Monday, December 5, 2011

◄ මේ උත්තරමද ඔයාලත් හිතුවේ? ►

එක වසරේ පුංචි කොලු ගැටයෙක්ගෙන් පන්ති භාර ගුරුතුමියට පුදුම වදේලු. ඒ නිසාම ගුරුතුමී ඇයව විදුහල්පති තුමා හමුවට අරන් ගිහින්. එතකොට ඇති වුනු දෙබස තමයි මේ...

විදුහල්පති : මොකද ලමයා මිස්ට කරදර කරනව කියන්නේ?
පොඩ්ඩා : අපේ අක්කා ඉන්නේ 3 වසරේ, ඒ වුනාට මට ෂුවර් එයාට වඩා මගේ මොලේ වැඩි කියලා.
විදුහල්පති : හරි, එහෙනම් මම ඔය ලමයගෙන් දැන් ප්‍රශ්න ටිකක් අහනවා. ඒවා ඔක්කෝටම හරියට උත්තර දුන්නොත් ඔයාවත් අපි 3 වසරට මාරු කරනවා. කැමතිද?
පොඩ්ඩා : හරි, මම කැමතියි.
විදුහල්පති : 3x3 කීයද?
පොඩ්ඩා : 9
විදුහල්පති : 6x6 කීයද?
පොඩ්ඩා : 36
විදුහල්පති : මම හිතන්නේ මේ ලමයට 3 වසරේ ඉගෙනුම ලබන්න දැනුම ඇති මිස්. මෙයාව අපි 3 වසරට මාරු කරමු.
ගුරුතුමී : හ්ම්, ඒත් සර් අවසර දෙනව නම් මම කැමති මේ ලමයගෙන් තව ප්‍රශ්න ටිකක් අහන්න. කමක් නෑ නේද?
විදුහල්පති : අහන්න අහන්න, කිසිම ප්‍රශ්නයක් නෑ.
ගුරුතුමී : එළදෙනකට 4ක් තියෙන මට 2ක් තියෙන දේ මොකද්ද?
පොඩ්ඩා : කකුල්
ගුරුතුමී : ඔයාගෙ කලිසම ඇතුලේ තියෙන, මගේ සාරිය ඇතුලේ නැති දේ මොකද්ද?
පොඩ්ඩා : සාක්කු
ගුරුතුමී : පිරිමි අය හිටගෙන කරන, ගැහැණු අය වාඩි වෙලා කරන, බල්ලෝ කකුල් 3න් කරන දේ මොකද්ද?
විදුහල්පති තුමා දෑස් ලොකු කර බලා සිටී...
පොඩ්ඩා : අතට අත දීම.
ගුරුතුමී : හරි මම දැන් තේරවිලි කිහිපයක් අහන්නම්, සූදානම්ද?
පොඩ්ඩා : සූදානම්
ගුරුතුමී : ඔයාගේ ඇඟිල්ලක් මා තුලට යනවා. ඒත් ඔයාට ඇති වුනාම ඔයා මාව ඇඟිල්ලෙන් ඉවත් කරගන්නවා. මම කවුද?
පොඩ්ඩා : කසාද මුද්ද
ගුරුතුමී : මම එක එක ප්‍රමාණ වලින් තියෙනවා, මම ලෙඩ වුනාම මගෙන් දියරයක් ශ්‍රාවය වෙනවා. මම කවුද?
පොඩ්ඩා : නහය
ගුරුතුමී : F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන ගොඩාක් උණුසුම අන්තර්ගත දේ කුමක්ද?
පොඩ්ඩා : Firework
ගුරුතුමී : F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන මේ දේ ඔයාට ලැබුනේ නැතොත් අත පාවිච්චි කරන්න සිදු වෙනවා.
පොඩ්ඩා : Fork
ගුරුතුමී : ඔබටත් 1ක් තියෙන්වා, විදුහල්පති තුමාටත් 1ක් තියෙනවා. පාප් වහන්සේ තමන්ගේ 1ක පාවිච්චි කරන්නේ නෑලු. විවාහවෙන කාන්තාවන්ටද 1ක් ලැබේවි. ඒ මොකද්ද?
පොඩ්ඩා : වාසගම
ගුරුතුමී : මිනිසා සතු මෙහි කිසිම අස්ථියක් නෑ. නමුත් විශාල ප්‍රමාණයක් නහර තියෙනවා. ආදරය කරන්න මේක නැතුව බෑ. ඒ මොකද්ද?
පොඩ්ඩා : හදවත
ගුරුතුමී : හරි සර්, මමත් ප්‍රශ්න අහල අවසානයි.
විදුහල්පති : අම්මෝ ඇති යන්තම්. අන්තිම ප්‍රශ්න 10ටම මම හිතපු උත්තරත් වැරදී. මේ ලමයව 4 වසරට නෙවෙයි, විශ්ව විද්‍යාලයට මම නිර්දේශ කරල අදම ලිව්මක් ලියනවා.

ඔයාලත් 1ක ප්‍රශ්නෙකට හරි වෙන මොනව හරි උත්තර හිතුව නම් comment 1ක් දාන්න ඕන. :P යාලුවොන්ටත් බලන්න SHARE කරන්නත් අමතක කරන්න එපා.

Sunday, December 4, 2011

◄ ඇස් පරීක්‍ෂාව ►

◄ ඕවත් ප්‍රශ්නද ? ? ? ►





Story 1►
සාපේක්ෂතාවාදය සොයාගත් ඇල්බට් අයින්ස්ටයින් විටෙක පුදුමාකාර හැසිරීමක් දැක්වූ අයෙකි.

වරක් ඔහු භෞතික විද්‍යා දේශනයක් පැවැත්වීම සඳහා ඈත පළාතක ට යමින් සිටියේය. ගමනාන්තයට ළඟාවන විට ඔහුට දැනුණේ තද නිදි මතකි. එවිට අයින්ස්ටයින් අපූරු දෙයක් කෙළේය.

දේශනය පැවැත්වීම සිය රියදුරාට භාරකළ ඔහු ගොරවමින් නිදාගත්තේය. රියැදුරා ද අයින්ස්ටයින්ව කාලාන්තරයක් තිස්සේ ළඟින් ඇසුරු කිරීම නිසා සහ ඔහුගේ දේශනවලට නිරන්තරයෙන් ඇහුම්කන් දීම නිසා තරමක් දුරට අදාළ මාතෘකාව පිළිබඳ සාමාන්‍ය දැනීමක් ඇත්තකු විය.

එනිසා දේශනාව සාර්ථකව පැවැත්විණි.

එහෙත් ශිෂ්‍යයන් ප්‍රශ්න ඇසීම ට පටන් ගත්විට රියැදුරා ට දෙලෝ රත්විය. එවිට රියැදුරා කළේ අපූරු දෙයකි.

අපොයි ඕවත් ප්‍රශ්න ද ළමයිනේ... ඕවට උත්තර දෙන්න මගේ ඩ්‍රයිවර් උන්නැහැට වූණත් පුලුවන් යැයි කියූ ඔහු පැමිණ අයින්ස්ටයින් ව නින්දෙන් ඇහැරවාගෙන දේශන ශාලාවට රැගෙන ගියේය.

අයින්ස්ටයින් ද සිය රඟපෑම සාර්ථක ලෙස කරමින් රියැදුරු ලෙසම පෙනී සිටිමින් සිසුන් අසන සියලු ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ ඔවුන් මවිතයට පත් කරමිනි.

Story 2►
තව දවසක් අයින්ස්ටයින් සංකීර්ණ ගැටලුවක් විසඳීමේ නිරත වෙලා ඉන්න අතරෙදී ඔහුගේ ගෘහපාලිකාව තමන්ට පල්ලියට යෑමට අවශ්‍යය බව පවසා, වතුර එක ලිපේ තබා ඇති බවත් එය උණු වුනු පසු මිනිත්තු 10ක් බිත්තරය තම්බා ගන්නා ලෙසත් පවසා අයින්ස්ටයින් අතට බිත්තරයක් සහ ඔරලෝසුවක් දී නිවසෙන් පිටතට ගියාලු. ඇය නැවත නිවසට පැමිණෙන විට අයින්ස්ටයින් ඔරලෝසුව තැම්බෙන්න තබලා බිත්තරය අතේ තබාගෙන කල්පනා කරනවලු. ඔහු කොතරම් නම් සංකීර්ණ ප්‍රශ්නයක් විසඳමින් සිටින්න ඇතිද.

Friday, December 2, 2011

◄ පුංචි කතාවක් ►

පුංචි මිතුරියක් සහ පුංචි මිතුරෙක් සෙල්ලම් කරමින් ඉන්න අතරෙදී පුංචි මිතුරා යෝජනාවක් කරනවා. ඒ තමයි එයා ලඟ තියෙන මාබල් බෝල එකතුවට මිතුරිය ලඟ තියෙන ටොෆි ටික හුවමාරු කරගනිමු කියලා.

පුංචි මිතුරියත් මේ දේට කැමති වෙලා ඇය ලඟ තියෙන ඔක්කොම ටොෆි ටික ඇයගේ මිතුරාට දෙනවා. ඒත් පුංචි මිතුරා එයා ලඟ තිබුණු ලස්සනම මාබල් බෝලය ඔහු ලඟම සඟවගෙන ඉතිරි මාබල් බෝල ටික තමයි මිතුරියට දෙන්නේ.

දෙන්නම එදා රෑ නින්ඳට ගියාම පුංචි මිතුරියට නම් සුවසේ නින්ඳ යනවා. ඒත් පුංචි මිතුරට නින්ඳක් නෑ. මොකද එයාට සැකයි තමන්ගේ මිතුරියත් තමන් වගේම ඇය ලඟ තිබුණු රසවත්ම ටොපිය සඟවගෙනද කියලා.

මේ පුංචි කතාවෙන් අපිට හිතන්න දෙයක් තියෙනවා. ඒ තමයි අපි යම්කිසි සම්බන්ධයකදී 100% කැපවෙන් නැත්නම්, පරිත්‍යාග කරන්නෙ නැත්නම් අනිත් පාර්ශවයෙනුත් අපිට ඒ දේ බලාපොරොත්තු වෙන්න බෑ. ආදරේදී, මිත්‍රත්වයකදී වගේම රැකියාවේදී වුනත් තමන්ගේ පාර්ශවයෙන් 100%ක් දෙන්න මතක තියා ගන්න. නැත්නම් ඔයාලටත් සුව නින්ඳක් නැති වේවි.