Sunday, January 29, 2012

◄ වසර 2000ට පෙර සහ පසු ''අපි'' ►

•වසර 2000ට පෙර - ටීවී එකේ කාටුන් බලන්න හරි ආසයි. පොඩි කාලේ රොබින් හූඩ් යද්දී හැමදාම අම්මට මොනව හරි කියල ශේප් කරලා රොබින් හූඩ් බැලුවා.
•වසර 2000ට පසු - පබා, අමා, මුතු කිරිල්ලිලා ආවා. ගෑනු අඬන එකයි කොල්ලෝ බුට්‌ කන ඒවයි බැලුවා. ඒවා හිතට ගත්තා, අපිත් ඒ විදියට හිතන්න වුනා.

•වසර 2000ට පෙර - ගමේ කොල්ලොත් එක්ක ක්‍රිකට් ගැහුවා, එල්ලේ ගැහුවා. අම්මා පොළේ යද්දී අම්මත් එක්ක පොළේ ගියා.
•වසර 2000ට පසු - ක්‍රිකට් ගේම් හෙවුවා. කම්ප්යුටරෙන් ඕස්ට්‍රේලියා ටීම් ඒක අරගෙන අනිත් ටීම් වලට 6 ඒවා ගැහුවා. බාන් බඩි වලින් පැල වවලා අස්වැන්න ගත්තා. හිඟා කාලා සත්තු ගත්තා. ගේම් එකක් වෙනුවෙන් සත්තුන්ගේ පස්ස ක්ලික් කරලා සල්ලි හෙවුවා.

•වසර 2000ට පෙර - ගෙදර කට්ටියත් එක්ක යාලුවොත් එක්ක එකතු වෙලා ගීතයෙන් ගීතයකිවුවා. දාම් ඇද්දා. කඳු පල්ලම් වල හති වැටෙනකම් බයිසිකල් පැද්දා.
•වසර 2000ට පසු - හෙඩ් ෆෝන් ඒක හරි ear phone ඒක හරි කනේ ගහගෙන සින්දු අහන්න ගත්තා. කම්ප්යුටරෙන් චෙස් අදින්න ගත්තා. ගේම් වලින් need for speed car ගේම් ගැහුවා. වේගවත් ජීවිතයකට මානසිකත්වයක් ආවා.

•වසර 2000ට පෙර - අපි හොඳ සිංහලෙන් කතා කරා. අපේ අම්මලා අපිට හොඳට මනුස්සයෙක් එක්ක අපේ රටේ විදියට කතා කරන්න පුරුදු කරා.
•වසර 2000ට පසු - ඉන්ග්ලිෂ් වචන දාලා කතා කරන්න ඕන කියල කියනවා. සිංහලෙන් කතා කරොත් කොළඹ මිනිස්සු නෝන්ඩි කරනවා. දැන් ඉන්න පොඩි එවුන් ඉන්ටනැෂනල් ස්කුල් දාල ඒ පොඩි උන් කිසිම සිංහල වචනයක් දන්නේ නෑ, ඔන්ලි ඉන්ග්ලිෂ්.

•වසර 2000ට පෙර - මනුස්සයොත් එක්ක සුහදව මූණ බලාගෙන කතා කරා. මිනිස්සුන්ව හොඳට අඳුරගෙන හිතවත් කමක් ගොඩ නගාගෙන කතා කරා. පිට රට යාලුවට පෑනේ මිතුරන් යයි කියා ලියුම් යැවුවා.
•වසර 2000ට පසු - ෆේස්බුක්, මේල්, ට්විටර් අනං මනං ආවා. චැට් එකේ කවදාවත් නොදැකපු කොහොම මිනිස්සුද කියල නොදැන තමන්ගේ අම්මා තාත්තාද කියලවත් නොදැන ඔහේ ප්‍රොෆයිල් පික්චර් එකක් දිහා බලාගෙන අකුරු ටයිප් කරන්න පුරුදු උනා. ස්කයිප් එකෙන් මුණ බලාගෙන කතා කරන්න පුරුදු උනා.

•වසර 2000ට පෙර - ගංගාවල් වල පැනල ඇති වෙන්න පීන පීන නෑවා. පොත් කියෙවුවා. නවකතා පත්තර කියෙවුවා. ආච්චි සීයා කියන ලස්සන කතා අහගෙන හිටියා.
•වසර 2000ට පසු - බාත්රුම් එකේ ෂවර් එකෙන් නාන්න ගත්තා. නව කතා ඉන්ටනෙට් එකෙන් අරන් කියවන්න පුරුදු වුනා. ආච්චි සීයා කියන කතා වෙනුවට යු ටියුබ් එකේ අයගේ කතා අහන්න ගත්තා.

•වසර 2000ට පෙර - අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ එක්ක ගොඩාක් වෙලා හිටියා. එහෙම කාලය ගතවෙන කොට වෙන කිසිම දේකට හිතක් තිබුනේ නෑ. හැම තත්තපරයක්ම එයාලත් එක්කම ගත උනා.
•වසර 2000ට පසු - අම්මා තාත්තා වෙනුවට ෆේස්බුක් එකේ ඉන්න යහළුවන් එක්ක කාලේ ගෙවනවා. සමහරු නයිට් ක්ලබ් වල, සමහරු බීච් පාටි වල.

ඒ ලස්සන කාලය ආයෙත් එන්නේ නෑ, අපි විසින්ම අපි ඒ දේවල් නැති කරගෙන අවසානයි. ගමේ හිටියත් කොළඹ හිටියත් ඒ දවස් සුන්ඳරයි අදට වඩා. තව ටික කාලෙකින් සිංහල කියල භාෂාවක් මේ ලංකාවේ තියෙන එකක් නෑ. පන්සලකට යන මිනිස්සු අඩු වේවි. ෆෝන් වලින් කම්ප්යුටර් වලින් කෙල්ලෝ කොල්ලෝ ජිවත් වේවි, සතුටු වේවි. කම්ප්යුටර එක්ක වර්තමානේ මිනිස්සු, අනාගතේදී ජිවත් වේවි. අපි ඉන්නේ ලංකාවේ කියල අමතක වේවි. මහන්සි වෙලා වැඩක් කර ගන්න බැරි වේවි, හැමදේම ගුගල් එකෙන් හොයා ගනීවි. පරණ හණ මිටි කතාවක් නොවන බවත් පරණ හණ මිටිය වුවත් සතුට තිබුනේ එහි බවත් හැමෝටම අමතක වෙලා. මේ උත්සාහය ඒ හණමිටි, ගොඩේ කාලය කාට කාටත් නැවතත් මතක් කරදෙන්න විතරයි. කවුරුත් තරහ ගන්න එපා, මොකද මේ දේ කියවද්දී මටත් රිදුනා. ඒත් තිත්ත වුනත් මේකම නේද යාලුවනේ ඇත්ත...

සම්පූර්ණ ස්තූතිය දිමුත් මධුශංක මල්ලීට...


3 comments:

  1. mata dukak ati une me post eka kiyawal nemei. meka kiyawala comment ekk danna wat hitk pahala nounu minissu ganai. yaluwa api hamadama jiwat wena minissu nemei eth ape sundara matakayan ape hite tiyanawa apita ewa matak wenawa api e sundara kale gana adambra wenawa. apita ehema kalayak tibunata dan inna eunta na ne kiyala. mamat oya kiyapu hugak dewal karala tiyanawa. attatama mama satutui mata ehema kalayak tibuna eka gana. eth duka sinhala kiyana jatiya anagatayedi winasa wena ekta. mama sinhala bauddayek mage daruwoth sinhala baudda. sinhala jatiya nati wenna idatiyanna ba e mokada jatiyak washayen utum gati guna tiyana ekama jatiya sinhala baudda nisa.

    me lipiya liyapu ekat adahsat kalochithai.

    ReplyDelete
  2. සමා වෙන්න............ දැන් අපිට අපිවම කවුද කියල අමතක වෙලා. දුවන ලොකෙත් එක්ක අපිත් දැන් දුවන්න පුරැදු වෙලා ඇයි කියල අපිවත් දන්නේ නෑ. තවම හොයනවා හොයා ගන්න දවසටක අපි පරක්කු වැඩි වේවිද.........?

    ReplyDelete
  3. බටහිර සංස්කෘතිය දිඋනුව කල්ප විනාශයක් වගේ තමා..දෙවීයන්ගේම පිහිටයි.

    ReplyDelete