Tuesday, February 7, 2012

◄ ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න ►

රටේ සුපතල සබන් කර්මාන්ත ශාලාවක සබන් ඇසුරුම් වලට සබන් ඇසුරුම් ගතකරන යන්ත්‍රයේ දෝශයක් ඇතිවිය. සෑම සබන් කැට දහසකටම එක් සබන් ඇසුරුමක් සබන් කැටයක් රහිතව පිටවීම එම දෝශය විය. මේ සඳහා කර්මාන්ත ශාලාවේ තාක්‍ෂණික ශිල්පීන් නියම කරන ලද්දේ ලේසර් ස්කෑනර් යන්ත්‍රයක් තුළින් සබන් කැටයක් රහිතව පිටවන සබන් ඇසුරුම තෝරා ගැනීමයි. ලක්‍ෂ ගණනක් වැයකොට ඔවුන් එම යන්ත්‍රය කර්මාන්ත ශාලාවට මිළදී ගැනීමට ආයතන හිමිකරුට දැනුම් දී තිබෙනු දුටු සාමාන්‍යය සේවකයෙකු ඔහුට එක් අවස්ථාවක් ලබාදෙන මෙන් ආයතන හිමිකරුගෙන් ඉල්ලන ලදී. ඔහුට ඊට අවස්ථාව ලැබුණි.

ඔහු කරන ලද්දේ ඇසුරුම් ගත සබන් පිටවන යන්ත්‍රයේ සබන් ගමන් කරන රෝලට විශාල ප්‍රමාණයේ විදුලි පංකාවක් පැත්තකින් සිටුවා තැබීම පමණයි. එවිට හිස් සබන් ඇසුරුම රෝලෙන් එළියට විසිවුණි. අප ප්‍රශ්න දෙස බලන ආකාරය අනුව එයට ඇති විසඳුම් වෙනස්වේ. සමහරවිට ඇත්තටම ප්‍රශ්න නොවන දෑ ප්‍රශ්න කරගන්නේ අප විසින්ම නොවේද...

''සත්‍යය කතාවක් ඇසුරිණි''


No comments:

Post a Comment