Thursday, January 5, 2012

◄ දයාබර අම්මේ... ►



දයාබර අම්මේ,
මට මේ දේ අම්මට කොහොම තේරුම් කරන්නද කියලා හිතාගන්න බෑ. මම අම්මටයි තාත්තටයි මේ දේ කටින් කියල තේරුම් කරන්න හැදුවොත් අම්මලා කවදාවත් මාව තේරුම් ගන්නේ නෑ කියල මම දන්නවා. අම්මා මේක කියවනකොටත් මම අම්මලගෙන් ගොඩක් ඈතට ගිහිල්ලා. ඔව් අම්මේ, මම අල්ලපු ගෙදර කුසුමත් එක්ක පැනලා යන්න තීරණය කරා. අම්මල කවදාවත් අපේ ආදරේ තේරුම් ගන්න එකක් නෑ, මේ කුරිරු ලෝකෙන් ඈත් වෙලා අපි අපේ පරම, පිවිතුරු, අවංක, අකලංක ආදරේ වෙනුවෙන් තනිවෙන්න තීරණේ කරා. අම්මලා දුක් වෙන්න එපා, මම දැන් පොඩි ලමයෙක් නෙවෙයිනේ. අම්මා කුසුමට සක්කරවට්ටම කිව්වට එයා මට නම් අහිංසක මුව පැටියෙක් වගේ. අපි දෙන්න අපි දෙන්නගේ ලෝකේ අද ඉඳන් තනි වෙනවා අම්මේ. තාත්තටත් කියන්න දුක් වෙන්න එපා කියලා. අපි දෙන්න අපේ දරු පැටව් එක්ක ඉක්මනටම එයාලගේ සීයයි ආච්චියි බලන්න එනවා. එදාට අම්මලා අපි දෙන්නගේ ආදරේ පිළිගනියි.

අම්මට අවසන් වශයෙන් එක දෙයක් කියන්න තියෙනවා. ඉහත සඳහන් සියලුම කරුණු අසත්‍යයක් බවත්, මේ මොහොත වනවිටත් මා සරත්ලගේ ගෙදර සතුටින් සාමදානයෙන් ජීවත් වන බවත් සතුටින් දැනුම් දෙන්න කැමතියි. මට අම්මට තේරුම් කරල දෙන්න ඕන වුනේ මගේ මේස ලාච්චුවේ තියෙන ප්‍රතිපල වලට වඩා නරක දේවල් අපේ ජීවිත වල වෙන්න පුළුවන් කියලා. මට ගෙදර එන්න සුදුසු යහපත් වාතාවරණයක් ඇතිවුනු විගස මට call 1ක් දෙන්න. මම මගේ අම්මට ගොඩාක් ආදරෙයි...

බුදුසරණයි !

No comments:

Post a Comment