දිනක් තරුණ පුතෙකු තම මවට මෙසේ පැවසීය...
''අම්මේ, අම්මා මම වෙනුවෙන් කරපු හැමදේටම ණය ගෙවන්න මට ඕන. මට මොකද්ද ඒ වෙනුවෙන් කරන්න පුළුවන්?''
''මගේ පුතාට කවදාවත් ඒ දේ කරන්න බෑ පුතේ, අනික මම කවදාවත් පුතාගෙන එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ.''
''එහෙම කියල බෑ, මම කැමතියි අම්මා මම වෙනුවෙන් කරපු හැමදේටම ණය ගෙවන්න.''
දිගින් දිගටම තම පුතුගේ පෙරැත්ත නිසාම ඇය මෙසේ පැවසුවා...
''හොඳයි, එහෙනම් පුංචි කාලේ වගේ අද රෑ මම ලඟම නිදා ගන්න ඕන''
එය එතරම් දෙයක් නොවන බව හැඟුණු පුතුද එයට කැමති වුනා...
''හොඳයි අම්මේ, ඒක අම්මට සතුටක් වෙනව නම් මම කැමතියි අම්මට තියෙන ණය පියවන්න ඒ දේ කරන්න''
එදින රාත්‍රියේ පුතු අසලින් නිදාගත් ඇය, පුතු නින්ඳට වැටුණු පසු වතුර ජෝග්ගුවක් ගෙන විත් ඒ වතුර ඔහු නිදන ඇඳ ඇතිරිල්ල පුරාවට විසුරුවා හැරියා. නින්ඳෙන්ම දැණුනු සීතලත් සමඟම ඔහු ඒ තෙත ප්‍රදේශයෙන් මදක් ඈත් වී නැවත නින්ඳට වැටුණා. ඇය නැවතත් වතුර ජෝග්ගුවක් ගෙනවිත් ඔහු ඒ වනවිට සිටි ඇඳ ඇතිරිලි කොටසට විසුරුවා හැරියා. මෙවර ඇහැරුණු ඔහු එක්වරම දුටුවේ තම මව වතුර ජෝග්ගුවක් ද ඇතැතිව ඔහු අසල සිටින අයුරුයි.
''මොකද්ද අම්මේ මේ කරන්නේ? පිස්සු හැදිලද? ඇයි මට නිදාගන්න දෙන්නේ නැත්තේ? මම කොහොමද මේ තෙත ඇඳේ දැන් නිදාගන්නේ?''
සිහින් සිනහවක් මුවඟට නගා ගත් අම්මා මෙසේ පැවසුවා...
''පුතේ, පුතා පුංචි කාලේ මම ගාව නිදා ගනිද්දී පුතා ඇඳේ තෙමා ගන්නවා, ඊට පස්සේ මම පුතාගේ තෙත ඇඳුම් මාරු කරල, පුතාව ඇඳේ තෙත නැති පැත්තෙන් තියලා, මම පුතා තෙමපු පැත්තෙන් නිදා ගන්නවා. පුතාට මේ අම්මා කරපු දේට ණය ගෙවන්න ඕන නම්, පුතාට එක රාත්‍රියක් මේ තෙත මෙට්ටෙම නිදා ගන්න වෙනවා. එහෙම නිදා ගත්තොත් මම පිළිගන්නවා පුතා මම වෙනුවෙන් හැම ණයක්ම ගෙවා දැම්මා කියලා''
පුතුගේ දෙනෙත් කඳුලින් බරවී යද්දී ඇය තම පුතුව තම උණුසුමට ලං කරගත්තේ අසීමිත වූ සෙනෙහසිනි...
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩූ මගේ අම්මා...
දරා දස මාසේ ඉහිලූ බරට ණය ගැතියි ජීවිතෙන් මා...

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩූ මගේ අම්මා...
දරා දස මාසේ ඉහිලූ බරට ණය ගැතියි ජීවිතෙන් මා...
No comments:
Post a Comment