Wednesday, February 8, 2012

◄ ඔබට ඇත්තේ කැමැත්තක්ද? ආදරයක්ද? ►

ඔබ කැමති කෙනා ලඟදී ඔබට සතුටු හිතෙනවා.
ඒත් ඔබ ආදරේ කරන කෙනා ලඟදී ඔබගේ හදවත වේගයෙන් ගැහෙනවා...

ඔබ කැමති කෙනා ලඟදී ශීත ඍතුව ලස්සන ශීත ඍතුවක්මයි.
ඒත් ඔබ ආදරේ කරන කෙනා ලඟදී ශීත ඍතුවත් ඔබට වසන්තයක්...

ඔබ කැමති කෙනා ලඟදී ඔබට ඕනම දෙයක් කියන්න පුළුවන්.
ඒත් ඔබ ආදරේ කරන කෙනා ලඟදී ඔබේ හිතේ තියෙන දේවල් කියාගන්න බැරුව ඔබ ගොළුවෙනවා...

ඔබ කැමති කෙනාගේ ඇස් දිහා බැලුවම ඔබගේ මුවඟට සිනහවක් නැඟෙනවා.
ඒත් ඔබ ආදරේ කරන කෙනාගේ ඇස් දිහා ඔබට එක් වරම බලන්න අපහසුයි. අහිංසක ලැජ්ජාවක් හිතට එනවා...

ඔබ කැමති කෙනා අඬද්දී ඔබ ඒ කෙනාව සනසනවා.
ඔබ ආදරේ කරන කෙනා අඬද්දී ඔබ ඒ කෙනා සමඟම අඬනවා...

ඔබ කැමති කෙනාව ඔබට අමතක කරන්න ඕන නම් ඔබට කරන්න තියෙන්නේ සවන් පත් වහගන්න එක විතරයි.
ඒත් ඔබ ආදරේ කරන කෙනාව ඔබ අමතක කරන්න හැදුවොත් ඔබේ ඇස් වලට කඳුලක් ඇවිත් ඒ කඳුල ජීවිතය පුරාවටම හදවතේ රැඳේවී...


2 comments:

  1. ඔය කියන්නේ...අත්දැකීමෙන්ද අවබෝධයෙන්ද...

    ReplyDelete
    Replies
    1. අන් අයගේ අත් දැකීම් කියවා දැන හැඳින ගෙන ලත් අවබෝධයෙන්

      Delete