Sunday, January 29, 2012

◄ අන්තර්ජාලය ගැන දන්නවද? ►

ගොඩාක් දෙනා දන්නේ නෑ ඇත්තට මේ අන්තර්ජාලය කොච්චර පිරිසක් පාවිච්චි කරනවද කියලා. ඔයා දන්නෙත් නෑ නේද? ඒත් මේ විස්තරය කියවන ඔයත් ලොව පුරා අන්තර්ජාලය පාවිච්චි කරන ''බිලියන 2.1'' පුද්ගලයන්ගෙන් කෙනෙක්. ආහ්... පුදුමයි නේද? ඒත් ඒක ඇත්තයි. මේ වන විට ලොව පුරා බිලියන 2.1 ජනතාවක් අන්තර්ජාලය පාවිච්චි කරනවා. එය බිලියන 7ක් වු මුළු ජනග්‍රහනයෙන් 30%කට ආසන්නයි.

2000 වසරේදී අන්තර්ජාලය භාවිත කලාට වඩා මිලියන 360 කින් 2011 වෙනකොට එම පිරිස වැඩිවෙලා. ඉතින් අද කියන්න යන්නේ 2011 අවසාන වෙනකොට අන්තර්ජාලයේ තියෙන වෙබ් අඩිවි, සමාජ ජාලා වෙබ් අඩවි, ඊ මේල් ආදියේ පුදුම හිතෙන විස්තර ටිකක්.

•2011 වන විට දී අපේ රට ඇතුලත් වන ආසියවේ පමණක් අන්තර්ජාලය භාවිතා කරන්නන් මිලියන 922 ක් ඉන්නවා. ඒ තමා මහද්වීපයක වැඩිම අන්තර්ජාල භාවිතයක් තියෙන්නේ. එයින් වැඩිම පිරිස වගේම රටක් තුල වැඩිම පිරිසක් අන්තර්ජාලය භාවිතා කරන්නේ චීනයේයි. ඒ මිලියන 485 ක් එය මුලු චීන ජනග්‍රහණයෙන් 36% ක් වෙනවා.

•ඒ වගේම යුරෝපය තුල මිලියන 476.2 ක්, උතුරු ඇමරිකාවෙහි මිලියන 271.1 ක් ලතින් ඇමරිකාව හා කැරබියන් දුපත් හි මිලියන 215.9 ක්, මැදපෙරදිග රටවල් හි මිලියන 68.6 ක් අප්‍රිකාව තුල මිලියන් 118.6 ක් හා ඕස්ට්‍රේලියාව තුල මිලියන 21.3 ක් වෙන ප්‍රමාණයක් ඉන්නවා.

•මේ අයගෙන් 45% දෙනා වයස 25ට අඩු අය.

•මිලියන 519 ක්ම රැහැන් සබඳතාවයන් භාවිත කරන්නන්.

•2011 දෙසැම්බර් මාසය අවසාන වෙද්දී ලොව පුරා මිලියන 555 ක් වු වෙබ් අඩවි ප්‍රමාණයක් තියෙනවා. විශේෂත්වය එයින් මිලියන 300ක්ම 2011 දි ඇතුලත් වුනු ඒවා. එයින් මිලියන 95.5ක්ම .com විදිහට ලියාපදිංචි වුනු ඒවා.

•ලොව වටා ලියාපදිංචි වුන E-Mail ලිපින බිලියන 3.146 ක් වෙනවා. එයින් ජනප්‍රියම Hotmail තමා, එය ලොව වටා මිලියන 300ක් දෙනා භාවිතා කරනවා. 2011 ඔක්තෝබර් මාසය වෙන කොට ඊ-මේලය ලොවට හදුන්වලා දීලා අවුරුදු 40ක් වෙනවා.

•වෙබ් සර්වර්ස් සපයන්නන්ගෙන් ඉදිරියෙන්ම සිටින්නේ 64%ක ප්‍රමාණයක් හිමිකරගෙන සිටින Apache ආයතනයයි. ගුගල් සමාගම 9% කි.

•2011 අවසාන වෙද්දි facebook අඩවියේ මිලියන 800ට වැඩි පිරිසක් ලියාපදිංචි වෙලා ඉන්නවා. 2011 අවුරුද්දේ මැද වෙද්දී facebook වලට ලොව වටා එකතුවී තිබු ජයාරෑප ප්‍රමාණය බිලියන 100ටත් වැඩියි. මේ මිලියන 800න් මිලියන 350ක්ම බොහෝ විටම facebook හරහා එකතු වෙන්නේ ජංගම දුරකතන හරහායි.

•2011 ඔක්තෝම්බර් වෙන විට දිනකට සාමානයෙන් twitter අදහස් මිලියන 250 ප්‍රසිද්ධ වන අතර twitter වෙබ් අඩවියේ මිලියන 225ක් සාමාජිකයන් සිටිනවා. එයින් මිලියන 100ක් දෙනා 2011 වසරේදී ක්‍රියාකාරී සමාජිකයන් ලෙස සිටී. Twitter හි ජනප්‍රියම ගිණුම ඇත්තේ ''Lady Gaga''ටයි.

•2011 අවසානයේ දී ලොව වටා මිලියන 70ක WordPress බ්ලොග් අඩවි ප්‍රමාණයක් ඇත.

•2011 දි youtube වෙබ් අඩවියේ ට්‍රිලියනයකට වඩා 1,000,000,000,000(one trillion) පමණ වන විඩියෝ ප්‍රමාණයක් ලොව වටා නරඹා ඇත. එය මුලු ජනග්‍රහණයෙන් ගත් විට ලොව එක් පුරවැසියකු විඩියෝ 140ක් නැරඹීමකි. සාමාන්‍යයෙන් විනාඩියකදි පැය 48කට සමාන විඩියෝ ප්‍රමානයක් youtube වලට අප්ලෝඩ් කරන බව පැවසේ.

•2011 අවසාන වෙද්දි Flicker වෙබ් අඩවිය තුලට බිලියන 06ට ආසන්න පින්තුර ප්‍රමාණයක් upload කොට ඇත. මිලියන 51 වන ලියාපදිංචි Flicker සාමාජිකයන් සාමාන්‍යයෙන් දිනකට පින්තූර මිලියන 4.5 අප්ලෝඩ් කරන බව කියවේ.

මේ තියෙන දේවල් කියවලා ඉවර වුනාම මට නම් හිතුනේ අපි මොනවද මේ අන්තර්ජාලයත් එක්ක කරන්නේ, අනිත් අය මොනවද කරලා තියෙන්නේ කියලා. කොහොම වුනත් මේ සංඛ්‍යා ඉහල දාන්න අපෙනුත් සහය ලැබිලා තියෙනවා. ඒ ගැන ආඩම්බර වෙන ගමන් මේ තොරතුරු යාලුවෝ අතරත් ''SHARE'' කරන්න.

Source : විනෝදයට දැනුම සොයා - Www.Chamikawp.blogspot.com


No comments:

Post a Comment