Monday, January 16, 2012

◄ පිවිතුරු ආදරයේ චමත්කාරය ►



තනිකඩ ජීවිතය නම් FUN තමයි, ඒත් දෙදෙනෙක් අවංකව ආදරය කරද්දී දැනෙන සතුට, හැඟීම ඊට වඩා කොච්චර නම් උතුම්ද. ඔයාලටත් මේ දේවල් ජීවිතයේ එකම එක වතාවක් හෝ දැනිල, විඳල තියෙනවද කියල කියන්නකෝ. Then you are lucky !

•උදේ නැගිට්ට ගමන් phone එක බලද්දී ''Good Morning මගෙ පැටියෝ'' කියල SMS එකක් තියෙනව දකිද්දී දැනෙන හැඟීම හෝ ''ඔයා ඇහැ ඇරුනද මගේ පැටියෝ'' කියල මේ ලෝකේ ඔයා අහන්න ආසම කට හඬින් ඇහෙද්දී දැනෙන සතුට.

•දුකක්, තනිකමක් හෝ ලෙඩ වෙලා ඇඳට වෙලා පාලුවෙන් ඉඳිද්දී මේ ලෝකේ දැනෙන්න ආසම ඒ උණුසුමට ගුලිවෙලා ඉන්න තියෙනම් කියල හිතෙනවා.

•පුංචි පුංචි රණ්ඩු වෙලා ''ආයෙත් මම ඔයත් එක්ක ජීවිතේට කතා කරන්නේ නෑ'' කියල call එක cut කරලත් පාරින් පාරට mobile phone එක අතට අරන් missed call එකක් හරි sms එකක් හරි තියෙනවද කියල බලනවා.

•මහ රෑ නින්ඳෙන් ඇහැ ඇරිලා හදිසියේම ආදරේ කරන කෙනාට call කරල උදේ පාන්දර වෙනකම් ඒ call එක දිගු වෙනවා.

•ලොකු රණ්ඩුවක් වෙලා, අවසානයේ ''sorry මගෙ පැටියෝ'' කියලත් ඉවර වෙලා නැවතත් ඒ රණ්ඩුවට හේතු වුනේ කවුද කියල තර්ක කරනවා.

•ආදරේ කරන කෙනාට දුරකතන ඇමතුමක් අරගනිද්දී ''call waiting'' වුනාම හිතට පුංචි දුකක්, පුංචි තරහක් දැනෙනවා.

•ආදරෙන් එවපු sms නැවත නැවත කියවනවා, තනියම හිනා වෙනවා.

•දින කිහිපයක් මුණ නොගැසී හිඳ එකවරම ලබන සෙනසුරාදා මුණ ගැසීමට පුලුවන් කිවහොත් එදා වනතුරු හරි හැටි කෑමක් නෑ, නින්ඳක් නෑ.

අද වෙනකොට අපිට නිතරම වගේ ඇහෙන්නේ ''ආදරය හිත් රිදුම් දෙන දෙයක් පමණයි, ආදරය කියන්නේ බොරුවක්, මායාවක්'' කියන දේ. ඒත් ඒ ආදරය නෙවෙයි. ඒ වැරදි දෙදෙනෙක් වැරදි මොහොතක හමුවීමේ ප්‍රතිඵලයක් පමණයි. අවංක ආදරය යනු මේ ලොව ඇති සුන්ඳරම දේවල් වලින් එකක්. එය සදහටම විඳින්න ඔයාටත් පුළුවන් වෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

''පිවිතුරු ආදරයේ චමත්කාරය යාලුවන්ටත් විඳගන්න, SHARE කරන්න''

Sunday, January 15, 2012

◄ ඔබේ ලග්නයට අදාලව ඔබ ගැන දැනගන්න ►



මේෂ►
සාමාන්‍ය රූප ස්වභාව :
මධ්‍යම ප‍්‍රමාණ ශරීරය වේ. කදිම දික්වූ බෙල්ලක් හා පොකුරු කෙස් හා රැවුල් ද ඇස් බැම ද ඇතිවේ. යහපත් අඟ පසඟ වේ. ගමන් කිරීමේදී ස්වල්පයක් නැමී යයි. කඩිසරයි. පිත් අධිකයි.

ගතිගුණ :
කුජ හිමි සටන් කාමී උණ්ෂ රාශියක් වූ බැවින් මේෂයෙහි උපන් අය උසස් අදහස් ඇති ඉදිරියට යන තේජවන්ත ගතියකින් යුක්ත වෙයි. වුවමනා දේ වුවමනා වෙලාවට වුවමනා කරන කෙනෙකි. කෙසේ හෝ ලබා ගනියි. තමාගේ පුද්ගලික ආශා සැප පහසුකම් අනුන් වෙනුවෙන් කැපකිරීමට සතුටු නොවේ. තමාට වුවමනා කරන දේ තමාට ඕනෑම වේ. කීර්ති ප‍්‍රශංසා ලැබීමට ඇති කැමැත්තත් පෙරමුණෙහි සිටීමට ඇති ආශාවත් ඉදිරියට යන ගතියත් නිසා ජය හා ප‍්‍රසිද්ධිය ලබයි. ක‍්‍රියාවෙහි සූරයි. එසේම කඩිසරයි. පුරුෂයෙකු නම් තමාගේ භාර්්‍යාවට හෝ ස්ත‍්‍රියෙකු නම් තමාගේ ස්වාමියාට හෝ හැර වෙන කිසි කෙනෙකුට යටත් පහත් වීමට කැමති නැත. සහකාරියට සහකාරයාට ඉතා භක්තිවන්ත වෙයි. දිනන ලද ඉඳුරන් ඇති කෙලෙහිගුණ සලකන කෙනෙකු වෙයි. බඩගිනි ඉසිලිය නොහැක. නිතර ටික ටික කෑම ඕනෑ කරයි. නිතරම ආඩම්බර ගතියෙන් සිටියි. මේෂ ලග්නයෙහි උපන් අය වාද විවාද වලට වඩා යෝග්‍ය නැත. විවාදයේදී තමාට ජයගන්නට බැරි වූ සණ්ඩුවක් මතු කරගෙන එයින්වත් ජයගන්නට සිතයි. එහෙත් වහා අවබෝධ වන තීක්ෂණ නුවණක් තිබේ. සටනට නොපැකිලෙයි. කිසි භයක් නැත. සුළු සුළුදේවලට කැමති නැත. විශාල ව්‍යාපාර කටයුතුවලට යෝග්‍යයි. උසස් සිතිවිලි වේ. හදිසියේ කරුණු වෙනස් කරයි. එහෙත් යමක් ස්ථිරව කරගෙන යාමට සිතාගත්තොත් එසේම කරයි. ලෝකයේ ශ්‍රේෂ්ඨ වීරයෝ මේෂ ලග්නයේ ඉපදී සිටිත්. රාශි චක‍්‍රය පටන් ගන්නේ මේෂයෙන් බැවින් මෙය බලවත්ම රාශිය වෙයි. මකට කටක දෙකට මැදි බැවින් යුක්ති සහගත වේ. එහෙත් තුලාවේ තරම් නැත. දුර්වලකම් හැටියට පෙනෙන්නේ නොඉවසිලි ගතිය හා සමාදානයට එතරම් ගරු නොකරන ගතිය ද වේ. සුළු දේ කිරීමට කැමති නැත.

රෝග : උෂ්ණ දැවිලි රෝග, මොලේ අසනීප, බඬේ කැක්කුම්, හදිසි ක්ලාන්ත වීම්, නින්ද නොයාමේ රෝග, හිටි හැටියේ සිහි නැතිවීම, ලෙහෙසියෙන් සෑදෙන රෝගයෝ වෙති. මේෂයෙන් උපන් අයට පැළඳීමට යෝග්‍ය අඹ තේස්ත, දියමන්ති හා සුදු නිල් වේ.


වෘෂභ►
සාමාන්‍ය රූප ස්වභාව :
පළල් වූ නළලකින් යුත් මධ්‍යම ප‍්‍රමාණයට වඩා තරමක් ලොකු බෙරන්නා වූ ශරීරයකි. බෙල්ල මහත්වේ. රළු හිසකෙස් වේ. සෙම් අධික වේ.

ගතිගුණ:
සිකුරු හිමි වෘෂභයේ උපන් අය කෞතුක දේ වලට ආශා කරයි. ලෙහෙසියෙන් ජීවත් වීමට සිතයි. තිර රාශියේ ගතිය ඔප්පු කිරීමට මෙන් නොනැමෙන හිතක් ඇතිවේ. හිතේ තබාගෙන සිටීමට සමතෙකි. තරහා වීමත් හෙමින්ය. එසේ වුනොත් හොඳ වීමත් හෙමින්ය. අනුන්ට තේරුම් ගත නොහැකි ගුප්ත ගති තිබේ. ඉතා සුළු දේවල් පවා සිතේ තබාගෙන සිට වුවමනා වූ විට ඉදිරිපත් කර කතා කරයි. ස්ථිර ජය ලැබෙන තුරු සටන් කරගෙන යාමට සමර්ථයි. මිල මුදල් සම්බන්ධ හා තමාගේ ලෞකික දේවල් බොහෝ සුපරීක්ෂාකාරී වෙයි. සිකුරා මෙන්ම වෛවාරන්න ඇඳුම් පැළඳුම් වලට වියදම් කිරීමට මැලි නොවේ. භූමියට හිත වේ. වැවීමට මල් වැවීමට හිතවේ. අන්‍යයින් උදෙසා වියදම් කිරීමට ටිකක් මැලි වෙයි. තරමක් ලෝභී වේ. මුදල් ගනු දෙනු වලදී ප‍්‍රවේසම් වෙයි. කඩිසර කමක් නැත. එහෙත් නොනවත්වා වැඩෙහි යෙදී කරගෙන යාමට සමර්ථ වේ. විරුද්ධකාරයා ඉදිරියේ දනින් වැටී නැමෙන්නෙක් නොවේ. ස්වභාවික දර්ශනයන්ට පි‍්‍රය වේ. නගරබද ජීවිතයට වඩා මල් ගොමු පළතුරු ගස්වැල් ආදියෙන් යුත් පිටිසරබද ජීවිතය යහපත් සේ සිතයි. කථාවට බොහොම හොඳයි. කරුණු ඇතුව කතා කරයි. තමාගේ අදහස් තදින් අල්ලාගෙනම සිටියි. අනුන්ගේ දැනමිතිකම් අනුව කටයුතු කිරීමට සතුටු නැත. තමා දන්නා කෙනෙක් සේ සිතයි. සිතුවිලි ලෞකික පැත්තට බරවේ. දුර්වලකම් හැටියට පෙනෙන්නේ තරමක ලෝභ කමත් සැප පහසුවට ඕනෑවට වඩා ආශාවන් ජයගැනීමට තිබෙන ආශාවත්ය. එනිසාම සතුරෝ ඇතිවෙති. නඩුමගට ද බසින්න අන්තිමේ සිදුවේ.

රෝග : සියලූ සෙම් රෝග පහසුවෙන් සෑදේ. ඔලූවේ බෙල්ලේ හා පපුවේ රෝග, උගුරේ රෝග, පීණස, ඇදුම, සෙම් ගෙඩි ලෙහෙසියෙන් සෑදේ. කල්යාමේදී මලබද්ධය, ලේ වැඩිකම හෝ සෙම් වැඩිකම, වතුර වැඩිකම පිළිබඳ රෝග ලේ නහර පිපිරීම, පණ නැතිවීම ආදී රෝග සෑදේ. වෘෂභයෙන් උපන් අයට පච්ච ගල් පැළඳීම යහපති.


මිථුන►
සාමාන්‍ය රූප ස්වභාව :
උස් වූ සම්පූර්ණව වැඩුණු ශරීරය වෙයි. දික් වූ අත පය වේ. ලක්ෂණ දේහය වෙති. බොහෝ විට ප‍්‍රමාණයට වඩා උස් වෙයි. තාලයට ගමන් කරයි. පැහැදිලි වචන වෙයි.

ගතිගුණ :
නර රාශියක් වූ මිථුනයෙහි උපන් අය මනුෂ්‍ය ජීවිතය සම්බන්ධ මනා අවබෝධයක් ඇත්තෙකි. මානුෂික ගතිය හා අනුකම්පාව ද ඇතිවේ. ඒ ඒ වෙලාවට වුවමනා අන්දමට කටයුතු කිරීමට දක්ෂ නුවණක් තිබේ. කථාවෙහි දී සෑම දෙයක්ම දන්නා කෙනෙකු මෙන් උඩින් පෙන්වීමට කතා කරයි. දක්ෂ චින්තකයෙක් නොවේ. නිතර අදහස් වෙනස් වෙයි. මේ නිසාම පටන්ගන්නා දේවල් මුලින් හිතූ හැටියට අවසාන නොකරයි. පරස්පර විරෝධී වේ. බුදුහු බලවත්ව යහපත් තැනක සිටියොත් දක්ෂ කථිකයෙකු හෝ කාව්‍ය කාරයෙකු හෝ සංඟතඥයෙකු වීමට ඉඩ තිබේ. නිතරම වෘත්ති දෙකක හෝ වැඩි ගණනක යෙදෙන්නෙකි. එකක් කරන ගමන් තව එකක් ගැන සිතයි. සමහරවිට ස්ත‍්‍රී පක්ෂ්‍ය නිසා ධන හානියට පැමිණේ. නවයේ පාපයෙකු නොසිටියොත් හොඳට ආගමික භක්තිය ඇත්තෙක් වෙයි. ඇවිදිලි ප‍්‍රියවේ. වැඩෙහි යෙදී සිටින තුරු ඒ වැඩෙහි දක්ෂයෙකු ලෙස කටයුතු කරයි. මිත‍්‍රසන්තවය ඇති කෙනෙකි. කලින් පළපුරුද්දක් නැති අමුතුම වැඩක වුවත් නොපැකිල යෙදෙයි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ පටන් ගන්නා වැඩ අවසාන නොකර අතර මග අත හැර දැමීමත් දවසින් දවස අදහස් වෙනස් කිරීමත් නිස්කලංක භාවයක් නැතිකමත් වේ.

රෝග :
පෙනහැල්ලේ රෝග, නිව්මෝනියා, ප්ලූරැුසි, ඇදීම, බ්‍රොන්කටයිට්ස් නම් සෙම් රෝගය ආදී පපුව ප‍්‍රදේශයේ රෝග හා බාහුවල වාත රුදාව ද ලෙහෙසියෙන් සෑදේ. මිථුනයෙන් උපන් අයට අක්වා මැරීන් හෝ ලා නිල් ගල් පැළඳීම යහපති.

කටක►
සාමාන්‍ය රූප ස්වභාව :
මධ්‍යම ප‍්‍රමාණ සිහින් ශරීරය වෙයි. දික්වූ අවයව වේ. ප‍්‍රිය මුහුණ වේ. සෞම්‍ය පෙනුම වේ. සිවුමැලි ශරීරය හෙවත් සියුම් සම ඇති කෙනෙකි. ගොරෝසු දේවල් පරිහරණය කළ නොහැක.

ගතිගුණ :
කටකය උත්තරායනයෙහි උසස්ම තැන වේ. හිතට අධිපති චන්ද්‍රයා හිමි කටක ලග්නයේ උපන් අය උසස් සිතිවිලි ඇති තීක්ෂණ චින්තකයෝ වෙති. දුටු දේ කිරීමෙහි සමර්ථ වේ. තමාගේ යහපත් ගතිය නිසා අනුන්ගේ බස් විශ්වාස කර ඊට නැමේ. ක‍්‍රියා සූර වේ. උදාර අදහස් වේ. සෘජු අදහස් ඇත්තෙකු මෙන් පෙනේ. සඟවන රහස් ඉතා අඩුවේ. ධනවත් වේ. සමහරවිට මහා ධනවන්තයෝ වෙති. අඹුදරු ආදීන්ට ඇති තද ඇල්ම නිසා ගෙදරම වාසයට හිතැති වේ. නිර්භීතවාක් මෙන්ම භයගුලූ ද වේ. මිත‍්‍රයන් ඇතිකරගන්නාක් මෙන්ම නැතිවෙති. විපතට දුරදීම භයවන්නෙකි. හෙවත් කෙලින් වැඩි ප‍්‍රවේසම් වන්නකි. අනුන්ගේ විපතේදී අධිකව කම්පා වේ. කුඩා සතුන් කෙරෙහි ද පොඩි ළමයින් කෙරෙහි ද තමාට වඩා පහත් අය කෙරෙහි ද දුර්වල පක්ෂය හෙවත් ස්ත‍්‍රීන් කෙරෙහි ද හිතවත් වේ. සියලූ දුක් කරදර නඩුහබ නින්දා අපහාස මධ්‍යයේ වුවත් ප‍්‍රකට භාවයට පැමිණේ. ඉවසිලි ගතිය අඩුය. තරහ කල් නොපවතී. මහා ව්‍යාපාර ගැන සිතයි. කටයුතු ද එසේමය. විශාල ව්‍යාපාරවල මූලිකත්වය දැරීමට සුදුසු වේ. උස් පාත්වන ධනය හා තත්ත්වය ඇතිවේ. චන්ද්‍රයා ලග්නයේ නම් බොහා් කොටම එසේම වේ. ආගමික උත්සව වලට ප‍්‍රිය වේ. අවවාද දීමට අති දක්ෂයෝය. අන්‍යයන්ගේ ආරක්ෂාවට අවවාද දෙතත් තමා ඒවා ගැන එතරම් සලකා ආරක්ෂා නොවේ. අසදෘශ භාර්්‍යාවක් ලැබේ. ලෝකයේ මහා ශ්‍රේෂ්ඨ පුුරුෂයෝ මේ ලග්නයේ ඉපදී සිටියහ. දැනුදු සිටිත්. ඉරුගේ උත්තරායන ගමනේ මුදුන බැවින් ලෝකෝත්තර අදහස් ෙවි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ අධික අනුකම්පාවත්, වහා කිපීමත් නොඉවසිලි කමත් උස් පාත්වන තත්ත්වයත්ය.

රෝග :
ගලනාලයේ ආමාශයේ අසනීප, ග‍්‍රහණිය, අර්ශස් රෝගය, නිතර බඩ පිපුම, පිත්තාධික රෝග පහසුවෙන් සෑදේ. කටකයෙන් උපන් අයට පච්ච හෝ දියපච්ච ගල් පැළඳීම යහපති.

සිංහ►
සාමාන්‍ය රූප ස්වභාව :
පළල් වූ උරහිස් වලින් යුත් සම්පූර්ණ ව වැඩුණු දේහයක් වෙයි. බඩ සිහින්ය. තේජවන්ත පෙනුමක් ඇතිවේ. ලොකු හිසක් වේ. රත් පැහැ සම වේ. උරහිස් සමහර විට බොහෝ පළල් වේ.

ගතිගුණ :
රවි හිමි සිංහයෙහි උපන්නේ ආත්ම ශක්තියෙන් යුත් දියුණු වීමේ තද ආශා ඇති එඩිතර ගති ඇත්තෙක් වේ. චිත්ත ධෛර්ය නිසාම විපත් වලින් මිදී මතුවෙයි. ආත්ම විශ්වාසය නිසාම ඕනෑම බැ?රුම් කටයුත්තක් කිරීමට භාර ගනී. මහ බලාපොරොත්තු නිසා සුළු වැඩ හා සුළු වැඩ කරන්නන් නුරුස්සයි. ආ ගිය තැන ප‍්‍රධානත්වය දරයි. අන්තිම මොහොත දක්වා වෙනස් නොකරණ හිත නිසා මූලිකත්වයට හා ප‍්‍රසිද්ධියට පැමිණේ. මන්ත‍්‍ර ශාස්ත‍්‍ර, කාව්‍ය ශාස්ත‍්‍ර, චිත‍්‍ර කර්මාන්තාදියට පි‍්‍රය වේ. ඒවායේ ද දක්ෂ වෙයි. සිහි කල්පනාවෙන් යුක්තව ක‍්‍රමානුකූලව කටයුතු කරන්නෙකි. එයින්ම ජීවිතයේ ජය පක්ෂය භජනය කරයි. කෙනෙකුට පළමුවෙන් තමා වරදක් නොකරයි. ආඩම්බර වේ. තමාගේ අඹුදරු ආදීන්ගේ වරදක් තමාගේ වැඩිහිටියෙකු වුවත් පෙන්වනවාට කැමති නැත. රජ පාක්ෂික වේ. අන්‍ය්‍යනගෙන් ගරු බුහුමන් නිරායාසයෙන් ලැබේ. හරි හෝ වැරදි හෝ වේවා තමා ගත් අදහසම ක‍්‍රියාවේ යෙදීමට උත්සාහ ගන්නා ගතියක් තිබේ. බඩගිනි ඉසිලීමට දක්ෂ වේ. මහා වේගවත් පාලකයෝ මේ රාශියේ ඉපදී සිටියහ. දැනුදු සිටිත්. දුර්වලකම් හැටියට පෙනෙන්නේ තමාගේ තීන්දුව වෙනස් නොකිරීමට සිතීමත් පතල වීමට හා අන්තිම තීන්දුව දීමට ඇති ආශාවත් වේ.

රෝග :
හෘදයේ හා කොඳු ඇටයේ රෝගවලට භාජනය වෙයි. වැඩි වියේදී වකුගඩු රෝග ද මුත‍්‍ර රෝග ද සෑදේ. සිංහයෙන් උපන් අයට තනි රතු, දියමන්ති බෙර්ලියන්තු පැළඳීම යහපති.

කන්‍යා►
සාමාන්‍ය රූප ස්වභාව :
සිව්මැලි ශරීරය වේ. මධ්‍යම ප‍්‍රමාණ වේ. සමහර විට මධ්‍යම ප‍්‍රමාණයටත් කුඩාවේ. ලෙලදෙන කට හඬ වේ. කඩිසර ගමන් වේ. වයසට වඩා තරුණ ගතියක් පෙනේ.

ගතිගුණ :
ඥානයට අධිපති බුධහුගේ උච්චරාශිය වූ කන්‍යා ලග්නයෙහි උපන් අයට විසඳීමෙහි දක්ෂ ඥානයක් උත්පත්තියෙන් ලැබේ. බොහෝ අනුකම්පා සහගත වේ. අනුන්ගේ දොස් දකී. ඉතා ප‍්‍රවේසම් සහිත වෙයි. ආත්ම විශ්වාසය අඩු කෙනෙකි. කලබල ගතිය කෙබඳු ද කීවොත් ලියුම් දෙකක් ලියා සියල්ල ඉවර කර නියම ලියුම නියම කවරයේ දැම්මාද කියා නැවත විවෘත කර බලයි. යමක් කීමේදී ඉතා සුළු දේ පවා විස්තර කර කියයි. නැවත නැවත කියයි. ගෙදරදොර කටයුතු පවා වැඩිපුර සොයා බලා කිරීම සිරිත වේ. ගේදර දොර බඩු බාහිරාදිය පවා නියම ක‍්‍රමානුකූලව තබා ගැනීමට සිතයි. ලියකියවිලි ඉතා ප‍්‍රවේසම් සහිතව පිළිවෙලට තබාගනී. වුවමනා නැති සුළු දේවල් වලට පවා කාලය ගත කරයි. ලොකු දේ අතපසු කරයි. දීමට පි‍්‍රයවේ. රසදේ කෑමට ද ප‍්‍රිය වේ. මිත‍්‍රකම් කල් පවත්වා නොගනී. නිරෝගි වේ. එමෙත් නැති ලෙඩට බොහෝ භය වේ. නැති ලෙඩට බෙහෙත් කයි. පොළවට හිත වේ. වැවීමට සූර වේ. මුදල් වියදම් කිරීම ඉතා සකසුරුවම් කමින් වේ. හිතනවාට වඩා වැඩ කරන්නෙකි. රාහු කන්‍යා ලග්නයේ සිටී නම් මේ ගති බොහෝමයක්ම මෙසේම වේ. බුදහු බලවත් නම් වේගවත් වචන හෝ සිනහ බස් හෝ කවට බස් අධික වේ. දුර්වලකම් හැටියට පෙනෙන්නේ ආත්ම විශ්වාසය අඩුකම නිසා අනුන් විශ්වාස නොකිරීමත් ඉතා සුළු දේවල්වල ඇඟිලි ගැසීමත් අනුන්ගේ දොස් සෙවීමත් වේ.

රෝග :
ආමාශයේ රෝග වලටත් සාමාන්‍ය ශරීර ශක්ති අඩු වීගෙන යන රෝග වලටත් භාජනය විය හැක. කන්‍යාවෙන් උපන් අයට ලා රතු හෝ ලා පාට ගල්, පත්ම රාග පැළඳීම යහපත් වේ.

තුලා►
සාමාන්‍ය රූප ස්වභාව :
උස් වූ සාමාන්‍ය ප‍්‍රමාණයට වැඩුණු දේහයකි. ප‍්‍රිය ලක්ෂණ පෙනුමක් ඇතිවෙයි. තියුණු ඇස් ඇතිවේ. මධ්‍යම වයසෙන් පසු හිසේ පස්සා පැත්ත තට්ටය සෑදේ.

ගතිගුණ :
සෘජු අනුකම්පා සහිත කරුණාවන්ත සිතක් ඇති කෙනෙකි. යුක්තියටත් සහයෝගයටත් කරුණාවටත් ගරු කරන්නෙකු වෙයි. සමාදානයට ඉතා කැමති වෙයි. ඥානයත් සූර ගතියත් වාග් චාතුර්යයත් දායාද මෙන් උත්පත්තියෙන් ලැබී තිබේ. ඉව හෙවත් කලින් යමක් පෙනෙන ඥානය ඇත්තෙක් වේ. තරහ ඉතා ඉක්මනට සංසිඳේ. කෞශල්‍යයට ආශා කරයි. ව්‍යාපාරයන්හි දක්ෂ වේ. යුක්ති පසඳීමෙහි මූලිකත්වය දරයි. තරාදියක් මෙන් සමබරව යුක්තිය විසඳයි. මේෂ ලග්නකාරයා මෙන් නොව තමාගේ පුද්ගලික සැප පහසුකම් අන්‍යයන් උදෙසා කැපකර තමා දුක් විඳීමට තුලා ලග්න කාරයා කැමති වෙයි. ආත්මාර්ථයට වඩා පරාර්ථය ගරු කරයි. උසස් සිතිවිලි වේ. ස්වභාවික සංදර්ශනයට පි‍්‍රය වෙයි. වාද විවාදයේදී සමාදානයට ගරු කරයි. මෘදු මිහිරි ගතිය නිසා නිතර ප‍්‍රිය ස්වභාවයක් අති වේ. සමාජයට හිත වේ. ඇවිදීමට හිතවේ. ජන සේවයේදී මූලිකව පෙනේ. අන්‍යයන්ගේ හොඳ හිත දිනාගැනීමට සමතියි. මනුෂ්‍යත්වය ඉතා ගරු කොට සලකයි. කටක මකර දෙකට මැද බැවින් ලෞකික ලෝකෝත්තර ගති දෙකට මැද සිටියි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ කෞතුක දේට ආශාවත් නිතර ප‍්‍රීති වීමේ ආශාවත් තීන්දුවට නොබැසීමත්ය.

රෝග :
වකුගඩු රෝග ඇපැඩිසයිටිස්, කටීවායු හෙවත් තුනටියේ වාත රෝග, මුත‍්‍රාශයේ රෝගවලට භාජනය විය හැක. තුලාවෙන් උපන් අයට බෙර්ලියන්තු, දියමන්ති, සුදුනිල් පැළඳීම යහපති.

වෘශ්චික►
සාමාන්‍ය රූප ස්වභාව :
යහපත් සේ වැඩුණු අවයව වේ. නිරෝගී වේ. වකුටු හිසකෙස් වේ.

ගතිගුණ :
ඉක්මන් කෙනෙක් වෙයි. නිර්භීත වෙයි. රහස් නැත. අවහිරයට පයින් ගසා ඉදිරියට යන ගතියක් තිබේ. සාරවත් හිතක් ඇත්තෙකි. එසේ ම ඥානවන්ත ද වේ. ඉතා කඩිසර ගති ඇත්තෙකි. ධෛර්ය නැතිකර නොගනී. හෙවත් නැතිවූ ධෛර්ය වහා ඇතිකිර ගන්නෙකි. උසස් ආඩම්බර ගති ඇතිවේ. ගුණ දොස් විවේචනයට ප‍්‍රිය වේ. අන්‍යයන්ගේ අදහස් ක‍්‍රියා ආදියේ දොස් පෙනේ. ඒවා සම්බන්ධ කතාකරන්නට ගොස් නිකරුනේ අසතුටු සාදා ගනී. මේෂ රාශිය ළඟට වෘශ්චික රාශිය ක‍්‍රියාවෙහි දක්ෂ වේ. නොයෙක් දේ දුටු හැටියේ කළ හැකි වෙයි. රැුස්කර තබා ගැනීමේ ආශාවක් නැත. මානසික ධර්ම වහා අවබෝධ වන නුවණක් තිබේ. සෙවීමට ආශා ඇත්තෙකි. කාලය අනුව ගරුසරු කරන සිරිත් වලට සැලකුවේ වී නමුත් ක‍්‍රමානුකූලව කතා කළොත් ඒවා බිඳ දැමීමට සමත් වේ. තමාගේ කටයුතු පමණක් බලාගෙන ක‍්‍රියා කරන ගතියක් තිබේ. වෘශ්චික ලග්නයෙහි උපන් අය ආගිය තැන කැපී පෙනෙන ගතියක් තිබේ. යමක් උඩින් පිළිගන්නා ගතියක් නැත. හොඳට අවබෝධයෙන් පසුව පිළිගනී. තමාගේ දක්ෂ භාවයෙහි ඇති ආත්ම විශ්වාසය නිසා කටයුතු අන්තිම මොහොත දක්වා කල්දමයි. මම ඒක ඕනෑ වෙලාවට කරන්නම් කියයි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ මායමක් නැතිව තමාගේ අදහස් අන්‍යයන්ට දැනගන්නට හැරීම, වහා කිපීම, සෙල්ලම් ක‍්‍රීඩා ආදියට ඇති ආශාව, හා තරමක කුඩුකේඩු කමත්ය.

රෝග :
මුත‍්‍රාශයේ ගර්භාෂයේ රෝග මුත‍්‍ර ගල් හා දරුණු ඉක්මන් රෝග ආදියයි. වෘශ්චිකයෙන් උපන් අයට පුෂ්පරාග කහපට ගල් පැළඳීම යහපති.

ධනු►
සාමාන්‍ය රූප ස්වභාව :
සම්පූර්ණ ලෙස වැඩුණු ලක්ෂණ රූපය වේ. පළල් නළල වේ. සමහර විට ප‍්‍රමාණයට වඩා උස් වේ. උස් වූ දික් නාසය වේ. රන්වන් ඉසකෙස් වේ. රතු පැහැ සම වේ. අංග සම්පූර්ණ රූපය වේ.

ගතිගුණ :
ගුරු හිමි ධනු රාශියේ උපන් අය ත්‍යාගිවන්ත වෙති. සෘජුයි කෙලින් වැඩ කරයි. පෘථුල අදහස් ඇති වේ. කි‍්‍රයා ද එසේමයි. උසස්විමේ මතු වීමෙ බලාපොරොත්තු ඇත්තෙකි. යුක්තිය දිවි මෙන් සලකයි. අන්‍යයෙකුට හෝ වෙන කෙනෙකු අයුක්තක් කරනවා ඉවසිය නොහැක. එවිට කිසිම අනුකම්පාවක් නැත්තකු මෙන් යුක්තිය ඉටුකිරීම පිණිස සටන් වැදීමට ඉදිරිපත් වෙයි. ධනු රාශිය ශරීර දෙකක් එක්වී සෑදී තිබෙන්නාක් මෙන්ම ධනු රාශියේ උපන් අය ද ගති දෙකක් ඇත්තෝය. වරක් කිසි ගරු සරුවක් නැතිව ඕනෑ දේකට ඉදිරියට පැන කරදර විය හියදම් දරා වැඩකරයි. වරක් බොහෝ ඉවසිල්ලෙන් සිහි කල්පනාවෙන් සකසුරුම් කමින් යුතුව එවැනි දේට මැදිහත් නොවී සිටියි. ඕනෑම අලූත් දෙයක් ධනු ලග්න කාරයාට අලූත් නැත. බාරගත් දෙය කිරීම ගන්නා ධෛර්ය වටිනා දායාදයකි. යුක්ති ගරුක භාවය නිසා නීත්‍යානුකූල නුවූ දේ නොකරයි. ධනු ලග්න කාරයා තමාගේ ඕනෑ කමින් නඩු මගට නොබසී. හැකි සෑම විටම ඉන් බේරීමට යත්න දරයි. යතොත් යන්නේ අන්‍යයෙකු නිසාවේ. මිථුන ලග්නකාරයා පටන්ගත් වැඩය නොකර අතපසු කරන්නාක් මෙන්ම ඊට ප‍්‍රතිවිරුද්ධ ධනු ලග්න කාරයා පටන් ගත් දේ අවසාන නොකර වෙන වැඩක නොයෙදේ. ඒකේම යෙදී ඉක්මනට අවසාන කරයි. දර්ශන න්‍යායාදී උසස් ධර්ම ඉගෙනීමට ආශා කරයි. රාශි වලල්ලේ නවවැන්න ඒවාට අයිති බැවිනි. කරන දේ ලොකුවටම කිරීමට සිතෙයි. නිදහසට ගරු කරයි. අන්‍යයන් ගෙන් නොරැුවටීමට ප‍්‍රවේසම් වෙයි. යුක්තිගරුකභාවය සත්‍යවාදී භාවය ධර්මිෂ්ට භාවය යන උතුම් ගති ඔහුගේ නොහරින ධනය වේ. වාසනා ගතියෙන් හා ප‍්‍රීතියෙන් පසුවෙයි. වචන ඥානවන්තවාක් මෙන්ම ආඥා මෙන්ද වේ. ක‍්‍රියා ධෛර්ය ගන්වන සුළු මෙන්ම භයානක ද වේ. කඩිසරකම ද ක‍්‍රියා කාරීත්වය ද ගතිය යහපත් බැවින් ව්‍යාපාරයෙහි මහත් දියුණුව ලබයි. විනීත ගතිය වැඩ පිළිවෙල ක‍්‍රමානුකූලකම තමාගේ දියුණුවේ පඩි පේළි වේ. බොහෝ කල් සකස් කර කළ දෙයක් මෙන් හරියයි. අශ්වයින්ට අශ්වරේස් වටල එවැනි සෙල්ලම්වලට කැමති වෙයි. එහෙත් බොහෝ විට නිහතමානී චාම් ජීවිතයම ගෙවයි. ගනුදෙනු පරිස්සමෙන් කරන ගතියක් තිබේ. දුර්වලකම් හැටියට පෙනෙන්නේ නුවමනා අවිශ්වාසයත් අප‍්‍රවේසම්ව භයානක දේට මූණපෑමත් හදිස්සියේ අදහස් වෙනස් කිරීමත් හදිසි අනතුරු වලට භජනය වීමත්ය. ධනු ලග්නයට චන්ද්‍රයා අටේ සිටීම හොඳ නැත. ස්වක්ෂේත‍්‍ර වුනේ වී නමුත් රෝග පීඩා සාදයි. ශනි පහේ සිටීම බොහෝ ගුණ දෙන පිහිටීමකි.

රෝග :
තුනටියේ හා ඒ අවට ප‍්‍රදේශවල රෝග රක්ත වාතය, නියම ක‍්‍රමානුකූලව ශරීරයන්ත‍්‍රය වැඩ නොකිරීම උගුරේ හා සෙම් නාලයේ රෝග, අර්ශස් ගෙඩි, ගුද කීල ආදිය හෝ කකුල් ඉදිමීම නොවේ නම් කකුල්වල කළු ලේ නහර මතුවීම ආදියයි. ධනුවෙන් උපන් අයට කොල නිල් මිශ‍්‍ර ගල් ජාති පසිංගල හෝ ඝන පච්ච වර්ග යහපති.


මකර►
සාමාන්‍ය රූප ස්වභාව :
සිහින් දුර්වල ශරීරය වේ. හීන් මුහුණ හා මහත් දත් වෙයි. ශනි හෝ ගුරු ලග්නයේ නම් මහත් ශරීර වේ.

ගතිගුණ :
ශනි අධිපති පඨවි රාශියක් බැවින් මකර ලග්නයෙහි උපන් තැනැත්තේ බලය ලබාගැනීමේ ආශාව ඇත්තෙකි. සියුම් සිතිවිලි අඩු ක‍්‍රියාත්මක ගති වැඩි කෙනෙකි. තමාගේ වාසිය පිණිසම වැඩ කරන ආත්මාර්ථකාමී ගතිය බල පවත්වයි. ඒ වෙනුවෙන් දුර කල්පනා කරයි. ලාභය අතට ලැබෙන තුරු එය ලැබේය යයන විශ්වාසයෙන් තොර වේ. කම්කටොලූ විඳීමේ ඇති නොපසුබස්නා ගතිය නිසා ජයග‍්‍රහණය කරා ගමන් කරයි. මකර ලග්නයෙහි උපන් තැනැත්තේ කම්මැලි කමින් නිකරුනේ කාලය ගත නොකරයි. ලෞකික ආශාව ඉතා බලවත් වේ. අර්ථ ශාස්ත‍්‍රය පිළිබඳ නුවන හෙවත් අයවැය බලා කටයුතු කිරීම ප‍්‍රධාන අංකයෙහි වෙයි. මුදල් වලට ඇති ලෝභී කම නිසාත් බලය ලබා ගැනීමට ඇති ආශාව නිසාත් තරමක මසුරෙකුගේ ගතිගුණ පෙනෙන්නට තිබේ. අන්‍යයන්ගේ සුළු දේ මහත් කොට සිතයි. ඒවා ලොකුකර කතා කරයි. ක‍්‍රමානුකූල පාලනයෙහි දක්ෂ වේ. විශාල ව්‍යාපාරවල මූලිකත්වය දැරිය හැකි පාලන ශක්තියක් තිබේ. විපතේදී පවා අන්‍යයන් ගෙන් උදව් ඉල්ලීමට මැලි ගතියක් තිබේ. සියලූම වැඩ නවතින අඳුරු මලානික කාල පසුකරන්නට සිදුවේ. දිනන්න දිනන්න ඉදිරියට යන්නාක් මෙන්ම පරදින විට නොපෙනී සිටීමට කැමති වෙයි. කථාවෙහි දක්ෂවාක් මෙන් ව්‍යක්ත නොවේ. මිත‍්‍රයෝ අඩුවෙති. කරන සෑම දෙයකින්ම යම්කිසි ලාභ ප‍්‍රයොජනයක් ගැනීමට සිතන නිසාම ධන රැුස්වේ. බර වැඩට හා පෙරමුණෙහි යන වැඩට යෝග්‍ය වේ. දේශපාලන කටයුතුවලට යෝග්‍යයි. කටක ලග්නයට ප‍්‍රතිවිරුද්ධ මකර ලග්නයේ උපන් අය පොළොවට ආශා කරයි. උසස් සිතුවිලි නැත. සියල්ලක්ම ලෞකික වූත් ක‍්‍රියාත්මක වූත් දේවල් විය යුතුයි. ඉරුගේ දක්ෂිනායනය ඉවර වන්නේ මෙහිදීය. දුර්වලකම් හැටියට පෙනෙන්නේ ඕනෑවට වඩා වෙහෙස වී වැඩ කිරීමත් ලෝභ කමත්ය.

රෝග :
සමෙහි රෝග හා වාදන් රෝග (දණහිස් කෙණ්ඩා වල රෝග* ලේ අඩුකමින් පිපිහලූවීම්, රක්තවාතය, හන්දි කැක්කුම, වාත රෝග, රක්ත රෝග ලෙහෙසියෙන් සෑදේ. මකරයෙන් උපන් අයට චන්ද්‍රකාන්ත ගල් පැළඳීම යහපති.

කුම්භ►
සාමාන්‍ය රූප ස්වභාව :
මධ්‍යම ප‍්‍රමාණ ලක්ෂණ ශරීරයක් වේ. ප‍්‍රිය මුහුණ වේ. වර්ණවත් ඉසකෙස් වේ. කාරුණික පෙනුමෙන් යුක්ත වේ.

ගතිගුණ :
ස්වභාවික තත්වයට ගරු කරන්නෙකි. මනුෂ්‍ය ගති ඇත්තෙකි. ගැඹුරු දේ ඉගෙනීමෙහි ආශා ඇත්තෙකි. ක්ෂත‍්‍රිය මායම් දනී. රෂ්ට‍්‍ර පලෙන විද්‍යාව දනී. අනුන්ගේ චරිත කීමේ ශාස්ත‍්‍ර ඉගෙනීමෙහි දක්ෂ වේ. හොඳ මිත‍්‍රයන් ආශ‍්‍රය කරයි. නියම මිත‍්‍රයෝ කවුරුද යනු අඳුනා ගැනීමෙහි සමර්ථ වේ. කරන දේ සොයා බලා කරයි. නැත්නම් වෙන කෙනෙකු කරන තුරු බලා සිට ඉගෙන ගෙන කරයි. ප‍්‍රවේසම, ඉවසීම, හිතේ එකඟකම, ඔහුගේ ගුණධර්මයෝ වෙති. සියුම් ක‍්‍රියාවන්හි ඇලෙයි. ඥානවන්ත වුනේ වී නමුත් අලූත් දේ පිළිගැනීමට ප‍්‍රමාද වෙයි. ධාරන ශක්තිය ඇත්තෙකු බැවින් වරක් කළ කී දේ මතක නැති නොකරයි. රසායනපරීක්ෂණ කටයුතු වලට යෝග්‍ය වේ. ලෝකය සාමාන්‍ය ජනයාට මිස වාසනාවන්තය කියන කීප දෙනෙකු පිණිස නොවේ. යන මතය තදින් දරන්නෙකි. ජාතික වැඩ කිරීමේදී පොදු මහජනයාටත් පෑගී සිටින දුර්වල පක්ෂයටත් යහපත පිණිස වැඩ කරයි. පිටින් පෙනෙනවාට වඩා යහපත් ගති ගුණ ඇතුළත තිබෙන කෙනෙක් වෙයි. හිත කය සම්පූර්ණයෙන්ම කරන වැඩෙහි යොදා ක‍්‍රියා කිරීමට ධෛර්යයක් තිබේ. බොහෝ විට කුම්භ ලග්නයේ උපන් අය ජය ලබන්නේ අන්තිමේදීය. තමාගේ පිරිසට තද ඇල්මක් ඇති කෙනෙක් වෙයි. බොහෝ විට තපස් ජීවිතයට හෝ එවැනි තත්වයට පැමිණීමට අන්තිමේදී සිතයි. නැත්නම් අන්‍යයන්ට ගුණදැනමිති කම් දෙන දේශනා කිරීම් වැනි දේවල් වලට පෙළඹෙයි. දර්ශන න්‍යායාදී ගැඹුරු ශාස්ත‍්‍රයන්ට ආශා කරයි. ඒවා ඉගෙනීමට දක්ෂ වේ. තමා ඒවා ක‍්‍රියාවේ යෙදනවාට වඩා අනුන් ගේ යහපත පිණිස කියා දීමට ඉගෙන ගනී. මෙය ශනි ගේ රාශියක් වුනේ වී නමුත් මකර ලග්නකාරයා මෙන් ආත්ම ලාභයට ප‍්‍රධානත්වයට, ආශා නොකරයි. එම නිසාම නියම මහජන ප‍්‍රසාදය දිනාගත් ශ්‍රේෂ්ඨ පුරුෂයෝ ද වෙති. අනාථ මඩම්, හිර ගෙවල්, ආරෝග්‍ය ශාලාදියට උදව් දීමට සිතයි. ඒවායේ දුක් විඳින්නට ඇප උපකාර කරයි. ඒවායේ රක්ෂාව හෝ කරයි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ තනිව විවේකව ජීවත්වීමට තිබෙන ආශාව නිසා කටයුතුවල නොයෙදෙන අඳුරු කාලවලට මුහුණ පාන්ට සිදුවීමත් ඉදිරියට පැනයන ගතිය අඩුකමත් ලෞකික දේට හිත යොමු නොකිරීම සමහර විටක ඇතිවන කම්මැලි භාවයක් වේ.

රෝග :
කකුල් වල පහළ සන්ධිස්ථාන අත්වල මැණික් කටු සන්ධිස්ථාන ආදියේ වේදනා රෝග හෝ ඉදිමීම, තනි දඬුවල කළු ලේ නහර මතුවීමෙන් සෑදෙන රෝග හෘදයේ රෝග හමේ රෝග හා ඇස් රෝග ද ලෙහෙසියෙන් සෑදේ.

මීන►
සාමාන්‍ය රූපස්වභාව :
කුඩා අතපය ආදී අවයවයන් ගෙන් යුත් මිටි තරබාරු ශරීරයක් වෙයි. උරහිස් පටුය. උකුල ප‍්‍රදේශය පළල්ය. බබලන ඇස් වේ. සමහරට විට ප‍්‍රමාණයට වඩා ලොකු ඇස් වෙයි. බොහෝ විට රතු ඇස් වෙයි. දිළිසෙන මෘදු සේද වැනි ඉසකෙස් වෙයි. මධ්‍යම වයසෙන් පසු ඇඟ බෙරාලයි. මස් බුරුල්ය.

ගතිගුණ :
බාල කාලයේ කඩිසර වේ. සංදර්ශනීය වේ. උණුවන හිතක් ඇති සෘජු කෙනෙක් වෙයි. අන්‍යයින් ගේ අදහස් වලට ගරු කිරීමක් වශයෙන් නැමෙයි. අමුතු අමුතු අදහස් වලට හා අලූත් අලූත් දේවලට හැරෙන ගතියක් තිබේ. ප‍්‍රීතියට රස ආහාරයට රසාස්වාදනයෙන් කල් ඇරීමට කැමති වෙයි. ලෞකික අතින් දියුණුව හෙමිහිට වෙයි. ලෝකෝත්තර දේම ගරු කොට සලකයි. කටයුතු දෙකක හෝ වැඩි ගණනක යෙදී සිටීමට සමර්ථ වේ. ඉතාම කරුණාවන්ත වේ. දුගියෙකුට යමක් දීමේදී උඹට මක් වෙලාද, රක්ෂාවක් කරන්නට බැරිද කියා කිසි කලක නොවිමසයි. එසේම රෝගියෙකුට සංග‍්‍රහ කිරීමේදී ලෙඬේ කුමක්ද, හැදුනේ කොහොමද, කියා නොවිමසයි. ක්ෂමාව දීම මීන ලග්නකාරයාගේ ප‍්‍රධාන අංගයයි. හතුරෙකුට වුවත් ද්‍රෝහිකම් නොකරයි. මහජන සේවයට ඇති අධික ආශාවක් ගරු නම්බු තෑගි බෝග පිළි නොගන්නා ගතිත් ආත්මාර්ථය නොසැලකීමත් නිසා මෙලොව සැප සම්පත් දියුණු වන්නේ කලාතුරකිනි. බොහෝ විට ආත්ම පූජාවන් අධික ත්‍යාගිවන්ත භාවයත් නිසා තමා දිලින්දෙකු ද විය හැක. මීන ලග්න කාරයා කෙරෙහි තැබූ විශ්වාසය කිසිදා නොබිඳේ. කොතරම් කරුණාවන්තද කීවොත් සතෙුකු වුවත් දුක් විඳිනවා තමාට ඉවසිය නොහැක. බොහෝ විට උන්ට උදව් පිණිස කටයුතු කරයි. හැදෙන ගහක් වැලක් පවා කැඞීමට මැලි වෙයි. මීන ලග්න කාරයා තමාගේ යහපත් ගතිගුණ රටට ඇසෙන සේ නොකරයි. ඒවා තමාගේම සිතේ ප‍්‍රීතිය පිණිස භුක්ති විඳියි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ අධික ස්නේහවන්ත භාවය තමාම විනාශ වන අධික අනුකම්පාව හා ත්‍යාගිවන්ත භාවය අන්‍යයන්ගේ වචන පොරොන්දු විශ්වාස කරගෙන සිටීම ආදියයි. මේවා උසස් අයගේ ගුණධර්ම වේ.

රෝග :
වළලූ කරේ සිට පහළට කකුල්වල රෝග, ලේ අඩුකම, ඉදිමුම් ගතිය, ලේ අඩු කමින් ඇතිවන හෘද රෝග, පිපිහලූවීම් ආදිය වේ. වයස යාමේදී ලේ අඩුකම හා කකුල් ඉදිමීම ස්වභාවයි. මීනයෙන් උපන් අය ට පසිංගල හෝ පළිඟු ගල් පැළඳීම යහපති.

රාශි සම්බන්ධ කී සියලූ විස්තර එසේම එක්කෙනෙකු තුළ ඇතිවිය නොහැක. ලග්නයේ සිටි ග‍්‍රහයා ගේ හැටියටත් ලග්නාධිපතියා සිටි රාශියේ අධිපතියාගේ හැටියටත් ලග්නයට හා ලග්නාධිපතියාට වැටහෙන දෘෂ්ටිවල හැටියටත් ලග්න ද්‍රෙස්කාණයේ හැටියටත් ලග්න නවාංශකයේ හැටියටත් ලග්නාධිපතියා සිටින ද්‍රෙස්කාණයේ හා නවාංශකයේ හැටියටත් වෙනස්වන බව සිතේ තබාගෙන රූප ස්වභාව හා ගතිගුණ කිය යුතුයි. නිතරම ගුණාගුණ දෙක සමකර බලා වැටි පක්ෂයේ ගති පමණක් කිව යුතුයි. ලග්නයේ ග‍්‍රහයන් කීප දෙනෙකු සිටි විට ලග්නයටත් ඔවුන්ටත් වැටහෙන රූප ස්වභාව නොයෙක් අතින් වෙනස් වන බැවින් නිශ්චය වශයෙන් කීම ඉතා අමාරු කරුණකි. ගුරු ලග්නයේ සිටියොත් මහත වෙයි. එහෙත් ගුරුගේ බලය එන්නේ වයස හතළිහෙන් පසුව වෙයි. චන්ද්‍රයා සිටි රාශියේ ගතිගුණ ද බොහෝ විට පෙනෙන්නට තිබේ. චන්ද්‍රයා හතරේ නම් ඒ රාශියේ ගතිගුණ බොහේ ප‍්‍රකාශව පෙනේ. කුජ දහයේ සිටීමෙන් කුජගේ ගති ගුණ බොහෝ ක‍්‍රියාවලින් ප‍්‍රකාශව පෙනේ. එම නිසා නිශ්චය කර ගැනීම මේවා සියල්ල ගැන සිතා බලා ප‍්‍රවේශමෙන් කළ යුතුයි.

උපුටාගැනීම : විද්‍යුත් තැපෑලක් මඟිනි

◄ සම්මුඛ පරීක්ෂණය ►


එක්තරා තරුණ උගත් පුද්ගලයෙක් උසස් අධ්‍යාපනය නිමා වෙලා සමාගමක කළමනාකරණ තනතුරට ඉල්ලුම් කලා. පළමු පරීක්ෂණයෙන් සමත් වුනු ඔහු අවසන් පරීක්ෂණයට මුහුණ දෙමින් සිටියා. ඔහුගේ ලිපිගොනු පෙරලා බැලූ අධ්‍යක්ෂකවරයාට ඔහු තනතුරට ඉතාම සුදුසු බව තේරුනා. සියළුම විභාග ඔහු ඉතා ඉහලින් සමත් වී තිබුනා.

"ඔබට විශ්ව විද්‍යාලයෙන් ශිෂ්‍යත්වයක් ලැබුනද???" අධ්‍යක්ෂක ඇහුවා. "නැහැ"තරුණයා කිව්වා. "එහෙනම් ඔබට ඔබගේ පියාද වියදම් කලේ??? " "මගේ පියා නැහැ. මට අවුරුද්දක් වෙද්දි තාත්තා නැති වුනා. අම්මා තමා මගේ අධ්‍යාපනයට වියදම් කරන්නේ." තරුණයා කිව්වා. "ඔබේ අම්මා කොහෙද වැඩ කරන්නේ??" "අම්මා කරන්නේ රෙදි හෝදන එක." තරුණයා පිලිතුරු දුන්නා. "මට ඔබගේ දෑත පෙන්වන්න"

දෑත බලපු අධ්‍යක්ෂකවරයා දුටුවේ බොහොම සුමුදු අත් දෙකක්.
"මට එක ඉල්ලීමක් කරන්න තිබෙනවා. ඔබ අද ගෙදර ගිහින් ඔබගේ අම්මගේ දෑත හෝදන්න ඕන. හෙට ඇවිත් ඔබ දුටුව දේ මට කියන්න. එය තමා ඔබේ අවසාන පරීක්ෂණය" අධ්‍යක්ෂකවරයා කිව්වා.


තමාට රැකියාව ලබන්න තිබෙන ඉඩ කඩ වැඩි බව දුටු තරුණයා සතුටින් ගෙදර ගිහින් අම්මට ඒ ගැන කිව්වා. පසුව තමන්ගෙ අවසාන පරීක්ෂණය ගැනත් කිව්වා. පුදුමයට පත් වුනත් අම්මා තමන්ගෙ අත් දෙක හෝදන්න පුතාට ඉඩ දුන්නා. දෑත හෝදන්න ගත්ත තරුණයගේ දෑස් තෙත් වුනා. අම්මාගේ දෑත එතරම් රළු බව ඔහුට දැනුනේ පලමු වරටයි. ඒ වගේම කැපුම් තුවාල ගොඩක් තිබුනා. ඇතැම් ඒවා වතුර ගෑවෙද්දි ඉතා වේදනාකාරී බව ඔහුට තේරුනා.


ඔහුට පළමු වරට තේරුනා ඔහු ඉගෙන ගන්න ඔහුට වඩා අම්මා වුනු මහන්සිය. ඇයගේ අතේ තිබුන තුවාල තමා තමාට ඉගැන්නුවෙ කියන එක ඔහුට තේරුනා. ඔහු එතනින් ඉවත් වුනේ ගොඩ ගැහිලා තිබුනු ඉතිරි රෙදි ටිකත් හෝදලා දීලයි. පහුවදා ඔහු නැවත ගියහම අධ්‍යක්ෂකවරයා සිදුවූ දේ ගැන ඇහුවා. තමන් අම්මගේ දෑත සේදීමෙන් පසු ඉතිරි රෙදි තොගයත් සේදූ බව තරුණයා කිව්වා. "බොහොම ස්තුතියි. මම මෙච්චර කල් නුදුටුව දේ මට පෙන්වල දුන්නට"


"අපේ සමාගමට සතුටින් පිලිගන්නවා." අධ්‍යක්ෂවරයා තමන් කලින් පිළියෙල කොට සූදානම් කර තිබූ පත්වීමේ ලිපිය දෙන ගමන් කිව්වා. සම්පූර්ණ ස්තූතිය Jayanath Ranga Weragoda සොහොයුරාට. I love my mother as the trees love water and sunshine, she helps me grow, prosper, and reach great heights.

Saturday, January 14, 2012

◄ සමරු අත්සන ►



එදා දෙසැම්බර් 24 සවස. හැමෝටම නත්තලේ සතුට දැනෙමින් තිබුනා. අම්මලා තාත්තලා ලමයි එක්ක සතුටින් ගෙවල් සරසනවා. රොබ් පහුවදා තිබුනු උත්සවයකදි දුප්පත් අයට දන් දෙන්න පාවිච්චි නොකරන බඩු භාණ්ඩ සොයමින් හිටියා. එවෙලේම නිවසට ආවේ රොබ් ගේ ඥාතියෙක්. දන් දෙන්න තිබුන බඩු අස් පස් කරන්න උදව් වෙන අතරේ ඔහුගේ ඇස ගැසුනේ තරමක් දුහුවිලි වැදුනු බේස් බෝලයක්.

"ඒයි රොබ්, උඹට මතකද මේ බෝලෙ??" බෝලෙ දුටුවා විතරයි රොබ් ට ලස්සන සිනහවක් ගියා. "ඕක නම් දන් දෙන්න බැහැ. නෝනා අමතක වෙලා ඕකත් දාන්න ඇති" "හහ් හහ්... උඹ තාමත් ඔය බෝලෙට ආදරෙයි නේද?" ඥාතියා ඇහුවා. 'ඔව්... මම ක්‍රීඩා විස්තර සපයන්නෙක් විදිහට මගේ රස්සාව පටන් ගත්තෙ ඔය බෝලෙ නිසා. තාත්තා මට වයස 8 දි ඔයක ගෙනත් දුන්නෙ. පීට් සයිමන්ට කියලා මගේ නමින් පීට් අත්සන් කල දවසෙ ඉදන් මම ක්‍රීඩා වලට ආස වුනා. දන්නවනෙ පීට් කියන්නෙ මගේ ප්‍රියතම බේස්බෝල් ක්‍රීඩකයා." "හහ් හහ්... උඹ තාම හිතන්නෙ පීට් ඕක උඹට අත්සන් කලා කියල නේද? පීට් වගේ අය එහෙම කරන්නෙ නැහැ බං. එයාල තමන්ගෙ පුහුණුකරුවො දම්මල තමා ඔය වගේ සමරු සටහන් අත්සන් කරවන්නේ." රොබ් ගේ මුහුණ අඳුරු වුනත් එයා වචනයක් වත් කීවෙ නැහැ.

ඥාතියා ගියාට පස්සෙ රොබ් තනිවම අර බෝලෙ අතේ තියාගෙන කල්පනා කරනවා රොබ්ගෙ බිරිඳ දුටුවා. 
ඥාතියා ගියාට පස්සෙ රොබ් තනිවම අර බෝලෙ අතේ තියාගෙන කල්පනා කරනවා රොබ්ගෙ බිරිඳ දුටුවා. "මම ඔක්කොම අහගෙනයි හිටියෙ රොබ්. ඔයාට පිස්සුද ඕක ගැන දැන් මෙච්චර හිතන්නෙ. දැන් ඔය බෝලෙ ඔයාට ලැබිලා අවුරුදු 25ක් වෙනවා. අද දකිනකල් ඔයාට ඔයක ගැන මතකයක් වත් තිබුනෙ නැහැ. ඔයක අමතක කරල මේ වැඩේ ඉවර කරමු" "ඔයාට තේරෙන්නෙ නැහැ. මම මගේ උසස් අධ්‍යාපනය කැප කලා මගේ රස්සාවට. මම අද මෙතන ඉන්නෙ මේ බෝලෙ නිසා. මගේ ජීවිතේ මගේ අනාගතේ වෙනස් වුනේ මේක නිසා. ඔයාලට වැරදිලා. මේක පීට් මං වෙනුවෙන් අත්සන් කල එකක්. මගේ තාත්තා මට මෙහෙම බොරුවක් කරන්නේ නැහැ. ඉන්න මම ඔප්පු කරන්නම්. මම තාත්තව දැන්ම හම්බ වෙන්න යනවා"


බිරිඳගේ විරෝධය නොතකා රොබ් පියාගේ නිවසට ගියා. ඔහු පියාට තම බෝලය පෙන්නුවා. තාත්තගේ මුහුණේ ලස්සන සිනහවක් ඇදුනා. "මේ මම ඔයාට ගෙනත් දුන්නු බෝලෙ නේද රොබ්. ඉන්න බලන්න. එතකොට ඔයාට 8ක් විතර ඇති. හහ් හහ්. අත්සන තවම එහෙම්මමයි නේද? මෙච්චර කල් මේ තීන්ත එක තියෙයි කියලා මම හිතුවෙ නැහැ" රොබ් ගොලු වුනා. ඔහු වේගයෙන් බෝලය පොලවෙ ගැහුවා. රොබ්ගෙ තාත්තා පුදුම වෙලා බලං හිටියා. "එතකොට මම මෙච්චර කල් මෝඩයෙක් වගේ මේක ඇත්ත කියලා විශ්වාස කලා. මගේ රස්සාව මගේ ජීවිතය ගොඩ නැගුවෙ බොරුවක් උඩ. මම මෙච්චර කාලයක් මේ බොරුව විශ්වාස කරද්දි ඇයි මට කීවෙ නැත්තෙ??? "


රොබ් තාත්තාගේ මුහුණට කේන්තියෙන් බැණ වැදුනා. තාත්තාගෙ මුහුණ අඳුරු වුනා. "මම හිතුවෙ ඔයා ලොකු වෙද්දි දැනගන්න ඇති කියලා රොබ්. මම මේ වගක් දැනගෙන හිටියෙ නැහැ. අනික මේක එච්චර ලොකු දෙයක් නෙමේ" වචනයක්වත් කතා නොකල රොබ් පිටව යන්නට දොර ගාවට ගියා. "මම වෙන මොනවා කරන්නද රොබ්." පියාගෙ හැඬුම්බර කට හඬ ඇහුනා. "එතකොට ඔයා පොඩී. ඔයා මගෙන් ඔය බෝලෙ ඉල්ලල දවස් ගානක් ඇඬුවා. මම දවස් 5ක් පීට් සෙල්ලම කරනවා බලන්න ගිහින් එයාලගෙ ක්‍රීඩාගාරෙ ගේට්ටුව ගාව බලාගෙන හිටියා. ඒත් එයා එක්ක කතා කරන්න මට බැරි වුනා. පස්සෙ මම පුහුණු වීම් කරන තැනට ගියා. ඒත් එයා එක්ක කතා කරන්න දුන්නෙ නැහැ. පස්සෙ ඔයා බෝලෙ ඉල්ලලා කන්නෙ නැතුව හිටියා. එදා මම පැය ගානක් පීට්ගෙ අත්සන ගහන්න පුරුදු වුනා. කොහොම හරි අන්තිමට මම එයාගෙ වගේම අත්සනක් ගැහුවා. මට වෙන කරන්න දෙයක් තිබුනෙ නැහැ පුතා..."



රොබ් මොහොතක් නිහඬව හිටියා. පස්සෙ බිම වැටිලා තිබුනු බෝලය අහුල ගත්තා. පස්සෙ දොර ගාවට ඇවිත් පියා දිහා ආදරෙන් බැලුවා. "සුභ නත්තලක් තාත්තේ. මේ බෝලෙ මෙච්චර වටිනවා කියලා මම අදයි හරියට තේරුම් ගත්තේ." දොර වහගෙන එලියට යන ගමන් රොබ් කිව්වා.
~~පරිවර්ථනයකි~~ සම්පූර්ණ ස්තූතිය Jayanath Ranga Weragoda සොහොයුරාට. ◄►◄►◄►◄►◄►◄►◄►◄►◄►◄►◄►◄►◄►◄►◄►◄►
''මවකට මුවාවි නුඹ වෙත දිරි දුන්නේ මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ'' තාත්තලගේ ආදරේ ඒ වගේ, අපි පොඩි කාලේදී තමයි එයාලගේ ආදරේ අපිට පෙන්නන්නේ. ඒත් අපි ලොකු වෙනකොට එයාලා අම්මල වගේම අපිට ඒ ආදරේ පෙන්නන්නේ නෑ. ඒත් වෙනසක් නෑ, ආදරේ ඒ වගේමයි.

Friday, January 13, 2012

◄ ආදරයෙන් වෙන්වීම ►



මේ කතාව එක්තරා යුවළක් ගැනයි. මේ පෙම්වතා තමන්ගෙ පෙම්වතියට ගොඩාක් ආදරය කලා. කොච්චර ආදරේද කිව්වොත් එයා පෙම්වතිය කැමති ජාතියෙ කඩදාසි කුරුල්ලො 1000ක් එක් වරක් පෙම්වතියට හදලා දුන්නා. මේ වෙද්දි ඔහු පොඩි අවන්හලක කෝකියෙක්. ඒක නිසා සුවබර අනාගතයක් ගැන සුබ ලකුණු පේන්න තිබුනෙ නැහැ. නමුත් මේ පෙම්වතාටයි පෙම්වතියටයි ඒක බාධාවක් වුනෙත් නැහැ. ඒත් එක දවසක් මේ හැමදේම වෙනස් වුනා.

දවසක් ඔහුව හමුවෙන්න ආව පෙම්වතිය ඇය පැරීසියට යන බවත් ආයෙ එන්නෙ නැති බවත් කීවා. ඔවුන් හිටපු තත්වයෙන් ඒ දෙන්නගෙ අනාගතයක් ගැන හිතන්න බැහැ කියලා ඇය කීවා. ඒක නිසා තමන් තමන්ගෙ පාරවල් වල යන එක තමා සුදුසුම දේ කියලා ඇය පැවසුවා. පෙම්වතාට දරාගන්න බැරි වේදනාවක් ආවත් ඔහු ඊට එකඟ වුනා. ටික කලක් යද්දි ඔහු එම කම්පනයෙන් ගොඩ ආවා. එදා පටන් ඔහු දිවා රෑ නොබලා වෙහෙස වෙලා වැඩ කලා. ඔහු බලා සිටියදි දියුණු වුනා. අවසානයේ ඔහුගේ මහන්සියේ ප්‍රථිඵලයක් ලෙස ඔහු තමාගේම සමාගමක හිමිකරුවෙක් වුනා. 


එදා වැසි දවසක්. පෙම්වතා තමන්ගෙ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියා. ඔහුගේ ඉදිරියෙන් එකම කුඩයක් යටින් යන වයසක ජෝඩුවක් ඔහු දැක්කා. කුඩයක් තිබුනත් ඔවුන් හොඳටම තෙමිලා හිටියෙ. මේ තමන්ගෙ පෙම්වතියගෙ දෙමව්පියන් බව වැටහෙන්න ඔහුට වැඩි වෙලාවක් ගියෙ නැහැ. තමන්ගෙ තත්වය පෙන්වන්න හිතුව ඔහු ඔවුන් ලඟින් සෙමෙන් වාහනය රැගෙන ගි‍යේ ඔවුන්ට තමන්ගේ නවතම කාරය පෙන්වන්න. තමන් හිටිය පුද්ගලය නෙමේ කියන එක ඔහුට පෙන්වන්න ඕන වුනා.


නමුත් වයසක ජෝඩුව ඔහු ගැන තැකීමක් කලේ නැහැ. ඔවුන් ඔවුන්ගේම ලෝකයක ගමන් කලා. ඔවුන් සෙමෙන් සෙමෙන් ගමන් කරන්නේ කනත්තට බව ඔහු දුටුවා. ඔහු කාරයෙන් බැහැලා ඔවුන් පසුපසින් ගියා. තමන් පණ මෙන් ආදරය කල පෙම්වතියගේ සිනහ මුසු මුහූණ සොහොන් කොතක තිබෙනවා දුටු ඔහු මොහොතකට ගොළු වුනා. ඒ ලඟින්ම රාමු කරලා තිබුනේ ඔහු ඇයට තෑගි කල කඩදාසි කුරුල්ලන් ටිකයි.


පෙම්වතියගේ දෙමාපියන් ඔහුව දුටුවේ මේ මොහොතේයි. සිදුවුනේ මොකක්ද කියලා ඔහු විමසුවා. වයසක දෙමාපියන් සිදු වූ හැමදෙයක්ම කීවා. ඇය කවදාවත් පැරීසියට ගියේ නැහැ. ඇයගේ සිරිරේ පිළිකාවක් තිබෙන බව ඇය දැනගත්තේ ඔහු හැර යන්නට ටික දිනකට කලිනුයි. තමන් ජීවත් වෙයි කියලා ඇයගේ සිත ඇයට කීවත්, ඇය තම පෙම්වතාට කරදරයක් වෙයි කියන බයෙන් ඔහුගෙන් වෙන් වෙන්න තීරණය කලා.



ඇයගේ එකම ආසාව වුනේ තමන් මිය ගියහම තමන්ගේ සොහොන් කොතේ තම පෙම්වතා දුන්නු කඩදාසි කුරුල්ලන් තැන්පත් කරන්න කියලයි. එවිට යම් දවසක තමාගේ ආදරය ඔහුට වැටහෙනු ඇතැයි ඇය සිතුවා. කියාගන්න බැරි හැඟීම් ගොන්නක් පෙම්වතාගෙ හිතේ හිර වුනා. කතාව අවසානයේ දෑසින් සට සට ගා කදූලූ වැටෙද්දි පෙම්වතා තම පෙම්වතියගේ සොහොන් කොත ලඟ දණින් වැටුනා.

~~පරිවර්ථනයකි~~ සම්පූර්ණ ස්තූතිය Jayanath Ranga Weragoda සොහොයුරාට.
වෙන්වීම, සමුගැනීම, අත හැරීම කියන්නෙත් ආදරයම වෙන්න පුළුවන් වෙලාවල් තියෙනවා නේද යාලුවනේ...