Monday, January 30, 2012

◄ අවවාදයයි ! ! ! ►


අංක 1 ► මෙය නම් වැඩි වශයෙන් පිරිමි පාර්ශවයට අදාල කරුණක්. ඒත් අපි එදිනෙදා ජීවිතයේදී වැඩිපුරු නොසිතා කරන නරක පුරුද්දක්. ඒ තමයි අපේ wallets නැතිනම් පසුම්බි, කලිසමේ පිටුපස සාක්කුවේ රඳවා ගෙන සිටියදීම අසුන් ගැනීම. මෙසේ අසුන් ගැනීම නිසා අපගේ කොඳු ඇටපෙළට සිදුවන හානිය නම් අති විශාලයි. ඔබ එසේ පසුම්බිය සමඟ අසුන් ගන්නා විට ඔබගේ ශරීරයේ පිටුපසට සහ කොඳු නාරටියට වේදනාවක් දැනෙනු ඇති. එය ක්‍රමයෙන් පාද දක්වා ගමන් කරන අතර ඔබගේ පිරිෆෝ(ර්)මිස් පේශියට[piriformis muscle] දිනපතා දිගු වේලාවක් මෙසේ වේදනාව දැනීමෙන් පිරිෆෝ(ර්)මිස් පේශියට යටින් ඇති සියැටික් සිනායුව[sciatic nerve] තදවීම නිසා ස්නායු ආබාධ පවා ඇතිවිය හැකියි. පසුම්බිය නිසා කොන්ඳ කඩාගන්නේ නැතුව අපි අසුන් ගන්නා විටදී පසුම්බිය සාක්කුවෙන් ඉවත් කරමු නේද?

අංක 2 ► මේක නම් තරුණ තරුණියන් දෙපාර්ශවයටම අදාලයි. බොහෝම භයානක තත්ත්වයක්. අපි නිදාගන්න ඇඳට ගියාම ජංගම දුරකතනය තියාගන්නේ අපේ මොළයට ආසන්නවයි. සමහරු නම් කොට්ටේ යට. ජංගම දුරකතනය පිළිකාකාරකයන් ශ්‍රේණිගත කිරිමේ 2 B කාණ්ඩයට ඇතුලත් කර තිබෙනවා. ජංගම දුරකතනයක් ඉතා දුර්වල ක්ෂුද්‍ර තරංග නිකුත් කරණු ලබන අතර Cedars-Sinai(Los Angeles) ස්නායු වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය කින් බ්ලැක් පවසන්නේ මයික්‍රොවේව් උදුනක මස් තම්බන්නේ යම්සේ ද ජංගම දුරකතනයක් ඔබේ මොළයද එලෙසම තම්බන බවයි. Vibrate දමා කොට්ටය යට තබා ගැනීම වඩාත් භයානක බවද ඒ මහතා පවසනවා. කවුරු කවුරුත් මල් කඩන්නේ පරිස්සමින්...

ඔබ ආදරය කරන අයව දැනුවත් කරන්නත් අමතක කරන්න එපා...


No comments:

Post a Comment