Wednesday, November 9, 2011

◄ අකුණු ►



ගෙරවීම් සහිත අකුණු ඇතිවන වේලාවකදී පහත දැක්වෙන දේවල් අනුගමනය කරොත් අපි කාගෙත් ජීවිත ආරක්‍ෂා වේවි.
1.නෑම, රෙදි සේදීම වැනි ජලයත් සමඟ ගනුදෙනු කරන ක්‍රියාකාරකම් කිරීමෙන් වළකින්න.
2.වැස්සට තෙමී ගෙදර පැමිණියානම් වහාම ඔබගේ සිරුරේ ඇති තෙත ගතිය ඉවත් කරගන්න.
3.හොඳින් දොර ජනෙල් වැසූ ගොඩනැගිල්ලකට වී එලිමහනේ ගැවසීමෙන් වළකින්න.
4.නිවසේ සිටී නම් බිත්ති වලින්, විදුලි උපකරණ වලින් ඈත්වී ඇඳට වී සිටින්න.
5.විශාල පිරිස් ගැවසෙන ස්ථාන වලින් හැකිතාක් මිදී තනිව සිටීමට උනන්දු වන්න.
6.කඳු, වහලවල් මුදුන් වැනි උස් ස්ථාන වල ගැවසීමෙන් වළකින්න.
7.ගංගා, ඇල දොල, පිහිනුම් තටාක වැනි ස්ථාන වලින් වහාම ඉවත් වන්න.
8.ස්ථාවර දුරකථන(රැහැන් සහිත) භාවිතයෙන් වළකින්න.
9.ඇන්ටනා වයරය නිවසින් පිටතට සිටින සේ ගලවා තබන්න.
10.ශීතකරණ භාවිතයෙන් සහ ලඟ රැඳී සිටීමෙන් වළකින්න.
11.පරිඝනකය හෝ අන් කිසිම විදුලි උපකරණයක් භාවිතයෙන් වළකින්න.
12.සුරතල් සතුන් සිටීනම් ඔවුන් දම්වැල් වලින් පන්නා නිවස තුළ තබා ගන්න.
13.ඔබ වාහනයක ගමන් කරන්නේ නම් වීදුරු හොඳින් වසා ගන්න.
14.ගස් මුදුන් යට වැස්සෙන් ආරක්‍ෂා වීමට කිසිවිට නොරැඳෙන්න.
15.අකුණු ගැසීම් වැඩි නම් හැකි ඉක්මනින් නිවසේ ප්‍රධාන පරිපථය (main switch) විසන්ධි කරන්න.
16.වැසි කලාපයේ සිට 16KM ඈතින් ඔබ සිටියා වුවද ඔබ සිටිනුයේ අවධානම් කලාපයේ බව ඔබ දන්නවාද? අකුණු ආලෝකය සහ ගෙරවීම් හඬේ කාල පරතරය තත්පර 15ට අඩුනම්, ඔබ අනාරක්‍ෂිත කලාපයේ බව සිහි තබා ගන්න.

පෙර සූදානම පසු කලකිරීමට වඩා හොඳයි නේද? මේ දේවල් වැදගත් වුනානම් ඔයාලගේ අනිත් යාලුවෝ එක්කත් මේ දේ ''SHARE'' කරන්න.

මේ ටික කියවලා කාගේ හරි ජීවිත අවධානමක් වලක්වා ගත්තොත් ඒක තමයි අපේ සතුට.

2 comments:

  1. මම පුංචිකාලේ (1960 දශකයේ මුල් භාගයේ) අකුණු ගසනවිට අපේ වැඩිහිටියෝ ගෙදර තියන යකඩ ඉන්න(නාරස්සනය, අලවංගුව) උදැල්ල, කැත්ත වැනි ලෝහමය ද්‍රව්‍ය මිදුලට විසිකලා. ඔවුන් දැනසිටියේ ඒවාට අකුණු ඇදෙන බව මිසක් වෙනත් විද්‍යාත්මක කරුණු නොවෙයි. පැරණි උපදේශ කවියකත් තියනවා වැස්සට තනි ගහක් යට ඉන්න එපා කියලා. වැස්සක් එන ලකුණු පහල වනවිටම සියලු විදුලි උපකරණ ප්ලග් වලින් ගැලවීම නොපමාව කලයුතුයි. හැබැයි මෙහෙම දෙයකුත් තිබෙනවා. ඔබේ ප්‍රදේශයට වැස්ස නැහැ, පුංචි පොදක් විතරයි, අකුණු ගහනවා ඇහෙන්නේ යාන්තමින් ඉතා ඈතින්, ඉතින් එය ගණන් ගන්නේ නැහැ. නමුත් දුරකථන කම්බි දිගේ අකුණකට ඔබේ නිවසට එන්න පුළුවන්. දැන් තිබෙනවා රූපවාහිනී ඇන්ටෙනා වයරය සහ දුරකථන වයරය බිත්තියේ තිබෙන ප්ලග් එකකට සවිකළ හැකි ක්‍රමයක් (ඒ සඳහාම විශේෂයෙන් නිපදවූ ප්ලග්) ඒවා සවි කලොත් විදුලි කොටන්නේනම් වහාම ඒ ප්ලග් එකෙන් වයරය ගලවා දැමිය හැකියි. තවත් දෙයක්. බොහෝ දෙනෙක් රූපවාහිනී ඇන්ටෙනා සඳහා යොදවා ඇති ගැල්වනයිස් බට භූගත (Earth) කර නැහැ. එය අහක යන අකුණු වලට අත වැනීමක්. අලුතෙන් හදන නිවාසවල ඉහල මාලය සෑදීමට පෙර කොන්ක්‍රීට් ස්ලැබ් එකෙන් ඉහලට සිටිනසේ කම්බි කූරු තබා තිබීමත් අනතුරුදායකයි. ඉස්සර ලොකු වාහනවල දම්වැල් කෑල්ලක් තිබුනා බිම ඇතිල්ලෙන. ස්ථිති විද්‍යුතය වැලක්වීමට (විශේෂයෙන් ඉන්දන බවුසර් වල) දැන්නම් දකින්න නැහැ.
    http://jangun.wordpress.com

    ReplyDelete
  2. බොහෝම වැදගත් ඒ වගේම නිවැරදි අදහස් ටිකක් බෙදා ගත්තට විචාරක උන්නැහේටත් ස්තූතියි !

    ReplyDelete