Wednesday, February 1, 2012

◄ රතු ඉන්දියානුවාගේ කාළගුණ අනාවැකි ►

සරත් සෘතුවේ අවසාන කාලේ එන හින්දම ඔවුන්ගෙ නිජබිමේ පදිංචි වෙලා හිටිය රතු ඉන්දියානු ජනතාව ආවා අලුතින්ම පත් වෙච්ච තරුණ නායකයගෙන් ඉදිරියේදි එන ශීත සෘතුවේ සීතල කොහොම වේවිද කියලා ගැන දැනගන්න. මොකද අතීතයේ ඉදලා රතු ඉන්දියානුවන්ට සාමාන්‍යයෙන් කාළගුණය ගැන ඇනාවැකි කියන්න පුළුවන් කියලා විශ්වාසයක් බොහෝ දෙනෙක් තුල තියෙනවා.

''නායකතුමනි, ශීත සෘතුව ගොඩාක් සීතල වේවිද? නැත්නම් සාමාන්‍යය සීතලක් තියෙවීද?''

ඒත් අලුත් තරුණ මේ නායකතුමා ඇත්තෙන්ම කාළගුණ අනාවැකි කියන්න දන්නේ නෑ. ඔහු ටිකක් රැඩිකල් පන්නයට හැදුණු තරුණයෙක්.

කෝකටත් කියලා ''ඔව්... ශිත සෘතුව සීතල වේවි... දැන්ම ගිහිල්ලා දර ටිකක් එකතු කරන්න'' කියලා වැසියන්ට කිව්වා.

අනාවැකි ගැන දැන නොගත්තත් ඔහු වර්තමාන දියුණු සමාජය ගැන දැනුමකුත් තිබුනු හන්දා දින දෙකකින් පස්සේ නගරයට ගිහිල්ලා පොදු දුරකතනයෙන් කතා කලා නගරයේ කාලගුණ දෙපාර්තමේන්තුවට.

''මේ එන ශීත සෘතුව ගොඩාක් සීතල වේවිද?'' ඔහු ඇහුවා...

''ඔව්... ශීත සෘතුව ටිකක් සීතල වේවි.'' එයට පිළිතුර අනෙක් පසින් ලැබුනා...

තරුණ නායකතුමා ගොඩාක් සතුටු වුනා. ගමට ආව ඔහු වහාම පිරිස රැස් කරලා...

''ශීත සෘතුව ටිකක් සීතල වේවි, ටිකක් වැඩියෙන් දර එකතු කරන්න'' කියලා නියෝග කලා...

සතියක් විතර ගතවෙද්දී ඔහුට හිතුනා ආපහු කාලගුණ දෙපාර්තමේන්තුවෙන් පොඩ්ඩක් අහලා බලන්න...

''මේ එන ශීත සෘතුව ගොඩාක්ම සීතල වේවිද?'' ඔහු ඇහුවා.

''ඔව් ගොඩාක් සීතල වේවි...'' ඔහුට අනෙක් පසින් පිළිතුර ලැබුනා...

ඔහු වහාම ජනතාව රැස් කරලා වැඩි වැඩියෙන් දර එකතු කර තබාගන්න නියෝග කලා...

සතියක් ගත වුනා... කොයි එකටත් සැක හැර ගන්නත් එක්ක ඔහු ආපහු දුරකතනයෙන් කාලගුණ දෙපාර්තමේන්තුවට කතාකලා... මොකද කාළගුණේ කියන දේ හරි ඉක්මනින් වෙනස් වෙන නිසා.

''මේ එන ශීත සෘතුව ගොඩාක්ම සීතල වේවිද?'' වෙනදා වගේම ඔහු ඇහුවා.

''ඔව්... මේක කාලෙකට පස්සේ පැමිණෙන දැඩි සීතලක් සහිත ශිත සෘතුවක් වෙන්නයි යන්නේ'' පිළිතුර ලැබුනා...

''ඔබතුමා කොහොමද විශ්වාසයෙන්ම එහේම කියන්නේ?“ රතු ඉන්දියානු නායකතුමා ආපහු ඇහුවා...

''දන්නවද??? රතු ඉන්දියානුවන් පිස්සුවෙන් වගේ දර එකතු කරනවා. ඒ කියන්නේ අනිවාර්යෙන්ම දැඩි සීතලක් සහිත ශිත සෘතුවක් තමයි ලඟම එන්නේ...''

කාලගුණ දෙපාර්තමේන්තුවෙන් දුරකතනයට පිළිතුර ලැබුනා...

☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺

''කොටස් වෙළඳ පොළේ වෙන්නෙත් මේ දේමලු''

දැනුම සොයා සැරිසරන්න.. - http://chamikawp.blogspot.com/


1 comment: