Saturday, January 7, 2012
◄ ඔබත් 1980 - 1989 වර්ෂ වල උපත ලද අයෙක්ද??? ►
ඔබත් 1980,1981,1982,1983,1984,1985,1986,1987,1988,1989 වර්ෂ වල උපත ලද අයෙක්ද??? එසේනම් මේ මතක් කිරීම ඔබටයි...
•පාරේ සෙල්ලම් කරපු අවසන් පරපුර අපි වෙමු.
•වීඩියෝ ක්‍රීඩා(video games) පලමුව සෙල්ලම් කරන ලද්දේද අප විසින්‍මය.
•රූපවාහිනියේ වැඩිම cartoon ප්‍රමාණයක් බැලූවේද 80 දශකයේ උපන් අපි වෙමු.
•අවසන් වතාවට කැසට් පටවල පටිගත කිරීම සහ VCR භාවිතා කරන ලද්දේද අප විසින්මය.
•Chat Rooms සහ Walkman භාවිතයේ කෙල පැමිණියෝ අපි වෙමු.
•56 kbit මොඩමයකින් පවා ''අධිවේගී'' අන්තර්ජාල සේවාවක් අත්විඳි එකම පිරිස අපි වෙමු.
•ජංගම දුරකතනයෙන් මල් කැඩීම ලොවට හඳුන්වා දීමේ ගෞරවයද අප සතුය.
•බ්‍රේක් බිඳුවක් නොමැතිවත් පල්ලම් වල වේගයෙන් බයිසිකල් පැදි අවසන් පිරිස අපි වෙමු.
•අද පරපුර මෙන් PlayStation, Flat Screen, Surround Sound, iPods, iPads, Broadband එදා අප භාවිතා නොකලමුත්, අද පරපුරට වඩා බොහෝ සෙයින් සුන්ඳර ළමා කාලයක් අප එදා අත්වින්ඳෙමු...
80's, we rox, we rules...
Thursday, January 5, 2012
◄ දයාබර අම්මේ... ►
දයාබර අම්මේ,
මට මේ දේ අම්මට කොහොම තේරුම් කරන්නද කියලා හිතාගන්න බෑ. මම අම්මටයි තාත්තටයි මේ දේ කටින් කියල තේරුම් කරන්න හැදුවොත් අම්මලා කවදාවත් මාව තේරුම් ගන්නේ නෑ කියල මම දන්නවා. අම්මා මේක කියවනකොටත් මම අම්මලගෙන් ගොඩක් ඈතට ගිහිල්ලා. ඔව් අම්මේ, මම අල්ලපු ගෙදර කුසුමත් එක්ක පැනලා යන්න තීරණය කරා. අම්මල කවදාවත් අපේ ආදරේ තේරුම් ගන්න එකක් නෑ, මේ කුරිරු ලෝකෙන් ඈත් වෙලා අපි අපේ පරම, පිවිතුරු, අවංක, අකලංක ආදරේ වෙනුවෙන් තනිවෙන්න තීරණේ කරා. අම්මලා දුක් වෙන්න එපා, මම දැන් පොඩි ලමයෙක් නෙවෙයිනේ. අම්මා කුසුමට සක්කරවට්ටම කිව්වට එයා මට නම් අහිංසක මුව පැටියෙක් වගේ. අපි දෙන්න අපි දෙන්නගේ ලෝකේ අද ඉඳන් තනි වෙනවා අම්මේ. තාත්තටත් කියන්න දුක් වෙන්න එපා කියලා. අපි දෙන්න අපේ දරු පැටව් එක්ක ඉක්මනටම එයාලගේ සීයයි ආච්චියි බලන්න එනවා. එදාට අම්මලා අපි දෙන්නගේ ආදරේ පිළිගනියි.
අම්මට අවසන් වශයෙන් එක දෙයක් කියන්න තියෙනවා. ඉහත සඳහන් සියලුම කරුණු අසත්‍යයක් බවත්, මේ මොහොත වනවිටත් මා සරත්ලගේ ගෙදර සතුටින් සාමදානයෙන් ජීවත් වන බවත් සතුටින් දැනුම් දෙන්න කැමතියි. මට අම්මට තේරුම් කරල දෙන්න ඕන වුනේ මගේ මේස ලාච්චුවේ තියෙන ප්‍රතිපල වලට වඩා නරක දේවල් අපේ ජීවිත වල වෙන්න පුළුවන් කියලා. මට ගෙදර එන්න සුදුසු යහපත් වාතාවරණයක් ඇතිවුනු විගස මට call 1ක් දෙන්න. මම මගේ අම්මට ගොඩාක් ආදරෙයි...
බුදුසරණයි !
Wednesday, January 4, 2012
◄ පට්ට කෑල්ලක් සහ සරළ කෙල්ලෙක් අතර වෙනස ►
කොල්ලෙක් අද කාලේ තවත් කොල්ලෙක්ගෙන් කෙල්ලෙක් යාළු කරගෙන ඉන්නවද කියලා අහන්නෙ කොහොමද? හරිම සරලයි. "උඹ කෑල්ලක් දාගෙන ද ඉන්නෙ?" , "උඹට කෑල්ලක් ඉන්නවද?"
සරළ භාෂා ව‍්‍යවහාරයේදී ඒ වචනය භාවිත වුණාට කෙල්ලෙකුට කෑල්ලක් කියන භාවිතය තුළ පුංචි පුංචි අවුල් ටිකක් තියෙනව. එහි ගෞරව සම්පන්න බවින් පුංචි අඩුවක් තියෙනවා. භාවිතයෙ අර්ථයෙන් ගත්තම සමාජ විද්‍යාත්මක අරුත් අරන් බැලුවත් කෙල්ලෙක් සහ කෑල්ලක් අතර බරපතල වෙනස්කම් තියෙනවා. කොල්ලො හැමෝම කැමතියි කල වයස ආවම කෑල්ලක් සෙට් කරගන්න. ඒකත් එසේ මෙසේ කෑල්ලක් නෙමේ පට්ට කෑල්ලක්. ඉතින් පට්ට කෑල්ලක් සෙට් කර ගත්තු හැම එකාම හරි ආඩම්බර වෙනව. ඒ වගේම පොරටෝක් දෙනවා.
පට්ට කෑල්ලක් කියන්නෙ ඉතාම ආකර්ෂණීය විලාසිතා අනුගමනය කරන කාගේත් සිත් දිනා ගතහැකි රූපකාය වශයෙන් ගත්තම කිසි අඩුපාඩුවක් නැති දෙයක්. තුන්සිය හැටපස් දවසෙම කෑල්ලට තියෙන්නෙ එක දෙයයි. ඒ ඇගේ රූපය සහ පෙනුම නඩත්තු කිරීම. හෙට මුණ ගැහෙන ඔහු හෝ අනෙකා පිනවන්නේ කෙසේද යන ගැටලුවට අමතරව ගැටලුවක් ඇයට නෑ. සාමාන්‍යෙයෙන් කෑල්ලට ගෙදරදොර වැඩ බෑ. උයන්න පිහන්න බෑ. ගෙවල් දොරවල් අස්පස් කරන්න බෑ. රෙදි හෝදන්න බෑ. දරුවෝ හදන්න පුලුවන් උනාට උන්ව නලවන්න බෑ, දරුවන්ට කිරි දෙන්න බෑ, දරුවන්ට හොඳ අම්මා කෙනෙක් වෙන්න බෑ. නමුත් කෑල්ලක් සාමාන්‍යයෙන් තාක්ෂණික වශයෙන් සර්වකාලීනයි (Updated). ඇය වෙළඳපල තුල පවතින සෑම සියලු ආකර්ෂණීය භාණ්ඩයක් ගැනම දන්නවා, ඒවා මිලදී ගන්නවා, සහ භාවිතා කරනවා. කලින් කලට වෙනස් වන නවීන පන්නයේ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, නවීන පන්නයේ විලාසිතාමය ඇඳුම් පැළඳුම් ඇයට තියෙනවා. කෑල්ලක් පාරේ ගමන් කරන්නෙ ලතාවකට හිතලා. ඇඟට අරන්. අඟල් 2ක් උඩින්. ඇය දිහා හැමෝම වගේ බලනවා. ඇය එහෙම කරන්නේ අනිත් අය බලන නිසාමයි. ආකර්ෂණීය හැමදේම ඇය කරන්නේ රටට ලෝකෙට පේන්න. නමුත් ඇය සහතික වශයෙන්ම හිස් චරිතයක්. හොඳයි වගේ පෙනුනත් හොඳ නෑ. අහිංසකයි වගේ පෙනුනුට අහිංසකත් නෑ. සංවරයි වගේ පෙනුනට සංවරත් නෑ. දිනපතා පහන තිබ්බත් ආගමික නෑ. එවැන්නක් ඇය තුල පවතිතැයි කියා කිව්වත් ඇත්තටම ඇය තුල නෑ.
සරල කෙල්ලෙක් ඊට හාත්පසින්ම වෙනස්. කෑල්ලක් ඔබ ළඟට වෙලා කරන්නෙ දිලිසෙන එක. සරල කෙල්ලෙක් කරන්නෙ ඔබව දිරිමත් කරන එක. සරල කෙල්ලෙක් හරිම සංවරයි. ලැජ්ජාශීලියි. නමුත් අවශ්‍ය තැන් වලදී කතා කරනවා. පිරිමි සමග පවත්වන ගණුදෙනුව ඉතා සීමිතයි. ඇය ආශ්‍රය කරන්නෙ අතිශය විශ්වාසවන්ත පිරිමි විතරයි. චාම් සංවර විලාසිතා අනුගමනය කරනවා. තමන්ගේ රූපයට ආදරෙයි, නමුත් මානුෂීය සබඳතා වෙනුවෙන් තම රූපය සහ සුන්දරත්වය නොසලකා හරින්න ඇය සූදානම්. ආදරයක් වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් නොකා නොබී වෙහෙසෙන්නත් එවැන්නියකට පුලුවන්. සරල කෙල්ලෙක් අම්මා කෙනෙක් උනාම දවසක දරුවෝ කිරි බීලා බීලම ඇයව වැහැරිලා යනවා. කෑල්ලක් අම්මා කෙනෙක් උන දවසක ගොන් කිරි විතරක් බීලා දරුවෝ වැහැරිලා යනවා. සරල කෙල්ලෙකුට ගේ දොර වැඩ ඕනෑම එකක් හැඩට වැඩට කරන්න පුලුවන්. කටට රහට උයන්න, ගේ දොර අස්පස් කරන්න, රෙදි හෝදන්න, මිදුල් අතුපතු ගාන්න, මල් වවන්නත් පුලුවන්. ඒ වගේම කොල්ලෙක්ගෙ හිතක් උස්සලා ගෙනිහින් හඳේ තියන්න තරම් ලස්සනට මල් කඩන්නත් ඇයට පුලුවන්. කෑල්ලක් ළඟ තියෙන්නෙ ආකර්ෂණීය කාමයක් හා ලිංගිකත්වයක් පමණයි. සරල කෙල්ලෙක් ළඟ ආදරයේ උණුසුම පිරී ඉතිරී ගිය සුන්දර ශෘංගාරය තියෙනවා. කෑල්ලක් අපිට සැරින් සැරේට ළං වෙනවා, ඈත් වෙනවා. ඒ උනාට ආදරය කරන සරල කෙල්ලෙක්ව ජීවිතේ හැමදාම ළඟ තියාගන්න හිතෙනවා. කෑල්ලත් එක්ක තරහා උනාම ඒකිව බැනලා එළවගන්න හිතෙනවා. සරල කෙල්ලෙක් එක්ක තරහා උනාම වුනත් ළඟට වෙලා ඉන්න හිතෙනවා. කෑල්ලක් ළඟ ඉද්දි අපිට ඒකිව හුරතල් කරන්න හිතෙනවා, සරල කෙල්ලෙක් එක්ක ඉද්දි අපිට ඒ කෙල්ල එක්ක හුරතල් වෙන්න හිතෙනවා.
කෑල්ලකට සාමාන්‍යයෙන් ඔබව අවශ්‍යතාවලදී මතක් වෙනවා. සරල කෙල්ලෙකුට ඔබව හැම වෙලාවෙම මතක් වෙනවා, ඒ නිසාම වෙලාවකට ඇණයක් කියලත් හිතෙනවා. කෑල්ලකට, call කරන්න එපා කිව්වම, ඒකි ඊළඟ අවශ්‍යතාවය එනකං සද්ද වහලා ඉන්නවා. ඒත් ඒත් ආදරේ කරන කෙල්ල එපා කියද්දිත් වාත වෙනවා. කෑවද බිව්වද නෑවද අහනවා. ගෙදර එන්නෙ කීයටද අහනවා, පරෙස්සමෙන් ඉන්න කියනවා. කොටින්ම කිව්වොත් කෑල්ල සුවද ගහනවා. නිතරම කොලොන් පාවිච්චි කරනවා. සුන්දර සරල කෙල්ලෙක් කොලොන් නැතත් හැමදාම සුවඳ හමනවා. මොකද එයාල හැමදාම නානවා. කෑල්ලක් ඉන්න කොල්ලන්ට සුභ පැතුම්, සරළ කෙල්ලෙක් ඉන්න කොල්ලන්ට බුදුසරණයි... දෙවිපිහිටයි...
සටහන : සමන් එදිරිමුණි (ගුරුපාර)
Monday, January 2, 2012
◄ අපේ ජීවිතය ►
දෙවියන් ලෝකය මවන සමයේ එදා බල්ලා, වඳුරා, හරකා සහ මිනිසා මවන්නා වූ දිනය විය.
පළමුව බල්ලා මවන අවස්ථාවයි. දෙවියන් : උඹට තියෙන්නේ උඹේ අයිතිකරු දෙන දෙයක් කාලා එයාගේ ගෙදර ඉදිරිපිට ඉඳන් ගෙදරට කවුරු හරි ආවත් පාරේ කවුරුහරි ගියත් බුරන්න. උඹට ඒ වෙනුවෙන් මම අවුරුදු 20ක ආයුෂ ලබා දෙනවා. බල්ලා : එච්චර කාලයක් බුරන්න මට බෑ, මට අවුරුදු 10ක් දෙන්න. දෙවියන් : හරි මම එකඟයි.
දෙවනුව මවන ලද්දේ වඳුරකුයි. දෙවියන් : උඹට තියෙන්නේ උඩ පනින්න, අත්පුඩි ගහමින් දුවන්න. එවැනි විවිධ දේවල් කරමින් මනුෂ්‍යය ළමයින්ව සතුටු කරන්න. උඹට ඒ වෙනුවෙන් මම අවුරුදු 20ක ආයුෂ ලබා දෙනවා. වඳුරා : මටත් බෑ එච්චර කාලයක් උඩ පැන පැන නටන්න. මටත් බලුරාළට වගේ අවුරුදු 10ක් දෙන්න. දෙවියන් : හරි මම එකඟයි.
තෙවනුව ගවයා මවන ලදී. දෙවියන් : උඹට තියෙන්නේ කිරි ටික දීලා, ගමරාළත් එක්ක කුඹුරට ගිහින් අව්වේ වේලී වේලී මහන්සි වෙලා ඒ මනුස්සයට කෑම ටික සපයගන්න උදව් කරන්න. උඹට ඒ වෙනුවෙන් මම අවුරුදු 60ක ආයුෂ ලබා දෙනවා. හරකා : ඒක හරිම අසාධාරනයි. මම කැමති නෑ වෙන කාටවත් සැප විඳින්න එච්චර කාලයක් මහන්සි වෙන්න. මට අවුරුදු 20ක් ඇති. දෙවියන් : හරි මම එකඟයි.
අවසන් වශයෙන් මවන ලද්දේ මිනිසායි. දෙවියන් : උඹට හොඳට කාලා, බීලා, සෙල්ලම් කරලා, ආදරේ කරලා ජීවිතය හොඳට විඳින්න තමයි තියෙන්නේ. ඒ වෙනුවෙන් මම උඹට අවුරුදු 20ක ආයුෂ ලබා දෙනවා. මිනිසා : අනේ අවුරුදු 20ක් මොනව කරන්නද, හොඳටම මදි. මම කියන්නද වැඩක්, මට මගේ අවුරුදු 20ත් දෙන්න. ඊට පස්සේ හරකා එපා කියපු අවුරුදු 40ත් දෙන්න, වඳුරා එපා කියපු 10ත් දෙන්න. අවසන් වශයෙන් බලුරාළ එපා කියපු 10ත් දෙන්න.
දෙවියන් : හ්ම්... උඹගේ කැමැත්තක්. මම එකඟයි.
ඔන්න ඔය හේතුව නිසා තමයි අපි අපේ ජීවිතේ අවධි 4ක් ගෙවෙන්නේ. මුල් අවුරුදු 20 අපි කාලා, බීලා, සෙල්ලම් කරලා, ආදරේ කරලා ජොලියේ ඉන්නවා. ඒ අපිට මනුෂ්‍යයෙක් විධියට ගෙවන්න දීපූ නියම කාලය. ඊට පස්සේ ඉතිං හරකා වගේ අවුරුදු 40ක් පුරාවටම තමන් ගේ පවුල නඩත්තු කරන්න අව්වේ වේලී වේලී මහන්සි වෙලා වැඩ කරනවා. ඊලඟ අවුරුදු 10 ගතවෙන්නේ තමන්ගේ දරුවන්ගේ දරුවන්ව සතුටින් තියන්න වඳුරෙක් වගේ එක එක විධියේ දේවල් කරමින්. අන්තිම අවුරුදු 10 ඉතිං බල්ලෙක් වගේ තමයි. දෙන දෙයක් කාලා, ලඟ පාත පාරේ යන එවුන්ටත් බැන බැන බල්ලා වගේ ඉන්න වෙනවා. එලෙස ජීවිතය විස්තර කල වගයි...
Sunday, January 1, 2012
◄ ජීවිතයට වටිණාකමක් දෙන්න ►
•වසර 10ක ඇති වටිණාකම තේරුම් ගැනීමට ලඟදී දික්කසාද වුනු යුවලකගෙන් විමසන්න.
•වසර 4ක ඇති වටිණාකම තේරුම් ගැනීමට උපාධිධාරියෙකුගෙන් විමසන්න.
•වසරක ඇති වටිණාකම තේරුම් ගැනීමට අවසන් විභාගය අසමත් වූවෙකුගෙන් විමසන්න.
•මාස 9ක ඇති වටිණාකම තේරුම් ගැනීමට මළ දරුවෙකු ප්‍රසූත කල මවකගෙන් විමසන්න.
•මාසයක ඇති වටිණාකම තේරුම් ගැනීමට නොමේරූ දරුවෙකු ප්‍රසූත කල මවකගෙන් විමසන්න.
•සතියක ඇති වටිණාකම තේරුම් ගැනීමට සතිපතා පුවත්පතක කතුවරයෙකුගෙන් විම්සන්න.
•පැයක ඇති වටිණාකම තේරුම් ගැනීමට මුණගැසීමට පෙරුම් පුරන ආදරවන්තයින් දෙපලකගෙන් විම්සන්න.
•මිනිත්තුවක ඇති වටිණාකම තේරුම් ගැනීමට බසයක් හෝ කෝච්චියක් මඟ හැරුණු අයෙකුගෙන් විමසන්න.
•තත්පරයක ඇති වටිණාකම තේරුම් ගැනීමට හදිසි අනතුරකින් නූලෙන් බේරුනු පුද්ගලයෙකුගෙන් විමසන්න.
•මිලි තත්පරයක ඇති වටිණාකම තේරුම් ගැනීමට ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙහි මීටර් 100 ධාවන ඉසව්වෙන් රිදී පදක්කම ලැබූ තරඟකරුවෙකුගෙන් විමසන්න.
අපි කිසිම කෙනෙක් වෙනුවෙන් හෝ නොනවතින කාලය යන්නෙහි වටිණාකම තේරුම් ගන්න මේ දැන් සිටම සිතට ගනිමු. ''Time waits for no one. Treasure every moment you have.''
Subscribe to:
Posts (Atom)





