ඔබ කැමති කෙනා ලඟදී ඔබට සතුටු හිතෙනවා.
ඒත් ඔබ ආදරේ කරන කෙනා ලඟදී ඔබගේ හදවත වේගයෙන් ගැහෙනවා...
ඔබ කැමති කෙනා ලඟදී ශීත ඍතුව ලස්සන ශීත ඍතුවක්මයි.
ඒත් ඔබ ආදරේ කරන කෙනා ලඟදී ශීත ඍතුවත් ඔබට වසන්තයක්...
ඔබ කැමති කෙනා ලඟදී ඔබට ඕනම දෙයක් කියන්න පුළුවන්.
ඒත් ඔබ ආදරේ කරන කෙනා ලඟදී ඔබේ හිතේ තියෙන දේවල් කියාගන්න බැරුව ඔබ ගොළුවෙනවා...
ඔබ කැමති කෙනාගේ ඇස් දිහා බැලුවම ඔබගේ මුවඟට සිනහවක් නැඟෙනවා.
ඒත් ඔබ ආදරේ කරන කෙනාගේ ඇස් දිහා ඔබට එක් වරම බලන්න අපහසුයි. අහිංසක ලැජ්ජාවක් හිතට එනවා...
ඔබ කැමති කෙනා අඬද්දී ඔබ ඒ කෙනාව සනසනවා.
ඔබ ආදරේ කරන කෙනා අඬද්දී ඔබ ඒ කෙනා සමඟම අඬනවා...
ඔබ කැමති කෙනාව ඔබට අමතක කරන්න ඕන නම් ඔබට කරන්න තියෙන්නේ සවන් පත් වහගන්න එක විතරයි.
ඒත් ඔබ ආදරේ කරන කෙනාව ඔබ අමතක කරන්න හැදුවොත් ඔබේ ඇස් වලට කඳුලක් ඇවිත් ඒ කඳුල ජීවිතය පුරාවටම හදවතේ රැඳේවී...
Wednesday, February 8, 2012
Tuesday, February 7, 2012
◄ වෙනසක් කරන්න වෙනස්ව හිතමුද??? ►
ඈත අතීතයේ ඉන්දියාවේ ජීවත් වෙච්ච වෙළෙන්දෙකුට
තමන්ගේ වැරද්දක් හින්දා සිරගත වෙන්න වෙලා තිබුනා. වැරැද්ද මොකක්ද දන්නවද?
ණයට ගත්ත ලොකු මුදලක් ආපහු දෙන්න බැරි වෙච්ච එක. ඒත් වයසක, කුදු ගැහුනු,
නපුරු පෙනුමක් තිබුනු මුදල් ණයට දුන් පුද්ගලයා මේ ගනුදෙණුව අවසන් කරන්න
පුළුවන් විදිහේ දේවල් ගැන වෙළෙන්දා එක්ක කතා කලා.
අවසානයේ, අවස්ථාවෙන් ප්රයෝජනය ගන්නත් එක්කම ඔහු අමුතුම යෝජනාවක් කළා. ඒ තමයි ගනුදෙණුව වෙනුවෙන් වෙළෙන්දාගේ දුවව තමන්ට විවහා කරලා දෙන්න කියලා. ඒ ගැන සහනයක් වශයෙන් ඔහු තව යෝජනාවක් කලා. එනම්, ඔහු විසින් හිස් මුදල් බෑගයකට දමන සුදු හරි කලු පාට හරි පුංචි මාබල් ගල් වර්ග දෙකෙන් එකක් මේ ගැහැණු ළමයා තෝරගන්න විදිහ අනුව ඇය තමා සමඟ විවාහ වෙනවද, පියා සිරගෙට යනවද, නැත්නම් විවාහය හෝ සිරගෙට යාම සිදුවන්නේ නැද්ද කියලා තීරණය වෙනවා. වාසනාව අනුව ඒක දෙපැත්තටම බලපාන එකක් බවත් කියලා ඔහු හයියෙන් හිනා වුනා.
ගැහැණු ළමයාගේ වාසනාවට අනුව ඇය සුදු පාට මාබල් ගල තෝර ගත්තොත්...
''ඇයට වෙළෙන්දා එක්ක විවාහා වෙන්න ඕන වෙන්නෙත් නැහැ, පියාට ණය වෙනුවෙන් සිරගෙට යන්න වෙන්නෙත් නැහැ.''
ඒත් ඇය කලු මාබල් ගල තෝරා ගත්තොත්...
''ඇයට වෙළෙන්දා එක්ක විවහා වෙන්න වෙනවා. හැබැයි පියාට ණය වෙනුවෙන් සිරගෙට යන්න වෙන්නේ නැහැ.''
ඇය එක ගලක් වත් තෝර නොගෙන හිටියොත්...
''පියාට ණය වෙනුවෙන් සිරගෙට යන්න වෙනවා.''
කොහොම වුනත් මේ යෝජනාවට දුවත්, පියත් දෙන්නාම ගොඩාක් දුක් වුනා. එත් ඇයටත් පියාටත් ඊට එකඟ වෙනවා ඇරෙන්න වෙන විදිහක් නෑ මොකද ඇය එක ගලක් වත් තෝර නොගෙන හිටියොත් පියාට ණය වෙනුවෙන් සිරගෙට යන්නම වෙනවා. ඒ හින්දා මේ යෝජනාවට ඔවුන් එකඟ වුනා.
දුකින් බලාපොරොත්තු අතහැරලා ඉන්න කොට මාබල් ගල් ඇතිරු වෙළෙන්දගේ ගෙදර මිදුලේ යෝජනාව ක්රියාත්මක කරන දවසත් ආවා. කපටි මුදල් ණයට දීපු නපුරු මිනිහා හිස් බෑගය රැස්ව සිටි පිරිසට විවෘත කරලා පෙන්නලා බිමට පහත් වෙලා කලු පාටම මාබල් ගල් දෙකක් වෙළෙන්දත් දුවටත් නොපෙනෙන්න හිස් බෑගයට දැම්මා. දුකින් හිටියත් දුවගේ තියුණු ඇසට මේ සිද්ධිය හසුවුනා. ඒ එක්කම ඇය එක එක දේවල් හිතුවා.
''මම එකක් වත් ගන්නේ නැතුව ඉන්නවා. ඒත් බැහැ. කමක් නෑ, මම මේ එකක් අරගෙන තාත්තා ණය වෙනුවෙන් සිරගෙට යන එක නවත්තනවා. අයියෝ ! ඒත් මට මේ මනුස්සයා එක්ක විවාහා වෙන්න බෑ. මම මොකද කරන්නේ???''
මේ ගැහැණු ළමයා මොකක් කරයිද? කපටි මිනිහගේ නිවසේ මිදුලේ රැස්වෙලා ඉන්න හැමදෙනාම හිතන්නේ ඒ ගැන.
ඇය බෑගය දෙස නොබලාම ඒ තුලට අත දාලා ටිකක් කලබලයෙන් මාබල් ගලක් එලියට අර ගන්නවත් එක්කම ඒක අර මාබල් අතුරපු බිමට වැරදීමකින් වගේ වැට්ටුවා.
''අයියෝ. මගේ තියෙන කලබලය. තෝර ගත්ත මාබල් ගල බිම වැටුනා නේද? අනේ ඉක්මනටම මල්ල තුල ඉතිරි වෙච්ච ගල මොන පාට එකක්ද බලන්න.''
ඇය ණයට දීපු පුද්ගලයටයි, පියාටයි කෑ ගහලා කිව්වා. වයසක, කුදු ගැහුනු නපුරු පෙනුමක් තිබුනු මේ මුදල් ණයට දුන් පුද්ගලයාට කට උත්තරත් නැති වුනා. ඔහු කල වංචාව හින්දම ඒ ගැන වැඩිය කතාකරන්නත් බෑ. එහෙම වුනොත් මිනිහගේ කපටිකම හැමෝම දැනගන්නවා.
''ෂා ! නියමයි... කලු පාට මාබල් ගල ඉතිරි වෙලා. ඒ කියන්නේ මම තෝරගෙන බිමට වැටුනේ සුදු මාබල් ගලයි.''
ගැහැණු ළමයා කෑ ගැහුවා. ඒ කියන්නේ ඇයට වෙළෙන්දා එක්ක විවාහා වෙන්න ඕන වෙන්නෙත් නැහැ, පියාට ණය වෙනුවෙන් සිර ගෙට යන්න වෙන්නෙත් නැහැ.
ඇය වඩා හොඳින් හිතලා, තැනට සුදුසු නුවණින් මුදල් ණයට දුන් පුද්ගලයාගේ වංචාව ඇයගේ පැත්තට, ඇයගේ වාසියට හරවා ගත්තා.
දන්නවද, හැම අමාරු ප්රශ්ණයකටම විසඳුමක් තියෙනවා. හැබැයි සමහර ප්රශ්න දිහා සාමාන්යය විදිහට හිතලා බලනවට වඩා රාමුවෙන් මිදිලා වෙනස්ම විදියකට හිතන්න වෙනවා. අනිවාර්යයෙන්ම විසඳුමක් ඔබට පෙනෙයි. වෙනස්ව හිතමු ! සුබ දායකව ලොවම වෙනස් කරමු ! අහලා තියෙනවානේ apple සමාගමේ ස්ටිවී ජොබ්ස්. ඔහුත් වෙනස් විදිහටම හිතපු පුද්ගලයෙක්. තවමත් apple සමාගමේ පාඨය '' Think Different ! ''
''දැනුම සොයා සැරිසරන්න'' - http:// chamikawp.blogspot.com/

''දැනුම සොයා සැරිසරන්න'' - http://
◄ ප්රශ්න ප්රශ්න ප්රශ්න ►
රටේ සුපතල සබන් කර්මාන්ත ශාලාවක සබන් ඇසුරුම් වලට
සබන් ඇසුරුම් ගතකරන යන්ත්රයේ දෝශයක් ඇතිවිය. සෑම සබන් කැට දහසකටම එක්
සබන් ඇසුරුමක් සබන් කැටයක් රහිතව පිටවීම එම දෝශය විය. මේ සඳහා කර්මාන්ත
ශාලාවේ තාක්ෂණික ශිල්පීන් නියම කරන ලද්දේ ලේසර් ස්කෑනර් යන්ත්රයක් තුළින්
සබන් කැටයක් රහිතව පිටවන සබන් ඇසුරුම තෝරා ගැනීමයි. ලක්ෂ ගණනක් වැයකොට
ඔවුන් එම යන්ත්රය කර්මාන්ත ශාලාවට මිළදී ගැනීමට ආයතන හිමිකරුට දැනුම් දී
තිබෙනු දුටු සාමාන්යය සේවකයෙකු ඔහුට එක් අවස්ථාවක් ලබාදෙන මෙන් ආයතන
හිමිකරුගෙන් ඉල්ලන ලදී. ඔහුට ඊට අවස්ථාව ලැබුණි.
ඔහු කරන ලද්දේ ඇසුරුම් ගත සබන් පිටවන යන්ත්රයේ සබන් ගමන් කරන රෝලට විශාල ප්රමාණයේ විදුලි පංකාවක් පැත්තකින් සිටුවා තැබීම පමණයි. එවිට හිස් සබන් ඇසුරුම රෝලෙන් එළියට විසිවුණි. අප ප්රශ්න දෙස බලන ආකාරය අනුව එයට ඇති විසඳුම් වෙනස්වේ. සමහරවිට ඇත්තටම ප්රශ්න නොවන දෑ ප්රශ්න කරගන්නේ අප විසින්ම නොවේද...
''සත්යය කතාවක් ඇසුරිණි''

Thursday, February 2, 2012
♥ ආදරණීය හදවතක් ♥
කැම්පස් යන කාලේ මට ලණුවයි කණුවයි වගේ ඉදපු
යාළුවා තිසරු. එයත් මම නලීන් වගේම අපේ ගාළු ගැට්ටේ සාමජිකයෙක්. එච්චර
ලස්සනක් නැති උනත් තිසරු හුරතල් දඟකාර කෙල්ලෙක්.
තිසරු මට ආදරේ කරනවා කියල මම දැනගෙන ඉදියත් මට එයා ගැන හොඳ යාලුවෙක්ට එහා ගිය හැගීමක් තිබුනේ නෑ.
මම කැම්පස් ක්රිකට් ටීම් එකේ කැප්ටන් උන නිසා වැඩිපුර මම ඉදියේ ලෙක්චර් හෝල් එකේ නෙමෙයි පිට්ටනියේ. ඒ හින්දා හැමදාම මට notes ලියලා, reading material එකතු කරල දීලා මාව exam ගොඩ දාල දුන්නේ තිසරු.
Free වෙලාවක් ආපු ගමන්ම තිසරු මාව අල්ලගෙන එදා දවසේ මට miss උන ඔක්කොම කියලා notes ටික මගේ අතට දෙනවා. එහෙම දවසක මම නිකමට තිසරුට කිව්වා "මොනවද හලෝ තමුසේ මට නෝට්ස් එකතු කර කර ඉදලාම හරි යන්නේ නෑ. අර තමුසෙගෙ පස්සෙන් එන කැප්ටන් අයියාට කැමති වෙනවකෝ, බලනවා ඌගේ තියන smart look එක" කියල. කවදාවත් නැති full serious mood එකකින් තිසරු මට කිව්වා "මම කැමති කෙනා මට කැමති නෑ වගේ හර්ෂ, ඒ හින්දා මම තීරණයක් අරගෙන ඉන්නේ" කියලා. එදා මට තිසරුගෙන් ඒ මොකක්ද අහන්න බයකුත් හිතුනා, ඒ වගේම මට ඒක දැන ගන්න උවමනාවක් නෑ කියලත් එයාට පෙන්නන්න ඕන උන. ඒ හින්දාම මම "අනේ බං ඔන්න මම නම් උඹේ මගුලට එන්නේ නෑ. ඔය ලොකු ලොකු මිනිස්සුන්ගේ මගුල් වලට අදින්න ඇදුම් ගන්න මට සල්ලිත් නෑනේ බං" කියලා කිව්වා.
මුල් කාලේ යාළුවෝ මට තිසරුගේ නම කියලා විහිළු කරත් පස්සේ මම ඉසුරි එක්ක යාළු උනාම ඒ විහිළුව එතනින් නතර වුනා. ඒත් ලණුවයි කණුවයි වගේ ඉදපු තිසරු හැමදාම මට notes ලිව්වා. මගේ research thesis එක පවා ලිව්වා, ඒත් තිසරු මගෙත් එක්ක වෙනදා වගේ රණ්ඩු වෙන්න, අපිත් එක්ක දවල්ට කන්න ආවේ නෑ. ලොකු වෙනසක් නොපෙන්නන්න හැදුවත් තිසරුගේ ලොකු වෙනසක් මම වගේම නලින්නුත් දැක්කා.
ඔහොම ඉදලා අපි කැම්පස් එකෙන් out වෙලා ගිහින් ආපු මගේ උපන්දිනේ දවසේ තිසරු මට call කරා සුභපතන්න. ඒ වෙද්දි ඉසුරිගෙයි මගේ love relationship එක breakup වෙලා තිබුනේ, තිසරු මගෙන් ''ඉක්මනට බදින්නේ නැද්ද'' ඇහුවහම මම පුරුදු විදිහටම "අනේ බං උඹලා ඉදියට වැඩක් තියනවද, අපිට හරිහමන් කෙල්ලෙක් වත් හොයලා දුන්නේ නෑ, මොකක්ද බං දැන්වත් උඹලගේ office එකෙන් මට කෙල්ලෙක් සෙට් කරලා දියන්කෝ" කිව්වා.
තිසරු ගත්ත කටටම "අනේ හර්ෂ බොරු නොකියා ඉන්න. ඔයා තාමත් ඉසුරි ගැන හිතනවා ඒකනේ තාමත් ඔයාගේ ringin tone එක වෙනස් වෙලා නැත්තේ" කිව්වා. (මමයි ඉසුරි break up උනාට පස්සේ මගේ phone එකේ ringin tone එක වුනේ දමිත්ගේ "මට හීනයක් වෙලා" සින්දුව) එදා මට තේරුනා මටත් වඩා මගේ ගැන දන්න කෙනා තිසරු නේද කියලා.
කාලයත් එක්ක මගේ හිතේ තිසරු ගැන අදහසක් ඇති උනට මොකක්දෝ අවාසනාවකට මට ඒක එයාගෙන් අහන්න පුළුවන් කමක් තිබුනේ නෑ. තිසරුට කෝල් කරන හැම සැරේම මගේ කට lock උනා.
ඔහොම ඉඳලා එක දවසක් නලීන් මට කෝල් කරලා ඇහුවා 'මචං උඹ අනිද්දට අපිත් එක්ක සෙට් වෙලා තිසරුගේ මගුල් ගෙදර යනවද නැත්නම් උඹ තනියමද එන්නේ" කියලා. එදා මගේ ඇස් උඩ ගියා තිසරු මට එයා බඳිනවා කියලා නිකමටවත් කිව්වේ නෑ. මට invite කරෙත් නෑ. "මම කැමති කෙනා මට අකමැති නිසා තීරණයක් ගත්තා" කියපු කෙල්ල මෙන්න බඳිනවලු. ඔක්කෝම ගෑණු එකයි ඔහොම හිතපු මම තිසරුට කෝල් එකක් වත් දීලා සුභපැතුවේ නෑ තිබ්බ තරහට.
ඒත් ඊයේ අර මම කලින් කියපු තිසරුගේ පස්සෙන් ඒකාලේ ආපු කැප්ටන් අයියා අපේ office එකට ඇවිත්, අහම්බෙන් වගේ මට හම්බුනා. ඔහු අද පාදයක් අහිමි ආබාධිත රණවිරුවෙක්. අයියාගේ අතේ දිළිසි දිළිසි තියෙන මුද්ද දැකපු මට තේරුනා අයියා දැන් විවාහකයි කියලා. කොච්චට උදාර කාන්තාවක් වෙන්න ඕනද ආබාධිත රණවිරුවෙක් එක්ක විවාහ වෙන්න. එහෙම හිතපු මම ඈතින් පඩිපෙළ නැගලා එන තිසරුව දැක්කා.
මගේ ලගටම ආපු තිසරු මගෙත් එක්ක හිනා වෙන ගමන් "තුසිත ඔයාට පරණ යාළුවෙක් හම්බ වෙලා තියෙන්නේ" කියලා කැප්ටන් අයියාගේ අතින් අල්ල ගන්න ගමන් ඇහුවා.
{ මේ කතාව අපිට ලියල එවපු කෙනා එයාගේ නම සඳහන් කරන්න අකමැතියි. ඒත් එයාගේ ජීවිතය සුන්ඳර එකක් වෙන්න කියල අපි එක හිතින්ම ප්රාර්ථනා කරමු ! }

Wednesday, February 1, 2012
◄ රතු ඉන්දියානුවාගේ කාළගුණ අනාවැකි ►
සරත් සෘතුවේ අවසාන කාලේ එන හින්දම ඔවුන්ගෙ
නිජබිමේ පදිංචි වෙලා හිටිය රතු ඉන්දියානු ජනතාව ආවා අලුතින්ම පත් වෙච්ච
තරුණ නායකයගෙන් ඉදිරියේදි එන ශීත සෘතුවේ සීතල කොහොම වේවිද කියලා ගැන
දැනගන්න. මොකද අතීතයේ ඉදලා රතු ඉන්දියානුවන්ට සාමාන්යයෙන් කාළගුණය ගැන
ඇනාවැකි කියන්න පුළුවන් කියලා විශ්වාසයක් බොහෝ දෙනෙක් තුල තියෙනවා.
''නායකතුමනි, ශීත සෘතුව ගොඩාක් සීතල වේවිද? නැත්නම් සාමාන්යය සීතලක් තියෙවීද?''
ඒත් අලුත් තරුණ මේ නායකතුමා ඇත්තෙන්ම කාළගුණ අනාවැකි කියන්න දන්නේ නෑ. ඔහු ටිකක් රැඩිකල් පන්නයට හැදුණු තරුණයෙක්.
කෝකටත් කියලා ''ඔව්... ශිත සෘතුව සීතල වේවි... දැන්ම ගිහිල්ලා දර ටිකක් එකතු කරන්න'' කියලා වැසියන්ට කිව්වා.
අනාවැකි ගැන දැන නොගත්තත් ඔහු වර්තමාන දියුණු සමාජය ගැන දැනුමකුත් තිබුනු හන්දා දින දෙකකින් පස්සේ නගරයට ගිහිල්ලා පොදු දුරකතනයෙන් කතා කලා නගරයේ කාලගුණ දෙපාර්තමේන්තුවට.
''මේ එන ශීත සෘතුව ගොඩාක් සීතල වේවිද?'' ඔහු ඇහුවා...
''ඔව්... ශීත සෘතුව ටිකක් සීතල වේවි.'' එයට පිළිතුර අනෙක් පසින් ලැබුනා...
තරුණ නායකතුමා ගොඩාක් සතුටු වුනා. ගමට ආව ඔහු වහාම පිරිස රැස් කරලා...
''ශීත සෘතුව ටිකක් සීතල වේවි, ටිකක් වැඩියෙන් දර එකතු කරන්න'' කියලා නියෝග කලා...
සතියක් විතර ගතවෙද්දී ඔහුට හිතුනා ආපහු කාලගුණ දෙපාර්තමේන්තුවෙන් පොඩ්ඩක් අහලා බලන්න...
''මේ එන ශීත සෘතුව ගොඩාක්ම සීතල වේවිද?'' ඔහු ඇහුවා.
''ඔව් ගොඩාක් සීතල වේවි...'' ඔහුට අනෙක් පසින් පිළිතුර ලැබුනා...
ඔහු වහාම ජනතාව රැස් කරලා වැඩි වැඩියෙන් දර එකතු කර තබාගන්න නියෝග කලා...
සතියක් ගත වුනා... කොයි එකටත් සැක හැර ගන්නත් එක්ක ඔහු ආපහු දුරකතනයෙන් කාලගුණ දෙපාර්තමේන්තුවට කතාකලා... මොකද කාළගුණේ කියන දේ හරි ඉක්මනින් වෙනස් වෙන නිසා.
''මේ එන ශීත සෘතුව ගොඩාක්ම සීතල වේවිද?'' වෙනදා වගේම ඔහු ඇහුවා.
''ඔව්... මේක කාලෙකට පස්සේ පැමිණෙන දැඩි සීතලක් සහිත ශිත සෘතුවක් වෙන්නයි යන්නේ'' පිළිතුර ලැබුනා...
''ඔබතුමා කොහොමද විශ්වාසයෙන්ම එහේම කියන්නේ?“ රතු ඉන්දියානු නායකතුමා ආපහු ඇහුවා...
''දන්නවද??? රතු ඉන්දියානුවන් පිස්සුවෙන් වගේ දර එකතු කරනවා. ඒ කියන්නේ අනිවාර්යෙන්ම දැඩි සීතලක් සහිත ශිත සෘතුවක් තමයි ලඟම එන්නේ...''
කාලගුණ දෙපාර්තමේන්තුවෙන් දුරකතනයට පිළිතුර ලැබුනා...
☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺
''කොටස් වෙළඳ පොළේ වෙන්නෙත් මේ දේමලු''
දැනුම සොයා සැරිසරන්න.. - http:// chamikawp.blogspot.com/

දැනුම සොයා සැරිසරන්න.. - http://
Subscribe to:
Posts (Atom)