Friday, December 9, 2011

◄ පෘතුවියේ අත්භූත ස්ථාන 5ක් ►



1.බර්මියුඩා ත්‍රිකෝණය►
දූපත් තුනක් එකට යාකොට පිහිටා ඇති මෙම ප්‍රදේශය අභිරහස් ප්‍රදේශයක් ලෙස සැලකෙන්නේ එම ප්‍රදේශය තුලින් ගමන් කර ඇති සමහරක් නැව්, බෝට්ටු පමණක් නොව ගුවන් යානා පවා කිසිදු තොරතුරක් නොමැතිව අතුරුදහන් වීම නිසයි.විදුලි උපකරණ ක්‍රියාවිරහිත වීමේ ප්‍රවණාතාවක් මෙම ප්‍රදේශය තරණයේ දී දක්නට ලැබෙන අතර. ඇතුලත සිටින පිරිස් හට අවට ලෝකය සමග සන්නිවේදනයේ පවා ගැටලු මතුවේ. දූපත් 7ක් මෙම ප්‍රදේශයේ පිහිටා ඇති අතර, ඉතා කුඩා දුපත් 150 පමණ දක්නට ලැබේ. මෙහි ඇති බර්මියුඩා දූපත විශාලම දූපත වනතර එය දැනට මහා බ්‍රිතානයේ යටත් විජිතයක් ලෙස පවතී.

2.මෝගුයේචෙන් / රාක්ෂ නගරය►
මෙම නගරය චීනයේ සින් යැන්ග් ප්‍රාන්තයේ පිහිටා ඇති අතර එයහි වර්තමාන ස්භාවය අනුව දැනට මෙය කාන්තාරකාරි ස්භාවයක් ගනි. මෙහි ඇති අපූරත්වය නම්. යම් කිසි කෙනෙකු මෙම නගරයේ බලකොටුව දෙසට සක්මන් කිරිමේදී මද සුළග හමන වෙලාවට එකී පුද්ගලයාට ඇතීන් ඉතා මිහිරි නාද ඇසීමට පුලුවන ඒවා ගිටාරයක තත් එකිනෙක පිරිමැදීමේදී නැගෙන කන් කලු නාදයට හෝ ගෙජ්ජි සෙලවීමේදී නැගෙන නාදයට ශබ්ද රසයෙන් සාමානවේ. නමුත් වා සුළි නැගෙන කාලයන්හි මෙහි එම ශබ්දය ඉතා ගුප්ත භයංකාර නද නිකුත් කරන අතර එම ශබ්ද කොටියෙකුගේ බිහිසුණු ශබ්දයටද, මරළතෝනී නගන ගැහැනියෙකුගේ හෝ ඌරෙකු ඝාතනයේදි නැගෙන ශබ්දයට සමානවේ. රාත්‍රි කාලයේදී හිරි ගඩු පිපෙන ආකාරයේ ශබ්ද නිකුත් කරන මෙම අඩවිය කවුරුන් විසින් ගොඩනගන ලැදැයි තවම අභිරහසකි.

3.උතුරු අප්‍රිකාවේ පිහිටා ඇති යෝධ පිරමීඩ►
මෙම යෝධ පිරිමීඩ උතුරු අප්‍රිකාවේ නයිල් ගංගාව ආශ්‍රිතව පිහිටා ඇති අතර ප්‍රධාන වශයෙන් පිරමීඩ 80 පමණ මෙකී ප්‍රදේශන්හි දක්නට ලැබේ.ඉතා බැරැති ගල් එකක් මත එකක් තබා සාදා ඇති මෙකී නිර්මාණයන් පාරාවෝ රජවරුන්ගේ කාලෙයේදි නිර්මාණය කළ ඇති බව සදහන්. මෙහි ඇති අපූරත්වය නම් මේකී ගල් පැහීමට එකදු ගම් වර්ගයක් හෝ බදාමයක් නොයොදා තිබීමයි. අවුරුදු 5000 කට වඩා ඈත අතීතයක් තිබෙන මෙම නිර්මාණයන්ට සොර සතුරු, විවිධ ආක්‍රමණ, ස්භාවික පිඩාගෙන් මිදී තවමත් වැලි කතරේ වීරයේකු ලෙස සිටීමට හැකි වීම තවමත් අභිරහසකි.

4.ඇන්ටාර්ටිකාවේ වි‍යළි නිම්නය►
ඇන්ටාර්ටිකාව යනු ඉතා විශාල ප්‍රදේශයක් පුරා පැතිරි ඇති අඩු සත්ව ඝන්ත්වයක් සහිත තනිකරම මහද්වීපයකි. එහි ඇති අයිස් තට්ටුව 2kM පමණ සාමාන්‍යෙන් ඝනකම් වන අතර එය සමහර කාල වලට 4kM පමණ දක්වා විහිදී යැයි. ශ්‍රීලංකවේ සිට කෙලින්ම දකුණට ගියොත් හමුවන්නේ ඇන්ටාර්ටිකාවයි නමුත් ඒකී දුර යුරෝපේ සිට ඇමරිකාවට අත්ලාන්තික් සයුර හරහා තිබෙන විස්ථාපනයට වඩා විශාල වේ. මෙහි ඇති වියළි නිම්නය අයිස් වලින් තොර ප්‍රදේශයක් වනතර එය පුදුමයක් වන්නේ මුලු මහද්වීපයම අයිස්වලින් වැසී යද්දී දැවන්ත ප්‍රදේශයක් අයිස් වලින් තොරව පිහිටා තිබීම නිසයි.

5.මරණයේ ද්වාරය►
චීනයේ ටිබේට්,ෂින්හයි,ෂින්ශැන් මායිම්ව පිහාටා තිබෙන අති දැවැන්ත ලෙස දිවෙන කන්ලන් කදුකරයේ පිහිටා ඇති මෙම අඩවිය තහනම් අඩවියක් ලෙස චීන බලධාරිහු නම් කර ඇති අතර. ඒසේ වීමට හේතු වී ඇත්තේ ප්‍රදේශයේ පවතින දැඩි ගුප්ත බව හෝ වෙනයම් කරුණක් නිසාදැයි තවම පැහැදිලි නොමැත. කෙසේ නමුත් ඛනිජ සම්පත් සහ භූ විද්‍යා ගවේශන කණ්ඩායමකට ඇසී ඇති තොරතරකට අනුව 1983 වසරේදී මෙම ප්‍රදේශයේ අත්භූත ආකාරයකට මිනිසෙක් මැරී ඇති බවත්. ඔහුගේ සිරුරේ කිසිදු පැල්මක් නොතිබූ බවත්, වාර්තා වෙනවා. ඇට සැකිලි, තැන තැන විසිරි පවතින පුරාණ සොහොන් ගහන මෙම අඩවිය කිසි කෙනෙකු නොයන . ගියහොත් ආපසු නො එන මෙම අඩවිය ඉතා අනතුරු දායක ලෙස සැලකිය හැක.

Source : Darshana's Posterous

Thursday, December 8, 2011

◄ අන්තිම පිටුව ►


යාලුවෝ දන්නවනේ පිටකොටුවේ බස් නැවතුම් පොළ ආසන්නයේ විවිධාකාර දේවල් විකුණනවා කියලා. ඉතිං හොඳටම වැස්ස තියෙන දවසක එක වයසක මනුස්සයෙක් තනි පොතකුත් තියාගෙන ඒක විකුණන්න උත්සාහ කරනවා. ඔතනින් යන්න ආපු තරුණයෙක්ටත් මේ මනුස්සයා ඒක විකුණන්න උත්සාහ කරනවා.

''මහත්තයෝ, මේක පුදුමාකාර පොතක්. මේ පොත ලංකාවේ වෙන කොහේවත් නෑ. මේකේ තියෙන්නේ දියුණුවෙන්න ඕන සාස්තරේ. මහත්තයා තරුණයි, මහත්තයට තමයි මේ පොත වටින්නේ, වයසක මට දැන් මේකෙන් වැඩක් නෑ. මහත්තය ගන්නව නම් මම මේක රු.3000ට දෙන්නම්, හැබැයි ඊට වඩා නම් සතයක් අඩු නෑ. ඒ වගේම තව දෙයක්, කවදාවත් මේ පොතේ අන්තිම පිටුව නම් කියවන්න එපා. එහෙම වුනොත් මේ පොතේ තියෙන බලය නැති වෙලා මහත්තයට මහා විපතකට මුහුණ දෙන්න සිද්ධ වේවි.

ඉතිං මේ තරුණයත් පොත අරන් ගෙදර ගිහින් එදා රෑම පොත කියවලා අවසන් කරනවා. ඒත් තරුණයාට මතකයි දීපු අවවාදය. කොහොම වුනත් ඊලඟ දවසේ මේ පොත දැක්කම මේ තරුණයාට හරිම කුතුහලේ පොතේ අන්තිම පිටුවේ තියෙන දේ දැන ගන්න. ඕන දෙයක් වෙන්න කියලා තරුණයා අන්තිම පිටුව පෙරලනවා. එහි මෙන්න මෙහෙම සඳහන් වෙනවා.

මිළ රුපියල් 200.

Tuesday, December 6, 2011

◄ ලොවෙත් නැති උපත් ►



1.පාද 2ම අහිමි, 1ක අතක් පමණක් හිමි මවක්
Melek වයස අවුරුදු 24ක් වූ එක අතක් සහ පාද 2ම අහිමි කාන්තාවක්. නමුත් caesarean සැත්කම් වලට පින්සිඳු වන්නට ඇය දැන් Semih ගේ මව.

2.එක් සැත්කමකින් වැඩිම ජීවිත ගණනක්. දරුවන් 8ක්.
Nadya Denise මුලු ලෝකයේම අවධානය දිනා ගත්තා. ඒ එක් සැත්කමකින් දරුවන් වැඩිම සංඛ්‍යාවකට උත්පත්තිය ලබා දෙමින්. උපන් ලමුන් ගණන 8ක්.

3.වයස්ගතම ප්‍රථම දරු ප්‍රසූතිය
තම ප්‍රථම දරු ප්‍රසූතිය වයස අවුරුදු 70දී සිදු කරමින් ඉන්දියානු ජාතික Rajo Devi Lohan ගිනස් පොතට එක් වුනා.

4.ලොව කුඩාම දරු උපත
Rumaisa Rahman, ඇය ඉපදෙන විට අඟල් 10ක් පමණක් දිගින් යුතු වූ අතර බර අවුන්ස 8.6ක් පමණක් වුනා.

5.ලොව ප්‍රථම පිරිමි මව
Thomas Beatie තමයි ලොව ප්‍රථම දරු ප්‍රසූතිය සිදුකල පුරුෂයා. ඔහුගේ බිරිඳට දරු ඵල නොමති හෙයින් ඔහු කෘතිමව ගැබ් ගත් අතර පසුව ලොව ප්‍රථම පිරිමි මව බවටද ඉතිහාසගත වුනා.

6.කලු සුදු නිඹුල්ලු
මෙවන් උපතක් සිදු වනුයේ මිලියන ගණනකට 1ක් පමණයි. Marcia සහ Millie Biggs වන මොවුන් නිඹුල්ලු බවට කිසිම අයෙක් විශ්වාස කරන්නේ නැතුව ඇති නේද?

7.ලොව ලාබාලතම මව
Lina Medina නම් වූ ඇය ලොව ලාබාලතම මව ලෙස ඉතිහාසගත වී ඇති අතර ඇය මව් පදවිය ලබන විට වයස අවුරුදු 5ක් පමණයි. ඇයගේ දෙමාපියන් ඇයව රෝහල්ගත කොට ඇත්තේ ඇයට abdominal tumor1ක් ඇති බවට සැක කරමින් වුවත් පසුව ඇය ගැබ් ගෙන ඇති බවට වෛද්‍යවරුන් සොයාගනු ලැබුවා. ඇයගේ දරුවා 2.7kg කින් යුක්ත වුනා.

8.කලු ජාතික යුවලකට සුදු ජාතික දරු උපතක්
නයිජීරියානු Ben සහ Angela යුවලට සුදු සමකින් යුත් දරුවෙක් ලැබුනා. දරුවා ඇලි(albino) දරුවකුද නොවන අතර Angela ඔහුගේ ස්වාමි පුරුෂයාට ද්‍රෝහී වී නොමති බවද වෛද්‍ය විද්‍යාවෙන් සනාථ කරනු ලැබුවා.



Monday, December 5, 2011

◄ මේ උත්තරමද ඔයාලත් හිතුවේ? ►

එක වසරේ පුංචි කොලු ගැටයෙක්ගෙන් පන්ති භාර ගුරුතුමියට පුදුම වදේලු. ඒ නිසාම ගුරුතුමී ඇයව විදුහල්පති තුමා හමුවට අරන් ගිහින්. එතකොට ඇති වුනු දෙබස තමයි මේ...

විදුහල්පති : මොකද ලමයා මිස්ට කරදර කරනව කියන්නේ?
පොඩ්ඩා : අපේ අක්කා ඉන්නේ 3 වසරේ, ඒ වුනාට මට ෂුවර් එයාට වඩා මගේ මොලේ වැඩි කියලා.
විදුහල්පති : හරි, එහෙනම් මම ඔය ලමයගෙන් දැන් ප්‍රශ්න ටිකක් අහනවා. ඒවා ඔක්කෝටම හරියට උත්තර දුන්නොත් ඔයාවත් අපි 3 වසරට මාරු කරනවා. කැමතිද?
පොඩ්ඩා : හරි, මම කැමතියි.
විදුහල්පති : 3x3 කීයද?
පොඩ්ඩා : 9
විදුහල්පති : 6x6 කීයද?
පොඩ්ඩා : 36
විදුහල්පති : මම හිතන්නේ මේ ලමයට 3 වසරේ ඉගෙනුම ලබන්න දැනුම ඇති මිස්. මෙයාව අපි 3 වසරට මාරු කරමු.
ගුරුතුමී : හ්ම්, ඒත් සර් අවසර දෙනව නම් මම කැමති මේ ලමයගෙන් තව ප්‍රශ්න ටිකක් අහන්න. කමක් නෑ නේද?
විදුහල්පති : අහන්න අහන්න, කිසිම ප්‍රශ්නයක් නෑ.
ගුරුතුමී : එළදෙනකට 4ක් තියෙන මට 2ක් තියෙන දේ මොකද්ද?
පොඩ්ඩා : කකුල්
ගුරුතුමී : ඔයාගෙ කලිසම ඇතුලේ තියෙන, මගේ සාරිය ඇතුලේ නැති දේ මොකද්ද?
පොඩ්ඩා : සාක්කු
ගුරුතුමී : පිරිමි අය හිටගෙන කරන, ගැහැණු අය වාඩි වෙලා කරන, බල්ලෝ කකුල් 3න් කරන දේ මොකද්ද?
විදුහල්පති තුමා දෑස් ලොකු කර බලා සිටී...
පොඩ්ඩා : අතට අත දීම.
ගුරුතුමී : හරි මම දැන් තේරවිලි කිහිපයක් අහන්නම්, සූදානම්ද?
පොඩ්ඩා : සූදානම්
ගුරුතුමී : ඔයාගේ ඇඟිල්ලක් මා තුලට යනවා. ඒත් ඔයාට ඇති වුනාම ඔයා මාව ඇඟිල්ලෙන් ඉවත් කරගන්නවා. මම කවුද?
පොඩ්ඩා : කසාද මුද්ද
ගුරුතුමී : මම එක එක ප්‍රමාණ වලින් තියෙනවා, මම ලෙඩ වුනාම මගෙන් දියරයක් ශ්‍රාවය වෙනවා. මම කවුද?
පොඩ්ඩා : නහය
ගුරුතුමී : F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන ගොඩාක් උණුසුම අන්තර්ගත දේ කුමක්ද?
පොඩ්ඩා : Firework
ගුරුතුමී : F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන මේ දේ ඔයාට ලැබුනේ නැතොත් අත පාවිච්චි කරන්න සිදු වෙනවා.
පොඩ්ඩා : Fork
ගුරුතුමී : ඔබටත් 1ක් තියෙන්වා, විදුහල්පති තුමාටත් 1ක් තියෙනවා. පාප් වහන්සේ තමන්ගේ 1ක පාවිච්චි කරන්නේ නෑලු. විවාහවෙන කාන්තාවන්ටද 1ක් ලැබේවි. ඒ මොකද්ද?
පොඩ්ඩා : වාසගම
ගුරුතුමී : මිනිසා සතු මෙහි කිසිම අස්ථියක් නෑ. නමුත් විශාල ප්‍රමාණයක් නහර තියෙනවා. ආදරය කරන්න මේක නැතුව බෑ. ඒ මොකද්ද?
පොඩ්ඩා : හදවත
ගුරුතුමී : හරි සර්, මමත් ප්‍රශ්න අහල අවසානයි.
විදුහල්පති : අම්මෝ ඇති යන්තම්. අන්තිම ප්‍රශ්න 10ටම මම හිතපු උත්තරත් වැරදී. මේ ලමයව 4 වසරට නෙවෙයි, විශ්ව විද්‍යාලයට මම නිර්දේශ කරල අදම ලිව්මක් ලියනවා.

ඔයාලත් 1ක ප්‍රශ්නෙකට හරි වෙන මොනව හරි උත්තර හිතුව නම් comment 1ක් දාන්න ඕන. :P යාලුවොන්ටත් බලන්න SHARE කරන්නත් අමතක කරන්න එපා.