසුන් ඔබ කියන සියල්ල විශ්වාස නොකරනු ඇත, නමුත් ඔබ කරන සියල්ල ඔවුන් විශ්වාස කරනු ඇත.

•ජීවිතය යනු කණ්නාඩියක් වැනිය, ඔබ ඒ දෙස බලා විරිත්තුව හොත් එයද ඔබට පෙරලා විරිත්තනු ඇත. නමුත් ඔබ ඒ දෙස බලා සිනාසුන හොත් එයද ඔබට සුහදව ආචාර කරනු ඇත.

•ජීවිතයේ එකම අවස්ථාවක හෝ ප්‍රශ්නයකට මුහුණ නොදුන් අයකු කිසිවිට විශ්වාස නොකරන්න.

•කම්මැලියා ඉක්මනින් කරන එකම දේ නම් හති වැටීමය.

•යමෙකුගේ බලාපොරොත්තුවක් කිසිම අයුරකින් බිඳ නොදමන්න, මන්ඳ බලාපොරොත්තුව යනු ඔහු සතු එකම වස්තුව විය හැකි බැවිනි.

•අප අපගේ මුදල් පාලනය නොකල හොත්, මුදල් අපව පාලනය කරනු ඇත.

•මනස යනු පැරෂුටයකි. විවෘත වන තුරු එහි ප්‍රයෝජනයක් නොමැත.

•තනිව තාරුණ්‍යය ජය ගන්නා, අනාගතයද ජය ගනී.

පුදුමයි නේද, ඒ තරම් මිනිස් සංහාරයක් සිදු කල අයෙකු ජීවිතය සහ ලෝකය ගැන දැකපු ආකාරය. ඕනෑම නරක අයෙකු තුලත් හොඳ දේවල් තියෙන්න පුළුවන් කියලා මතක තියාගන්න.

Monday, December 19, 2011

◄ ජීවිතය සුන්ඳරයි ►


•අද ඔබ කෙනෙකුට අකාරුණික වචනයක් පැවසීමට පෙර, තම ජීවිතය පුරා වචනයක් හෝ කතාකිරීමට නොහැකිව දුක්වන අයෙකු ගැන සිතන්න.

•ඔබගේ ආහාරවල රසය ගැන මැසිවිලි කීමට පෙර, කෑමට කිසිවක් නොමැතිව හාමතේ දුක් විඳින අයෙකු ගැන සිතන්න.

•ඔබගේ බිරිඳ හෝ සැමියා ගැන මැසිවිලි නැගීමට පෙර, සහකරුවෙකු ඉල්ලා දෙවියන් ඉදිරියේ හඬා වැලපෙන අයෙකු ගැන සිතන්න.

•ඔබ රිය පදවන කාලය ගැන දුක්වීමට පෙර, එම දුරම පයින් ගමන් කරන්නෙකු ගැන සිතන්න.

•ඔබ ඔබගේ රැකියාව ගැන මැසිවිලි නැගීමට පෙර, රැකියා විරහිතයෙකු ගැන හෝ ඔබගේ රැකියාව ලැබුනානම් අපූරු බව සිතන දහසක් දෙනා ගැන සිතන්න.

•අවුරුදු 15ක දැරියක ගැබිණියක වී සිටී නම් ඇය දෙස ගණිකාවක ස්වරූපයෙන් නොබලන්න, ඇය සල්ලාලයෙකු අතින් දූෂණය වී ඇති දැරියක විය හැකි යැයි සිතන්න.

•අත් පා අහිමි වූ අයකු දෙස බලා කිසි විටක සිනහා නොවන්න, ඔහු රට වෙනුවෙන් සටන් කොට තම අත් පා අහිමි කරගත් අයකු විය හැකි බැව් සිතන්න.

•අද ඔබ ජීවිතය ගැන මැසිවිලි කීමට පෙර, ඉතා අඩු වයසින් මියගිය අයෙකු ගැන සිතන්න.

•පීඩාකාරී සිතුවිලි ඔබ ඇද දමන විට මුවඟට සිනහවක් නඟා ගන්න. සිතන්න ඔබ තවමත් ජීවත් වන බව.

◄ මම අන්ධ වුනොත් ►



දිනක් පෙම්වතෙක් තම පෙම්වතියගෙන් මෙලෙස විමසනවා...

පෙම්වතා : දවසක මම අන්ධ වුනොත් ඔයා මොකද කරන්නේ?

පෙම්වතිය : ම්ම්ම්... මම මේ ලෝකේ ඉන්න හොඳම අක්‍ෂි වෛද්‍යවරයා ගාවට ඔයාව අරගෙන යනවා.

එදිනම ඔහු නිවසේදි ඔහුගේ මවගෙන් ඒ ප්‍රශ්නෙම විමසනවා.

පුතා : අම්මේ, දවසක මම අන්ධ වුනොත් අම්මා මොකද කරන්නේ?

අම්මා : මම මගේ ඇස් දෙක මගෙ පුතාට දෙනවා. මොකද මට බෑ මගේ පුතා එහෙම දුක් විඳිනවා මගේ ඇස් දෙකෙන් දකින්න.

"අම්මා", මේ ලොකේ මොන භාශාවකින් කතා කලත් අපිට ඇහෙන අපේ හිතට දැනෙන ලස්සනම වචනය අම්මා. මවකගේ ආදරය ලබන්න අපි හැමෝම වාසනාවන්ත වෙන්න ඔන. මෙලොව ඇති වඩාම වටිනා හැඟීම මවකගේ ආදරය සේම එය අමිල හා නොවෙනස්වන ආදරයක්.

No other earthly Love can be so warm and tender as the Mother's Love.

Saturday, December 17, 2011

◄ සත්‍යය ආදරය ►

එක දවසක් දෙවි කෙනෙක් ආදරේ කරන යුවලකට පුටුවක් තෑගි කරා. ඉතිං ඔය පුටුවේ වාඩි වෙලා ඇත්තක් කිව්වොත් කොළ පාට බල්බයක් දැල් වෙනවා. බොරුවක් කිව්වොත් රතු පාට බල්බයක් දැල් වෙනවා. ඉතිං මුලින්ම පෙම්වතා පුටුවේ වාඩි වුනා...

පෙම්වතිය : ඔයා මට ඇත්තටම ආදරේද?
පෙම්වතා : ඔව් !

එහෙම කිව්ව ගමන් රතු බල්බය දැල්වුනා.

පෙම්වතිය : ආහ්, මම හිතන්නේ මොකක් හරි පුටුවේ වැරැද්දක් වගේ. අපි ආයෙත් try කරමු. කියන්න, ඔයා මට ඇත්තටම ආදරේද?
පෙම්වතා : ඔව්, සත්තකින්ම.
මෙවර කොළ පාට බල්බය දැල්වුනා.

මොකද වුනේ කියලා හිතාගන්න බෑ නේද?
මුල්ම වතාවේ ඇය ආදරේද ඇසුවාම ඔහු ඇත්තටම ඇයට පිළිතුරු දුන්නේ ආදරයකින් නොවෙයි. ඔහු පැවසූ දේ බොරුවක්. නමුත් ඇය රතු බල්බය දැල්වුනාමත් ඔහු කෙරේ දක්වපු විශ්වාසය ඔහුට ඇය කෙරේ ඇත්තටම ආදරයක් ඇති වෙන්න තරම් හේතුවක් වුනා. ඒ නිසයි දෙවැනි වතාවේ ඔහු පිළිතුරු දුන්නාම කොළ බල්බය දැල්වුනේ.

ඔබත් ආදරය කරන කෙනෙකු නම් 100% අනෙකාව විශ්වාස කරන්න. කිසිවිටෙකත් අනෙකා දෙස සැකයෙන් නොබලන්න. ඔබ 100% ක් විශ්වාසයෙන් ඔහුට හෝ ඇයට ආදරය කරන අතරේදීත් ඔහු හෝ ඇය ඔබට බොරුවක් කලහොත් ඔහුට හෝ ඇයට අනුකම්පා කරන්න. මොකද ඔහු හෝ ඇය යම් දිනෙක ඔබගේ ආදරය නැතිකර ගැනීම ගැන සිතා පසුතැවෙනු ඇත.

◄ නත්තල් සීයා වෙත ►



4 ශ්‍රේණියේ උගන්වන ගුරුවරියක් ඇගේ පන්තියේ සිසුන්ට තමන්ට නත්තල් සීයාගෙන් ඉල්ලන්න ආස තෑග්ග සඳහන් කරලා නත්තල් සීයාට ලිපියක් ලියන්න කියනවා. දවස අවසානයේ නින්දට යෑමට පෙර ඇය තම සිසුන් ලියූ ලිපි සියල්ලම කියවනවා. එසේ කියවන ලිපි අතර එක් ලිපියක් නිසා ඇයටම නොදැනී ඇයගේ ඇස් වලට කඳුලු එනවා. එතැනට පැමිණෙන ඇයගේ ස්වාමිපුරුෂයා ඇය මෙසේ හැඬීමට හේතුව විමසනවා. එවිට ඇය තම අත තිබූ ලිපිය ඔහුට කියවන මෙන් පවසා ඔහු අත තබනවා.

ලිපියේ මෙසේ සඳහන් වෙනවා...

නත්තල් සීයේ,
මම ඔයාගෙන් මේ පාර නත්තලට දෙයක් ඉල්ලනවා. ඒ දේ මට කොහොමහරි ලබාදෙන්න. අනේ සීයේ, මට අපේ ගෙදර රූපවාහිනියට ලැබෙන තැන දෙන්න. මට මගේම කියලා නිවසේ තැනක් ඕන. මගේ පවුලේ අය මාව වටකරගෙන ඉන්න ඕන. මම කියන දේවල් ඒ හැමෝම ප්‍රශ්න කරන්නේ හෝ බාධා කරන්නේ නැතුව අවධානයෙන් ආසාවෙන් අහගෙන ඉන්න ඕන. මම ගැනත් ගෙදර රූපවාහිනිය කැඩුනම දක්වන සැලකිල්ල දක්වන්න ඕන. මගේ තාත්තා වැඩ ඉවර වෙලා ගෙදර ආවම එයා කොච්චර මහන්සි වෙලා ආවත් මුලින්ම මම ලඟට එන්න ඕන. මගේ අම්මා දුකින් ඉන්න වෙලාවට මාව මග ඇරලා ඉන්නවා වෙනුවට රූපවාහිනිය ලඟට වෙලා ඉන්නවා වගේ මම ලඟට වෙලා ඉන්න ඕන. මගේ අයියලා දෙන්නා රූපවාහිනියේ ගේම්ස් සෙල්ලම් කරනවා වගේ මාත් සමඟත් සෙල්ලම් කරන්න ඕන. දවසේ මොනම හරි මොහොතක පවුලේ හැමදෙනාම මාත් එක්ක ඉන්න ඕන. ඒ හැමදෙනාම සතුටු කරන්න මට පුළුවන් වෙන්න ඕන. ඉතිං සීයේ මම ඉල්ලන්නේ මගේ මේ පාර නත්තල් තෑග්ග විධියට අපේ ගෙදර රූපවාහිනියට ලැබෙන තැන මට ලබා දෙන්න කියලා විතරයි.
ස්තූතියි !

ලිපිය කියවලා අවසානයේ ඔහු තම බිරිඳට මෙහෙම කියනවා.
''පව් නේද මේ පොඩි එකා, ඔයා එයාලගේ දෙමව්පියොන්ට මේ ගැන කියන්න.''

ඇය මෙසේ පිළිතුරු දෙනවා.
''හ්ම්... ඔය ලියුම ලිව්වේ අපේ පුතා.''

←♥→WE ALL NEED SOMEONE TO LEAN ON←♥→

පරිවර්තනයක් බව කරුණාවෙන් සලකන්න...

Friday, December 16, 2011

◄ ආදරය සුන්ඳරද මෙතරම් ►



කාලයක් ආදරෙන් හිටපු ආදරවන්තයෙක් සහ ආදරවන්තියක් ඔවුන්ගේ සම්බන්ධය අතර මඟ නවතා දමනවා. මේ ලෙස කාලයක් ගතවී යනවා. හදිසියේම මේ ආදරවන්තියට දැන ගන්න ලැබෙනවා ඇයගේ පෙර ආදරවන්තයා විවාහ වීමට යන බව. ඇය කෙසේ හෝ සිත දැඩිකරගෙන ඔහු විවාහ වන ස්ථානයට යනවිට දුටු දෙයින් ඇය බොහෝ සෙයින් කෝප වෙනවා. වහාම ඇය ඇයගේ පෙර ආදරවන්තයා සොයා ගොස් මෙසේ බැන වදිනවා.

''ඔයාට ඇත්තටම ලැජ්ජාවක් නැද්ද ආහ්? මම ඔයාට කියලා තියෙනවා මම දවසක විවාහ වෙනකොට උත්සවයට යොදා ගන්න හිතාගෙන හිටපු මම ආසම පාට. ඔයා ඒ පාටින් මුලු ශාලාවම පාට කරලා. මම ඔයාට කියලා තියෙනවා මම දවසක විවාහ වෙනකොට ශාලාව සරසන්න හිතාගෙන හිටපු මම ආසම මල් වර්ගය, ඔයා ඒ මල් වලින් මුලු ශාලාවම සරසලා. මම ආසම සිංදු ඔක්කොම ඔයා මෙතන අහන්න සලස්වලා. ඒ ඔක්කෝටම වඩා ඔයා මට මුලින්ම ආදරේ කියපු දවසම ඔයා විවාහ වෙන්න තෝරගෙන. මේ විධියට කරන්න මොකද්ද හේතුව?''

ඔහු හඬමින් මෙසේ කියනවා...

''මෙතන ඔයා ආස හැමදේම තිබුනත් මට ඔයාව නෑ. මේ දේවල් කරලා විතරයි මට මගේ හිත රවට්ටන්න පුළුවන් වෙන්නේ මම ඔයාව විවාහ කරගන්නවා කියලා''

ඇය ඔහුව තදින් වැලඳගෙන හඬන්න පටන් ගන්නවා. ඔවුන් දෙදෙනා ඇය සිහින දුටු අයුරින්ම විවාහ වෙනවා.

◄ ලොව ප්‍රථම පාලම වූ ආදම්ගේ පාලම ►



ලංකා ඉතිහාසයේ හමුවන ප්‍රථම අධිරාජ්‍යයා වන්නේ රාවණ රජුය. ලංකා පුරය රාජධානිය කරගත් හෙතෙම අහසින් යා හැකි දඬුමොණර යන්ත්‍රය උපයෝගී කරගනිමින් අසල්වැසි රාජ්‍යයන් හා සම්බන්ධකම් පැවැත්වූ බවට අතීත ජනප්‍රවාදයන්හි සඳහන් වේ. පුරාවිද්‍යාඥයෝ හා ඉතිහාසඥයෝ මෙම රාම රාවණා කතා පුවත් විශ්වාස කිරීමට මැලි බවක් දැක්වුවද ඇමරිකාවේ ජාතික ගඟන හා අජටාකාශ ආයතනය (නාසා) මේ වනවිටත් ලොව සියළු දෙනාගේ අවධානය මේ වෙත යොමු කිරීමට හේතුවන සාධක ඉදිරිපත් කර ඇත. මේ අනුව ලොව මිනිසුන් විසින් තනන ලද පැරණිතම පාලම හෙළයින් විසින් හෙළදිව සහ ඉන්දියාව යා කරමින් තනා තිබූ බව පවසන නාසා ආයතනය පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූප ප්‍රතිබිම්බ ගත කරමින් දීර්ඝ කාලයක් කරන ලද පර්යේෂණ මඟින් ඒ බව තහවුරු කිරීමට හැකි බව පෙන්වා දෙයි.

නාසා ආයතනය තව දුරටත් පවසන්නේ මෙම පාලමටම විශිෂ්ට වූ වක්‍රතාවය හා එය නිර්මාණය කරන ලද කාලය සලකා බැලීමේදී මෙය ස්වාභාවික නිර්මාණයක් විය නොහැකි බවත් මිනිසාගේ නිර්මාණයක් බවත්‍ ය. නාසා ආයතනය පවසන පරිදි ලංකාවේ මානව ජනාවාස බිහිවීම අදින් වසර 17,50,000ක පමණ ඈත අතීතයකට දිවයයි. රාමායණයට වස්තුබීජ වූ වකවානුවේ ලංකාවේ ඉතාමත්ම දියුණු ශිෂ්ටාචාරයක්ව තිබෙන්නට ඇතැයි පිළිගන්නා නාසා ආයතනය මෙම පාලම නිර්මාණය කරන්නට ඇත්තේ ඒ දියුණු මිනිසුන් විසින් බවට සැක කරයි.

ජනප්‍රවාදයට අනුව රාමාගේ වානර හමුදාවේ නායක "හනුමාන්" විසින් ගොඩ නගන ලද පාලම මෙය වේ. පසු කාලයක කුමක් හෝ සිදු වී මෙම පාලම කැඩී ගොස් ,මුහුදු පතුලට ගිලා බැස්සද ,අදද එමමුහුදු පාලම ,මුහුද යට තිබෙනවා දැක ගත හැක. කෘතිම චන්ද්‍රිකා මගින් ගන්නා ලද ඡායාරූපත්,දකුණු ඉන්දියාවේ වෙරළ බඩ කලාපය තුළ දක්නට ඇති එම පාලමේ කොටස්ද ඒ බව සනාථ කරයි. මෙම පාලම නූතනයේ ආදම්ගේ පාලම(Adam’s Bridge), හනුමාගේ පාලම(Hanuman’s Bridge), රාවණාගේ පාලම(Ravana Bridge), රාමාගේ පාලම(Rama Bridge), සේතු සමුද්‍රම්(Sethusamudhram), පෝක් සමුද්‍ර සන්ධිය(Pork Strait) යන නම් වලින් හදුන්වනු ලබයි.

අප රටේ "රාවණා" චරිතය පිළිබදව ඇති බොහෝ වෙබ් අඩවි පවසනුයේ මෙම පාලම හනුමා විසින් නොව රාවනා රජු විසින් තැනූ බවයි. අද වන විට ඉන්දියානු විද්වතුන් පවා එම මතයම පිළිගෙන ඇත. මෙම පාලම තැනීමට යෙදූ තාක්ෂණය ඉතාමත් පොහොසත් තාක්ෂණයකි. එම නිසා වානරයන් පිරිසකට මෙවන් තාක්ෂණයකින් යුක්ත, ශක්තිමත් පාලමක් කිසි විටෙකත් තැනිය නොහැක. එමෙන්ම රාමාටද ඔහුගේ පියාගෙන්වත් මේ සදහා සහයෝගය නොලැබුණේ නම් ඔහුටද මෙවැනි පාලමක් තැනිය නොහැක.

රාවණා රජු මෙම පාලම ඔස්සේ ඉන්දියාවට ගොස් යුද්ධ කළ බව ඇතැම් පොත්පත් වල දැක්වේ. මෙම මතයන් නිවැරදි හෝ වැරදි වූවද, පාලම මගින් "රාම රාවණා" කතා පුවත සැබෑවක් බව සනාථ වේ. එම පුවත සැබෑවක් නම් "රාවණා" චරිතය සත්‍ය චරිතයක් බව කදිමට පැහැදිලි වේ.

ලිව්වේ : සජීව විජේවීර සහ දනුල වික්‍රමාරච්චි

Wednesday, December 14, 2011

◄ කවුද රැවටුනේ??? ►



ඔන්න එකෝමත් එක විශ්ව විද්‍යාලයක සිසුන් හතර දෙනක් ගැනයි මේ කතාව. Fun 1ට බර මේ කොල්ලෝ හතර දෙනා මාස ගානක්ම පිස්සුවෙන් කල් ගෙව්වා. Semester එක අවසානයේ එන exam එකකුත් තියනවා කියලා මතක් උනේ ඊට කලින් දවසේ තමයි.
ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියනවා වගේ පෙර වගේම එදාත් කා බී විනෝද වී මැදියම පහු උනාම වගේ නින්දට ගියා. උදේම කොන්ද අතගාමින් නැගිටින කොට තමයි මතක් උනේ අද විභාගයක් තියනවා නේද කියලා.

දැන් ඉතින් මේ සෙට් එකම හරියට පාඩම් කරලත් නෑ. ලොක්කාගෙන් බේරෙන්න ගැහුවා හොඳ පැලෑනක්. අදුම්වල ග්‍රීස් තෙල් පැල්ලම් ගාගෙන එහෙම ගියා ලොක්කා (Dean) මීට් වෙන්න. ඊට පස්සේ බොහොම බයාදු විදිහට...

"සර් අපිට ඊයේ වෙඩින් එකකට යන්න උනා.
ගිහින් එනකොට කාර් එකේ ටයර් එකක් ගියා.
අපි බොහොම අමාරුවෙන් කාර් එක තල්ලු කරලා දැන් තමයි ආවේ.
මේ තත්වයෙන් අපිට විභාගේ ලියන්න අමාරුයි" කියලා.

ලොක්කත් ඉතින් හිත හොඳ මනුස්සයා...

"ඒකත් එහෙමද? එහෙනම් තව දවස් තුනකින් විභාගේ ලියන්නකෝ" කියලා කට්ටියට අවසර දුන්නා.

දැන් කට්ටියට මාරම හැපී. හොඳට පාඩම් කරලා දවස් තුනෙන් Dean ව මීට් උනා.

"ඔයාලාට දවස් තුනකුත් දුන්නානේ. දැන් මගෙත් පොඩි කොන්දේසියක් තියනවා.
ඔයාලා ඉන්න ඕනේ වෙන වෙනම කාමර වල"

පාඩම් කරපු නිසා යාලුවෝ සෙට් එකත් කැමති උනා. දැන් විභාගේ පැවැත්වෙනවා. ප්‍රශ්න පත්තරෙත් බෙදුවා.

ප්‍රශ්න පත්‍රයටම ප්‍රශ්න 2යි. මොනවද දන්නවද ඒ ප්‍රශ්න 2ක???

1) ඔබගේ නම ලියන්න. (ලකුණු 2යි)
2) කාර් එකේ පැච් එක ගියේ කුමන ටයර් එකේද? (ලකුණු 98)

ලිව්වේ : ms48mail

◄ සමන් දෙවි අඩවියේ හාස්කම් ►



සමනල අඩවිය හෙවත් ‘‘හිමේ’’ හා බැදුනු කතා අපමණය. මේවා අතර සිරිපා අඩවියේ යාබද ගම්වල වැසියන්ගේ ජීවිත හා බැදුනු ඒවා ද තිබේ. ඊට අමතරව සිරිපා වන්දනාවේ යන්නට ආ බැතිමතුන් මුහුණ දුන් ඒවාද තිබේ. එදා සිරිපා අඩවියට හෝ සිරිපා මළුවට කෙනෙක් යන්නට සිතුනොත් එය ආවාට ගියාට නොකරයි. ඇතැම් අවස්ථාවල පේවීම හෝ පිරිසිදුවීමකින් තොරව මේ භූමියට පිවිසිය යුතු නැති බව පැරැන්නෝ විශ්වාස කළහ. එයට හේතුව සිරිපා අඩවිය හෙවත් ‘‘සමනල අඩවිය’’ ඔවුන්ට ‘‘ශුද්ධ භූමියක්’’ වූ නිසාය. මේ ශූද්ධ භූමියට වන්දනාවේ ගිය බැතිමතුන් වගේම අවට ගම් වල ගම්වැසියන්ද ඉඳහිට මේ ‘‘ශුද්ධ භූමියේ’’ ඇති හාස්කම් අත් වින්දෝය. එවන් සිරිපා හිමේ සැඟවුණු අපූරු කතා කිහිපයක් ලොවෙත් නෑ අපි මෙසේ ඔබ වෙත තිලිණ කරන්නෙමු.

කාලෙකට ඉස්සරදි පත්තිනි දේවාලයක කපු මහත්තයෙක් ගමේ කිහිප දෙනෙක් සමග දැන හැදුනුම්කම් පැවැත්තුවා. අවුරුද්දකට විතර පස්සේ මේ කපු මහත්තයාට ඕනෑ වුණා හිමේ ගරන්න යන්න. කපු මහත්තයා තව කිහිප දෙනෙක් එක්ක හිමේට ගිහිං වාඩි ගහගෙන උයාගෙන කාලා මැණික් ගරන්න පටන් අරගත්තා. එයා පත්තිනි දේවාලයක කපුවෙක් හින්දා වෙන්න ඇති සමන් දේව අඩවියේ අනුහස් ගැන වැඩි තැකීමක් කළේ නෑ. ගමේ අපිවත් හිමේ යනකොට පිලී ජාති ගෙනියන්නේ නෑ. මෙයා කපුවා හින්දා කරවල ජාති එහෙම අරගෙන ගිහිං තිබුණා. දවසක් සියලූ දෙනාම එකතුවෙලා උදේම උයලා කෑමටික වාඩියෙ තියලා ගරන්න ගිහිං තිබුනා. මෙහෙ වාගේ තුන හතර වෙනකම් හිමේ වැඩකරන්න බෑ. උදේ දහයේ ඉදලා හවස දෙක වෙනකම් විතර තමයි වැඩ කරන්න පුලූවන්. ඉතිං මේ අය වැඩකරලා නාගෙන දෙකට විතර ඇවිත් කන්න බලනකොට බත් මුට්ටියේ ඉහඳ පනුවොලූ. ඉතිං ඒක දැකපු කපුවා බයවෙලා කට්ටිය එක්ක ආපහු එන්න ආවා. නමුත් මිනිහ ගමට එන කොට පිස්සු හැදිලා. ඒ පිස්සුව සනීප වුනේ නෑ. පස්සේ ඒ පිස්සුවෙන්ම මිනිහා මැරුනා. සිරිපා හිමේ හාස්කම් එහෙමයි.

වරක් සමනල අඩවියට ගිය පිටගංකාරයෙක් ‘‘සමන් දෙවි හාමුදුරුවන්ගේ අලියා පෙන්නන්කො’’ කියලා තියනවා. එතකොටම එතන ළග තිබුණ බටපදුර බිදින ශබ්දය ඇහිලා. අලි තමයි ඒ බට පදුර බිදින්නේ කියලා කට්ටිය දුවලා. නමුත් පස්සේ ඇවිත් බලන කොට අලි ඉදලා නෑ. කට වරද්දාගැනීම නිසා ඒ වගේ අමාරුවෙත් වැටෙනව කියලයි ගම්මු කියන්නේ.

තිහේ දශකයේ බෙලිහුල්ඔය ගලගම ප‍්‍රදේශයේ සිටි කිරිඅප්පුහාමි නම් උපාසක මහත්මයකු මේ මාර්ගය ඔස්සේ සිරිපා කරුණා කරද්දී කට වරද්දා ගැනීම නිසා දහතුන් වතාවක් ඔහුට සිරිපා මලූවට යාමට නොහැකිවූ පුවතක් පැරණි ගැමියන් අතර පවතී. සිරිපා අඩවියට ඇතුළු වන විට තුන් සරණ කීම සිරිතකි. කෙසේ හෝ උපාසක තැනට සිරිපා මළුවට යන්නට ‘‘බෑ’’ කියා කට වැරදුණි. ඔහු අන්තිමේ දී සිරිපා කරුණා කරන්නට ලැබුණොත් වෙහෙරගොඩ පන්සලේ කිරිමැටියෙන් වෛත්‍යයක් තනන බවට බාර වීමෙන් පසු දාහතර වැනි අවස්ථාවේ සිරිපා මළුවට යන්නට හැකිවූ බව ඒ අතීතය මතක තිබූ කිහිප දෙනෙක්ම පැවසූහ. ඉර අවරට යන්නට කලින් ගමෙන් පිටත් වන පිරිස රාත‍්‍රිය පුරාම ගමන් කරන්නේ සිරිපා අඩවියෙනි. ඇතැම් අවස්ථාවල ඉතා ළගපාත හේවිසි හඩ ඇහෙන්නට පටන් ගනී. එදා අද මෙන් විදුලි ආලෝකය හෝ වෙනත් සන්නිවේදන පහසුකම් නොතිබුණ නිසා සමහරු මළුව ළග යැයි රැවටෙන අවස්ථා ද තිබුණි. නමුත් ඒ හඩ ළග ඇසුන ද මළුවට ළගා වන්නට පැය දහයක්වත් ගතවු අවස්ථා තිබිණි. රාත‍්‍රි ගමනේ දී අදුර මකා ගන්නේ පන්දම් හෝ ලන්තෑරුම් එළියෙනි. ඒ නිසා නඩයේ සැම දෙනාම පෙනෙන දුරකින් යාම සිරිතකි. යම් හෙයකින් නඩයෙන් ඈත්වී තනි වුණොත් පාර වරදින්නට පුළුවන. එසේ වුවහොත් සතා සිවුපාවාට ගොදුරු විය හැකිය.

මෙවැනි නඩවල සිටින කියන දේ නාහන තරුණ ගැටවු කිහිප දෙනෙක්ම ඒ අකරතැබ්බයන්ට පත්වූ අවස්ථා ඇති බව කියන්නේ සිරිපා අඩවිය අවට ගම්වල වැඩිහිටියන්ය. එක් අවස්ථාවක එසේ නඩයෙන් ඈත්වු තරුණයෙක් රාත‍්‍රියේ අතරමං විය. ඔහු නැති බව නඬේ පිරිසට දැනුනේ අතරමග නැවතී ගිමන් හරින විටය. නඬේ ගුරුන්නාන්සේ අත්දැකීම් ඇති වැඩිහිටියෙක් විය. මුලින්ම ඔහු සමන් දෙවිදුන්ට පඩුරක් බැද බාරයක් විය. හොදින් හද එළිය තිබූ ඒ දිනයේ මේ මග හැරුණු තරුණයා සොයා වැඩිහිටියන් කිහිප දෙනෙක් ආපසු ආවේ නඬේ සෙසු පිරිස එතැන විවේක ගන්නට ඉඩ සලස්වාය. සැතපුමක් දෙකක් ආපසු එන විට පාරෙන් තරමක් දුරින් පුංචි එළියක් එහා මෙහා යනු පැමිණි කිහිප දෙනාට දැක ගන්නට ලැබී තිබේ. ඒ සමගම ගස්වල අතු බිදින ශබ්දයත් ඔවුන්ට ඇසී තිබෙනවා. ඉන් තරමක් බියට පත්වූ පිරිස අතු බිදින ශබ්දය ඇසුණු දෙසට කන් යොමාගෙන අවධානයෙන් ටික වෙලාවක් සිටිය ද කිසිදු ශබ්දයක් ඉන් පසු ඇසී නැහැ. ඒ ශබ්දය ඇසුණු දෙසට කන් යොමද්දී මුලින් දුටු එළිය ගැන ඔවුන්ගේ අවධානය ගිලිහී එය නොපෙනී ගොස් තිබේ. කෙසේ වෙතත් මේ පිරිස එළි වෙන තෙක් අතරමංවූ තරුණයා සෙව්ව ද ඔහු හමුවී නැහැ. එළිය වැටුණු පසු නඬේ අනික් අය බොහෝ දුරකින් ඈත්ව ඇති බව සිතා අතරමංවූ තැනැත්තා සෙවීම නවතා ආපසු ඉදිරියට ගොස් තිබේ. එසේ විනාඩි කිහිපයක් ගත වන විට වන්දනා නඩයක කතාබහක් පිරිසට ඇසී ඒ ගැන සොයා බලද්දී තමන්ගේ නඬේ පිරිස ගිමන් හරිමින් ඉන්නවා දැක තිබේ. පසුව සොයද්දී සැතපුම් ගණනක් ඇවිද තිබෙන්නේ නැවතී සිටි ස්ථානය අවටමය. නඩෙන් අතරංමංවූ තරුණයා තමන් ඉදිරියෙන් පැන්න කළු ගුලියකට බියවී ගහක් මුල සැගවී සිටි බව පවසා ඇතත් ඔහු සැගවි සිටියා යැයි කී තැනට ඔහු සෙවීමට ආ පිරිස කිහිප වතාවක්ම ඇවිත් ගොස් ඇති බව නඬේ ගුරාට අවබෝධවී තිබුණි. මෙය නඬේ කෙනකුගේ කට වරද්දා ගැනීමකින් වුවක් නිසා බව නඬේ ගුරාගේ විශ්වාසය විය. කළු ගුලියක් සේ දිස්ව ගියේ වළසාගේ දිෂ්ටිය බවට ඔහු විශ්වාස කළ බවත් අතු කඩනවා සේ ශබ්දයක් ඇසුනේ අලියාගේ වුවත් එය ද අද්භූත සිදු වීමක් ලෙස එම පිරිස විශ්වාස කළ බව ගැමියන්ගේ මතයයි. මේ සිද්ධිය මතක ඇති වැඩි දෙනෙක් ඉන් පසු සිරිපා ගමනේ දී බොහොම පරිස්සම් වන්නට වූ බව ද ඔවුහු කියති. ගලගම වෙළහාමි මහතා ද මේ ගම්වල සිරිපා නඩවල ගුරුන්නාන්සේ කෙනෙක් ලෙස කටයුතු කළ අයෙකි. වලකඩවල ගමේ පදිංචි හැත්තෑපස් හැවිරිදි එච්.ඒ. පේ‍්‍රමරත්න මහතා එවැනි මතකයන් ඇති කිහිප දෙනාගෙන් කෙනෙකි.

සිරිපා අඩවියේ බවුන් වඩන හිමිවරු ගැන කතා ද ඇත. ඒ අතර වලහා පැන්න හාමුදුරුවන් ගැන ගම් කිහිපයකදීම අසන්නට ලැබුණි. මේ වන විට ජීවතුන් අතර නොමැති බව පවසන මේ හිමිනම සිරිපා අඩවියේ දී දැක ඇත්තේ කිහිප දෙනෙක් පමණකැයි ද කියති. ඇසින් දුටුවන් කියුවැයි පවසන උදවිය පවසන්නේ සිහින් සිරුරකින් හෙබි භික්‍ෂූ නමක් එලෙස සිරිපා අඩවියේ කුණුදියගල ප‍්‍රදේශයේ ගල් ගුහාවක බවුන් වැඩූ බවයි. සිරිපා අඩවියේ වැඩෙන ඵලවැල අනුභව කරමින් මිනිස් වාසයෙන් බැහැරව විසූ උන්වහන්සේගේ මුහුණට සිරිපා අඩවියේ වෙසෙන වලසෙක් පැන හානි කිරීමෙන් පසු මුහුණෙහි යම් විකෘති බවක් ඇතිව තිබූ බවයි. වලසා පැනීමෙන් පසු ප‍්‍රතිකාර කරගෙන ඇත්තේ ද ඒ හිමියන් විසින් බවත් කැලෑ කොළ ඖෂධ ලෙස භාවිත කර ඇති බවත් සිද්ධිය ගැන දන්නා වැඩිහිටියෝ කිහිප දෙනෙක්ම කීහ. මේ අතර තවත් තොරතුරකින් කියවුණේ ජීවිතයේ සැදෑ සමයේ මේ හිමිනම සිරිපා අඩවියෙන් ගම්මානයකට පැමිණ විහාරස්ථානයක වැඩ විසිමින් සිටිය දී අපවත්වූ බවයි.

අවාරය සිරිපා අඩවියේ වන සතුන් නිදහසේ එහාමෙහා යන කාලය ලෙස සිරිපා අඩවිය අවට ගම්වල වැසියෝ කියති. අවාරයට සුදු ඇතා ද සමනොළ අඩවියේ සැරිසරන නිසා සමනොළ කන්ද පාමුල ප‍්‍රදේශයට නොයා යුතුය යන අදහසක් බෙලිහුල්ඔය ප‍්‍රදේශයේ පැරැුණියන් අතර විශ්වාසයක් පවතී. එමෙන්ම රත්නපුර පැරණි රජ මාවත ඔස්සේ ගිලීමලේ රංකොත් විහාරය ද වැද සිරිපා වදින්නට එන බැතිමත්හු අතීතයේ හිරු අවරට ගිය පසු උඩුතුලාන කදිරවාන් ඇළෙන් එගොඩ නරහින්වලින් ඉදිරියට ගමන් නොකරතියි කියති. විශේෂයෙන් රාත‍්‍රි කාලයට මෙතැනට හේවිසි හඩ ඇසෙන බවත් හාස්කම් නිසා මෙසේ රාති‍්‍ර කාලයට නොයන බව ද කියති.

තවත් එක් කතාවකට අනුව ගිනිගත්හේනට නුදුරු සිල්මාතාවක් තවත් සිල්මාතාවන් සමඟ ශ්‍රී පාද වන් දනාවේ ගියාය. වෙහෙසට පත්වූ ඔවුහු පියගැටපෙලේ මඳක වාඩි වී ගිමන් හැරියාහ. දෙපා ඉදිමී තුවාල වලින් දෙකකුල් වැසී ගිය මහල්ලෙක් අවුත් සිල්මාතාවන් පසුකර හැරමිටියක ආධාරයෙන් පියගැටපෙළ නගිමින් නායක සිල් මාතාවගේ හිසට අත තබා කතා කළේය. සිල් මාතාවට ඇතිවූයේ දැඩි පිළිකුලකි. මේ මහළු තුවාල කරු කවදා කෙසේ ශ්‍රී පාදය නඟින්නදැයි සියල්ලෝම කතාබහ කළහ. ටික වේලාවකින් නැවතත් ගමන පටන් ගත් සිල්මාතාවරු තවත් සැතපුම් 2ක් පමණ ඉහළට ගොස් පියගැටපෙළේ වාඩිවී ගිමන් හරින්නට වූහ. තුවාල පිරී ගිය කකුල් ඉදිමුණු අර මහළු මිනිසා දෙවැනි වරටත් ඔවුන් පසු කරමින් නායක සිල් මාතාවගේ හිසට අත තබා කතා කළේය. රෝගී මහළු මිනිසා මෙම ස්ථානයට පැමිණි හැටි ඔවුනට පුදුමයක් විය. විවේකය නිමාකොට නැවත ගමන ඇරඹූ සිල්මාතාවරු මහගිරිදඹය අසළ තුන්වැනි වරටත් නැවතී විවේක ගැනීමට වූහ. පාද පුරා තුවාල පිරුණු පිළිකුල් සහගත රෝගී මහල්ලා 3න් වන වරටත් ඔවුන්ව පසු කරමින් නායක සිල් මාතාවගේ හිසට අත තබා සෙත් පැතුවේය. ඇය පිළිකුලෙන් යුතුව මුහුණ පසෙකට හරවා ගත්තාය. මේ රෝගියා මේ තරම් ඉක්මනින් කඳු මුදුනට ආවේ කෙසේදැයි ඔවුනට ගැටලුවක් විය. ශ්‍රී පාද පද්මය මුදුනට ගිය සිල් මෑණිවරු ඉර සේවය උදා වනතුරු පද්මය මුදුනේ ඉඩ ඇති තැනක බිම ඉඳගෙන භාවනා කිරීමට වූහ. පුදුමයකි, නායක සිල් මාතාවගේ මුහුණට එක්වරම අමුතු ආලෝකයක් පතිත විය.
''දරුවා, මං උඹට තුන්සැරයක් කතා කළා. මතකද?'' ඒ හඬ හා ආලෝකය අතුරුදන් විය. නායක සිල් මාතාව සහ ඇගේ පිරිවර උතුරා යන භක්තියෙන් ශ්‍රී පාද පද්මය මුදුනේදී සමන් දෙවියන්ට පින් දුන්හ.

ඉතිං මේ වගේ ඔයාලත් දන්න සමන් දෙවි අඩවිය හා බැඳුනු කතාන්දර තියෙනවා නම් අපිත් එක්ක මෙතන බෙදා ගන්න කියලා හැම දෙනාටම ආරාධනා කරනවා. හැම දෙනාටම සමන් දෙවිඳු කරුණාවයි !

සැ.යු. ලිපි කිහිපයකින් උපුටා ගත් කරුණු ඇසුරින් මෙම ලිපිය සකස් කරන ලදී.

Tuesday, December 13, 2011

◄ මිනිසත්කම ►



බඩු මිල මෙතරම් ඉහල නොවු ඉතිහාසයේ එක් දිනයක පුංචි දරුවෙකු ආපනශාලවකට ගොඩ වී කුඩා මේසයක් ඉදිරියේ ඉදගත්තා. ඔහුට අවුරුදු 10ක් පමණ වන්නට ඇති. ආපනශාලාවේ සේවිකාවක් ඔහු ලගට ආවා. මේසය මතින් වතුර විදුරුවක් තැබුවා.

කුඩා දරුවා :- පලතුරු දාපු අයිස්ක්‍රිම් එකක් කියද ?
සේවිකාව :- ශත 50 යි

මෙවිට කුඩා දරුවා තම සාක්කුවෙන් මාරු කාසි කිපයක් ගෙන ගනින්නට පටන් ගත්තා. නැවත...

කුඩා දරුවා :- පලතුරු නැති අයිස්ක්‍රිම් එකක් කියද ?

සේවිකාව :- ශත 35 යි

මදක් තරහින් පිලිතුරු ලබා දුන් ඇය මේ වන විට පාරිභෝගිකයන් කිහිපදෙනෙකු මදක් බලා සිටි බැවින් මදක් නොසන්සුන්ව සිටියා...

කුඩා දරුවා :- එහෙනම් මට පලතුරු නැති අයිස්ක්‍රිම් එකක් දෙන්න.

ඉන්පසු මෙම දරුවා තමාට ලැබුණු අයිස්ක්‍රිම් බදුන හිමින් රස බලන්න පටන්ගත්තා. ඔහු එය අවසන් කර පිටව ගියාට පසු සේවිකාව නැවතත් මේසය ලගට පැමිණියේ මේසය පිරිසිදු කිරිමටයි. මේසය මත කුඩා පෙට්ටියක ශත 35ක බිලත් කාසි කිහිපයකුත් තිබුණා. සේවිකාව මුදල ගැන බැලිමේදි එහි ශත 35ට අමතරව ශත 15ක් දමා තිබුනේ සේවිකාවට කුඩා දිමනාවක් වශයෙනුයි.

සිතන්න, එම ශත 15ත් වැයකොට පළතුරු අයිස් ක්‍රීමයක රස නොබලා එම දරුවා පෙන්වු මිනිසත්කම. අප අපේ ජීවිතයේ මිනිසත්කමින් අන් අය හා ගනුදෙනු කරන්නට පුරුදු වෙමු.

Monday, December 12, 2011

◄ සිංහළේ අංගං සටන් ►



සිංහළේ අංගං ශාස්ත්‍රය අවුරුදු 33,000කට වඩා එපිට ඉතිහාසයකට උරුමකම් කියයි. අංගං ශාස්ත්‍රයේ නිර්මාපකයන් ලෙස එවකට මේ ‍රටේ සිටි යක්ෂ ගෝත්‍රිකයන් හැඳින්වීමට පුළුවන. මේ මාතෘභූමිය ආරක්ෂා කිරීම අංගං ශාස්ත්‍රය නිර්මාණය වීමේ මූලිකම හේතුවයි. අපේ මිනිසුන්ගේ ආත්මාරක්ෂාව මෙන්ම ඔවුන්ගේ යහපත් සෙෘඛ්‍යයත් අංගං ශාස්ත්‍රයෙන් බලාපොරොත්තු විය. මේ උතුම් වූ ශාස්ත්‍රය වසර ගණනාවක් මුළුල්ලේ විවිධ පරසතුරු උවදුරු වලින් සිංහළේ ආරක්ෂා කර රට ස්වයංපෝෂිත කිරීමට දායක විය. සිංහලයාට ඍජු කශේරුඛාවක් වී නම් ඒ මේ අංගං ශාස්ත්‍රය නිසා ය. අපේ පෞර්ෂය වුණේ මේ ශාස්ත්‍රයයි. අපි අදටත් කිසිවෙකුට යටත් නොවී නොබියව කතා කරන්නේ නම් මේ අංගං ශාස්ත්‍රයේ ආභාෂයෙනි.

ඉලංගම් යනු ආයුධ සන්නද්ධ සටන් යන්නයි. අංගං යනු නිරායුධ සටන් ය. අංගං හා ඉලංගම් පුහුණු වීමට භාවිතා කරන මඩුව නොමැතිනම් ස්ථානය ඉලංගම්මඩුව ලෙස අංගං ශාස්ත්‍රයේදී හැඳින්වේ. සාමාණ්‍යයෙන් ඉලංගම්මඩුවල නිල ශාස්ත්‍රය, පැනුම් පිණුම් ශාස්ත්‍රය, මන්ත්‍ර ශාස්ත්‍රය, හෙළ වෙදකම, දේහ ධර්ම විද්‍යාව, ඉතිහාසය, අවි ආයුධ ශාස්ත්‍රය වැනි අංගං වලට ඇතුළත් වෙනත් කොටස්ද ප්‍රගුණ කෙරෙනු ලැබේ. සාමාන්‍යයෙන් අංගං මඩුවක් තුළ සටන් පුහුණු වීම සඳහා සුදුසු පරිසරයක් සකස් වන අතර බොහෝ දුරට වනාන්තරය ආශ්‍රිතව පිහිටා තිබීම වැදගත් වේ.

සක්විති රාවන හෙවත් දසිස් රාවනද අංගං සටන් පරතෙරට උගත් නරනායකයෙකි. රාවන රජුට නිල ශාස්ත්‍රය මෙන්ම නාඩි ශාස්ත්‍රය ගැනද මනා දැනුමක් වූ අතර ඒ පිළිබඳ පොත් පවා ලීවේය (නාඩි ශාස්ත්‍රය). රාවණ රජුගේ පුත් ඉන්ද්‍රජිත්ගෙන් පසුව ඉන්ද්‍රජිත්ගේ පුතනුවන් දෙදෙනෙකු වූ කේවේසස්ථ හා රවිශෛලාංත මෙම සටන් ශිල්පය පරතෙරටම ප‍්‍රගුණ කළ අයයි. කස්තාන, සිංහ කඩු, නයි පෙන කඩු, ඉලුක්කොළ කඩු, එතුණු කඩු, කලාකිරිඤ්ඤ, කිනිසි, කිරිච්චි, පළිහ, රිටි, හෙල්ල හෙළයේ සටන් ආයුධය, මේවා මලින් සරසා සුවඳ දුමින් පුදමින් ඉතාමත් ගෞරවයෙන් තැන්පත්කර තබා ඇත. එම ආයුධ අවසරයකින් තොරව කිසිවෙකුට අත තැබිය නොහැකිය.

අංගං හරඹ ශිල්පය හදාරණ ශල්පීන් ආයුධ 9ක් පුහුණුව ලැබූපසු පනික්කි රාළ තනතුරට පත්කරයි. පනික්කි රාළ යනුවෙන් හදුන්වන්නේ අංගං මඩුවේ ආධුනිකයින්ට පුහුණුකිරීමේ සුදුසුකම් ලැබීමයි. අංගං මඩුවක ගුරුවරයා හෙවත් පනික්කිරාළ තෝරා ගැනීම සඳහා ඌරා ළිඳේ සටන් යොදා ගනු ලබයි. මීට අමතරව අතීතයේ රජුන්ගේ අංගාරක්ෂකයන් (පුද්ගලික ආරක්ෂකයා) තෝරා ගන්නා ල්ද්දේද ඌරා ළිඳේ අංගං කෙටීමෙනි.

ඌරා ළිඳේ සටන් කරන ආකාර කීපයකට සටන් කරනු ලබයි.
•අයෙකු අඩපණ වන තෙක් සටන් කිරීම
•මරණය තෙක් සටන් කිරීම
•පැයක් ඇතුළත් වැඩි දක්ෂතා මත ජයග්‍රහණය තීරණය කිරීම
•පරාජය භාර ගන්නා තෙක් සටන් කිරීම
යනාදී ලෙසයි. මෙහිදී දෙදෙනා එකඟ වන ඕනෑම ආකාරයකට සටන් කිරීම සිදු කළ හැකිය.

මහනුවර යුගය වන විට සුදලිය සහ මරුවල්ලිය යන අංගං සටන් පරම්පරා දෙක මුල්තැන ගනී. මේ අතුරින් සටනකදී සුදලියේ පණික්කිරාල පැරදවූ මරුවල්ලිය පරපුරේ ගලගොඩ කුමාරිහාමි ගැන තොරතුරු රැසක් ඉතිහාසයේ එයි. ඇගෙන් පසු ගලගොඩ මුහන්දිරම් නමින් පරම්පරා හතක සටන් ශිල්පීන් අංගං සටනේ දස්කම් පාමින් රාජ්‍ය සේවයේ යෙදුණහ. මෙම සටන් කරුවන් බෙහෙවින් රජුට පක්ෂපාතී වූහ. ඉහතදී සඳහන් කල කොරතොට විහාරය හා සම්බන්ධ අංගං සටන් ශිල්පීන් සිය දස්කම් පෑ අවස්ථාවක් ලෙස සීතාවක රාජසිංහ රජු (එවකට ටිකිරි කුමරු) සමඟ එක්ව පරංගින්ට විරුද්ධව කල සටන හැඳින්විය හැක. මෙහිදී විහාරස්ථානයේ ස්වාමින් වහන්සේගේ මැදිහත් වීමෙන් අවට වලව් 18ක සටන් ශිල්පීන් විහාරයට කැඳවා සටන් කලාව පුහුණු කිරීම හා සේනා සංවිධානය අරඹන ලද බව කියවේ. මෙසේ සංවිධානය වුණු බලසේනාව සමඟ පළමුවැනි රාජසිංහ රජු පරංගින් කොළඹ කොටුවට සීමා කරන ලදී.

මේ අතර සිංහල හමුදාවේ රණ ශූරයකු වූ මුල්ලේගම අලි ඇතුන් මෙල්ල කිරිම සඳහා සටන් ක‍්‍රම ඉගැන්වීම සිදුකළහ. ඔහුගේ සටන් ක‍්‍රමය වූයේ එක් අයකු දුවගොස් අලියා ඉදිරිපිට පහත්වීමයි. පසුව තවත් අයෙක් දුවගොස් ඔහුගේ කර උඩට නැග අලියාගේ කුම්බස්තලයට වේගවත් වැලමිට පහරක් දෙයි. එම පහරත් සමඟ අලියා මැරි බිම වැටෙයි. මෙම සටන් ක‍්‍රම මගින් මුල්ලේරියාව ජයග‍්‍රණය කළ රණ ශූරයින්ට රජතුමාතෑගි දුන්නේය. කඩුවෙළ අශි‍්‍රත හේවාගම් නමින් ගම්වරයක්ද දුන්නේය. හේවාගම නමින් අද හැදින්වෙන්නේ එම ප‍්‍රදේශයයි.

මේ අයුරින් වසර තිස් දහසකට අධික ඉතිහාසයකට උරුමකම් කියූ අංගං සටන් කලාවේ අභාවය ඇරඹෙන්නේ ඉංග්‍රීසින් විසින් ගැසට් නිවේදනයකින් අංගං සටන් තහනම් කිරීමෙනි. සටන් කරුවන් හොය හොයා මරන්නට තරම් ඉංග්‍රීසින් මිලේච්ඡ විය. සටන් උගන්වන්නන් මරා දමන ලද අතර උඩුකය ආවරණය වන ඇඳුම් තහනම් කරන ලද්දේ සටන් ශිල්පීන් හඳුනාගැනීමටය. මොවුන් අප අංගං සටන් විරුවන් සතු ප්‍රභල සටන් කලාවට මෙන්ම කාය ශක්තියට බියවී සිටි තරම ඉන් අපට පැහැදිලිය. එකළ ඕනෑම හෙළයෙකුට පුහුණු වීමට අවසර තිබුණු මෙම සටන් කලාව මින් පසු වෙනස් විය. සටන් කරුවන් රහසිගතව සිය පරම්පරාවෙන් පරම්පරාවට ශාස්ත්‍රය ඉදිරියට ගෙන ආහ.

මෙම වටිණා ශිල්පය රැකගන්නවුන් හට අපගේ ප්‍රණාමය !

සැ.යු. : මා මේ සටහන සඳහා ලිපි කිහිපයක තොරතුරු ආදේශ කරගත් අතර සම්පූර්ණ ගෞරවය ඒවායේ මුල් කතුවරුන් සතුය. ඔබ සැමට රාවණ සුරිඳු පිහිටයි !

Sources : lankadeepa & uralinda.blogspot.com

Sunday, December 11, 2011

◄ සීගිරියේ සඟවා දැමූ අභිරහස් ►

සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක්. මේ කියන්න යන කතාව එහි අපි වැඩිය අහපු නැති පැත්තක් ගැන. සූරිය ගුණසේකර කියන්නේ සිගිරිය, රාවණ රජු ඇතුළුව ලංකාවේ සැඟවුණු ඉතිහාසය ගැන පරීක්ෂණ කරන කෙනෙක්. ඒ සම්බන්ධව පොත් ගණනාවකුත් රචනා කරල තියෙනවා. ඒ මහත්මය තරුණ කාලේ, ඒ කියන්නේ එකදාස් නවසිය හැට ගණන්වල සීගිරියට ගිහිල්ලා තියෙනවා තව තරුණ කණ්ඩායමක් එක්ක විශේෂ ගවේෂණයකට. එහිදී එයාලා දවල්ට කන්න ගිහිල්ලා තියෙනවා සිගිරිය පේන මානේ තියෙන පුංචි කටු මැටි ගෙදරකට. ඔය ගෙදර මිදුලේ හිටියලු වයසක සීයා කෙනෙක්.



කෑම කාලා කට්ටිය එලියට ආපු වෙලේ මෙයාලා ඔය සීයා එක්ක කතාවට වැටිලා. එයා දැනගත්තම මේ කට්ටිය ඇවිල්ලා තියෙන්නේ සිගිරිය ගැන හොයන්න කියලා. ඒ පාර තමයි මේ කතාව කියල තියෙන්නේ.



''මහත්තයල දන්නවද, මම ඉස්සර අන්ධ කෙනෙක් නෙවේ. මට මෙහෙම උනේ මට මහ විශාල පවකට සම්මාදන් වෙන්න උනු නිසා''

මෙහෙම කිව්වම කට්ටිය අන්දුන්කුන්දුන්...

"මොකද්ද සීයේ උනේ...?"

මහත්තයලට කියන්න, මම H.C.P. Bell මහත්තයගෙ කාලේ මෙතන සීගිරියේ එයා යටතේ කැණීම වලට අත් උදව් දීපු සේවකයෙක්. ඒ කාලේ හිටපු අයගෙන් දැන් මම විතරයි ඉතුරු.
(H.C.P. Bell කියන්නේ ලංකාවේ මුල්ම පුරාවිද්‍යා කොමසාරිස්වරයා. ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ලංකාවේ පුරාවස්තු බොහොමයක් හොර රහසේම බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත ගෙනගිය බවට මොහුට චෝදනා එල්ල වෙනවා)

ඉතින් ඒ කතාව සීයා ඒ පාර කිව්වලු.

අපි සීගිරියේ කැණීම කර කර ගල මුදුනටම ගියා. ගල මුදුනේ නොයෙක් පුදුම හිතෙන නිර්මාණ අපිට හම්බුනා. එතන කට්ටිය කැණීම කරනකොට අපිට හොයාගන්න පුළුවන් වුණා පඩිපෙලක්. මේ පඩිපෙළ සිගිරිය ගල මුදුනේ ඉඳං ගල පාමුල වෙනකන්ම යනවා ගල ඇතුලෙන්. ඒ ගැන හාන්කවිසියක් පිටට පේන්නේ නෑ. පඩිපෙලේ තැනින් තැන ගිමන් නිවන්න කාමර තියනවා. ඒ කාමර වල තිබිල අපිට බොහොම වටිනා පුරාවස්තු හුගක් හම්බුනා. බෙල් මහත්තයා ඒ ඔක්කොම එකතු කරගෙන එලියට ගෙනාවා. පස්සෙ අපිට කිව්වා ඒ පඩිපෙලේ ගල මුදුනේ දොරකඩ කොන්ක්‍රීට් දාලා සම්පුර්ණයෙන් වහන්න කියල.. අපිට පුදුම හිතුනා, ඒත් අපි කිව් විදියට කරා.

එදායින් පස්සෙ ඒ වැඩේට ගිය අපි කාටවත් හොඳක් උනේ නෑ. සමහරු ලෙඩ උනා. සතා සීපාවා ගහල මැරුණා. ගහක් ගලක් වගේ හිටපු මම දවසක් උදේ නැගිට්ටේ මෙහෙම අන්ධ වෙලා.

මෙහෙම කියපු ඒ සීයා අඬන්න ගත්තලු.

මේ කතාවේ ඇත්ත නැත්ත ඔයාලම තීරණය කරන්න.

හැබැයි ඇත්තටම කියනවනම්. සිගිරිය ඉහලට රජ කෙනෙකු, අද අපි යන්න වගේ දාඩිය පෙරාගෙන ගිනිකුට අව්වේ අර වගේ පටු පඩිපෙලක් දිගේ ගියා කියලනම් හිතන්න බෑ. රජුට ඉක්මනින් පහසුවෙන් සහ රජ කෙනෙක් විදියට යන්න විශේෂිත ගමන් මාර්ගයක් තිබිය යුතුමයි.

මේ ගැන පරීක්ෂණ කරපු මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සුසිර උඩලමත්ත මහතානම් කියන්නෙ, ඒ කාලේ රජුට ඉහලට ගමන් කිරීමට විශේෂ සෝපානයක් තිබුන කියලා. මේක හඳුන්වන්නේ කර්කටක යන්ත්‍රය කියලා. මොකද මේක කකුළුවෙක් වගේ හැඩයක් සහ යාන්ත්‍රණයක් තියෙන නිසා. සිගිරිය ගලේ එක අන්තයක කෙලින්ම සිරස්ව ඉහලට යන සහ තිරස්ව යන ඉනිමගක් වැනි කුඩා track පද්ධතියක් ගලේම කොටලා තියෙනවා දැකගන්න පුළුවන්. මේක තියෙන්නෙ කර්කටක යන්ත්‍රයේ දැති රෝද වලට ගමන් කරන්න කියල තමයි කියන්නේ.

සිගිරිය ජල උද්‍යානය ගත්තත් ඒක සුවිශේෂයි. එහි ප්‍රධාන දොරටු හදල තියෙන්නෙ කෙලින්ම ඉහළට ඔසවන විදියට. මේ සඳහා යොදාගත්තු විශාල ගල් උලුවහු අදත් දැකගන්න පිළිවන්. මේ විශාල ලී ද්වාර එසවීමට යොදාගෙන තියෙන්නෙ අලි ඇතුන්.

ඒ වගේම සිගිරිය ජල උද්‍යානය ගත්තත්, ඒක හදල තියෙන්නේ ඒකට ඇතුල් වෙන කෙනෙක්ව එක්වරම මුලා වෙන විදියට. හොඳින් නිරීක්ෂණය කරොත් පේනවා ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වෙලා යනකොට එක හරියකදී එකපාරටම සිගිරිය ගල නොපෙනී යන බව. ඒ විදියටයි ඒ ගමන් මාර්ගය හදල තියෙන්නේ. ඒ වගේම සිගිරිය ජල උද්‍යානයේ තියෙන වතුරමල් අදටත් වැඩ කරනවා. ඒත් වතුර එන්නෙ බොහොම අඩුවෙන්. මේකට හේතුව තමයි සිගිරිය වැවේ ජල මට්ටම ඉතාමත් අඩු වීම.

අතීතයේදී සිගිරිය වතුරමල් සහ ජල උද්‍යානයට ඉහළින් තමයි සිගිරිය වැවේ ජල මට්ටම පිහිටලා තියෙන්නේ. ඒකෙන් ඒ කාලේ සීගිරියට සතුරන්ගෙන් ආරක්ෂාවත් ලැබුණා. මේ නිසා ඉතා විශාල ජල පීඩනයක් යටතේ මේ වතුර මල් බොහොම උජාරුවෙන් ඉහළට වතුර විදින්න ඇති. ඒත් පසුකාලීනව සිගිරිය අවට ප්‍රදේශය සංචාරක කලාපයක් විදියට සංවර්ධනය කරන්න ගත්තම සිගිරිය වැව ගොඩ වුණා. Sigiriya Village වගේ සුපිරි හෝටල් අද තියෙන්නෙ සිගිරිය වැව තිබුන හරියේ. අද සිගිරිය වැව දිය හිඳුනු නිකං නමට වැවක්. සීගිරිය ගල මුදුනට වතුර ගෙනගිය ආකාරයද අභිරහසක්. මේ සඳහා ජල පොම්ප කිරීමේ තාක්ෂණයක් යොදාගෙන තියෙන බවයි සමහරු කියන්නේ. ඒත් වර්තමානයේ පරීක්ෂකයන්ගේ මතය වෙලා තියෙන්නේ මේ සඳහා ඊට වඩා බොහොම සරල ක්‍රමයක් භාවිතා කර ඇති බවයි. එනම් සංසක්ති බල.

විද්‍යාව කරපු අය දන්නවා සංසක්ති බල කියන්නේ මොනවද කියලා. ඒ කියන්නේ එකම වර්ගයේ අංශු අතර ඇති වන ආකර්ෂණ බල (මට මතක විදියට වැන්ඩවාල් බල)

ඒ අය කියන විදියට සිගිරිය ගල මුදුනේ නිර්මාණය කර තිබෙන ජල පොකුණු වලට නිරන්තරයෙන් වැහි වලාකුළු ආකර්ෂණය වෙනවා. හේතුව සිගිරිය මුදුනේ තියෙන පොකුණු වල ජලයේ ජල අංශු සහ වැහි වලාකුළු වල ජල අංශු එකිනෙක ආකර්ෂණය වීම. මේ සංසිද්ධිය වෙනත් උස් කඳු මුදුන් සහ උස ගල් පර්වත මුදුනේ ඇති ජලය රැස්වෙන ස්ථාන වල දැකගන්න පුළුවන්. එමගින් ලැබෙන වර්ෂාවෙන් නිරන්තරයෙන් සිගිරිය ගල මුදුන ජලයෙන් ස්වයංපෝෂිත වෙනවා.

මෙවැනි ක්‍රමයක් මේ සඳහා යොදාගැනීමට තවත් හේතුවක් තියෙනවා. එනම් හදිසියෙවත් සතුරු හමුදාවක් සිගිරිය ආක්‍රමණය කරා කියල හිතමු. සීගිරියට ජලය ගෙනියන්නේ විශාල පොම්පයකින් නම් හතුරන්ට මේ පොම්පය විනාශ කරල හරි පහල තියෙන ජල මුලාශ්‍ර වලට වස මිශ්‍ර කරල හරි ගල මුදුනේ ඉන්න පිරිසව අසරණ කරන්න පුළුවන්. ඒත් මම මුලින් විස්තර කරපු සංසක්ති බල ක්‍රමය නිසා ගල මුදුනේ ඇති වගාවන් හෝ ඔවුන්ගේ පානිය ජල අවශ්‍යතා එතැනින්ම සුරක්ෂිතයි. ස්වයංපොෂිතයි.

සිගිරිය ගැන කතා කරන්න පුළුවන් දේවල් එමටයි. එහෙනම් ඔයාලත් දන්න දේවල් බෙදාගන්න.