Friday, February 10, 2012

◄ උත්සාහය කුමක් සඳහාද? ►

මුහුදු වෙරළේ ඇවිදමින් සිටි වයස්ගත පුද්ගලයෙකුට ඈත සිටම දැකගත හැකි වූයේ පුංචි කොලු ගැටෙයෙකු මුහුදු වෙරළේ ගොඩ ගසා ඇති දහස් ගණනක් වූ තාරාකා මත්ස්‍යයින් එකිනෙක ගෙන මුහුදට එකතු කරන අයුරුයි. වහා ඔහු අසලට ලඟා වූ වයස්ගත පුද්ගලයා මෙසේ විමසන්නට වුණා.

''පුතා, ඔයා මොකද්ද ඔය කරන්නේ?''

''මේ මගේ අතේ ඉන්න තාරකා මත්ස්‍යයා පේනවා නේද? තව ටික වෙලාවකින් අව් රස්නේ වැඩි වුනාම එයා මැරිලා යාවි. ඒ නිසා මම ඉක්මනින් එයාලව මුහුදට දානවා.''

''ඒත් දරුවෝ, මේ මුහුදු වෙරළ තව කොච්චර නම් දුරට විහිදෙනවද. ඒකේ කොච්චර නම් මේ වගේ තාරකා මත්ස්‍යයෝ ඉන්නවද... ඉතිං ඔයා කොහොමද මේ වගේ පුංචි උත්සාහයකින් වෙනසක් කරන්නේ?''

අහිංසක මදහසකින් යුතුව පුංචි කොලු ගැටයා මෙසේ පැවසුවා...

''මේ මගේ අතේ ඉන්න සතාගේ ජීවිතේට නම් වෙනසක් වෙනවා කියලා මම දන්නවා.''

යාලුවනේ, අපි කරන හොඳ දෙයකින් මුළු ලෝකයක් වෙනස් කරන්න නොහැකි වුනත් එක් අයෙකුගේ හෝ ජීවිතයකට යහපතක් වෙනවා නම් ඒ දේ කරන්න මැළි වෙන්න එපා.


No comments:

Post a Comment