Monday, November 28, 2011

◄ Brielle සහ Kyrie ►



එක් පුංචි උණුසුම් වැලඳ ගැනීමකින් ජීවිතයක් රැකෙනවා කිව්වොත් පුදුමයි නේද? ඉහත රූපයේ දැක්වෙන්නේ පුංචි නිවුන් සහෝදරියන් දෙදෙනෙක්. එයාලා නම් වලින් Brielle සහ Kyrie ඔවුන් මෙලොව එළිය දකින්න නියම වෙලා තිබුණු දිනට සති 12ට කලින් මේ ලෝකයට ආයුබෝවන් කිව්වා. ඒත් ඒ නිසාම ඔවුන්ට සිදුවුනා ඉන්කියුබේටර්ස්(incubators) වල සහය පතන්න.

Kyrie නම් ඉන්කියුබේටරයේ පිහිටෙන් ජීවිතය ආරම්භ කරන්න පටන් ගත්තා. ටිකෙන් ටික ඇයගේ සෞඛ්‍යය තත්වය යහපත් වුණා. ඒත් පුංචි Brielle, අනේ ඇය හුස්ම ගැනීමේ අපහසුතාවයකින් වගේම රාත්තල් 2ක් පමණක් බරින් යුතුවූ නිසා ජීවත අවධානමක අතරමං වුනා. ඇය ජීවත් වේවියැයි කිසිවෙකුත් බලාපොරොත්තු වුනේ නෑ. ඔවුන් බලාගන්න භාරව සිටිය රෝහලේ සේවය කරපු හෙදිය ඇයට හැකි හැමදේම කරා, ඒත් කිසිවක් Brielleගේ සෞඛ්‍යය තත්වය යහපත් කරන්න හේතුවක් වුනේ නෑ.

අවසානයේ ඇය රෝහලේ නීතී වලට පිටින් ඇයගේ හදවතට හරියැයි සිතුණු කාරණයක් ක්‍රියාවට නැගුවා, එනම් ඇය පුංචි Brielle සහ Kyrie එකම ඉන්කියුබේටරයක තබන්න තීරණය කරා.ඇය පුංචි Brielleට සහ Kyrieට නිදන්නට ඉඩ හැර ටික වේලාවකින් නැවතත් ඔවුන් දෙදෙනා අසලට පැමිණියා.

ඇයට ඇය දුටු දෙයින් ඇස් අදහාගත නොහැකි වුනා. වෛද්‍යයවරුන්ට සහ අනෙකුත් සේවක මණ්ඩලයට වහාම පුංචි Brielle සහ Kyrie සිටින කාමරයට පැමිණෙන ලෙස ඇය දැනුම් දුන්නා. ඔවුන් පැමිණෙන විට Brielle සහ Kyrie සිටි අයුරු තමයි ඉහත ඡායා රූපයේ දැක්වෙන්නේ. පුංචි Brielle ඇයගේ සහෝදරිය අසලට ලංවෙද්දී, Kyrie ඇයගේ පුංචි අතකින් ඇයගේ සහෝදරියව වැලඳගෙන තිබුණා. ඒ මොහොතේ පටන්ම Brielleගේ හෘද ස්පන්ධන වේගය සාමන්‍යය අතට පත්වෙලා. ඒ මොහොතේ පටන් ඔවුන් දෙදෙනා එක් incubatorයක තබන්නට වෛද්‍යයවරුන්ද තීරණය කරා. පුදුමයි නේද, පුංචි උණුසුම් වැලඳ ගැනීමකින් ජීවිතයක් බේරුනු හැටි. ඔයාලත් ඔයාලගේ සහෝදර සහෝදරියන්ට ආදරේ කරන්න. හැම නෑ කමටම වඩා ලේ නෑ කම ලොකුයි කියල සිහියේ තබා ගන්න.

Source : Reader's Digest
By : Nancy Sheehan


No comments:

Post a Comment