Tuesday, January 31, 2012

◄ අතක් නැති කොල්ලට මොන ''ජූඩෝ'' ද? ►



පෝල් කියන පොඩි කොල්ලට ඕන වුනා “ජූඩෝ“ ඉගෙන ගන්න. ඉතින් වයසක ජපන් ''ජූඩෝ'' ගුරුතුමෙක් ළගට තමා පෝල් ''ජූඩෝ'' ක්‍රීඩාව ඉගෙන ගන්න ගියේ. ඒත් පොඩි ප්‍රශ්නයක් තිබුණා. දන්නවද? මේ පෝල් ගේ වම් අත නෑ. කාලෙකට ඉස්සර සිදුවුණු භයානක රිය අනතුරකින් පෝල්ට එයාගේ වම් අත අහිමි වුනා. හැබැයි පෝල් ට ඒක ප්‍රශ්නයක් වෙන්න ගුරුතුමා ඉඩ දුන්නේ නෑ.

කාලයත් එක්ක පෝල් ''ජූඩෝ'' ක්‍රීඩාව හොදට පුරුදු වේගෙන ගියා. ඒත් මාස 3ක් වෙලත් මේ වයසක ජපන් ගුරුතුමා පෝල් ට කියලා දෙන්නෙ එකම සටන් ක්‍රමය. එකම එක චලනයක් විතරමයි. පෝල්ට මේක ඇති වුනා.

සෙන්සෙයි... මොකක්ද මේ? මට වෙන සටන් ක්‍රම කියලා දෙන්නේ නැද්ද? මට දැන් මේක කරලාම ඇති වෙලා. පෝල් ටිකක් තරහින් කිව්වා.

ඒක නම් ඇත්ත. මේ ඔයා දන්න එකම විදිහ. ඒත් මේකම තමා ඔයා හැමදාටම දැන ගන්නත් ඕන එකම සටන් ප්‍රහාරක ක්‍රමය. ඉතා ශාන්තව ගුරුතුමා කිව්වා.

අනේ මන්දා... හොදයි.

ගුරුතුමාගේ වචනය විශ්වාස කරලා පෝල් ආපහු දිගටම පුහුණු වීම් කලා. කාලය ගත වෙලා යද්දී ගුරුතුමා ජුඩෝ තරඟාවලියකට පෝල් ව එක්ක ගෙන ගියා. පලවෙනි තරඟයට ඔහු ඉදිරිපත් වෙද්දී වටේ අයත් පුදුම වුනා. පළවෙනි තරඟය පහසුවෙන්ම පෝල් ජය ගත්තා. ඔහුත් ඒ ගැන පුදුම වුනා වගේම තව ටිකක් උනන්දුත් වුනා. දෙවනි තරඟයත් පහර දෙක තුනක් වැදුනත් සටන් කල පෝල්ට ජය හිමිවුනා. තුන්වෙනි එක නම් ටිකක් අමාරු පාටයි. එහෙත් ප්‍රතිවාදියාගේ ඉවසුම් නැති වීමත් තරහා යාමත් වාසිය කරගත් පෝල් තමන් දන්නා එකම සටන් ක්‍රමයෙන් ඔහුවත් පරාජයට පත්කලා. ඔහු පුදුම වුනා ඔහු ගැනම. මේ අන්තිම තරඟය. හැබැයි පොල් ගේ ප්‍රතිවාදියා හොද ශක්තිමත් උස ඒ වගේම හොද පළපුරුදු ක්‍රීඩකයෙක්. එහෙම බලන කොටනම් මේ දෙන්නා අතරේ කිසිම ගැලපීමක්වත් නෑ.

තරගය පටන් ගත්ත සැනින් ම පෝල්ට පහර පිට පහර වැදුනා. ඔහුට සිතා ගන්නවත් වුනේ නෑ මොකක්ද වුනේ කියාලා. විනිසුරුවා තරඟයේ විවේක කාලයක් සටහන් කලා. හොදටම පහර කෑ පෝල් ගුරුතුමාගෙන් තරඟය නවත්තන්නදැයි ඇහුවා.

එපා. එපා. දිගටම සටන ගෙනියන්න. ඔබටත් අවස්ථාවක් ඒවි. ජපන් ගුරුතුමා ශාන්තව කිව්වා.

නැවත තරඟය ක්‍රියාත්මක වුනා. දිගටම සටන යන අතරේ ප්‍රතිවාදියාගේම වරදින් ඔහුගේ ආරක්ෂක ආවරණය බිම වැටුනා. ඒ අවස්ථාවේදීම පෝල් ක්ෂණයකින් ඔහුව බිම දැම්මේ තමන් දන්න එකම සටන් ක්‍රමයෙන්. ඔහු තරඟය දිනුවා. තරඟාවලියම දිනුවා. ඔහුයි ජයග්‍රාහකයා. එත් පෝල්ට ඒක ලොකු ප්‍රශ්ණයක් වුනා.

ගෙදර යන අතරතුරේ...

සෙන්සෙයි, එක සටන් ක්‍රමයක් විතරක් දන්න මම ඇත්තටම තරඟාවලියක් දිනුවේ කොහොමද?

පෝල් ඒකට හේතු දෙකක් තියෙනවා. ගුරුතුමා කිව්වා.

මොකක්ද ඒ?

පලවෙනි එක, ඔයා ජුඩෝ ක්‍රීඩාවේම තියෙන අමාරුම විසිකිරීමේ සටන් ක්‍රමයක් හොදටම පුහුණුව ලැබුව කෙනෙක්.

එතකොට අනික?

අනික තමයි සටනකදි ඒ ක්‍රමයෙන් බේරෙන ක්‍රමය දන්න ඕනම කෙනෙකුට ඔයාගේ වම් අත තදින්ම අල්ල ගන්න වෙනවා. ඔයාගේ දුර්වලම තැනින් ඔයාට ජයග්‍රහණය කරන්න පුළුවන් වුනා.

ගොඩාක් වෙලාවට අපේ අඩු පාඩු හින්දා අනෙත් අයට බනිමින්, දොස් කියමින් කිරීමට හැකි යමක් හෝ තියෙද්දීත් අඩුපාඩු ගැන හිත හිතාම අපි කලකිරෙනවා. දුක් වෙනවා. අන්න ඒ හින්දම ඒ දුර්වලතාවය කවදා හරි දවසක අපේ ශක්තිමත්ම තැන කරගන්නත් අපි උත්සහ කරන්නේ නෑ. නැති දේ ගැන දුක් වෙනවට වඩා තියෙන දේ ගැන හිතමු.

''I fear not the man who has practiced 10,000 kicks once, but I fear the man who has practiced one kick 10,000 times'' - Bruce Lee

දැනුම සොයා සැරිසරන්න - http://chamikawp.blogspot.com/


Monday, January 30, 2012

◄ හදවතත් එක්ක සෙල්ලම් එපා ►


යාලුවෝ ටික උද්‍යානයේ සෙල්ලම් කරද්දී පීටර් හා ටීනා බංකුවක වාඩි වෙලා අහස දිහා බලන් හිටියා.

ටීනා : ''මට හරිම කම්මැලියි. ආදරේ කරන්න කොල්ලෙක්වත් හිටිය නම්''

පීටර් : ''ම්... ඒක ඇත්ත අපි දෙන්න විතරමයි ඉතිරි වෙලා ඉන්නේ.''

ආපහු අහස බලන කොටම ටීනා කෑ ගැහුවා.

ටීනා : ''පීටර් අපි වැඩක් කරමුද?''

පීටර් : ''මො.. මොකක්ද ඒ?'' පීටර් ඇහුවේ පුදුමයෙන්. ''කියන්න බලන්න.''

ටීනා හැඩ කරලා කතාව කියන්න ගත්තා.

ටීනා : ''මෙහෙමයි. දවස් 100කට ඔයා මගේ boy friend වෙනවා. මම ඔයාගේ girl friend වෙනවා. කැමතිද?''

පීටර් : ''ෂා... ඒකත් හොදයි. මටත් කිසිම වැඩක් නැතුවයි හිටියේ'' පීටර් එහෙම කිව්වා.

ටීනා : ''අද අපේ ආදරයේ පළවෙනි දවස. අපි මොකද කරන්නේ?''

පීටර් : ''හොඳ ෆිල්ම් එකක් තියෙනවා. අපි යමු ද ඒක බලන්න?''

ටීනා : ''නියමයි අපි යමු.''

2 වෙනි දවස
පීටර් ලස්සන කී ටැග් එකක් ටීනාට තෑගී දුන්නා.

3 වෙනි දවසේ මේ දෙන්නම ගියා යාලුවෙකුගේ උපන් දිනයට තෑග්ගක් තෝරන්න. ඒ අතරේ එක අයිස් ක්‍රීම් එකක් අරන් බෙදා ගෙනත් කෑවා.

7 වෙනි දවසේ මේ දෙන්නා ගියා පුංචි කඳු මුදුනකට ඉර බහින හැටි බලන්න. ඉර බැහැලා හඳ නැගෙන කොට ටීනා කොදුරමින් තමන්ටම යමක් කියමින් ප්‍රාර්ථනයකුත් කළා. මේ විදිහට දින ගෙවී යනකොට ගිවිසුමකට යාලු වුන මේ දෙන්නා ගොඩාක් සතුටින් තමා හිටියේ.

කොහොම කොහොම හරි 99 වෙනි දවසටත් ආවා.

එදා මේ දෙන්න නගරේ වටේම ඇවිදින්න යන්න කතා කර ගත්තා. වේලාව සවස 1.23 වෙද්දී දෙන්නම බංකුවක වාඩි වුනා. ඒ අතර...

ටීනා : ''මට තිබහයි. අපි ටිකක් ඉදලා යමු.''

පීටර් : ''හොඳයි. එහෙනම් මම බොන්න මොනවා හරි අරන් එන්නම්. මොනවටද ඔයා කැමති?''

ටීනා : ''අනේ ඇපල් ජූස්. ඒවා තමා මට ඕන.''

වේලාව සවස 1.43. විනාඩි 20ක් හිටියත් පීටර් තාම නෑ. ඒත් හදිස්සියෙන් පුද්ගලයෙක් ටීනා දිහාවට ආවා.

අමුත්තා : ''ඔයාද ටීනා කියන්නේ?''

ටීනා : ''ඔව් ඇයි? මුකුත් උදව්වක් ඕනද?''

අමුත්තා: ''නෑ. අතන පාරේදී පිරිමි ළමයෙක් වාහනයක හැප්පිලා. මම හිතන්නේ ඔයාගේ යාලුවා.''

ඇය එතනට දුවලා යද්දීත් ඇපල් ජූස් බෝතලයත් අතේ තියාගෙනම ලේ විලක් මැද පීටර් වැටිලා හිටියා. හදිසි රථයෙන් ඔහුත් එක්කම රෝහලට ගිය ඇයට පැය 5ක් එතන බලා ඉන්න වුනා. ප්‍රතිකාර කරලා ඉවර වුන දොස්තර මහත්මයා කිව්වේ පීටර් ව බේරගන්න ගොඩාක් උත්සහ කලත් ඒක කරන්න බැරි වුනා කියලා. ඊට පස්සේ ඇයට තම අත වූ ලිපියකුත් දුන්නා. ගොඩාක් දුක් වුන ටීනා ටික වෙලාවකින් අර ලියුම කියවන්න ගත්තා. ඇය තව තවත් අඩන්න ගත්තා.

ලියුමේ තිබුනේ මෙහෙමයි!

''ටීනා අද අපේ ගිවිසුමේ දින 100 අන්තිම දවස. මේ දවස් 100ට මම ඔයත් එක්ක ගොඩාක් සතුටු වුනා. වෙලාවකට ඔයා ගොඩාක් නපුරුයි. වෙලාවකට ගොඩාක් අහිංසකයි. සමහර වෙලාවට හරිම මෝඩයි. ඒ කොහොම වුනත් ඔයා තමා මම දැකපු හොඳම ගෑනු ළමයා. ඉතිං... මම එක දෙයක් අහන්නද? මේ දින 100 තව ටිකක් දික්කර ගනිමුද? හැමදාටම වගේ... මොකද මට සදහටම ඔයාගේ ආදරවන්තයා වෙලා ඉන්න ඕන. මම ඔයාට ආදරෙයි.''

ටීනා දුවලා ගියා පීටර් හිටිය ඇඳ ගාවට... ඇය කෑ ගැහුවා...

''ඔයා මට පොරොන්ඳු වුනා දවස් 100 මා එක්ක ඉන්නවා කියලා. ඒකට තව වෙලා තියෙනවා. ඔයාට බෑ මාව දාල යන්න. මමත් ප්‍රාර්ථනා කළා මට ඔයාව සඳහටම ලැබෙන්න කියලා. ඒත් මම ඒක ඔයාට කිව්වේ නෑ. පීටර් මමත් ඔයාට ආදරෙයි. ගොඩාක් ආදරෙයි. ආපහු එන්න. මා වෙනුවෙන් එන්න.''

වේලාව ගෙවිලා ගියා, දින 100ත් ගෙවිලා ගියා. ඒත් ඇය තවමත් දුක්වෙනවා. ඔබ කාටහරි හදවතින්ම ආදරේ නම් එය පවසන්න කවදාවත්ම ප්‍රමාද වෙන්න එපා. මොකද හෙට මොනවා වෙනවද, වේවිද කියන්න කවුරුවත් දන්නේ නැති නිසා. එහේම ප්‍රමාදයක් වුනොත් එය දිගු කාලයකටම පසු තැවීමක් වේවි.

යාලුවොන්ටත් කියන්න SHARE කලොත් වැදගත් වේවි නේද?

Source : දැනුම සොයා සැරිසරන්න - http://chamikawp.blogspot.com/


◄ අවවාදයයි ! ! ! ►


අංක 1 ► මෙය නම් වැඩි වශයෙන් පිරිමි පාර්ශවයට අදාල කරුණක්. ඒත් අපි එදිනෙදා ජීවිතයේදී වැඩිපුරු නොසිතා කරන නරක පුරුද්දක්. ඒ තමයි අපේ wallets නැතිනම් පසුම්බි, කලිසමේ පිටුපස සාක්කුවේ රඳවා ගෙන සිටියදීම අසුන් ගැනීම. මෙසේ අසුන් ගැනීම නිසා අපගේ කොඳු ඇටපෙළට සිදුවන හානිය නම් අති විශාලයි. ඔබ එසේ පසුම්බිය සමඟ අසුන් ගන්නා විට ඔබගේ ශරීරයේ පිටුපසට සහ කොඳු නාරටියට වේදනාවක් දැනෙනු ඇති. එය ක්‍රමයෙන් පාද දක්වා ගමන් කරන අතර ඔබගේ පිරිෆෝ(ර්)මිස් පේශියට[piriformis muscle] දිනපතා දිගු වේලාවක් මෙසේ වේදනාව දැනීමෙන් පිරිෆෝ(ර්)මිස් පේශියට යටින් ඇති සියැටික් සිනායුව[sciatic nerve] තදවීම නිසා ස්නායු ආබාධ පවා ඇතිවිය හැකියි. පසුම්බිය නිසා කොන්ඳ කඩාගන්නේ නැතුව අපි අසුන් ගන්නා විටදී පසුම්බිය සාක්කුවෙන් ඉවත් කරමු නේද?

අංක 2 ► මේක නම් තරුණ තරුණියන් දෙපාර්ශවයටම අදාලයි. බොහෝම භයානක තත්ත්වයක්. අපි නිදාගන්න ඇඳට ගියාම ජංගම දුරකතනය තියාගන්නේ අපේ මොළයට ආසන්නවයි. සමහරු නම් කොට්ටේ යට. ජංගම දුරකතනය පිළිකාකාරකයන් ශ්‍රේණිගත කිරිමේ 2 B කාණ්ඩයට ඇතුලත් කර තිබෙනවා. ජංගම දුරකතනයක් ඉතා දුර්වල ක්ෂුද්‍ර තරංග නිකුත් කරණු ලබන අතර Cedars-Sinai(Los Angeles) ස්නායු වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය කින් බ්ලැක් පවසන්නේ මයික්‍රොවේව් උදුනක මස් තම්බන්නේ යම්සේ ද ජංගම දුරකතනයක් ඔබේ මොළයද එලෙසම තම්බන බවයි. Vibrate දමා කොට්ටය යට තබා ගැනීම වඩාත් භයානක බවද ඒ මහතා පවසනවා. කවුරු කවුරුත් මල් කඩන්නේ පරිස්සමින්...

ඔබ ආදරය කරන අයව දැනුවත් කරන්නත් අමතක කරන්න එපා...


Sunday, January 29, 2012

◄ වසර 2000ට පෙර සහ පසු ''අපි'' ►

•වසර 2000ට පෙර - ටීවී එකේ කාටුන් බලන්න හරි ආසයි. පොඩි කාලේ රොබින් හූඩ් යද්දී හැමදාම අම්මට මොනව හරි කියල ශේප් කරලා රොබින් හූඩ් බැලුවා.
•වසර 2000ට පසු - පබා, අමා, මුතු කිරිල්ලිලා ආවා. ගෑනු අඬන එකයි කොල්ලෝ බුට්‌ කන ඒවයි බැලුවා. ඒවා හිතට ගත්තා, අපිත් ඒ විදියට හිතන්න වුනා.

•වසර 2000ට පෙර - ගමේ කොල්ලොත් එක්ක ක්‍රිකට් ගැහුවා, එල්ලේ ගැහුවා. අම්මා පොළේ යද්දී අම්මත් එක්ක පොළේ ගියා.
•වසර 2000ට පසු - ක්‍රිකට් ගේම් හෙවුවා. කම්ප්යුටරෙන් ඕස්ට්‍රේලියා ටීම් ඒක අරගෙන අනිත් ටීම් වලට 6 ඒවා ගැහුවා. බාන් බඩි වලින් පැල වවලා අස්වැන්න ගත්තා. හිඟා කාලා සත්තු ගත්තා. ගේම් එකක් වෙනුවෙන් සත්තුන්ගේ පස්ස ක්ලික් කරලා සල්ලි හෙවුවා.

•වසර 2000ට පෙර - ගෙදර කට්ටියත් එක්ක යාලුවොත් එක්ක එකතු වෙලා ගීතයෙන් ගීතයකිවුවා. දාම් ඇද්දා. කඳු පල්ලම් වල හති වැටෙනකම් බයිසිකල් පැද්දා.
•වසර 2000ට පසු - හෙඩ් ෆෝන් ඒක හරි ear phone ඒක හරි කනේ ගහගෙන සින්දු අහන්න ගත්තා. කම්ප්යුටරෙන් චෙස් අදින්න ගත්තා. ගේම් වලින් need for speed car ගේම් ගැහුවා. වේගවත් ජීවිතයකට මානසිකත්වයක් ආවා.

•වසර 2000ට පෙර - අපි හොඳ සිංහලෙන් කතා කරා. අපේ අම්මලා අපිට හොඳට මනුස්සයෙක් එක්ක අපේ රටේ විදියට කතා කරන්න පුරුදු කරා.
•වසර 2000ට පසු - ඉන්ග්ලිෂ් වචන දාලා කතා කරන්න ඕන කියල කියනවා. සිංහලෙන් කතා කරොත් කොළඹ මිනිස්සු නෝන්ඩි කරනවා. දැන් ඉන්න පොඩි එවුන් ඉන්ටනැෂනල් ස්කුල් දාල ඒ පොඩි උන් කිසිම සිංහල වචනයක් දන්නේ නෑ, ඔන්ලි ඉන්ග්ලිෂ්.

•වසර 2000ට පෙර - මනුස්සයොත් එක්ක සුහදව මූණ බලාගෙන කතා කරා. මිනිස්සුන්ව හොඳට අඳුරගෙන හිතවත් කමක් ගොඩ නගාගෙන කතා කරා. පිට රට යාලුවට පෑනේ මිතුරන් යයි කියා ලියුම් යැවුවා.
•වසර 2000ට පසු - ෆේස්බුක්, මේල්, ට්විටර් අනං මනං ආවා. චැට් එකේ කවදාවත් නොදැකපු කොහොම මිනිස්සුද කියල නොදැන තමන්ගේ අම්මා තාත්තාද කියලවත් නොදැන ඔහේ ප්‍රොෆයිල් පික්චර් එකක් දිහා බලාගෙන අකුරු ටයිප් කරන්න පුරුදු උනා. ස්කයිප් එකෙන් මුණ බලාගෙන කතා කරන්න පුරුදු උනා.

•වසර 2000ට පෙර - ගංගාවල් වල පැනල ඇති වෙන්න පීන පීන නෑවා. පොත් කියෙවුවා. නවකතා පත්තර කියෙවුවා. ආච්චි සීයා කියන ලස්සන කතා අහගෙන හිටියා.
•වසර 2000ට පසු - බාත්රුම් එකේ ෂවර් එකෙන් නාන්න ගත්තා. නව කතා ඉන්ටනෙට් එකෙන් අරන් කියවන්න පුරුදු වුනා. ආච්චි සීයා කියන කතා වෙනුවට යු ටියුබ් එකේ අයගේ කතා අහන්න ගත්තා.

•වසර 2000ට පෙර - අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ එක්ක ගොඩාක් වෙලා හිටියා. එහෙම කාලය ගතවෙන කොට වෙන කිසිම දේකට හිතක් තිබුනේ නෑ. හැම තත්තපරයක්ම එයාලත් එක්කම ගත උනා.
•වසර 2000ට පසු - අම්මා තාත්තා වෙනුවට ෆේස්බුක් එකේ ඉන්න යහළුවන් එක්ක කාලේ ගෙවනවා. සමහරු නයිට් ක්ලබ් වල, සමහරු බීච් පාටි වල.

ඒ ලස්සන කාලය ආයෙත් එන්නේ නෑ, අපි විසින්ම අපි ඒ දේවල් නැති කරගෙන අවසානයි. ගමේ හිටියත් කොළඹ හිටියත් ඒ දවස් සුන්ඳරයි අදට වඩා. තව ටික කාලෙකින් සිංහල කියල භාෂාවක් මේ ලංකාවේ තියෙන එකක් නෑ. පන්සලකට යන මිනිස්සු අඩු වේවි. ෆෝන් වලින් කම්ප්යුටර් වලින් කෙල්ලෝ කොල්ලෝ ජිවත් වේවි, සතුටු වේවි. කම්ප්යුටර එක්ක වර්තමානේ මිනිස්සු, අනාගතේදී ජිවත් වේවි. අපි ඉන්නේ ලංකාවේ කියල අමතක වේවි. මහන්සි වෙලා වැඩක් කර ගන්න බැරි වේවි, හැමදේම ගුගල් එකෙන් හොයා ගනීවි. පරණ හණ මිටි කතාවක් නොවන බවත් පරණ හණ මිටිය වුවත් සතුට තිබුනේ එහි බවත් හැමෝටම අමතක වෙලා. මේ උත්සාහය ඒ හණමිටි, ගොඩේ කාලය කාට කාටත් නැවතත් මතක් කරදෙන්න විතරයි. කවුරුත් තරහ ගන්න එපා, මොකද මේ දේ කියවද්දී මටත් රිදුනා. ඒත් තිත්ත වුනත් මේකම නේද යාලුවනේ ඇත්ත...

සම්පූර්ණ ස්තූතිය දිමුත් මධුශංක මල්ලීට...


◄ අන්තර්ජාලය ගැන දන්නවද? ►

ගොඩාක් දෙනා දන්නේ නෑ ඇත්තට මේ අන්තර්ජාලය කොච්චර පිරිසක් පාවිච්චි කරනවද කියලා. ඔයා දන්නෙත් නෑ නේද? ඒත් මේ විස්තරය කියවන ඔයත් ලොව පුරා අන්තර්ජාලය පාවිච්චි කරන ''බිලියන 2.1'' පුද්ගලයන්ගෙන් කෙනෙක්. ආහ්... පුදුමයි නේද? ඒත් ඒක ඇත්තයි. මේ වන විට ලොව පුරා බිලියන 2.1 ජනතාවක් අන්තර්ජාලය පාවිච්චි කරනවා. එය බිලියන 7ක් වු මුළු ජනග්‍රහනයෙන් 30%කට ආසන්නයි.

2000 වසරේදී අන්තර්ජාලය භාවිත කලාට වඩා මිලියන 360 කින් 2011 වෙනකොට එම පිරිස වැඩිවෙලා. ඉතින් අද කියන්න යන්නේ 2011 අවසාන වෙනකොට අන්තර්ජාලයේ තියෙන වෙබ් අඩිවි, සමාජ ජාලා වෙබ් අඩවි, ඊ මේල් ආදියේ පුදුම හිතෙන විස්තර ටිකක්.

•2011 වන විට දී අපේ රට ඇතුලත් වන ආසියවේ පමණක් අන්තර්ජාලය භාවිතා කරන්නන් මිලියන 922 ක් ඉන්නවා. ඒ තමා මහද්වීපයක වැඩිම අන්තර්ජාල භාවිතයක් තියෙන්නේ. එයින් වැඩිම පිරිස වගේම රටක් තුල වැඩිම පිරිසක් අන්තර්ජාලය භාවිතා කරන්නේ චීනයේයි. ඒ මිලියන 485 ක් එය මුලු චීන ජනග්‍රහණයෙන් 36% ක් වෙනවා.

•ඒ වගේම යුරෝපය තුල මිලියන 476.2 ක්, උතුරු ඇමරිකාවෙහි මිලියන 271.1 ක් ලතින් ඇමරිකාව හා කැරබියන් දුපත් හි මිලියන 215.9 ක්, මැදපෙරදිග රටවල් හි මිලියන 68.6 ක් අප්‍රිකාව තුල මිලියන් 118.6 ක් හා ඕස්ට්‍රේලියාව තුල මිලියන 21.3 ක් වෙන ප්‍රමාණයක් ඉන්නවා.

•මේ අයගෙන් 45% දෙනා වයස 25ට අඩු අය.

•මිලියන 519 ක්ම රැහැන් සබඳතාවයන් භාවිත කරන්නන්.

•2011 දෙසැම්බර් මාසය අවසාන වෙද්දී ලොව පුරා මිලියන 555 ක් වු වෙබ් අඩවි ප්‍රමාණයක් තියෙනවා. විශේෂත්වය එයින් මිලියන 300ක්ම 2011 දි ඇතුලත් වුනු ඒවා. එයින් මිලියන 95.5ක්ම .com විදිහට ලියාපදිංචි වුනු ඒවා.

•ලොව වටා ලියාපදිංචි වුන E-Mail ලිපින බිලියන 3.146 ක් වෙනවා. එයින් ජනප්‍රියම Hotmail තමා, එය ලොව වටා මිලියන 300ක් දෙනා භාවිතා කරනවා. 2011 ඔක්තෝබර් මාසය වෙන කොට ඊ-මේලය ලොවට හදුන්වලා දීලා අවුරුදු 40ක් වෙනවා.

•වෙබ් සර්වර්ස් සපයන්නන්ගෙන් ඉදිරියෙන්ම සිටින්නේ 64%ක ප්‍රමාණයක් හිමිකරගෙන සිටින Apache ආයතනයයි. ගුගල් සමාගම 9% කි.

•2011 අවසාන වෙද්දි facebook අඩවියේ මිලියන 800ට වැඩි පිරිසක් ලියාපදිංචි වෙලා ඉන්නවා. 2011 අවුරුද්දේ මැද වෙද්දී facebook වලට ලොව වටා එකතුවී තිබු ජයාරෑප ප්‍රමාණය බිලියන 100ටත් වැඩියි. මේ මිලියන 800න් මිලියන 350ක්ම බොහෝ විටම facebook හරහා එකතු වෙන්නේ ජංගම දුරකතන හරහායි.

•2011 ඔක්තෝම්බර් වෙන විට දිනකට සාමානයෙන් twitter අදහස් මිලියන 250 ප්‍රසිද්ධ වන අතර twitter වෙබ් අඩවියේ මිලියන 225ක් සාමාජිකයන් සිටිනවා. එයින් මිලියන 100ක් දෙනා 2011 වසරේදී ක්‍රියාකාරී සමාජිකයන් ලෙස සිටී. Twitter හි ජනප්‍රියම ගිණුම ඇත්තේ ''Lady Gaga''ටයි.

•2011 අවසානයේ දී ලොව වටා මිලියන 70ක WordPress බ්ලොග් අඩවි ප්‍රමාණයක් ඇත.

•2011 දි youtube වෙබ් අඩවියේ ට්‍රිලියනයකට වඩා 1,000,000,000,000(one trillion) පමණ වන විඩියෝ ප්‍රමාණයක් ලොව වටා නරඹා ඇත. එය මුලු ජනග්‍රහණයෙන් ගත් විට ලොව එක් පුරවැසියකු විඩියෝ 140ක් නැරඹීමකි. සාමාන්‍යයෙන් විනාඩියකදි පැය 48කට සමාන විඩියෝ ප්‍රමානයක් youtube වලට අප්ලෝඩ් කරන බව පැවසේ.

•2011 අවසාන වෙද්දි Flicker වෙබ් අඩවිය තුලට බිලියන 06ට ආසන්න පින්තුර ප්‍රමාණයක් upload කොට ඇත. මිලියන 51 වන ලියාපදිංචි Flicker සාමාජිකයන් සාමාන්‍යයෙන් දිනකට පින්තූර මිලියන 4.5 අප්ලෝඩ් කරන බව කියවේ.

මේ තියෙන දේවල් කියවලා ඉවර වුනාම මට නම් හිතුනේ අපි මොනවද මේ අන්තර්ජාලයත් එක්ක කරන්නේ, අනිත් අය මොනවද කරලා තියෙන්නේ කියලා. කොහොම වුනත් මේ සංඛ්‍යා ඉහල දාන්න අපෙනුත් සහය ලැබිලා තියෙනවා. ඒ ගැන ආඩම්බර වෙන ගමන් මේ තොරතුරු යාලුවෝ අතරත් ''SHARE'' කරන්න.

Source : විනෝදයට දැනුම සොයා - Www.Chamikawp.blogspot.com