Saturday, January 14, 2012

◄ සමරු අත්සන ►



එදා දෙසැම්බර් 24 සවස. හැමෝටම නත්තලේ සතුට දැනෙමින් තිබුනා. අම්මලා තාත්තලා ලමයි එක්ක සතුටින් ගෙවල් සරසනවා. රොබ් පහුවදා තිබුනු උත්සවයකදි දුප්පත් අයට දන් දෙන්න පාවිච්චි නොකරන බඩු භාණ්ඩ සොයමින් හිටියා. එවෙලේම නිවසට ආවේ රොබ් ගේ ඥාතියෙක්. දන් දෙන්න තිබුන බඩු අස් පස් කරන්න උදව් වෙන අතරේ ඔහුගේ ඇස ගැසුනේ තරමක් දුහුවිලි වැදුනු බේස් බෝලයක්.

"ඒයි රොබ්, උඹට මතකද මේ බෝලෙ??" බෝලෙ දුටුවා විතරයි රොබ් ට ලස්සන සිනහවක් ගියා. "ඕක නම් දන් දෙන්න බැහැ. නෝනා අමතක වෙලා ඕකත් දාන්න ඇති" "හහ් හහ්... උඹ තාමත් ඔය බෝලෙට ආදරෙයි නේද?" ඥාතියා ඇහුවා. 'ඔව්... මම ක්‍රීඩා විස්තර සපයන්නෙක් විදිහට මගේ රස්සාව පටන් ගත්තෙ ඔය බෝලෙ නිසා. තාත්තා මට වයස 8 දි ඔයක ගෙනත් දුන්නෙ. පීට් සයිමන්ට කියලා මගේ නමින් පීට් අත්සන් කල දවසෙ ඉදන් මම ක්‍රීඩා වලට ආස වුනා. දන්නවනෙ පීට් කියන්නෙ මගේ ප්‍රියතම බේස්බෝල් ක්‍රීඩකයා." "හහ් හහ්... උඹ තාම හිතන්නෙ පීට් ඕක උඹට අත්සන් කලා කියල නේද? පීට් වගේ අය එහෙම කරන්නෙ නැහැ බං. එයාල තමන්ගෙ පුහුණුකරුවො දම්මල තමා ඔය වගේ සමරු සටහන් අත්සන් කරවන්නේ." රොබ් ගේ මුහුණ අඳුරු වුනත් එයා වචනයක් වත් කීවෙ නැහැ.

ඥාතියා ගියාට පස්සෙ රොබ් තනිවම අර බෝලෙ අතේ තියාගෙන කල්පනා කරනවා රොබ්ගෙ බිරිඳ දුටුවා. 
ඥාතියා ගියාට පස්සෙ රොබ් තනිවම අර බෝලෙ අතේ තියාගෙන කල්පනා කරනවා රොබ්ගෙ බිරිඳ දුටුවා. "මම ඔක්කොම අහගෙනයි හිටියෙ රොබ්. ඔයාට පිස්සුද ඕක ගැන දැන් මෙච්චර හිතන්නෙ. දැන් ඔය බෝලෙ ඔයාට ලැබිලා අවුරුදු 25ක් වෙනවා. අද දකිනකල් ඔයාට ඔයක ගැන මතකයක් වත් තිබුනෙ නැහැ. ඔයක අමතක කරල මේ වැඩේ ඉවර කරමු" "ඔයාට තේරෙන්නෙ නැහැ. මම මගේ උසස් අධ්‍යාපනය කැප කලා මගේ රස්සාවට. මම අද මෙතන ඉන්නෙ මේ බෝලෙ නිසා. මගේ ජීවිතේ මගේ අනාගතේ වෙනස් වුනේ මේක නිසා. ඔයාලට වැරදිලා. මේක පීට් මං වෙනුවෙන් අත්සන් කල එකක්. මගේ තාත්තා මට මෙහෙම බොරුවක් කරන්නේ නැහැ. ඉන්න මම ඔප්පු කරන්නම්. මම තාත්තව දැන්ම හම්බ වෙන්න යනවා"


බිරිඳගේ විරෝධය නොතකා රොබ් පියාගේ නිවසට ගියා. ඔහු පියාට තම බෝලය පෙන්නුවා. තාත්තගේ මුහුණේ ලස්සන සිනහවක් ඇදුනා. "මේ මම ඔයාට ගෙනත් දුන්නු බෝලෙ නේද රොබ්. ඉන්න බලන්න. එතකොට ඔයාට 8ක් විතර ඇති. හහ් හහ්. අත්සන තවම එහෙම්මමයි නේද? මෙච්චර කල් මේ තීන්ත එක තියෙයි කියලා මම හිතුවෙ නැහැ" රොබ් ගොලු වුනා. ඔහු වේගයෙන් බෝලය පොලවෙ ගැහුවා. රොබ්ගෙ තාත්තා පුදුම වෙලා බලං හිටියා. "එතකොට මම මෙච්චර කල් මෝඩයෙක් වගේ මේක ඇත්ත කියලා විශ්වාස කලා. මගේ රස්සාව මගේ ජීවිතය ගොඩ නැගුවෙ බොරුවක් උඩ. මම මෙච්චර කාලයක් මේ බොරුව විශ්වාස කරද්දි ඇයි මට කීවෙ නැත්තෙ??? "


රොබ් තාත්තාගේ මුහුණට කේන්තියෙන් බැණ වැදුනා. තාත්තාගෙ මුහුණ අඳුරු වුනා. "මම හිතුවෙ ඔයා ලොකු වෙද්දි දැනගන්න ඇති කියලා රොබ්. මම මේ වගක් දැනගෙන හිටියෙ නැහැ. අනික මේක එච්චර ලොකු දෙයක් නෙමේ" වචනයක්වත් කතා නොකල රොබ් පිටව යන්නට දොර ගාවට ගියා. "මම වෙන මොනවා කරන්නද රොබ්." පියාගෙ හැඬුම්බර කට හඬ ඇහුනා. "එතකොට ඔයා පොඩී. ඔයා මගෙන් ඔය බෝලෙ ඉල්ලල දවස් ගානක් ඇඬුවා. මම දවස් 5ක් පීට් සෙල්ලම කරනවා බලන්න ගිහින් එයාලගෙ ක්‍රීඩාගාරෙ ගේට්ටුව ගාව බලාගෙන හිටියා. ඒත් එයා එක්ක කතා කරන්න මට බැරි වුනා. පස්සෙ මම පුහුණු වීම් කරන තැනට ගියා. ඒත් එයා එක්ක කතා කරන්න දුන්නෙ නැහැ. පස්සෙ ඔයා බෝලෙ ඉල්ලලා කන්නෙ නැතුව හිටියා. එදා මම පැය ගානක් පීට්ගෙ අත්සන ගහන්න පුරුදු වුනා. කොහොම හරි අන්තිමට මම එයාගෙ වගේම අත්සනක් ගැහුවා. මට වෙන කරන්න දෙයක් තිබුනෙ නැහැ පුතා..."



රොබ් මොහොතක් නිහඬව හිටියා. පස්සෙ බිම වැටිලා තිබුනු බෝලය අහුල ගත්තා. පස්සෙ දොර ගාවට ඇවිත් පියා දිහා ආදරෙන් බැලුවා. "සුභ නත්තලක් තාත්තේ. මේ බෝලෙ මෙච්චර වටිනවා කියලා මම අදයි හරියට තේරුම් ගත්තේ." දොර වහගෙන එලියට යන ගමන් රොබ් කිව්වා.
~~පරිවර්ථනයකි~~ සම්පූර්ණ ස්තූතිය Jayanath Ranga Weragoda සොහොයුරාට. ◄►◄►◄►◄►◄►◄►◄►◄►◄►◄►◄►◄►◄►◄►◄►◄►
''මවකට මුවාවි නුඹ වෙත දිරි දුන්නේ මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ'' තාත්තලගේ ආදරේ ඒ වගේ, අපි පොඩි කාලේදී තමයි එයාලගේ ආදරේ අපිට පෙන්නන්නේ. ඒත් අපි ලොකු වෙනකොට එයාලා අම්මල වගේම අපිට ඒ ආදරේ පෙන්නන්නේ නෑ. ඒත් වෙනසක් නෑ, ආදරේ ඒ වගේමයි.

No comments:

Post a Comment