Tuesday, December 6, 2011

◄ ලොවෙත් නැති උපත් ►



1.පාද 2ම අහිමි, 1ක අතක් පමණක් හිමි මවක්
Melek වයස අවුරුදු 24ක් වූ එක අතක් සහ පාද 2ම අහිමි කාන්තාවක්. නමුත් caesarean සැත්කම් වලට පින්සිඳු වන්නට ඇය දැන් Semih ගේ මව.

2.එක් සැත්කමකින් වැඩිම ජීවිත ගණනක්. දරුවන් 8ක්.
Nadya Denise මුලු ලෝකයේම අවධානය දිනා ගත්තා. ඒ එක් සැත්කමකින් දරුවන් වැඩිම සංඛ්‍යාවකට උත්පත්තිය ලබා දෙමින්. උපන් ලමුන් ගණන 8ක්.

3.වයස්ගතම ප්‍රථම දරු ප්‍රසූතිය
තම ප්‍රථම දරු ප්‍රසූතිය වයස අවුරුදු 70දී සිදු කරමින් ඉන්දියානු ජාතික Rajo Devi Lohan ගිනස් පොතට එක් වුනා.

4.ලොව කුඩාම දරු උපත
Rumaisa Rahman, ඇය ඉපදෙන විට අඟල් 10ක් පමණක් දිගින් යුතු වූ අතර බර අවුන්ස 8.6ක් පමණක් වුනා.

5.ලොව ප්‍රථම පිරිමි මව
Thomas Beatie තමයි ලොව ප්‍රථම දරු ප්‍රසූතිය සිදුකල පුරුෂයා. ඔහුගේ බිරිඳට දරු ඵල නොමති හෙයින් ඔහු කෘතිමව ගැබ් ගත් අතර පසුව ලොව ප්‍රථම පිරිමි මව බවටද ඉතිහාසගත වුනා.

6.කලු සුදු නිඹුල්ලු
මෙවන් උපතක් සිදු වනුයේ මිලියන ගණනකට 1ක් පමණයි. Marcia සහ Millie Biggs වන මොවුන් නිඹුල්ලු බවට කිසිම අයෙක් විශ්වාස කරන්නේ නැතුව ඇති නේද?

7.ලොව ලාබාලතම මව
Lina Medina නම් වූ ඇය ලොව ලාබාලතම මව ලෙස ඉතිහාසගත වී ඇති අතර ඇය මව් පදවිය ලබන විට වයස අවුරුදු 5ක් පමණයි. ඇයගේ දෙමාපියන් ඇයව රෝහල්ගත කොට ඇත්තේ ඇයට abdominal tumor1ක් ඇති බවට සැක කරමින් වුවත් පසුව ඇය ගැබ් ගෙන ඇති බවට වෛද්‍යවරුන් සොයාගනු ලැබුවා. ඇයගේ දරුවා 2.7kg කින් යුක්ත වුනා.

8.කලු ජාතික යුවලකට සුදු ජාතික දරු උපතක්
නයිජීරියානු Ben සහ Angela යුවලට සුදු සමකින් යුත් දරුවෙක් ලැබුනා. දරුවා ඇලි(albino) දරුවකුද නොවන අතර Angela ඔහුගේ ස්වාමි පුරුෂයාට ද්‍රෝහී වී නොමති බවද වෛද්‍ය විද්‍යාවෙන් සනාථ කරනු ලැබුවා.



No comments:

Post a Comment