Sunday, January 1, 2012

◄ ජීවිතයට වටිණාකමක් දෙන්න ►



•වසර 10ක ඇති වටිණාකම තේරුම් ගැනීමට ලඟදී දික්කසාද වුනු යුවලකගෙන් විමසන්න.
•වසර 4ක ඇති වටිණාකම තේරුම් ගැනීමට උපාධිධාරියෙකුගෙන් විමසන්න.
•වසරක ඇති වටිණාකම තේරුම් ගැනීමට අවසන් විභාගය අසමත් වූවෙකුගෙන් විමසන්න.
•මාස 9ක ඇති වටිණාකම තේරුම් ගැනීමට මළ දරුවෙකු ප්‍රසූත කල මවකගෙන් විමසන්න.
•මාසයක ඇති වටිණාකම තේරුම් ගැනීමට නොමේරූ දරුවෙකු ප්‍රසූත කල මවකගෙන් විමසන්න.
•සතියක ඇති වටිණාකම තේරුම් ගැනීමට සතිපතා පුවත්පතක කතුවරයෙකුගෙන් විම්සන්න.
•පැයක ඇති වටිණාකම තේරුම් ගැනීමට මුණගැසීමට පෙරුම් පුරන ආදරවන්තයින් දෙපලකගෙන් විම්සන්න.
•මිනිත්තුවක ඇති වටිණාකම තේරුම් ගැනීමට බසයක් හෝ කෝච්චියක් මඟ හැරුණු අයෙකුගෙන් විමසන්න.
•තත්පරයක ඇති වටිණාකම තේරුම් ගැනීමට හදිසි අනතුරකින් නූලෙන් බේරුනු පුද්ගලයෙකුගෙන් විමසන්න.
•මිලි තත්පරයක ඇති වටිණාකම තේරුම් ගැනීමට ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙහි මීටර් 100 ධාවන ඉසව්වෙන් රිදී පදක්කම ලැබූ තරඟකරුවෙකුගෙන් විමසන්න.

අපි කිසිම කෙනෙක් වෙනුවෙන් හෝ නොනවතින කාලය යන්නෙහි වටිණාකම තේරුම් ගන්න මේ දැන් සිටම සිතට ගනිමු. ''Time waits for no one. Treasure every moment you have.''

1 comment:

  1. **** කාලය යනු ඔබගේ ඡීවිතයයි ****
    -තත්පරයක් ගෙවීයාම යනු ඔබට ඡීවත් වීමට ඇති කාලයෙන් තත්පරයක් අඩුවීමයි.-

    ( මා මෙය type කරන මොහොතේදීත් ගෙවී ගියේ කාලය නොව මගේ ජීවිතයයි.)

    (සැමදා සතුටින් ජීවත් වෙන්න. ඒ වගේම ජීවිතය "balance" කර ගන්න අමතක කරන්න එපා.)

    **** ජීවිතය ඇත්තේ විඳවීමට නොව විඳීම සඳහාය ****

    ReplyDelete