Tuesday, February 7, 2012

◄ වෙනසක් කරන්න වෙනස්ව හිතමුද??? ►

ඈත අතීතයේ ඉන්දියාවේ ජීවත් වෙච්ච වෙළෙන්දෙකුට තමන්ගේ වැරද්දක් හින්දා සිරගත වෙන්න වෙලා තිබුනා. වැරැද්ද මොකක්ද දන්නවද? ණයට ගත්ත ලොකු මුදලක් ආපහු දෙන්න බැරි වෙච්ච එක. ඒත් වයසක, කුදු ගැහුනු, නපුරු පෙනුමක් තිබුනු මුදල් ණයට දුන් පුද්ගලයා මේ ගනුදෙණුව අවසන් කරන්න පුළුවන් විදිහේ දේවල් ගැන වෙළෙන්දා එක්ක කතා කලා.

අවසානයේ, අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නත් එක්කම ඔහු අමුතුම යෝජනාවක් කළා. ඒ තමයි ගනුදෙණුව වෙනුවෙන් වෙළෙන්දාගේ දුවව තමන්ට විවහා කරලා දෙන්න කියලා. ඒ ගැන සහනයක් වශයෙන් ඔහු තව යෝජනාවක් කලා. එනම්, ඔහු විසින් හිස් මුදල් බෑගයකට දමන සුදු හරි කලු පාට හරි පුංචි මාබල් ගල් වර්ග දෙකෙන් එකක් මේ ගැහැණු ළමයා තෝරගන්න විදිහ අනුව ඇය තමා සමඟ විවාහ වෙනවද, පියා සිරගෙට යනවද, නැත්නම් විවාහය හෝ සිරගෙට යාම සිදුවන්නේ නැද්ද කියලා තීරණය වෙනවා. වාසනාව අනුව ඒක දෙපැත්තටම බලපාන එකක් බවත් කියලා ඔහු හයියෙන් හිනා වුනා.

ගැහැණු ළමයාගේ වාසනාවට අනුව ඇය සුදු පාට මාබල් ගල තෝර ගත්තොත්...

''ඇයට වෙළෙන්දා එක්ක විවාහා වෙන්න ඕන වෙන්නෙත් නැහැ, පියාට ණය වෙනුවෙන් සිරගෙට යන්න වෙන්නෙත් නැහැ.''

ඒත් ඇය කලු මාබල් ගල තෝරා ගත්තොත්...

''ඇයට වෙළෙන්දා එක්ක විවහා වෙන්න වෙනවා. හැබැයි පියාට ණය වෙනුවෙන් සිරගෙට යන්න වෙන්නේ නැහැ.''

ඇය එක ගලක් වත් තෝර නොගෙන හිටියොත්...

''පියාට ණය වෙනුවෙන් සිරගෙට යන්න වෙනවා.''

කොහොම වුනත් මේ යෝජනාවට දුවත්, පියත් දෙන්නාම ගොඩාක් දුක් වුනා. එත් ඇයටත් පියාටත් ඊට එකඟ වෙනවා ඇරෙන්න වෙන විදිහක් නෑ මොකද ඇය එක ගලක් වත් තෝර නොගෙන හිටියොත් පියාට ණය වෙනුවෙන් සිරගෙට යන්නම වෙනවා. ඒ හින්දා මේ යෝජනාවට ඔවුන් එකඟ වුනා.

දුකින් බලාපොරොත්තු අතහැරලා ඉන්න කොට මාබල් ගල් ඇතිරු වෙළෙන්දගේ ගෙදර මිදුලේ යෝජනාව ක්‍රියාත්මක කරන දවසත් ආවා. කපටි මුදල් ණයට දීපු නපුරු මිනිහා හිස් බෑගය රැස්ව සිටි පිරිසට විවෘත කරලා පෙන්නලා බිමට පහත් වෙලා කලු පාටම මාබල් ගල් දෙකක් වෙළෙන්දත් දුවටත් නොපෙනෙන්න හිස් බෑගයට දැම්මා. දුකින් හිටියත් දුවගේ තියුණු ඇසට මේ සිද්ධිය හසුවුනා. ඒ එක්කම ඇය එක එක දේවල් හිතුවා.

''මම එකක් වත් ගන්නේ නැතුව ඉන්නවා. ඒත් බැහැ. කමක් නෑ, මම මේ එකක් අරගෙන තාත්තා ණය වෙනුවෙන් සිරගෙට යන එක නවත්තනවා. අයියෝ ! ඒත් මට මේ මනුස්සයා එක්ක විවාහා වෙන්න බෑ. මම මොකද කරන්නේ???''

මේ ගැහැණු ළමයා මොකක් කරයිද? කපටි මිනිහගේ නිවසේ මිදුලේ රැස්වෙලා ඉන්න හැමදෙනාම හිතන්නේ ඒ ගැන.

ඇය බෑගය දෙස නොබලාම ඒ තුලට අත දාලා ටිකක් කලබලයෙන් මාබල් ගලක් එලියට අර ගන්නවත් එක්කම ඒක අර මාබල් අතුරපු බිමට වැරදීමකින් වගේ වැට්ටුවා.

''අයියෝ. මගේ තියෙන කලබලය. තෝර ගත්ත මාබල් ගල බිම වැටුනා නේද? අනේ ඉක්මනටම මල්ල තුල ඉතිරි වෙච්ච ගල මොන පාට එකක්ද බලන්න.''

ඇය ණයට දීපු පුද්ගලයටයි, පියාටයි කෑ ගහලා කිව්වා. වයසක, කුදු ගැහුනු නපුරු පෙනුමක් තිබුනු මේ මුදල් ණයට දුන් පුද්ගලයාට කට උත්තරත් නැති වුනා. ඔහු කල වංචාව හින්දම ඒ ගැන වැඩිය කතාකරන්නත් බෑ. එහෙම වුනොත් මිනිහගේ කපටිකම හැමෝම දැනගන්නවා.

''ෂා ! නියමයි... කලු පාට මාබල් ගල ඉතිරි වෙලා. ඒ කියන්නේ මම තෝරගෙන බිමට වැටුනේ සුදු මාබල් ගලයි.''

ගැහැණු ළමයා කෑ ගැහුවා. ඒ කියන්නේ ඇයට වෙළෙන්දා එක්ක විවාහා වෙන්න ඕන වෙන්නෙත් නැහැ, පියාට ණය වෙනුවෙන් සිර ගෙට යන්න වෙන්නෙත් නැහැ.
ඇය වඩා හොඳින් හිතලා, තැනට සුදුසු නුවණින් මුදල් ණයට දුන් පුද්ගලයාගේ වංචාව ඇයගේ පැත්තට, ඇයගේ වාසියට හරවා ගත්තා.

දන්නවද, හැම අමාරු ප්‍රශ්ණයකටම විසඳුමක් තියෙනවා. හැබැයි සමහර ප්‍රශ්න දිහා සාමාන්‍යය විදිහට හිතලා බලනවට වඩා රාමුවෙන් මිදිලා වෙනස්ම විදියකට හිතන්න වෙනවා. අනිවාර්යයෙන්ම විසඳුමක් ඔබට පෙනෙයි. වෙනස්ව හිතමු ! සුබ දායකව ලොවම වෙනස් කරමු ! අහලා තියෙනවානේ apple සමාගමේ ස්ටිවී ජොබ්ස්. ඔහුත් වෙනස් විදිහටම හිතපු පුද්ගලයෙක්. තවමත් apple සමාගමේ පාඨය '' Think Different ! ''

''දැනුම සොයා සැරිසරන්න'' - http://chamikawp.blogspot.com/


1 comment: