Wednesday, November 30, 2011

◄ දිනපොතින් ඔබ්බට ►


වසර කිහිපයකට පෙර ආදරවන්තයො දෙන්නෙක්ට ආදරේ මුලින්ම හැඟුනු දවසක දිනපොතේ ඔවුන් මෙන්න මේ විධියට සටහන් තබනවා...

GIRL►
දයාබර දිනපොත,
මම දුටුවා ඔහු මාව පසු කරඟෙන ගියා. මට මොහොතකට ලෝකයම නතර වෙලා වගේ හැඟුනා. පුංචි කාලේ ඉඳන්ම මම එයාව දැක්කම හිනා වෙනවා. ඒත් අද මට එයා එක්ක හිනා වෙන්න හිතට ලොකු බියක් දැනුනා. එයා රගර් ටීම් 1කේ කැප්ටන්, ඉතිං මම වගේ සාමාන්‍යය කෙනෙක් එක්ක එයා කවදාවත්ම ආයෙත් හිනා වෙන්නෙ නෑ කියල මම දන්නවා...

BOY►
දයාබර දිනපොත,
මම අද ප්‍රැක්ටිස් ඉවර වෙලා එන අතරෙදී ඇය මාව පසු කරඟෙන ගියා. ඉස්සර විද්‍යාව පන්තියේදී ඇය මගේ ලඟ වාඩි වෙලත් තියෙනවා. මම ඇයත් එක්ක සිනා සෙන්න උත්සාහ කරා, ඒත් ඇය බිම බලාගෙනම මාව නොදැක්ක වගේ යන්න ගියා. දඟකාර කෙල්ලෝ කීපදෙනෙක්ගේ ආදරේ එක්වර ලැබුනත් ඒ වගේ අහිංසක කෙල්ලක් මට අයිති නෑ කියල මට දැන් හිතෙනවා...

ටික දිනකට පසු ඔවුන් නොසිතූ පරිදි ආදරේ ඔවුන්ව ලංකරනවා. ඒත් ඒ ආදරේ හරිම ඉක්මනින් නැති වෙලා යනවා. එදා ඒ දෙන්නගේ දිනපොතේ වෙන්වයාම ගැන සටහන් තැබෙන්නේ මෙන්න මේ විධියට...

GIRL►
දයාබර දිනපොත,
මම අද ඔහු ගෙන් වෙන්වුනා. මම එයාට කිව්වා මම සතුටින් නෑ කියලා. ඒත් ඒ ඇයි කියලවත් එයා ඇහුවේ නෑ. මම හිතුවා එයා මට නවතින්න කියාවි කියලා. ඒත් එයා මොනවත් කිව්වේ නෑ. සමහරවිට එයාටත් මගෙන් වෙන්වෙන්න ඕන වෙලා තියෙන්න ඇති. මම කාලයක් පෙරුම් පුරලා දිනා ගත්තු මගේ ආදරේ ඒ විධියට අද මගෙන් ඈත් වුනා...

BOY►
දයාබර දිනපොත,
ඇය අද මගෙන් ඈත් වුනා. ඇය කිව්වා ඇය සතුටින් නෑ කියලා, මට ඇයි කියල අහන්නත් දුක හිතුනා. මට උවමනා වුනා ඇයව නතර කරන්න, ඒත් ඇය මාත් එක්ක ඉන්නේ සතුටින් නෙවෙයි නම් මම ඇයව නතර කරන්නේ කොහොමද. මම සිහින දැකපු මගේ ආදරේ අද මට ඒ විධියට අහිමි වුනා...

ආදරේ කරද්දී දෙදෙනාගේ සිතුම් පැතුම් දෙදෙනා එක්ක බෙදා හදාගන්න මතක තියා ගන්න... ''Love means Caring and Sharing''

◄ ලොව අපූරුතම රැකියා 8 ►



ලොව අපූරුතම සහ රසවත්ම රැකියාවන් කරන පුද්ගලයින් පිළිබඳව මෑතකදී සිදුකල පර්යේෂණයකදී ලැබුණු ප්‍රතිඵල මෙසේය.

1►34 හැවිරිදි බෙන් සවුත් හෝල්
ඕස්ට්‍රේලියානු පැරඩයිස් අයිලන්ඩ් භාරකරු.

2►22 හැවිරිදි රොයිසන් මැඩිගන්
සැවෝයි හෝටලයේ ලක්‍ෂරි ඇඳන් පරීක්‍ෂාවට ලක්කරන්නී.

3►29 හැවිරිදි ටොමී ලින්ච්
වෝටර් සලයිඩ් පරික්‍ෂා කරන්නා.

4►35 හැවිරිදි ජැම් රැස්කොන්
වෘත්තීය ගණිකාවන් පරීක්‍ෂාවට ලක්කරන්නා.

5►28 හැවිරිදි හාර්ඩ්‍ වොලස්
වයින් පරීක්‍ෂක.

6►12 හැවිරිදි හැරී විල්‍ෂර්
කැන්ඩි චොකලට් රස පරීක්‍ෂාකරන්නා.

7►6 හැවිරිදි සෑම් පොයින්ටින්
යෝර්ක් ජාතික කෞතුකාගාරයේ විනෝද කටයුතු අධයක්‍ෂක.

8►චෙටවු විසිලිස්
ගූගල් මැප් වීදී සිතියම්ගත කරන්නා.

ඔයාලට මේ අතරින් එක් රැකියාවක් තෝරගන්න කිව්වොත් මොකද්ද තෝරගන්නේ?


Monday, November 28, 2011

◄ Brielle සහ Kyrie ►



එක් පුංචි උණුසුම් වැලඳ ගැනීමකින් ජීවිතයක් රැකෙනවා කිව්වොත් පුදුමයි නේද? ඉහත රූපයේ දැක්වෙන්නේ පුංචි නිවුන් සහෝදරියන් දෙදෙනෙක්. එයාලා නම් වලින් Brielle සහ Kyrie ඔවුන් මෙලොව එළිය දකින්න නියම වෙලා තිබුණු දිනට සති 12ට කලින් මේ ලෝකයට ආයුබෝවන් කිව්වා. ඒත් ඒ නිසාම ඔවුන්ට සිදුවුනා ඉන්කියුබේටර්ස්(incubators) වල සහය පතන්න.

Kyrie නම් ඉන්කියුබේටරයේ පිහිටෙන් ජීවිතය ආරම්භ කරන්න පටන් ගත්තා. ටිකෙන් ටික ඇයගේ සෞඛ්‍යය තත්වය යහපත් වුණා. ඒත් පුංචි Brielle, අනේ ඇය හුස්ම ගැනීමේ අපහසුතාවයකින් වගේම රාත්තල් 2ක් පමණක් බරින් යුතුවූ නිසා ජීවත අවධානමක අතරමං වුනා. ඇය ජීවත් වේවියැයි කිසිවෙකුත් බලාපොරොත්තු වුනේ නෑ. ඔවුන් බලාගන්න භාරව සිටිය රෝහලේ සේවය කරපු හෙදිය ඇයට හැකි හැමදේම කරා, ඒත් කිසිවක් Brielleගේ සෞඛ්‍යය තත්වය යහපත් කරන්න හේතුවක් වුනේ නෑ.

අවසානයේ ඇය රෝහලේ නීතී වලට පිටින් ඇයගේ හදවතට හරියැයි සිතුණු කාරණයක් ක්‍රියාවට නැගුවා, එනම් ඇය පුංචි Brielle සහ Kyrie එකම ඉන්කියුබේටරයක තබන්න තීරණය කරා.ඇය පුංචි Brielleට සහ Kyrieට නිදන්නට ඉඩ හැර ටික වේලාවකින් නැවතත් ඔවුන් දෙදෙනා අසලට පැමිණියා.

ඇයට ඇය දුටු දෙයින් ඇස් අදහාගත නොහැකි වුනා. වෛද්‍යයවරුන්ට සහ අනෙකුත් සේවක මණ්ඩලයට වහාම පුංචි Brielle සහ Kyrie සිටින කාමරයට පැමිණෙන ලෙස ඇය දැනුම් දුන්නා. ඔවුන් පැමිණෙන විට Brielle සහ Kyrie සිටි අයුරු තමයි ඉහත ඡායා රූපයේ දැක්වෙන්නේ. පුංචි Brielle ඇයගේ සහෝදරිය අසලට ලංවෙද්දී, Kyrie ඇයගේ පුංචි අතකින් ඇයගේ සහෝදරියව වැලඳගෙන තිබුණා. ඒ මොහොතේ පටන්ම Brielleගේ හෘද ස්පන්ධන වේගය සාමන්‍යය අතට පත්වෙලා. ඒ මොහොතේ පටන් ඔවුන් දෙදෙනා එක් incubatorයක තබන්නට වෛද්‍යයවරුන්ද තීරණය කරා. පුදුමයි නේද, පුංචි උණුසුම් වැලඳ ගැනීමකින් ජීවිතයක් බේරුනු හැටි. ඔයාලත් ඔයාලගේ සහෝදර සහෝදරියන්ට ආදරේ කරන්න. හැම නෑ කමටම වඩා ලේ නෑ කම ලොකුයි කියල සිහියේ තබා ගන්න.

Source : Reader's Digest
By : Nancy Sheehan


Sunday, November 27, 2011

◄ කඩොල් ඇත් රජු ►


කඩොල් ඇතා ලංකාවේ ඉපදුන එකෙකි. ඌ ඉපදී ඇත්තේ දකුණු පලාතේය. ඌ ටිකක් මතක තියෙන ඇතෙකි. නන්දිමිත්‍ර නමැති පුද්ගලයා ගම් බිම් සමතලා කරමින් දෙමාපියනට වදයක් වූ විට නන්දිමිත්‍ර ගැන කාවන්තිස්ස රජතුමා හට සැලවෙයි. උතුරේ රජකල එලාර සමඟ සටන් කිරීමට පිඹුරුපත් සකසමින් සිටි කාවන්තිස්ස සේනාපති වරුන් එකතුකරමින් සිට ඇත. එවිට නන්දිමිත්‍ර නමැති කෙනා ගැන ආරංචි වී ඇත. ඔහු මහා ශක්තිය ඇත්තෙකි. එබැවින් නන්දිමිත්‍රයා යෝදයෙකැයි රට පතල විය.

පසුව කාවන්තිස්ස රජ විසින් කඩොල් ඇතු කුලප්පු කර නන්දිමිත්‍ර අභිමුවට යවයි. නන්දිමිත්‍ර කිසි දු වෙහෙසක් නොමැතිව කඩොල් ඇතු ගේ දෙදල බිම ඔබා ලූයේලු. එවකට කඩොල් ඇතා කුඩා එකෙක් වන්නට ඇත. විජිතපුර මහ සටන අවස්ථාවේදී නන්දිමිත්‍රට අවුරුදු 40ක් වත් විය යුතු බව මගේ අදහසයි. වෛද්‍ය චන්න මහතා ලියූ සටහනකට අනුව යුද්ධයට ප්‍රථම අවුරුදු 22ක් කොත්මලේ ගැමුනු කුමරා සැඟවී සිට ඇත. එවිට යුද්ධයට යන අවස්ථාවේදී නන්දිමිත්‍රයා කාවන්තිස්සගේ හමුදාවේ බොහෝ කල් සිටි කීර්තිමත් සෙනෙවියෙකු වන්නට ඇත.

කඩොල් ඇතාගේ දල බිම ඇනීම කඩොල් ඇතා ඌට කල අවමානයක් මෙන් සැලකුවලු. ඉතින් පස්සෙ මේ සද්ධන්තය තමන්ගෙ හකු ඇටේ වගේ තැනක පොල් ගෙඩියක් සඟවල තියාගෙන තිබ්බලු පස්සෙ කාලෙක නන්දිමිත්‍රයට ගහන්න. දැන් අපි පොල් ගෙඩිය බිම දැමූ තැන බලමු.

ධූලි නඟිමින් මහා සක් හඬ මැඳ මේඝ ගර්ජනා කරමින් කඩොලැතු මහා දුටුගැමුණු සේනාව සමඟ එක්ව එළාර නම් වූ සොලියාට එරෙහිවැ විජිතපුර මහා බලකොටුව අභියස මහා සටනෙකැ. කඩු කිනිසි තෝමර ලෙලවමින් මහ සෙනඟ සිටියක් සිය සතුරන් පමණක් හෙලා පියා පාගා ලීමට තරම් කඩොල් සමතෙක් මැ විය.

මහා සේනාව සටනට වන් තැන කඩොලැතුද උන්හා එක්වැ නිර්භීතවමැ සිටි හෙයින් මොහු නම් මහ තෙද ඇති හස්තියෙක්ම වී හැකියි සිතූ දමිල සේනාහු උපායෙන් හෝ කඩොලැතු ලේ සොලවම්හි'යි සිතා මහා පවුරක් ළඟ සිට යුධයේ ඇලී සතුරන් කීතු කරන කඩොලැතු පිටට පවුර පෙරැලීමට සූස්තර යොදති. කෙතෙක් සිය වට පළිඟු මෙන් දිලි කඩු කිනිසි ලෙල දුන්නේ වී මුත් අප නන්දිමිත්‍රයානෝ සිය පන්චේන්ද්‍රියම විවෘත කොටගෙන සිටියාහු කඩොලැතු හට වන්ට යන විපත්තිය කල් තියාම දුටහ. පවනට බඳු වේගයෙන් වටා සිටි පර සෙබලු කැති ගෑ නන්දිමිත්‍රයෝ වහා කඩොල් ඇතු පිට පැණ පවුරෙන් එපිටට කඩොලැතු ගෙනෙන්නේ, පවුරෙන් ඌට වන්නට ගිය මහා ඛේදයෙන් ඒ සැනින් ඌ මුදාලමිනි. කඩොලැතු පිටින් බට නන්දිමිත්‍රයනන්ට කඩොලැතු නමස්කාර කොට මෙතෙක් කෙදින හෝ නන්දිමිත්‍රයා නසමියි සිතා හක්කේ රුවා ලූ පොල් ගෙඩිය පිටතට වීසි කලේයැයි පුරාණ පොත් හි සඳහන් වෙයි.

මෙතෙක් කල් පොල් ගෙඩියක් තබාගෙන සිටි කඩොල් ඇතු පසු කලෙක එසේ සඟවා ගෙන සිටි ගලකින් පහරදී ඔහුට කෝචොක් කිරීමට පැමිණි ඇත්ගොව්වකු මරණයට පත්කල බවද පොත්වල සඳහන් වෙයි. කෙසේ වුවත් විජිතපුර සටනේදී බලකොටු ද්වාරය බිඳීම, වසන් සටනේදී කඩොලැතුට වඩා උසින් හා විශාලත්වයෙන් වැඩි වූ පන්ඩිත හෝ ඊට ආසන්න නමකින් හැඳින්වූ ඇතා බිම හෙලීම, සටන්වලදී ගැමුණු කුමාරයාට වාහනය වීම ආදී බොහෝ වැදගත් මෙහෙවර මෙඇතු අතින් වී යැයි අප ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙයි.

යුද්ධය නිමවීමෙන් පස්‌සෙ කඩොල් ඇතා යළිත් මාගමට ගෙනවිත් පැල්වත්ත - කුඩාඔය ප්‍රදේශයේ දිවි ගෙව්වාලු, බුත්තල යටියල්ලාතොට විහාරයේ විහාරාධිපති හිමියන් පැවැසූ පරිදි කඩොල් ඇතා වයෝවෘධ වනතුරු ඉඳල තියෙන්නේ බුත්තල දොරමැඬිල්ල කියන ස්‌ථානයේ. ඇතාට නාන්න පීල්ලක්‌ වගේ සාදා තිබූ ස්‌ථානය අදටත් එහි තියනවාලු. රාජ කුමාරවරු දෙදෙනකු භාරයේ හිටි කඩොල් ඇතු මේ කුමාරවරුන් අතර ඇති වු ආරවුලක්‌ හේතුවෙන් කුමාරවරු දෙදෙනාම මියගියාට පසු අවසන් සුසුම් හෙළුවාලු. කඩොල් ඇතාගේ භූමදානය සිදුකර ඇත්තේ අනුරාධපුරයෙන් ගෙනා මැණික්‌ ගැල් 21 ක්‌ සමඟලු. මේ ස්‌ථානයේ ගල්කණුවලින් ස්‌මාරකයක්‌ තනා තිබ්බ බවයි සලකන්නේ. කොහොමහරි කඩොල් ඇතුගේ අඩි 8 ක්‌ පමණවන දළ යුගලය එකල මෙහි සිටි වැදි නායකයකුට අයත්ව තිබූ බවත් ඔහු විසින් පසුව වැද්දන්ගේ ආච්චි ලෙස පිදුම් ලබන "වල්ලිඅම්මා" වෙනුවෙන් කතරගම මහ දේවාලයට ලබාදී ඇති බවත් අපට කිව්වෙ නායක හාමුදුරුවන්මයි. දේවාලයේ ලේකම්තුමා දයානන්ද අධිකාරි මහතාත් මේ කතාව අනුමත කළා.

දැන් දුටුගැමුණු රජුගේ කඩොල් ඇතාගේ දළ යුගලය සුරක්‍ෂිතව කතරගම දේවාලයේ තියෙනවා. වාර්ෂිකව ඇසළ මංගල්ලයේදී මේ දළ යුගල, මහජන ප්‍රදර්ශනයට තබනවා.

Saturday, November 26, 2011

◄ මුරපද ►



අද අන්තර්ජාලය භාවිතා කරන අප කිසිවකුටත් මේ මුරපද කියන දෙය නම් අලුත් දෙයක් නොවේ. ඒත් අප භාවිතා කරන මුරපද 100%ක් සුරක්‍ෂිතද? ඉහත ඡායාරූපයේ දක්වා ඇති පරිදි අප බොහෝ දෙනෙකු මුරපදය ලෙස භාවිතා කරනුයේ අපගේ ජීවතයට සමබන්ධ දෙයක් බව පර්යේෂණ මඟින් සොයාගෙන ඇත. එලෙස මේ දක්වා ලොව තුළ බහුලවම භාවිතා කරන ලද මුරපද 20ක් ඉහත ඡායාරූපයේ සඳහන් කොට ඇත.
ඔබ භාවිතා කරන මුරපදය කොතරම් නම් දීර්ඝද? පහත දැක්වෙනුයේ මුරපද වල දීර්ඝ බව අනුව ප්‍රතිශතාත්මක වර්ගීකරණයකි.
අක්‍ෂර 5 = 4%
අක්‍ෂර 6 = 26%
අක්‍ෂර 7 = 19%
අක්‍ෂර 8 = 20%
අක්‍ෂර 9 = 12%
අක්‍ෂර 10 = 9%
අක්‍ෂර 11 = 4%
අක්‍ෂර 12 = 2%
අක්‍ෂර 13 = 1%
මේ අනුව බහුතරයක් තම මුරපදය ලෙස අක්‍ෂර 6ක් භාවිතා කරන බව පෙනී යයි.

සුරක්‍ෂිත මුරපදයක් සාදා ගන්නේ කෙසේද?
නාසා ආයතන පර්යේෂකයින් පවසන අන්දමට වර්ග 4ක අක්‍ෂර(characters) මිශ්‍රණයක් භාවිතයෙන් අපට සුරක්ෂිත මුරපදයක් සාදා ගැනීමට හැකියාව ඇත.
1.Capital Letters(A,B,C Etc.)
+
2.Simple Letters(a,b,c Etc.)
+
3.Numerals(1,2,3,4 Etc.)
+
4.Special Characters(@,$,%,^, Etc.)

සුරක්‍ෂිත මුරපදයක් භාවිතයට...
*අවම වශයෙන් අක්‍ෂර 8ට වැඩි ගණනක් භාවිතා කරන්න.
*යතුරු පුවරුවේ එක් ප්‍රදේශයක් පමණක් භාවිතා නොකර විහිදී ගිය අක්‍ෂර භාවිතා කරන්න.
*පෞද්ගලික තොරතුරක් මුරපදය ලෙස භාවිතයෙන් වළකින්න.
Ex: Name, Birthday, Mobile Number Etc.
*වචන භාවිතා කිරීමෙන් වළකින්න.
*වචන කිහිපයක් භාවිතා කරමින් සාදන ලද වක්‍යයක් භාවිතයෙන් මුරපදයක් සාදා ගන්න.
Ex:
Step1>Long and complex passwords are safest.
Step2>laCpaS
Step3>Add length with numbers. laC86paS
Step4>Add length with symbols. *laC86paS#

දැන් ඔබගේ මුරපදය 100%ක් සුරක්‍ෂිතයි නේද?

Sources : microsoft.com, i.bnet.com, impreva.com, zonealarm.com

වැදගත් වුනා නම් යාලුවොන්ටත් දැනගන්න බෙදාගන්න අමතක කරන්න එපා.

Monday, November 21, 2011

◄ කෙල්ලෝ මෝඩද? කොල්ලෝ කපටිද? ►



මොකද මේ ගැන අපේ ලොවෙත් නැති කෙල්ලෝ කොල්ලෝ කියන්නේ?

Sunday, November 13, 2011

◄ ඇයි ඔයා මට ආදරේ? ►



පෙම්වතුන් යුවලක් ආදරයෙන් අත් පටලාගෙන ගං ඉවුරක ඇවිදිමි සිටින අතරදී...

පෙම්වතිය : ඇයි ඔයා මට කැමති? ඇයි ඔයා මට ආදරේ?
පෙම්වතා : හේතුවක් හරියටම කියන්න බෑ, ඒත් මම ඔයාට කැමති, ගොඩාක් ආදරෙයි.
පෙම්වතිය : ඔයාට හරියට හේතුවක්වත් කියන්න බැරි නම් ඔයා කොහොමද කියන්නේ ඔයා මට ගොඩාක් ආදරෙයි කියලා?
පෙම්වතා : මට ඇත්තටම හේතුවක් කියන්න බෑ පැටියෝ. ඒත් මම ඔයාට ඔප්පු කරන්නම් මම ඔයාට ආදරෙයි කියලා.
පෙම්වතිය : ඔප්පු කරන්න නෙවෙයි අනේ, ඔයා මට ආදරේ ඇයි කියලා මට මේ දැන් කියන්නම ඕන...
පෙම්වතා : හොඳයි හොඳයි, ම්ම්ම්... ඔයා ලස්සන නිසා, මම ගැන ගොඩාක් හිතන නිසා, ඔයාගේ සිනහව නිසා, ඔයාගේ ලස්සන කටහඬ නිසා, ඔයා කරන හැම දෙයක්ම නිසා...
පෙම්වතිය : ඇති ඇති, දැන් මම දන්නවා ඔයා මට ඇත්තටම ආදරෙයි කියලා.

අවාසනාවකට වගේ දින කිහිපයකට පසුව සිදුවුනු දරුණු රිය අනතුරකින් පෙම්වතිය දැඩි ලෙස තුවාල ලබා රෝහල් ගත කරනවා. ශල්‍ය කර්ම කිහිපයකින් පසු ඇයගේ ජීවිතය බේරුනත් ඇයට කෝමා(coma) තත්ත්වයෙන්ම රෝහලේ රැඳී සිටීමට සිදු වෙනවා. ඇයගේ පෙම්වතා ඇයව බලන්න එන දිනයක ලිපියක් ගෙනවිත් ඇයගේ ඇඳ අසල මේසය මතින් තබා යනවා.
ලිපියේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා...

දයාබර ඈන්...
ඔයාගේ කටහඬට කැමති නිසා මම ඔයාට ආදරේ කරා. ඒත් දැන් ඔයාට කතා කරන්න පුළුවන්ද? ඉතිං මම කොහොමද තව දුරටත් ඔයාට ආදරේ කරන්නේ?

ඔයා මම ගැන දක්වපු සැලකිල්ල, මම ගැන හැම නිතරම සොයා බලපු නිසා මම ඔයාට ආදරේ කරා. ඒත් දැන් ඔයාට මම වෙනුවෙන් ඒ දේ කරන්න පුළුවන්ද? ඉතිං මම කොහොමද තව දුරටත් ඔයාට ආදරේ කරන්නේ?

ඔයාගේ සිනහවට, ඔයා කරන කියන හැම දේකටම මම ඔයාට ආදරේ කරා. ඒත් ඔයාට දැන් සිනහවෙන්න, ඒ දේවල් කරන්න පුළුවන්ද? ඉතිං මම කොහොමද තව දුරටත් ඔයාට ආදරේ කරන්නේ?

ඉතිං ආදරේ කරන්න හේතුවක් ඕන නම් මට අද වෙනකොට ඔයාට ආදරේ කරන්න කිසිම හේතුවක් නෑ. ඇත්තටම ආදරේ කරන්න හේතුවක් අවශ්‍යයමද? නෑ නෑ නෑ... ඔයාට ඉක්මනින්ම සනීප වෙනවා, මොකද මම වෙනදටත් වඩා ඔයාට ආදරේ නිසා.

දෛවය තමයි තීරණය කරන්නේ අපේ ජීවිත වලට එන්නේ කවුද කියලා, ඒත් අපේ ජීවිතයේ රැඳෙන්නේ කවුද කියලා තීරණය කරන්නේ අපේ හදවත් නේද?

Saturday, November 12, 2011

◄ වෙලාව කීයද? ►

තරුණයා : සර්, මට පොඩ්ඩක් වෙලාව දැනගන්න පුළුවන්ඳ?
මහල්ලා : කොහෙත්ම බෑ.
තරුණයා : මොනවද ඔබට නැති වෙන්නේ මට වෙලාව පොඩ්ඩක් කිව්වා කියලා?
මහල්ලා : ඔව්, අනිවාර්‍යයෙන්ම මට දෙයක් අහිමි වෙනවා.
තරුණයා : ඒත්... ඒ කොහොමද එහෙම වෙන්නේ?
මහල්ලා : මේ බලන්න, මම ඔබට දැන් වෙලාව කිව්වොත් ඔබ මට දැන් ස්තූති කරලා හෙටත් මගෙන් වෙලාව අහන්න පුළුවන්.
තරුණයා : ඔව්, ගොඩාක් වෙලාවට.
මහල්ලා : ඊට පස්සේ දවස් 2ක 3ක් එහෙම වෙලාව අහලා ඔබ මගෙන් නමයි ඉන්න තැනයි අහන්න පුළුවන්.
තරුණයා : ඔව්, ඒකත් වෙන්න පුළුවන්. 
මහල්ලා : ඊට පස්සේ දවසක් ඔබ මගේ ගේ ලඟින් යන වෙලාවක මගේ ගෙදරට එන්න පුළුවන්. එතකොට මට ඔබට තේ 1ක් පිළිගන්වන්නත් සිදුවේවි. මගේ ඒ ආගන්තුක සත්කාරය හේතුවෙන් ඔබ තවත් දවසක් මගේ ගෙදරට එන්න පුළුවන්. එතකොටත් මට ඔබට තේ 1ක් පිළිගන්වන්න සිදුවේවි. මේ පාර ඔබ මට ඒකට ස්තූති කරලා ඒක හැදුවේ කවුද කියල මගෙන් අසාවි.
තරුණයා : ඔව් ඔබ හරි.
මහල්ලා : ඊට පසුව මට ඔබට කියන්න සිදුවෙනවා ඒ තේ 1ක හැදුවේ මගේ දුව කියලා , මට ඇයව ඔබට අඳුන්වලා දෙන්නත් සිදුවේවි. ඊට පසුව ඔබ ඇයගේ ලස්සන අගය කරලා ඇය හා කුළුපඟ වේවි.
තරුණයා : (සිනාසෙයි)
මහල්ලා : ඔබ ඉන්පසුව ඇයව නිතර මුණගැසෙන්න උත්සාහ කරාවි. ඇයට චිත්‍රපටයක් බලන්න හෝ රෑ කෑම වේලකට ඔබ අරාධනා කරාවි.
තරුණයා : (සිනාසෙයි)
මහල්ලා : මගේ දුවත් ඔබට කැමත්ත දක්වන්න පටන් ගනීවි, ටික දවසක් එහෙම හමුවෙලා ඔබලා ආදරේ කරන්න පටන් අරගෙන ඔබ ඇයට විවාහ යෝජනාවක් ගෙනේවි.
තරුණයා : (සිනාසෙයි)
මහල්ලා : ඊටත් ටික දවසකට පසුව ඔබ මාව මුණ ගැහිල මගේ දුවව විවාහ කරගන්න මගෙන් අවසර ඉල්ලාවි.
තරුණයා : ඔව් ඔබ හරියටම හරි.
මහල්ලා : (කෝපයෙන්) මේ අහපන් මිනිහෝ, ඔරලෝසුවක්වත් නැති උඹ වගේ හිඟන්නෙක්ට දෙන්න දූලා මම ලඟ නෑ.


Thursday, November 10, 2011

◄ දිවියම වනසන මත් රකුසා පිටුදකිමු ►



''මත් පැන් මත් කුඩු කංස අභිං - බිව්වොත් තිරිසන් වේවි ඉතිං''

Wednesday, November 9, 2011

◄ අකුණු ►



ගෙරවීම් සහිත අකුණු ඇතිවන වේලාවකදී පහත දැක්වෙන දේවල් අනුගමනය කරොත් අපි කාගෙත් ජීවිත ආරක්‍ෂා වේවි.
1.නෑම, රෙදි සේදීම වැනි ජලයත් සමඟ ගනුදෙනු කරන ක්‍රියාකාරකම් කිරීමෙන් වළකින්න.
2.වැස්සට තෙමී ගෙදර පැමිණියානම් වහාම ඔබගේ සිරුරේ ඇති තෙත ගතිය ඉවත් කරගන්න.
3.හොඳින් දොර ජනෙල් වැසූ ගොඩනැගිල්ලකට වී එලිමහනේ ගැවසීමෙන් වළකින්න.
4.නිවසේ සිටී නම් බිත්ති වලින්, විදුලි උපකරණ වලින් ඈත්වී ඇඳට වී සිටින්න.
5.විශාල පිරිස් ගැවසෙන ස්ථාන වලින් හැකිතාක් මිදී තනිව සිටීමට උනන්දු වන්න.
6.කඳු, වහලවල් මුදුන් වැනි උස් ස්ථාන වල ගැවසීමෙන් වළකින්න.
7.ගංගා, ඇල දොල, පිහිනුම් තටාක වැනි ස්ථාන වලින් වහාම ඉවත් වන්න.
8.ස්ථාවර දුරකථන(රැහැන් සහිත) භාවිතයෙන් වළකින්න.
9.ඇන්ටනා වයරය නිවසින් පිටතට සිටින සේ ගලවා තබන්න.
10.ශීතකරණ භාවිතයෙන් සහ ලඟ රැඳී සිටීමෙන් වළකින්න.
11.පරිඝනකය හෝ අන් කිසිම විදුලි උපකරණයක් භාවිතයෙන් වළකින්න.
12.සුරතල් සතුන් සිටීනම් ඔවුන් දම්වැල් වලින් පන්නා නිවස තුළ තබා ගන්න.
13.ඔබ වාහනයක ගමන් කරන්නේ නම් වීදුරු හොඳින් වසා ගන්න.
14.ගස් මුදුන් යට වැස්සෙන් ආරක්‍ෂා වීමට කිසිවිට නොරැඳෙන්න.
15.අකුණු ගැසීම් වැඩි නම් හැකි ඉක්මනින් නිවසේ ප්‍රධාන පරිපථය (main switch) විසන්ධි කරන්න.
16.වැසි කලාපයේ සිට 16KM ඈතින් ඔබ සිටියා වුවද ඔබ සිටිනුයේ අවධානම් කලාපයේ බව ඔබ දන්නවාද? අකුණු ආලෝකය සහ ගෙරවීම් හඬේ කාල පරතරය තත්පර 15ට අඩුනම්, ඔබ අනාරක්‍ෂිත කලාපයේ බව සිහි තබා ගන්න.

පෙර සූදානම පසු කලකිරීමට වඩා හොඳයි නේද? මේ දේවල් වැදගත් වුනානම් ඔයාලගේ අනිත් යාලුවෝ එක්කත් මේ දේ ''SHARE'' කරන්න.

මේ ටික කියවලා කාගේ හරි ජීවිත අවධානමක් වලක්වා ගත්තොත් ඒක තමයි අපේ සතුට.

◄ ජීවිතයක වටිණාකම​ ►



කාන්තාව :- ඩොක්ටර් මට ප්‍රශ්ණයක්. මගෙ දරුවට තාම අවුරුද්දක්වත් නෑ. ඒත් මට ආයෙ දරුවෙක් ලැබෙන්න යනවා.

දොස්තර :- හොඳයි ඉතින් මගෙන් මොකක්ද වෙන්න ඕනෙ?

කාන්තාව :- මේ දරුවව අයින් කරන්න තමයි ඩොක්ටර්. ඩොක්ටර්ට පුලුවන් මට උදවු කරන්න.

දොස්තර :- ඒත් මේ දේ ඔයාගෙ ජීවිතේටත් අනතුරක් වෙන්න පුලුවන්.

කාන්තාව :- ඒත් ඩොක්ටර්... මට මේක කොහොමහරි කරගන්න ඕනෙ.

දොස්තර :- නෑ මම ඊට වඩා හොඳ විසඳුමක් කියන්නම්. ඒක ඔයාගෙ සෞඛ්‍යටත් හොඳයි.

(කාන්තාව හිතනවා දොස්තර වැඩේට කැමති උනා කියලා)

දොස්තර :- ඔයාට ප්‍රශ්ණෙ තියෙන්නෙ එක පාරට ළමයි දෙන්නෙක් බලාගන්න බැරි එකනෙ.

කාන්තාව :- ඔව් ඩොක්ටර්.

දොස්තර :- ඉතින් ඔයාගෙ ගෙදර ඉන්න බබාව ඔයාගෙ අතින්ම බෙල්ල කපලා මරලා දාන්න.

කාන්තාව :- අපොයි ඩොක්ටර් ඒ මොන අපරාධයක්ද?

දොස්තර :- ඉතින් මේ කරන්න යන එකෙයි ඒකෙයි වෙනසක් නැහැ. දෙන්නම දරුවො. වෙනස තියෙන්නෙ ඒ අපරාදේ ඔයා මගෙ අතින් කරවන්න යන එකයි. ඊට වඩා ඔයාගෙ අතින්ම කලානම් ඒක හොඳයිනෙ.

දරු ගැබක් කියන්නෙත් ජීවිතයක්. තප්පරයක් තප්පරයක් පාසා මේ ලෝකෙ එළිය දකින්නත් කලින් මරාදාන ඒ අහිංසක දරුවන් ගැනත් මදක් හිතන්න. ඔවුන්ට මේ ලෝකෙට එන්න අයිතියක් නැද්ද? ඇයි ඒ අහිංසක දරුවට ජීවිතේ බාගෙට දීලා සරදමක් කරන්නෙ. කාටවත් කියන්න බෑ මට මේ දරුවා කුසට ආවේ පාරේ බිම බලාගෙන ඇවිදගෙන යද්දි කියලා. නැත්තන් මේ දරුවා පොතක් බල බල ඉද්දි කුසට ආවා කියලා. තමුන්ගෙ උවමනාවෙන් කරගන්න දේකට අහිංසක දරුවෙක්ගෙ ජීවිතයක් පළිද?


Monday, November 7, 2011

◄ රිටිගල ජයසේන හෙවත් අපි දන්න මහසෝනා ►


හම්බවුනා පරණ කතාවක්. මොකක්ද දන්නවාද ඒ? මහසෝන් යක්ෂයා එහෙමත් නැතිනම් අපි දන්න මහසෝනා බිහිවුනේ කෝහෝමද කියාලයි. නම ඇහුවත් බයයි වගේ !
ඇත්ත නැත්ත කෙසේ වුනත් කතාව නම් නියමයි !
මෙහේම තමා කතාව පටන් ගන්නේ!

ගැමුණු රජ්ජුරුවෝ එලාර රජුව පරදලා ජයගත්තට පස්සේ ගෝඨයිම්බර යෝධයා අලුත් නිවසක් තනා ගෙට ගෙවදීම නිමිත්තෙන් ඉතා විශාල උත්සව‍යක් සංවිධානය කරලා ගොඩාක් අයට මේ උත්සවයට ආරාධනා කලා.

සාදයේ මුලදීම ගෝඨයිම්බර මත්පැන් නිසා මත් වීම නිසා ඔහුගේ බිරිද සෝනා කුමරිය පැමිණි අය පිලිගන්න රාජකාරිය කලේ.

ඒ අසලින් එදා ගමන් කරපු ආරාධනයකින් තොරව එකවිටම මැදිවිය ඉක්මවු කලු ඇගපත මනාව වැඩුනු පුද්ගලයකු සාදය‍ට පැමිණි අතර කුමරිය මේ හැඩරුව පවසමින් ඒ බව ගෝඨයිම්බරයා පැවසු අතර කියු හැඩරුව අනුව එකවිටම ඔහු හදුනා ගත් ගෝඨයිම්බරයා ඔහුව පිලිගෙන සංග්‍රහ කරන ලෙස සෝනා කුමරියට අණ කලා.

ඒ වෙන කිසිවකු ‍නොව නම ඇසු පමණින් බොහෝ දෙනා බිය සලිත වන රිටිගල ජයසේනය.රිටිගල ජයසේන යනු ගැමුණු කුමරුන්ට ජය පතා යක්ෂ සේනාව මෙහෙය වු ඇතුන් 10 ශක්තිය ඇති සේනාධිපති තුමායි.‍‍

ගෝඨයිම්බර ‍සෙනවිත් මේ ජයසේනට සාදයේ හොද හැටි කෑම බීම දී සැලකු අතර මධුවිතෙහි ප්‍රමාණය වැඩි වු විටම සියල්ල අමතක වු ජයසේන එකවිටම සිතට ආ අදහසකට සෝනා කුමරිය වැලද ගත්තේය. එකවරම මෙය දුටු ‍ගෝඨයිම්බර සෙනවියාට තරු විසිවුනු අතර ජයසේනට අසැබි වචනයෙන් බැන වදිමින් තම නිවසින් යන ලෙස තර්ජනය කරන ලදි.

රිටිගල ජයසේන ඉතා ලැජ්ජාවට පත් වුනු අතර තරහත් සමඟම ගෝඨයිම්බරයා තමාට කිසිම අභියෝගයක් නැති බවත් සතියකින් තම්මැන්නා සුසාන භුමියේ දී හැකි නම් ද්වන්ධ සටනකට එන ලෙසත් උත්සව සභාවේදීම ඉතා සැරවැරයෙන් කියා සිටි අතර ‍ ගෝඨයිම්බර ‍සෙනවිත් බිමතින්ම ජයසේන තමාට කිසිදු අභියෝගයක් නොමැති බවත් කඩුවකින් නොව තමාගේ වම් පයේ සුලැගිල්ලෙන් ජයසේනගේ හිස ගසා දමන බවත් මහ හඩින් උත්සව සභාව මධ්‍යයේ බහින් බස් විය.

මේ ආරංචිය දැනගත් ගැමුණු රජු වහාම මේ සටන නවත්වා දමන ලෙස අණ කලත් තම අභිමානය තමන්ට සිදුවු ලජ්ජාව මකා ගැනීමට අනිවාර්යයෙන් මේ සටන පැවතිය යුතු බව දෙදෙනාම පවසා ඇත.

සටනට දිනය පැමිණි අතර සටනට පෙර දා හොදින් මත්පැන් බී සටන දාත් දවල් වන තුරු නිදමින් සිටි ගෝඨයිම්බරයාට එකපාරම තම අභියෝග කල සටන මතක් වු අතර කෑම බීමද අමතකව ඇද සිටි සළුව තදින් ගැ‍ට ගසා උතුරු සළුව හිසේ ජටාවක් ලෙස බැදගෙන සොහොන් බිමට දිව යන්නට විය.

ඒ වන විටත් රිටිගල ජයසේන ලෝහ සන්නායකයක් පැලද සිටිමින් මනාව සටනට සුදානම් වී සිට අතර ඔහු හතර රියන් උස පුද්ගලයකු වු අතර ගෝඨායිම්බරයා ඉන් හරියටම අඩක් උස විය.

ගෝඨයිම්බරයාගේ සහායට සටන නැරඹීමට පැමිණි අය මෙය දුටු සැනින් ම බෝහෝම දුකට පත්වුයේ ගෝඨයිම්බරයා පරාද වේවි යන හැගීම බොහෝම දෙනාගේ සිතට ආ නිසාය.

තම මිතුරාට ආචාර කල ගෝඨයිම්බර සටනට පිවිසිය. ආචාර කිරීමත් සමඟම හිස ඔසවා සතුරා හෙවත් ජයසේනයාගේ මුහුණ බැලු ගෝඨයිම්බර ඇසිපිය ගහන සැනින් අහසට පැන ජයසේනගේ නිකටට තම වම් ප‍යෙන් දැඩි පහරක් එල්ල කලේය.

එක විටම අන්ද මන්ද වු ජයසේනට තමා නමස්කාර කරන සෙනසුරු දෙවියන් සිහිවන විටම හිස කදින් වෙන්වී රිටිගල පැත්තේ කරඔ ගසක රැදී ඇත.

(අද එම ස්ථානය ඔළුකරදන නම් වේ)

මෙය එක විටම දුටු, දැනුන සෙනසුරු දෙවියන් කලබල විම නිසා කල් යල් බලා මනාව වැඩකරන සිරිතද අමතකව ගොස් වහා පැමිණ එවේලෙහි සොයා ගත් වලසකුගේ හිසක් ගෙනවිත් ජයසේනයාගේ හිස නැති සිරුරට දිවි බේරා ගැනීම සඳහා සවි කරන ලදි.

(එම වලසා සොයා ගත්තායයි පැවසෙන්නේ ත්‍රිකුණාමලය මරතඩිය හන්දිය අසල පිහිටි සෙනසුරු කෝවිල් භුමියෙන් ලු)

හැම විටම සිතා මතා වැඩකරන සෙනසුරු දෙවියන්ට කලබලයට ජයසේනයාට වලස් හිස සවිකර ඇත්තේ මුහුණ පිටුපසට සිටින ලෙසය.

(පහතරට මහසෝන් නැටුමේදී ද හිස පලදිනු ලබන්නේ පිටුපසටය)

එලෙස නැවත පන ලැබු ජයසේන එදා සිට රියන් 81 ක් උස ඇස් 03 හා අත් 04 ඇති රතු ඇදුමින් ද කළු පාට ශරිරයෙන් යුතුව යෝධ ඌර වාහනයකින් ගමන් කරන මහසෝන් යක්ෂයා බවට පත්විය. මොහුට අවතාර 05 ක් ඇති බවද සදහන් වේ.

එනම්,
එළුවකු වාහනයක් කරගත් "ලේ සොහෝන් යක්ෂයා"
මුවකු වාහනයක් කරගත් "අමු සොහොන් යක්ෂයා"
අශ්වයා වාහනය කරගත් "ජය සොහොන් යක්ෂයා"
බැටළු වාහනය සහිත "මරු සොහොන් යක්ෂයාද"
අලියකු පිට යන "ගොළු සොහොන් යක්ෂයාද"

මේ මහසෝන් යක්ෂයාගේ පංච අවතාර වේ.

වෙසමුණි රජු මහ සොහෝන් යක්ෂයාට දෙගාත ( මිනිස් හා කුකුළු ) බිලිපුද ලබා ගැනීමට අවසර දී ඇත. සුසාන භූමි කදු මුදුන් හා ගිරිහෙල් වාසස්ථාන කර ගත් බුදු අණටද යටත් නොවේ යයි පවසන මහ සෝහෝන් යක්ෂයා ගෝඨයිම්බර දැහැනට පමණක් අවනත වන බව පැවසේ.
(ඒ ගැන නම් විශ්වාස කරන්න අමාරුයි නේද? මොකද බුදු අණට සියල්ලන්ම යටත් වන බැවින් කියලා මට හිතෙනවා)

රිටිගල දැනට උගන්වන රිටිගල විශුද්ධි අංගම් ශාස්ත්‍රය නැත්නම් අපි අහලා පුරුදු සුදලිය අංගම් පොර පරම්පරාවේ ද උරුමක්කාරයා එය රිටිගල පරපුරට ලබා දී ඇත්තේ මේ රිටිගල ජයසේන සේනාධිපතියායි. එය අදටත් එම ප්‍රදේශයේ උගන්වනු ලබයි.
Source : chamikawp.blogspot.com


◄අපේ ලොවෙත් නැති කොල්ලෝ කෙල්ලෝ EXAM ලියන හැටි ►


Sunday, November 6, 2011

◄ මිතුදමක අරුමය​​ ►


ලිලී පොඩි පැටියා කාලෙදිම එයාගෙ ඇහි පිහාටු අසාමාන්‍යය ලෙස ඇහැතුළ දක්වා වර්ධනය වන සුවකල නොහැකි රෝග තත්ත්වයකට ගොදුරු වුනා. ඒ නිසාම ලිලීට පොඩි කාලෙදීම පෙනීම නැතිව ගියා. :(

ඒත් එයාගෙ වාසනාවට එයාට මැඩිසන් කියල හොඳ යෙහෙලියක් හමුවුනා. මැඩිසන් දැනගත්තා ලිලීට මේ ලෝකය දකින්න වාසනාවක් නෑ කියලා. ඒ නිසාම ලිලීව රැක බලාගන්න එයා ඉදිරිපත් වුනා. :)

ඇවිදින්න විතරක් නෙවෙයි, දුවන්නත් මැඩිසන් ලිලීට උදව් කරනවා. දුවද්දී ලිලීගේ අඟේ දැවටෙමින් ගමන් කරන්නේ ලිලී තනිවෙලා නෑ කියලා ලිලීටම තේරුම් යවන්න. කෑම කන්න, සෙල්ලම් කරන්න විතරක් නෙවෙයි, නිදියන්නත් මේ දෙන්නට දෙන්න නැතුව බෑ. එච්චරටම මෙයාලගේ යාලුකම ශක්තිමත්. :)

ඉතිං මේ වගේ හොඳ යාලුවෙක් ඔයාලගේ ජීවිත වලත් ඉන්නවා නම් මේ විස්තරය එයාලත් එක්කත් බෙදාගන්න. :)

Friday, November 4, 2011

◄ පාර අහමුද ? ►


ඔන්න එක ලස්සන ගමක් තියෙනව, ඒ ගමට යන්න පාරවල් 2ක් තියෙනව.
මේ පාරවල් 2ක පටන් ගන්නෙ එකම තැනකින්, එතන කඩයක් තියනව. හරිය...

කොහොමහරි ඔය පාරවල් 2න් එක පාරක හොරු කට්ටියක් ඉන්නව, ඉතින් ඔය ගමට යන අය හමෝම යන්නෙ අනිත් පාරෙන්. (හොරු නැති පාරෙන්)

මම අර කලින් කිව්ව කඩේ ඉන්නේ සහොදරයො දෙන්නෙක්, සහෝදරයො කිව්වට මෙයාල නිවුන්නු. එක වගේමයි. කිසිම වෙනසක් හොයන්න බැහැ.
හැබැයි මේ දෙන්නගෙන් බාලය හැම දේටම බොරු කියන්න පුරුදු උන කෙනෙක්, කඩේට එන අය මොනව අහුවත් බොරු උත්තරයක්ම තමා දෙන්නෙ.
ඒත් අයියා හොදයි, කාටවත් බොරු කියන් නැහැ.

හබැයි වැඩේ කියන්නෙ මෙයාලව කාටවත් වෙන් කරල අදුරගන්න බැහැ.

ඔන්න දවසක් සුද්දො දෙන්නෙක් මේ ගම බලන්න යන්න එනව. දැන් එයාල කඩේට එනව, කඩේ ඉන්නෙ එක සහෝදරයයි.

මෙයාලට මංකොල්ලකාරයන්ගෙන් බේරිලා ගමට යන පාර අහගන්න ඔන.
මෙයාල කොහොමද කඩේ ඉන්න අයිය or මල්ලි ගෙන් අහන්නෙ?

ප්‍රශ්න පත්තරයක් අහන්න බෑ හොදේ, එකයි අහන්න පුලුවන්.
''සුද්දොන්ට සිංහල පුලුවන්ද'' වගේ දේවල් අහන්න එපා... :P


නිවැරදි පිළිතුර දැනගන්න​ මේක click කරන්න​.

•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•

◄ ලොවෙත් නැති අවවාදයක් ►

Wednesday, November 2, 2011

◄ ධනවත්කම ►


≈ මුදල් අපව ධනවත් නොකරයි, ජීවිතයේ සරල භාවය අප ධනවත් කරයි