Tuesday, January 31, 2012

◄ අතක් නැති කොල්ලට මොන ''ජූඩෝ'' ද? ►



පෝල් කියන පොඩි කොල්ලට ඕන වුනා “ජූඩෝ“ ඉගෙන ගන්න. ඉතින් වයසක ජපන් ''ජූඩෝ'' ගුරුතුමෙක් ළගට තමා පෝල් ''ජූඩෝ'' ක්‍රීඩාව ඉගෙන ගන්න ගියේ. ඒත් පොඩි ප්‍රශ්නයක් තිබුණා. දන්නවද? මේ පෝල් ගේ වම් අත නෑ. කාලෙකට ඉස්සර සිදුවුණු භයානක රිය අනතුරකින් පෝල්ට එයාගේ වම් අත අහිමි වුනා. හැබැයි පෝල් ට ඒක ප්‍රශ්නයක් වෙන්න ගුරුතුමා ඉඩ දුන්නේ නෑ.

කාලයත් එක්ක පෝල් ''ජූඩෝ'' ක්‍රීඩාව හොදට පුරුදු වේගෙන ගියා. ඒත් මාස 3ක් වෙලත් මේ වයසක ජපන් ගුරුතුමා පෝල් ට කියලා දෙන්නෙ එකම සටන් ක්‍රමය. එකම එක චලනයක් විතරමයි. පෝල්ට මේක ඇති වුනා.

සෙන්සෙයි... මොකක්ද මේ? මට වෙන සටන් ක්‍රම කියලා දෙන්නේ නැද්ද? මට දැන් මේක කරලාම ඇති වෙලා. පෝල් ටිකක් තරහින් කිව්වා.

ඒක නම් ඇත්ත. මේ ඔයා දන්න එකම විදිහ. ඒත් මේකම තමා ඔයා හැමදාටම දැන ගන්නත් ඕන එකම සටන් ප්‍රහාරක ක්‍රමය. ඉතා ශාන්තව ගුරුතුමා කිව්වා.

අනේ මන්දා... හොදයි.

ගුරුතුමාගේ වචනය විශ්වාස කරලා පෝල් ආපහු දිගටම පුහුණු වීම් කලා. කාලය ගත වෙලා යද්දී ගුරුතුමා ජුඩෝ තරඟාවලියකට පෝල් ව එක්ක ගෙන ගියා. පලවෙනි තරඟයට ඔහු ඉදිරිපත් වෙද්දී වටේ අයත් පුදුම වුනා. පළවෙනි තරඟය පහසුවෙන්ම පෝල් ජය ගත්තා. ඔහුත් ඒ ගැන පුදුම වුනා වගේම තව ටිකක් උනන්දුත් වුනා. දෙවනි තරඟයත් පහර දෙක තුනක් වැදුනත් සටන් කල පෝල්ට ජය හිමිවුනා. තුන්වෙනි එක නම් ටිකක් අමාරු පාටයි. එහෙත් ප්‍රතිවාදියාගේ ඉවසුම් නැති වීමත් තරහා යාමත් වාසිය කරගත් පෝල් තමන් දන්නා එකම සටන් ක්‍රමයෙන් ඔහුවත් පරාජයට පත්කලා. ඔහු පුදුම වුනා ඔහු ගැනම. මේ අන්තිම තරඟය. හැබැයි පොල් ගේ ප්‍රතිවාදියා හොද ශක්තිමත් උස ඒ වගේම හොද පළපුරුදු ක්‍රීඩකයෙක්. එහෙම බලන කොටනම් මේ දෙන්නා අතරේ කිසිම ගැලපීමක්වත් නෑ.

තරගය පටන් ගත්ත සැනින් ම පෝල්ට පහර පිට පහර වැදුනා. ඔහුට සිතා ගන්නවත් වුනේ නෑ මොකක්ද වුනේ කියාලා. විනිසුරුවා තරඟයේ විවේක කාලයක් සටහන් කලා. හොදටම පහර කෑ පෝල් ගුරුතුමාගෙන් තරඟය නවත්තන්නදැයි ඇහුවා.

එපා. එපා. දිගටම සටන ගෙනියන්න. ඔබටත් අවස්ථාවක් ඒවි. ජපන් ගුරුතුමා ශාන්තව කිව්වා.

නැවත තරඟය ක්‍රියාත්මක වුනා. දිගටම සටන යන අතරේ ප්‍රතිවාදියාගේම වරදින් ඔහුගේ ආරක්ෂක ආවරණය බිම වැටුනා. ඒ අවස්ථාවේදීම පෝල් ක්ෂණයකින් ඔහුව බිම දැම්මේ තමන් දන්න එකම සටන් ක්‍රමයෙන්. ඔහු තරඟය දිනුවා. තරඟාවලියම දිනුවා. ඔහුයි ජයග්‍රාහකයා. එත් පෝල්ට ඒක ලොකු ප්‍රශ්ණයක් වුනා.

ගෙදර යන අතරතුරේ...

සෙන්සෙයි, එක සටන් ක්‍රමයක් විතරක් දන්න මම ඇත්තටම තරඟාවලියක් දිනුවේ කොහොමද?

පෝල් ඒකට හේතු දෙකක් තියෙනවා. ගුරුතුමා කිව්වා.

මොකක්ද ඒ?

පලවෙනි එක, ඔයා ජුඩෝ ක්‍රීඩාවේම තියෙන අමාරුම විසිකිරීමේ සටන් ක්‍රමයක් හොදටම පුහුණුව ලැබුව කෙනෙක්.

එතකොට අනික?

අනික තමයි සටනකදි ඒ ක්‍රමයෙන් බේරෙන ක්‍රමය දන්න ඕනම කෙනෙකුට ඔයාගේ වම් අත තදින්ම අල්ල ගන්න වෙනවා. ඔයාගේ දුර්වලම තැනින් ඔයාට ජයග්‍රහණය කරන්න පුළුවන් වුනා.

ගොඩාක් වෙලාවට අපේ අඩු පාඩු හින්දා අනෙත් අයට බනිමින්, දොස් කියමින් කිරීමට හැකි යමක් හෝ තියෙද්දීත් අඩුපාඩු ගැන හිත හිතාම අපි කලකිරෙනවා. දුක් වෙනවා. අන්න ඒ හින්දම ඒ දුර්වලතාවය කවදා හරි දවසක අපේ ශක්තිමත්ම තැන කරගන්නත් අපි උත්සහ කරන්නේ නෑ. නැති දේ ගැන දුක් වෙනවට වඩා තියෙන දේ ගැන හිතමු.

''I fear not the man who has practiced 10,000 kicks once, but I fear the man who has practiced one kick 10,000 times'' - Bruce Lee

දැනුම සොයා සැරිසරන්න - http://chamikawp.blogspot.com/


Monday, January 30, 2012

◄ හදවතත් එක්ක සෙල්ලම් එපා ►


යාලුවෝ ටික උද්‍යානයේ සෙල්ලම් කරද්දී පීටර් හා ටීනා බංකුවක වාඩි වෙලා අහස දිහා බලන් හිටියා.

ටීනා : ''මට හරිම කම්මැලියි. ආදරේ කරන්න කොල්ලෙක්වත් හිටිය නම්''

පීටර් : ''ම්... ඒක ඇත්ත අපි දෙන්න විතරමයි ඉතිරි වෙලා ඉන්නේ.''

ආපහු අහස බලන කොටම ටීනා කෑ ගැහුවා.

ටීනා : ''පීටර් අපි වැඩක් කරමුද?''

පීටර් : ''මො.. මොකක්ද ඒ?'' පීටර් ඇහුවේ පුදුමයෙන්. ''කියන්න බලන්න.''

ටීනා හැඩ කරලා කතාව කියන්න ගත්තා.

ටීනා : ''මෙහෙමයි. දවස් 100කට ඔයා මගේ boy friend වෙනවා. මම ඔයාගේ girl friend වෙනවා. කැමතිද?''

පීටර් : ''ෂා... ඒකත් හොදයි. මටත් කිසිම වැඩක් නැතුවයි හිටියේ'' පීටර් එහෙම කිව්වා.

ටීනා : ''අද අපේ ආදරයේ පළවෙනි දවස. අපි මොකද කරන්නේ?''

පීටර් : ''හොඳ ෆිල්ම් එකක් තියෙනවා. අපි යමු ද ඒක බලන්න?''

ටීනා : ''නියමයි අපි යමු.''

2 වෙනි දවස
පීටර් ලස්සන කී ටැග් එකක් ටීනාට තෑගී දුන්නා.

3 වෙනි දවසේ මේ දෙන්නම ගියා යාලුවෙකුගේ උපන් දිනයට තෑග්ගක් තෝරන්න. ඒ අතරේ එක අයිස් ක්‍රීම් එකක් අරන් බෙදා ගෙනත් කෑවා.

7 වෙනි දවසේ මේ දෙන්නා ගියා පුංචි කඳු මුදුනකට ඉර බහින හැටි බලන්න. ඉර බැහැලා හඳ නැගෙන කොට ටීනා කොදුරමින් තමන්ටම යමක් කියමින් ප්‍රාර්ථනයකුත් කළා. මේ විදිහට දින ගෙවී යනකොට ගිවිසුමකට යාලු වුන මේ දෙන්නා ගොඩාක් සතුටින් තමා හිටියේ.

කොහොම කොහොම හරි 99 වෙනි දවසටත් ආවා.

එදා මේ දෙන්න නගරේ වටේම ඇවිදින්න යන්න කතා කර ගත්තා. වේලාව සවස 1.23 වෙද්දී දෙන්නම බංකුවක වාඩි වුනා. ඒ අතර...

ටීනා : ''මට තිබහයි. අපි ටිකක් ඉදලා යමු.''

පීටර් : ''හොඳයි. එහෙනම් මම බොන්න මොනවා හරි අරන් එන්නම්. මොනවටද ඔයා කැමති?''

ටීනා : ''අනේ ඇපල් ජූස්. ඒවා තමා මට ඕන.''

වේලාව සවස 1.43. විනාඩි 20ක් හිටියත් පීටර් තාම නෑ. ඒත් හදිස්සියෙන් පුද්ගලයෙක් ටීනා දිහාවට ආවා.

අමුත්තා : ''ඔයාද ටීනා කියන්නේ?''

ටීනා : ''ඔව් ඇයි? මුකුත් උදව්වක් ඕනද?''

අමුත්තා: ''නෑ. අතන පාරේදී පිරිමි ළමයෙක් වාහනයක හැප්පිලා. මම හිතන්නේ ඔයාගේ යාලුවා.''

ඇය එතනට දුවලා යද්දීත් ඇපල් ජූස් බෝතලයත් අතේ තියාගෙනම ලේ විලක් මැද පීටර් වැටිලා හිටියා. හදිසි රථයෙන් ඔහුත් එක්කම රෝහලට ගිය ඇයට පැය 5ක් එතන බලා ඉන්න වුනා. ප්‍රතිකාර කරලා ඉවර වුන දොස්තර මහත්මයා කිව්වේ පීටර් ව බේරගන්න ගොඩාක් උත්සහ කලත් ඒක කරන්න බැරි වුනා කියලා. ඊට පස්සේ ඇයට තම අත වූ ලිපියකුත් දුන්නා. ගොඩාක් දුක් වුන ටීනා ටික වෙලාවකින් අර ලියුම කියවන්න ගත්තා. ඇය තව තවත් අඩන්න ගත්තා.

ලියුමේ තිබුනේ මෙහෙමයි!

''ටීනා අද අපේ ගිවිසුමේ දින 100 අන්තිම දවස. මේ දවස් 100ට මම ඔයත් එක්ක ගොඩාක් සතුටු වුනා. වෙලාවකට ඔයා ගොඩාක් නපුරුයි. වෙලාවකට ගොඩාක් අහිංසකයි. සමහර වෙලාවට හරිම මෝඩයි. ඒ කොහොම වුනත් ඔයා තමා මම දැකපු හොඳම ගෑනු ළමයා. ඉතිං... මම එක දෙයක් අහන්නද? මේ දින 100 තව ටිකක් දික්කර ගනිමුද? හැමදාටම වගේ... මොකද මට සදහටම ඔයාගේ ආදරවන්තයා වෙලා ඉන්න ඕන. මම ඔයාට ආදරෙයි.''

ටීනා දුවලා ගියා පීටර් හිටිය ඇඳ ගාවට... ඇය කෑ ගැහුවා...

''ඔයා මට පොරොන්ඳු වුනා දවස් 100 මා එක්ක ඉන්නවා කියලා. ඒකට තව වෙලා තියෙනවා. ඔයාට බෑ මාව දාල යන්න. මමත් ප්‍රාර්ථනා කළා මට ඔයාව සඳහටම ලැබෙන්න කියලා. ඒත් මම ඒක ඔයාට කිව්වේ නෑ. පීටර් මමත් ඔයාට ආදරෙයි. ගොඩාක් ආදරෙයි. ආපහු එන්න. මා වෙනුවෙන් එන්න.''

වේලාව ගෙවිලා ගියා, දින 100ත් ගෙවිලා ගියා. ඒත් ඇය තවමත් දුක්වෙනවා. ඔබ කාටහරි හදවතින්ම ආදරේ නම් එය පවසන්න කවදාවත්ම ප්‍රමාද වෙන්න එපා. මොකද හෙට මොනවා වෙනවද, වේවිද කියන්න කවුරුවත් දන්නේ නැති නිසා. එහේම ප්‍රමාදයක් වුනොත් එය දිගු කාලයකටම පසු තැවීමක් වේවි.

යාලුවොන්ටත් කියන්න SHARE කලොත් වැදගත් වේවි නේද?

Source : දැනුම සොයා සැරිසරන්න - http://chamikawp.blogspot.com/


◄ අවවාදයයි ! ! ! ►


අංක 1 ► මෙය නම් වැඩි වශයෙන් පිරිමි පාර්ශවයට අදාල කරුණක්. ඒත් අපි එදිනෙදා ජීවිතයේදී වැඩිපුරු නොසිතා කරන නරක පුරුද්දක්. ඒ තමයි අපේ wallets නැතිනම් පසුම්බි, කලිසමේ පිටුපස සාක්කුවේ රඳවා ගෙන සිටියදීම අසුන් ගැනීම. මෙසේ අසුන් ගැනීම නිසා අපගේ කොඳු ඇටපෙළට සිදුවන හානිය නම් අති විශාලයි. ඔබ එසේ පසුම්බිය සමඟ අසුන් ගන්නා විට ඔබගේ ශරීරයේ පිටුපසට සහ කොඳු නාරටියට වේදනාවක් දැනෙනු ඇති. එය ක්‍රමයෙන් පාද දක්වා ගමන් කරන අතර ඔබගේ පිරිෆෝ(ර්)මිස් පේශියට[piriformis muscle] දිනපතා දිගු වේලාවක් මෙසේ වේදනාව දැනීමෙන් පිරිෆෝ(ර්)මිස් පේශියට යටින් ඇති සියැටික් සිනායුව[sciatic nerve] තදවීම නිසා ස්නායු ආබාධ පවා ඇතිවිය හැකියි. පසුම්බිය නිසා කොන්ඳ කඩාගන්නේ නැතුව අපි අසුන් ගන්නා විටදී පසුම්බිය සාක්කුවෙන් ඉවත් කරමු නේද?

අංක 2 ► මේක නම් තරුණ තරුණියන් දෙපාර්ශවයටම අදාලයි. බොහෝම භයානක තත්ත්වයක්. අපි නිදාගන්න ඇඳට ගියාම ජංගම දුරකතනය තියාගන්නේ අපේ මොළයට ආසන්නවයි. සමහරු නම් කොට්ටේ යට. ජංගම දුරකතනය පිළිකාකාරකයන් ශ්‍රේණිගත කිරිමේ 2 B කාණ්ඩයට ඇතුලත් කර තිබෙනවා. ජංගම දුරකතනයක් ඉතා දුර්වල ක්ෂුද්‍ර තරංග නිකුත් කරණු ලබන අතර Cedars-Sinai(Los Angeles) ස්නායු වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය කින් බ්ලැක් පවසන්නේ මයික්‍රොවේව් උදුනක මස් තම්බන්නේ යම්සේ ද ජංගම දුරකතනයක් ඔබේ මොළයද එලෙසම තම්බන බවයි. Vibrate දමා කොට්ටය යට තබා ගැනීම වඩාත් භයානක බවද ඒ මහතා පවසනවා. කවුරු කවුරුත් මල් කඩන්නේ පරිස්සමින්...

ඔබ ආදරය කරන අයව දැනුවත් කරන්නත් අමතක කරන්න එපා...


Sunday, January 29, 2012

◄ වසර 2000ට පෙර සහ පසු ''අපි'' ►

•වසර 2000ට පෙර - ටීවී එකේ කාටුන් බලන්න හරි ආසයි. පොඩි කාලේ රොබින් හූඩ් යද්දී හැමදාම අම්මට මොනව හරි කියල ශේප් කරලා රොබින් හූඩ් බැලුවා.
•වසර 2000ට පසු - පබා, අමා, මුතු කිරිල්ලිලා ආවා. ගෑනු අඬන එකයි කොල්ලෝ බුට්‌ කන ඒවයි බැලුවා. ඒවා හිතට ගත්තා, අපිත් ඒ විදියට හිතන්න වුනා.

•වසර 2000ට පෙර - ගමේ කොල්ලොත් එක්ක ක්‍රිකට් ගැහුවා, එල්ලේ ගැහුවා. අම්මා පොළේ යද්දී අම්මත් එක්ක පොළේ ගියා.
•වසර 2000ට පසු - ක්‍රිකට් ගේම් හෙවුවා. කම්ප්යුටරෙන් ඕස්ට්‍රේලියා ටීම් ඒක අරගෙන අනිත් ටීම් වලට 6 ඒවා ගැහුවා. බාන් බඩි වලින් පැල වවලා අස්වැන්න ගත්තා. හිඟා කාලා සත්තු ගත්තා. ගේම් එකක් වෙනුවෙන් සත්තුන්ගේ පස්ස ක්ලික් කරලා සල්ලි හෙවුවා.

•වසර 2000ට පෙර - ගෙදර කට්ටියත් එක්ක යාලුවොත් එක්ක එකතු වෙලා ගීතයෙන් ගීතයකිවුවා. දාම් ඇද්දා. කඳු පල්ලම් වල හති වැටෙනකම් බයිසිකල් පැද්දා.
•වසර 2000ට පසු - හෙඩ් ෆෝන් ඒක හරි ear phone ඒක හරි කනේ ගහගෙන සින්දු අහන්න ගත්තා. කම්ප්යුටරෙන් චෙස් අදින්න ගත්තා. ගේම් වලින් need for speed car ගේම් ගැහුවා. වේගවත් ජීවිතයකට මානසිකත්වයක් ආවා.

•වසර 2000ට පෙර - අපි හොඳ සිංහලෙන් කතා කරා. අපේ අම්මලා අපිට හොඳට මනුස්සයෙක් එක්ක අපේ රටේ විදියට කතා කරන්න පුරුදු කරා.
•වසර 2000ට පසු - ඉන්ග්ලිෂ් වචන දාලා කතා කරන්න ඕන කියල කියනවා. සිංහලෙන් කතා කරොත් කොළඹ මිනිස්සු නෝන්ඩි කරනවා. දැන් ඉන්න පොඩි එවුන් ඉන්ටනැෂනල් ස්කුල් දාල ඒ පොඩි උන් කිසිම සිංහල වචනයක් දන්නේ නෑ, ඔන්ලි ඉන්ග්ලිෂ්.

•වසර 2000ට පෙර - මනුස්සයොත් එක්ක සුහදව මූණ බලාගෙන කතා කරා. මිනිස්සුන්ව හොඳට අඳුරගෙන හිතවත් කමක් ගොඩ නගාගෙන කතා කරා. පිට රට යාලුවට පෑනේ මිතුරන් යයි කියා ලියුම් යැවුවා.
•වසර 2000ට පසු - ෆේස්බුක්, මේල්, ට්විටර් අනං මනං ආවා. චැට් එකේ කවදාවත් නොදැකපු කොහොම මිනිස්සුද කියල නොදැන තමන්ගේ අම්මා තාත්තාද කියලවත් නොදැන ඔහේ ප්‍රොෆයිල් පික්චර් එකක් දිහා බලාගෙන අකුරු ටයිප් කරන්න පුරුදු උනා. ස්කයිප් එකෙන් මුණ බලාගෙන කතා කරන්න පුරුදු උනා.

•වසර 2000ට පෙර - ගංගාවල් වල පැනල ඇති වෙන්න පීන පීන නෑවා. පොත් කියෙවුවා. නවකතා පත්තර කියෙවුවා. ආච්චි සීයා කියන ලස්සන කතා අහගෙන හිටියා.
•වසර 2000ට පසු - බාත්රුම් එකේ ෂවර් එකෙන් නාන්න ගත්තා. නව කතා ඉන්ටනෙට් එකෙන් අරන් කියවන්න පුරුදු වුනා. ආච්චි සීයා කියන කතා වෙනුවට යු ටියුබ් එකේ අයගේ කතා අහන්න ගත්තා.

•වසර 2000ට පෙර - අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ එක්ක ගොඩාක් වෙලා හිටියා. එහෙම කාලය ගතවෙන කොට වෙන කිසිම දේකට හිතක් තිබුනේ නෑ. හැම තත්තපරයක්ම එයාලත් එක්කම ගත උනා.
•වසර 2000ට පසු - අම්මා තාත්තා වෙනුවට ෆේස්බුක් එකේ ඉන්න යහළුවන් එක්ක කාලේ ගෙවනවා. සමහරු නයිට් ක්ලබ් වල, සමහරු බීච් පාටි වල.

ඒ ලස්සන කාලය ආයෙත් එන්නේ නෑ, අපි විසින්ම අපි ඒ දේවල් නැති කරගෙන අවසානයි. ගමේ හිටියත් කොළඹ හිටියත් ඒ දවස් සුන්ඳරයි අදට වඩා. තව ටික කාලෙකින් සිංහල කියල භාෂාවක් මේ ලංකාවේ තියෙන එකක් නෑ. පන්සලකට යන මිනිස්සු අඩු වේවි. ෆෝන් වලින් කම්ප්යුටර් වලින් කෙල්ලෝ කොල්ලෝ ජිවත් වේවි, සතුටු වේවි. කම්ප්යුටර එක්ක වර්තමානේ මිනිස්සු, අනාගතේදී ජිවත් වේවි. අපි ඉන්නේ ලංකාවේ කියල අමතක වේවි. මහන්සි වෙලා වැඩක් කර ගන්න බැරි වේවි, හැමදේම ගුගල් එකෙන් හොයා ගනීවි. පරණ හණ මිටි කතාවක් නොවන බවත් පරණ හණ මිටිය වුවත් සතුට තිබුනේ එහි බවත් හැමෝටම අමතක වෙලා. මේ උත්සාහය ඒ හණමිටි, ගොඩේ කාලය කාට කාටත් නැවතත් මතක් කරදෙන්න විතරයි. කවුරුත් තරහ ගන්න එපා, මොකද මේ දේ කියවද්දී මටත් රිදුනා. ඒත් තිත්ත වුනත් මේකම නේද යාලුවනේ ඇත්ත...

සම්පූර්ණ ස්තූතිය දිමුත් මධුශංක මල්ලීට...


◄ අන්තර්ජාලය ගැන දන්නවද? ►

ගොඩාක් දෙනා දන්නේ නෑ ඇත්තට මේ අන්තර්ජාලය කොච්චර පිරිසක් පාවිච්චි කරනවද කියලා. ඔයා දන්නෙත් නෑ නේද? ඒත් මේ විස්තරය කියවන ඔයත් ලොව පුරා අන්තර්ජාලය පාවිච්චි කරන ''බිලියන 2.1'' පුද්ගලයන්ගෙන් කෙනෙක්. ආහ්... පුදුමයි නේද? ඒත් ඒක ඇත්තයි. මේ වන විට ලොව පුරා බිලියන 2.1 ජනතාවක් අන්තර්ජාලය පාවිච්චි කරනවා. එය බිලියන 7ක් වු මුළු ජනග්‍රහනයෙන් 30%කට ආසන්නයි.

2000 වසරේදී අන්තර්ජාලය භාවිත කලාට වඩා මිලියන 360 කින් 2011 වෙනකොට එම පිරිස වැඩිවෙලා. ඉතින් අද කියන්න යන්නේ 2011 අවසාන වෙනකොට අන්තර්ජාලයේ තියෙන වෙබ් අඩිවි, සමාජ ජාලා වෙබ් අඩවි, ඊ මේල් ආදියේ පුදුම හිතෙන විස්තර ටිකක්.

•2011 වන විට දී අපේ රට ඇතුලත් වන ආසියවේ පමණක් අන්තර්ජාලය භාවිතා කරන්නන් මිලියන 922 ක් ඉන්නවා. ඒ තමා මහද්වීපයක වැඩිම අන්තර්ජාල භාවිතයක් තියෙන්නේ. එයින් වැඩිම පිරිස වගේම රටක් තුල වැඩිම පිරිසක් අන්තර්ජාලය භාවිතා කරන්නේ චීනයේයි. ඒ මිලියන 485 ක් එය මුලු චීන ජනග්‍රහණයෙන් 36% ක් වෙනවා.

•ඒ වගේම යුරෝපය තුල මිලියන 476.2 ක්, උතුරු ඇමරිකාවෙහි මිලියන 271.1 ක් ලතින් ඇමරිකාව හා කැරබියන් දුපත් හි මිලියන 215.9 ක්, මැදපෙරදිග රටවල් හි මිලියන 68.6 ක් අප්‍රිකාව තුල මිලියන් 118.6 ක් හා ඕස්ට්‍රේලියාව තුල මිලියන 21.3 ක් වෙන ප්‍රමාණයක් ඉන්නවා.

•මේ අයගෙන් 45% දෙනා වයස 25ට අඩු අය.

•මිලියන 519 ක්ම රැහැන් සබඳතාවයන් භාවිත කරන්නන්.

•2011 දෙසැම්බර් මාසය අවසාන වෙද්දී ලොව පුරා මිලියන 555 ක් වු වෙබ් අඩවි ප්‍රමාණයක් තියෙනවා. විශේෂත්වය එයින් මිලියන 300ක්ම 2011 දි ඇතුලත් වුනු ඒවා. එයින් මිලියන 95.5ක්ම .com විදිහට ලියාපදිංචි වුනු ඒවා.

•ලොව වටා ලියාපදිංචි වුන E-Mail ලිපින බිලියන 3.146 ක් වෙනවා. එයින් ජනප්‍රියම Hotmail තමා, එය ලොව වටා මිලියන 300ක් දෙනා භාවිතා කරනවා. 2011 ඔක්තෝබර් මාසය වෙන කොට ඊ-මේලය ලොවට හදුන්වලා දීලා අවුරුදු 40ක් වෙනවා.

•වෙබ් සර්වර්ස් සපයන්නන්ගෙන් ඉදිරියෙන්ම සිටින්නේ 64%ක ප්‍රමාණයක් හිමිකරගෙන සිටින Apache ආයතනයයි. ගුගල් සමාගම 9% කි.

•2011 අවසාන වෙද්දි facebook අඩවියේ මිලියන 800ට වැඩි පිරිසක් ලියාපදිංචි වෙලා ඉන්නවා. 2011 අවුරුද්දේ මැද වෙද්දී facebook වලට ලොව වටා එකතුවී තිබු ජයාරෑප ප්‍රමාණය බිලියන 100ටත් වැඩියි. මේ මිලියන 800න් මිලියන 350ක්ම බොහෝ විටම facebook හරහා එකතු වෙන්නේ ජංගම දුරකතන හරහායි.

•2011 ඔක්තෝම්බර් වෙන විට දිනකට සාමානයෙන් twitter අදහස් මිලියන 250 ප්‍රසිද්ධ වන අතර twitter වෙබ් අඩවියේ මිලියන 225ක් සාමාජිකයන් සිටිනවා. එයින් මිලියන 100ක් දෙනා 2011 වසරේදී ක්‍රියාකාරී සමාජිකයන් ලෙස සිටී. Twitter හි ජනප්‍රියම ගිණුම ඇත්තේ ''Lady Gaga''ටයි.

•2011 අවසානයේ දී ලොව වටා මිලියන 70ක WordPress බ්ලොග් අඩවි ප්‍රමාණයක් ඇත.

•2011 දි youtube වෙබ් අඩවියේ ට්‍රිලියනයකට වඩා 1,000,000,000,000(one trillion) පමණ වන විඩියෝ ප්‍රමාණයක් ලොව වටා නරඹා ඇත. එය මුලු ජනග්‍රහණයෙන් ගත් විට ලොව එක් පුරවැසියකු විඩියෝ 140ක් නැරඹීමකි. සාමාන්‍යයෙන් විනාඩියකදි පැය 48කට සමාන විඩියෝ ප්‍රමානයක් youtube වලට අප්ලෝඩ් කරන බව පැවසේ.

•2011 අවසාන වෙද්දි Flicker වෙබ් අඩවිය තුලට බිලියන 06ට ආසන්න පින්තුර ප්‍රමාණයක් upload කොට ඇත. මිලියන 51 වන ලියාපදිංචි Flicker සාමාජිකයන් සාමාන්‍යයෙන් දිනකට පින්තූර මිලියන 4.5 අප්ලෝඩ් කරන බව කියවේ.

මේ තියෙන දේවල් කියවලා ඉවර වුනාම මට නම් හිතුනේ අපි මොනවද මේ අන්තර්ජාලයත් එක්ක කරන්නේ, අනිත් අය මොනවද කරලා තියෙන්නේ කියලා. කොහොම වුනත් මේ සංඛ්‍යා ඉහල දාන්න අපෙනුත් සහය ලැබිලා තියෙනවා. ඒ ගැන ආඩම්බර වෙන ගමන් මේ තොරතුරු යාලුවෝ අතරත් ''SHARE'' කරන්න.

Source : විනෝදයට දැනුම සොයා - Www.Chamikawp.blogspot.com


◄ මිතුදම ►

ඒ පළමු ලෝක යුධ සමයයි. ජිම් සහ ඩැනියල් නම් වූ හොඳම මිතුරන් දෙදෙනාද ඒ වනවිට සිටියේ යුධ බිමේයි. දස අතින් වෙඩි හඬ ඇසෙද්දී කණ්ඩායම් අංක 44 සිටි ඩැනියල් ඒ වන විටත් සතුරු ආක්‍රමණ පෙදෙසේ සටන් වැදීමෙහි නිරතව සිටියා. ඒ අතර ලුතිනන් චාල්ස් හට ලැබුණු පණිවුඩය නම් හොඳ එකක් වුනේ නෑ. කණ්ඩායම් අංක 44 සතුරු ප්‍රදේශයේදී සමූල ඝාතනය වී ඇති බවත් වහාම පසු බසින ලෙසටත් රේඩියෝ පණිවුඩය දැනුම් දුන්නා.

ජිම් : මට සමාවෙන්න සර්, ඒත් මට දැන්ම පසු බහින්න බෑ. මම ඩැනියල්ව කොහොම හරි බේරගෙන එන්නම්. මට ඊට අවසර ලබාදෙන්න.

තම කුඩා කල පටන් හොඳම මිතුරා වූ ඩැනියල්ව සතුරන් අතට හසුවී ඇති වූවත් කෙසේ හෝ ඔහුව බේරා ගැනීම එකම අධිඨන කරගනිමින් ජින් එසේ පැවසූවත් ලුතිනන් චාල්ස් ඊට අවසර දීමට කැමති වුනේ නෑ.

ලුතිනන් චාල්ස් : පිස්සුද, මේ වෙනකොට ඩැනියල් මැරිලා ඇති. කණ්ඩායම් අංක 44 හැම දෙනාම මියගොස් ඇති බවට රේඩියෝ පණිවුඩය දැනුම් දුන්නා ඇහුනේ නැද්ද?

තම ලුතිනන් වරයාගේ අණ නොසලකා ජිම් සතුරු භූමියට ඇතුළු වුනා. මිනිත්තු 30ක් පමණ ගතවී යද්දී ජිම් තම සඟයා කර මත තබාගෙන තම කණ්ඩායම වෙත පැමිණියා. ඒ වන විටත් ඩැනියල් මියගොස් තිබෙණු දුටු ලුතිනන්වරයා තම හඬ අවදි කලා.

ලුතිනන් චාල්ස් : මම කිව්වනේ වැඩක් වෙන්නේ නෑ කියලා. බලනවා, දැන් තමුසෙටත් වෙඩි වැදිලා තුවාල වෙලා.

ජිම් : නෑ සර්, මගේ ගමනෙන් වැඩක් වුනා.

ලුතිනන් චාල්ස් : වැඩක් වුනා? මොකක්ද ඒ? තමුසෙගේ යාලුවා මැරිලා ඉවරයි.

ජිම් : ඔව් සර්, දැන් නම් ඩැනියල් මිය ගිහින් තමයි. ඒත් මම එයා ගාවට ලං වනවිට ඔහුට පණ යාන්තමට තිබුණා. ඔහු මා හට කුමක්දෝ කියන්නට යත්න දැරු බව මට වැටහුණා. මම තවත් ලංවුනු පසු ඔහු කිව්වේ එක දෙයයි... ''ජිම්, මම දැනගෙන හිටියා උඹ ඒවි කියලා''

අපේ ජීවිතයේදීත් අපි කරන දේවල් වල ප්‍රතිඵලයක් තියේවිද නැද්ද කියන එක රඳා පවතින්නේ අපි ඒ දෙස බලන ආකාරය අනුවයි. අපි අපේ සම්පූර්ණ ධෛර්යය යොදවල අපේ හදවත ''හරි'' කියන දේ නොකෙරුවොත් යම් දවසක අපි ඒ දේ නොකිරීම ගැන පසුතැවෙන්න සිදු වේවි.


Saturday, January 28, 2012

◄ කළු සහ සුදු ►



හීලෑ වෘක්කයින් දෙදෙනෙකු සිටි මහල්ලෙකු සහ මුණුබුරෙකි. මහල්ලා ආහාර පිණිස සතෙකු දඩයම් කර ගැනීමට මෙම වෘක්කයින් දෙපළ යොදා ගත් අතර දිනක් මෙසේ දඩයමේ ගිය විට ඔහු තම කුඩා මුණුබුරාට ජීවිතය ගැන පාඩමක් කියා දුනි.

''ඔයා දන්නවද පුතේ, අපේ හිත ඇතුලෙත් අපේ මේ වෘක්ක යාලුවෝ දෙන්න වගේම කළු සුදු වෘක්කයෝ දෙන්නෙක් ඉන්නවා. ඒත් ඒ දෙන්න එකිනෙකා සමඟ නිතරම රණ්ඩු කරනවා. කළු පාට වෘක්කයා යක්‍ෂයෙක් වගේ. එයා හැදිලා තියෙන්නේ නපුරුකම, ක්‍රෝධය, වෛරය, ඊර්ශ්‍යාව, කම්මැලිකම, දුක, ලෝභකම කියන දේවල් වලින්. ඒත් සුදු වෘක්කයා දෙවි කෙනෙක් වගේ. එයා හැදිලා තියෙන්නේ සතුට, ආදරය, ඉවසීම, කරුණාව, විශ්වාසය, සත්‍යය, ධෛර්යය කියන දේවල් වලින්.

''ඉතිං සීයේ ඒ දෙන්න රණ්ඩු වුනාම කවුද දිනන්නේ?''

''පුතා වැඩිපුර කන්න දෙන කෙනා තමයි පුතේ දිනන්නේ...''

ඉතිං අපි වැඩිපුර කන්න දීලා ශක්තිමත් කරන්නේ අපේ හිත තුළ ජීවත්වෙන සුදු වෘක්කයාවද, නැතිනම් කළු වෘක්කයාවද කියලා අපේ යාලුවොත් තීරණය කරන්න...


◄ මිළ කල හැකිද? ►

කන්තෝරුවේ සිට රෑ බෝවී නිවසට පැමිණි පියෙකු හා ඔහුගේ පුතා අතර ඇතිවුනු කතාබහ...

පුතා : තාත්තේ මම ප්‍රශ්නයක් අහන්නද?
තාත්තා : හ්ම්ම්...
පුතා : තාත්තා පැයකට කීයක් අය කරනවද කන්තෝරුවේ වැඩ කරන්න?
තාත්තා : ඒ පැහිච්චකම් මොකටද ඔයාට, විකාර අහන් නැතුව ගිහින් පාඩම් කරන්න.
පුතා : නෑ මට කියන්නකෝ... අනේ තාත්තේ...
තාත්තා : ම්ම්ම්, රු.500ක් විතර.
පුතා : අයියෝ... (දුක්බර මුහුණින් මද වේලාවක් සිට) තාත්තේ... මට රු.300ක් දෙන්න පුළුවන්ද?
තාත්තා : මෙච්චර වෙලා බොරුවට හුරතල් වුනේ සෙල්ලම් බඩු ගන්න සල්ලි ඉල්ල ගන්න නේද? යනව කාමරේට, ගිහින් නිදාගන්නවා...

කුඩා පුතු සෙමින් සෙමින් තම කාමරය වෙත යයි... ''කපටිකමට සල්ලි ඉල්ලන්න හුරතල් වුනු තරමක්'' තාත්තා තමුන්ටම කෝපයෙන් කියා ගනී. පැයක් පමණ ගතවුනු පසු ඔහු තරමක් සංසුන්ව මෙසේ සිතයි. ''සමහරවිට ඉස්කෝලෙට මොනව හරි ගන්න ඕන වෙලාද දන් නෑ සල්ලි ඉල්ලුවේ''

තාත්තා : පුතා ඔයා නිදිද?
පුතා : නෑ තාත්තේ, එන්න...
තාත්තා : ම්ම්ම්, මම රෑ මහන්සි වෙලා ගෙදර ආවම අනිත් දවසේ ඇවිත් කරදර කරන්න එපා හොඳද. මෙන්න රු.300ක්.
පුතා : (සතුටින් ඉපිලෙමින්) මගේ හොඳ තාත්තා...

පුතා තම කොට්ට උරය තුළට අතදමා ගුලිකරන ලද මුදල් නෝට්ටු කිහිපයක් අතට ගනී.

තාත්තා : ඔයා ගාව සල්ලි තියාගෙන ඇයි මගෙන් ඉල්ලුවේ? (තරමක් තරහින්)
පුතා : මොකද මම ගාව තියෙන සල්ලි ගාන මදි තාත්තේ... ඒත් දැන් තාත්තා දුන්නු රු.300ත් එකතු වුනාම රු.500ක් තියෙනවා. මට තාත්තගෙ කන්තෝරු වෙලාවෙන් 1 පැයක් අරගන්න ඕන. මේ රු.500 අරගෙන මගේ හොඳ තාත්තා වගේ හෙට පැයක් කලින් ගෙදර ඇවිත් මාත් එක්ක ටිකක් සෙල්ලම් කරල, මාත් එක්කම රෑ කෑම ගන්නවද?

තම දෙනෙත් කඳුලින් තෙත් වී යද්දී ඔහු තම පුතුව බදාගෙන සිඹින්නට වුනා...

◄•---••---••---••---••---••---••---••---••---••---••---••---••---••---••---•►
අපි හෙට මැරිල ගියොත් අපි වැඩ කරන කාර්යාලයෙන් පහසුවෙන්ම අපි වෙනුවට කෙනෙක් රැකියාවට ගනීවී. ඒත් අපේ ජීවිතේට ලඟ අයට අපි නැති අඩුව සදහටම දැනේවී. ඉතිං අපි ජීවත් වෙලා ඉන්න කාලේ අපේ දෙමව්පියන්ට, අපේ දරුවන්ට, අපේ බිරිඳට/ස්වාමිපුරුෂයාට හෝ අපේ පෙම්වතියට/පෙම්වතාට, මිතුරන්ට, ඥාතීන්ට හැකිතාක් ආදරයෙන් ඉන්න සිතට ගනිමු.


Friday, January 27, 2012

◄ බැලූනය ►

බැලුන් විකිණීමේ යෙදුණු වෙළෙන්දෙක් සතුව රතු, කහ, කොළ සහ නිල් යන වර්ණ වලින් තිබුණු අතර ඔහු මේවා විකිණීම සිදු කරන ලද්දේ විනෝද සැණකෙලි ආශ්‍රිතව සහ ළමා උද්‍යාන වලදීය.

මොහුට එම ස්ථාන වල ළමුන් වැඩි වශයෙන් ගැවසීම නිසා හොඳ වෙළඳාමක්ද පැවතිණි. ළමුන් බැලුන් මිළදී ගැනීම අඩුවන මොහොතේදී ඔහු කරන ලද්දේ හීලියම් පිරවූ එක් බැලුනයක් අහසට මුදා හැරීමයි. එවිට එය දකින ළමුන් නැවතත් ඔහු අසළට පැමිණ බැලුන් මිළදී ගැනීම සිදු කරන අතර නැවතත් ඔහුගේ වෙළඳාම ඉහළ යයි.

ඔහු මෙසේ වෙළඳාමේ යෙදුනු එක් දිනයක ඔහුගේ කෝට් සාක්කුවෙන් කවුදෝ අදිනු දැනී ඔහු හැරී බලන විට දුටුවේ අහිංසක කුඩා ළමයෙකු ඔහු පිටු පසට වී සිටින අයුරුයි.

''ඇයි පුතා, පුතාටත් බැලුනයක් ඕනද?''

''නෑ මාමේ, මට කියන්න කලු පාට බැලුනයක් උඩ යැව්වොත් ඒකත් අනිත් පාට බැලුන් වගේම අහසට යාවිද?''

''''පුතේ, මේ බැලූන් වල පිටත පාට නිසා නෙවෙයි ඒවා උඩ යන්නේ. ඒවායේ ඇතුළත ඇති දේ නිසා''

ඉතිං යාලුවනේ මේ දේ අපේ ජීවිතේටත් බොහෝම අනුරූපයි නේද? අපේ ජීවිතේ පිටින් තියෙන දේට වඩා ඇතුළතින් ඇති දේ තමයි වටිණාකම රැඳී පවතින්නේ. අපි පිටතින් කොතරම් අපූරුවට ලස්සනට ඉන්න උත්සාහ කරත් වැඩක් නෑ, අවසානයේ අපි ඇතුළත ඇති ආකල්ප තමයි අපිව ඉහළට ඔසවා තබන්නේ.

යාලුවෝ හැම දෙනාටම හොඳ ආකල්ප වලින් පිරි සුබ දවසක් වේවා !


Thursday, January 26, 2012

◄ පින්තුරයෙන් මතුවන සත්‍ය කතාවක් ►




පිලිපීනයේ වුනු සත්‍යය සිදුවීමක් නිසා පිරිමි ළමයෙක් හැමෝටම මෙසේ පවසනවා... ඒ තමයි, “යාලුවෝ සියයක් දේ කිව්වත් කරන්න... ඒත් ඔබට ආදරය කරන කෙනෙක් එපා කියන දෙයක් ආපසු කිසිවිටෙකත් නොකරන්න...“

එහේම කියන්න මේ පිරිම ළමයට මොකක්ද වුනේ???

“ජුලී“ කියලා ලස්සන නමක් තිබුන මේ ගැහැණු ළමයා ගොඩාක්ම බය වුනා කාටහරි ආදරේ කරන්න. මොකද දන්නවද මේ බය? ජුලීට අවු.13 වෙද්දී එයාගේ තාත්තා නැතිවුනා. ඒ අධික ලෙස දුම්බීම නිසා හැදුනු පිළිකාවකින්. ඊට පස්සේ තනිවුනු අම්මා විඳින දුක් වේදනා මේ ජුලී හොදට දැක්කා. ඒ හින්දම ඇය දුම්බොන පිරිමි අයට වෛර කරන්න වුනා. පිරිමි ළමයින්ට ආදරේ කරන්නත් බය වුනා.

කාලයත් එක්ක ජූලී යාලුවුනා එයාගේ පන්තියේම හිටපු පිරිමි ළමයෙක් එක්ක. එයාගේ නම “මැක්කෝයි“ මේ පිරිමි ළමයත් දිගටම දුම් බොන්න පුරුදු වුනු කෙනෙක්. එයා එයාගේ යාලුවොත් එක්ක නිතරම වගේ මේ දේ කළා. ජුලී එයාගේ මැක්කෝයි මුණගැසුනු හැම වේලාවෙම තමන්ගේ පියාට දුම් බීම නිසා වුනු දේ කිව්වා. ඒ ඔහුව මේ පුරුද්දෙන් ගලවා ගන්න. ඒත් ඇය ඔහු යාලුවොත් එක්ක යන එක නතර කරන්න උත්සාහ කලෙත් නෑ. මොකද ඒක මැක්කෝයි ගේ සතුට නිසා. මේ සබඳතාවට මාස 3ක් වෙද්දීම මැක්කෝයි හොදටම ලෙඩ වුනා. ඒ සිගරට් නිසා පෙනහලු වල ඇති වෙච්ච Emphysema කියන රෝගයකින්. ඔහුගේ ජීවිතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැතිව, අවුරුදු දෙකක් ගත වෙද්දීත් වෛද්‍යවරු ඔහුට ප්‍රතිකාර කරනවා. ඒ අවුරුදු දෙක පුරාම ජුලී ඔහු ළඟටම වෙලා එදා තිබු ආදර සෙනෙහසින්ම ඉන්නවා. ඇයගේ පාසැල් ගමන නවත්තලා, ගෙදරින් එන බැනුම් වගේම අතේ තියෙන මුදලුත් වියදම් කරමින් තමා මෙහේම ඉන්නේ. ඇයගේ තිබුන පිවිතුරු ප්‍රේමය මේ මැක්කෝයි ව ජීවත් කරවනවා. මේ විධියට කාලය ගතවෙලා අවුරුදු දෙකක් ගතවෙද්දී ඔහු සුවය ලබනවා. සුවය ලබපු මේ කොල්ලා සිගරට් බීම නවත්වලාම දානවා. ඒ වගේම ඔහු “ජුලී“ විවාහ කරගෙන සතුටින් ජීවත් වෙනවා.

මේ පින්තුරයේ ඇත්තටම ඉන්නේ ඒ දෙන්නමයි.
ඒත් එක දෙයක් මේ මැක්කෝයිට නිතරම කරදර කරනවා. ඒ මොකක්ද? ඒ ඔහුගේ හදවත. එය නිතරම ඔහුගෙන් අහනවා ඔහු “ජුලීට“ ඇහුම්කන් දුන්නේ නැත්තේ ඇයි කියලා. අන්න ඒ හින්දම අර මුලින් ම කියපු කතාව ඔහු හැමෝටම කියන්න හිතාගත්තා. ඒ තමයි “ යාලුවෝ සියයක් දේ කිව්වත් කරන්න... ඒත් ඔබට ආදරය කරන කෙනෙක් එපා කියන දෙයක් ආපහු කිසිවිටකත් නොකරන්න...“

කතාව කියෙව්වට ''සිගරට් බොන්න එපා'' කියලා නම් මම කියන්නේ නෑ, මොකද ඉතින් ඒ සිගරට් පෙට්ටියේම ඒකේ විපාක ගැන සඳහන්ව තියෙන නිසා. ඒත් කවුරු හරිම ඔබට ආදරය කරන කෙනෙක් “ඔය දුම්බීම නවත්තන්න“ කියපු දවසක මේ කතාව ආපහු මතක් කරගන්න. ඊට පස්සේ තමන්ගේ හදවතින් අහන්න ඒ දේ තවත් කරනවද නැද්ද කියලා...

මේ සත්‍යය කතාව ඔයාගේ යාලුවොන්ටත් දැනගන්න SHARE කලොත් වැදගත් වෙයි නේද?

විනෝදයට දැනුම සොයා -
www.Chamikawp.blogspot.com


◄ බිය නම් කුමක්ද ? ? ? ►



•ඔබගේ බිය ඇත්තේ අඳුරට නොව, අඳුරේ ඇත්තේ කුමක්දැයි යන හැඟීමටය...

•ඔබගේ බිය ඇත්තේ උස් ස්ථාන වලට නොව, ඒවායින් වැටෙතැයි යන හැඟීමටය...

•ඔබගේ බිය ඇත්තේ මුහුදට නොව, ඔබ එහි ගිලෙතැයි යන හැඟීමටය...

•ඔබගේ බිය ඇත්තේ ඔබ වටා සිටින පිරිස ගැන නොව, ඔවුන් ඔබව ප්‍රතික්‍ෂේප කරතැයි යන හැඟීමටය...

•ඔබගේ බිය ඇත්තේ ආදරය කිරීමට නොව, ඔබගේ ආදරය පිළී නොගනීවීදැයි යන හැඟීමටය...

•ඔබගේ බිය ඇත්තේ ආදරය අත් හැරීමට නොව, ඔහු හෝ ඇය තව දුරටත් ඔබ ජීවිතයේ නොමැති යැයි යන හැඟීමටය...

•ඔබගේ බිය ඇත්තේ නැවත උත්සාහ කිරීමට නොව, නැවතත් ඔබ අසාර්ථක වේයැයි යන හැඟීමටය...

•ඔබගේ බිය ඇත්තේ විභාගයට නොව, විභාගයෙන් ඔබ අසමත් වේයැයි යන හැඟීමටය...

•ඔබගේ බිය ඇත්තේ සුබ සිහින දැකීමට නොව, ඒවා ඉටු නොවේයැයි යන හැඟීමටය...

''බිය'' ගැන තවත් අදහස් ඇත්නම් මීට එකතු කරන්න...

Wednesday, January 25, 2012

◄ ඔබත් 99 කණ්ඩායමේද??? ►

එක්තරා කාලෙක රජ කෙනෙක් සියලුම රජ සම්පත් වලින් ආඪයව කල් ගත කරන ලදී. සියලු සැප සම්පත් තිබුණද ඔහු තුළ සතුටක් නම් නොවීය. දිනක් උද්‍යානයෙහි සක්මන් කරමින් සිටින මොහුට ඉතා දිළිඳු උයන් පල්ලෙකු බොහෝමත් සතුටින්, ගීතයක් මුමුණමින් තම රාජකාරියෙහි නිරතවනු දැකගත හැකිවිය. මෙයින් පුදුමයට පත්වූ රජු, උයන්පල්ලා ගෙන්වා ඔහු මෙපමණ දිළිඳු බවින් යුතුවත් සතුටින් සිටීමට හේතුව විමසන ලදී.

''දේවයන්වහන්ස, මම බොහෝම දිළිඳු බව නම් ඇත්ත, ඒත් මමයි මගේ බිරිඳයි ළමයි ටික දෙනයි ඉන්නේ බොහෝම සතුටින්. එයාලා ගැන හිතද්දී මට කිසිම දුකක් දැනෙන් නෑ. දැනෙන්නේ අසීමිත සතුටක් පමණයි.''

මේ පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ රජු වහාම තම පුරෝහිත ගෙන්වා සැප සම්පත් වලින් අඩුවක් නොමැති තමා සතුටින් නොමැති වීමටත්, දිළිඳු උයන්පල්ලා නිරන්තරයෙන් සතුටින් සිටීමටත් හේතුව විචාලේය.

මේකයි රජතුමනි, ඔය උයන්පල්ලා තවම 99 කණ්ඩායමට බැඳිලා නෑ. ඔබ වහන්සේටත් 99 කණ්ඩායම ගැන දැනගන්න ඕන නම් අද රෑ ඔහු සේවය කරන උද්‍යාන කොටසේ රන් කාසි 99ක් සහිත කාසි පොදියක් තබන්න.

උදෑසන සේවයට පැමිණි උයන්පල්ලා හට රන් කාසි පොදිය හමුවිය. ඔහු එය ඉතාමත් සතුටින් රැගෙන එය සඟවාගෙන තම නිවෙසට ගෙනයන ලදී. ඉතා සතුටින් සිටි ඔහු කාසි ටික එකින් එක ගණින්නට වුවද එහි ඇත්තේ කාසි 99ක් පමණක් බව ඔහුට වැටහිණි. නැවතත් ගැන බැලුවද එය එසේම විය. මීලඟ දිනයේද රජු පෙර පරිදිම රන් කාසි 99ක් සහිත මල්ලක් උයනෙහි තබා උයන්පල්ලා දෙස සෝදිසියෙන් බලා සිටින්නට විය. මෙවරද ඔහු එය සඟවාගෙන නිවසට ගෙනයන ලදී. පෙර පරිදිම ගැන බැලූ ඔහුට එහි ඇත්තේ කාසි 99ක් පමණක් බව වැටහිණි. කිහිප වරක් ගැන බැලුවද ප්‍රතිඵලය පෙර පරිදිම විය. ඔහු අතින් සිදුවන වරදක් නිසා දෙවියන් ඔහු හට මෙලෙස කාසියක් අඩුවෙන් ලබාදෙන බව ඔහු සිතන්නට විය. නැතිනම් කිසිම අයෙකු කාසි 99ක් නොදෙන බව ඔහු ඔහුටම කියාගනිමින් මින්පසු වෙනදාටත් වඩා මහන්සි වී වැඩ කිරීමට සිතා ගති. කොතෙක් මහන්සි වී සේවයේ යෙදුනද ඔහුට දිනපතා ලැබෙන කාසි ගණන 99ක් පමණක්ම විය. තමන්ට නියමාකාරයෙන් කාසි ගණන ඉපැයීමට උදව් නොකරනවායැයි ඔහු තම බිරිඳට සහ දරුවන්ට බැණ වදින්නට විය. වෙනදා සතුටින්, ගීතයක් මුමුණමින් රාජකාරියේ යෙදුනු ඔහුගෙන් ඒ සතුට දැකගත නොහැකි විය.

පුරෝහිත රජු වෙත පැමිණ මෙසේ ඒ සිදුවීම විස්තර කරන ලදී...

''දේවයන්වහන්ස, දැන් උයන්පල්ලා නීත්‍යානුකූලව 99 කණ්ඩායමට බැඳිල ඉන්නේ. 99 කණ්ඩායම කියන්නේ සතුටින් ඉන්න ඇති තරම් දේවල් තිබුණත් නැති දෙයක් ගැන හිතල දුක්වෙන, පසුතැවෙන මිනිස්සුන් කණ්ඩායමට. මොකද ඒ අය නිතරම ක්‍රියා කරන්නේ ''අන්තිම එකත් අරගෙනම නතර කරනවා'' කියන අදහසින්. ඉතිං කවදාවත් ලද දෙයින් සෑහීමකට පත්වෙන්නේ නෑ. ආශාවන්ගේ අවසානයක් නෑ. නොදැනීම සතුට කියන දේ ජීවිතෙන් මග හැරිලා.''

ජීවිතේ සතුට කියන්නේ මුදල් කියන දේම නෙවෙයි නේද යාලුවනේ. ආශාවන් සීමිත වෙනකොට සතුට කියන දේ අපේ ජීවිත වලට බොහොම ලඟයි කියලයි මට නම් හිතෙන්නේ...

◄ Two රොඩ්නීS - ලොවෙත් නැති ප්‍රශ්න ►





•අශ්වය නින්ඳට යනවිට පාවිච්චි කරන පොරෝනය කුමක්ද?
අස්වැසුම

•පන්සල් භූමියට වැද්ද නොගන්නා පක්‍ෂියා කවුද?
සිවුරු හොරා

•තමා රැවටෙන බව දැන දැනත් පාරිභෝගිකයා මිළදී ගන්නා ආහාරය කුමක්ද?
කට්ට සම්බෝලය

•ආයතනයක යතුරු භාරව සිටින තැනැත්තා කවුද?
කැරලිකරු

•තමන්ගේ ගෝල බාලයන්ට පමණක් විශේෂ සැලකිලි දැක්වීම හඳුන්වන විශේෂ නාමය කුමක්ද? ගෝලීයකරණය

•ලංකාවේ අඩුම මුදලකින් නිපදවූ සිංහල චිත්‍රපටය කුමක්ද?
සත පනහ

•ලංකාවේ වැඩිම මුදලකින් නිපදවූ සිංහල චිත්‍රපටය කුමක්ද?
හතර මහ නිධානය

•ලංකාවේ දේශපාලනය සමබන්ධ කර ගනිමින් නිපදවූ චිත්‍රපටය කුමක්ද?
කඩවුනු පොරොන්දුව

•රෝහලකදී පලදෙන කර්මය කුමක්ද?
ශල්‍යකර්මය

•බැංකුවල සේවයේ නියුතු පුද්ගලයින් කෑමට කැමතිම ආහාරය කුමක්ද?
මනිපිට්ටු

•ලියුම් කවර ඇලවීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයට බඳවාගෙන ඇති සේවකයා කවුද?
ගම් භාර නිළධාරියා

•ශාක කොටස් පමණක් ආහාරයට ගන්නා සර්පයා කවුද?
පළා පොළඟා

•මැණික් ගැරීමට අධිපති යක්‍ෂයා කවුද?
ගරා යකා

•ලෝකයේ පැරණිතම සත්ත්වය කවුද?
සීබ්‍රා (Black & White)

•ආදරවන්තයින් සඳහාම වෙන්වූ බස් වර්ගය කුමක්ද?
පෙම්බස්

•ඉතා කුඩා බර ප්‍රමාණ මැනීම සඳහා ශ්‍රී ලංකාවේ භාවිතා කරන ශාකමය මිණුම් දණ්ඩ කුමක්ද?
අබ මල් රේණුව

•රබර් වත්තකදී දැනෙන පාලුව හඳුනවන්නේ?
ඔට්ට පාලු

•ක්‍රිකට ක්‍රීඩකයින් වැඩි වශයෙන් නැරඹූ ටෙලි නාට්‍යය කුමකද?
කඩුල්ල

•අවි ආයුධ එක් තැනකින් තවත් තැනකට රැගෙන යන පුද්ගලයා හඳුන්වනුයේ කුමන නමකින්ද? අවිවාහකයා

•මුහුදේ ජීවත්වන වේගවත්ම ජීවියා කවරෙක්ද?
මුහුදු අශ්වයා

•මාළුවන්ට හැදෙන තුවාල විශේෂය කුමක්ද?
මින්දද

•ලෝකයේ සර්ප ගහණය වැඩිම රට කුමක්ද?
නයිජීරියාව

•මැර බලය උපයෝගී කරගෙන ජයග්‍රහණය කල හැකි ක්‍රීඩාව කුමක්ද?
මැරතන්

•තොර තෝංචියක් නැතිව කාන්තාවන් අතරේ සිදුවන කතාබහ හඳුනවන නම කුමක්ද?
ලියකියවිලි

•නිතරම කිරිල්ලියන්ට ඉඟි බිඟි පාන කුරුල්ලා කවුද?
පැණි කුරුල්ලා

◄ ණය ගෙවීම ►


දිනක් තරුණ පුතෙකු තම මවට මෙසේ පැවසීය...

''අම්මේ, අම්මා මම වෙනුවෙන් කරපු හැමදේටම ණය ගෙවන්න මට ඕන. මට මොකද්ද ඒ වෙනුවෙන් කරන්න පුළුවන්?''

''මගේ පුතාට කවදාවත් ඒ දේ කරන්න බෑ පුතේ, අනික මම කවදාවත් පුතාගෙන එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ.''

''එහෙම කියල බෑ, මම කැමතියි අම්මා මම වෙනුවෙන් කරපු හැමදේටම ණය ගෙවන්න.''

දිගින් දිගටම තම පුතුගේ පෙරැත්ත නිසාම ඇය මෙසේ පැවසුවා...

''හොඳයි, එහෙනම් පුංචි කාලේ වගේ අද රෑ මම ලඟම නිදා ගන්න ඕන''

එය එතරම් දෙයක් නොවන බව හැඟුණු පුතුද එයට කැමති වුනා...

''හොඳයි අම්මේ, ඒක අම්මට සතුටක් වෙනව නම් මම කැමතියි අම්මට තියෙන ණය පියවන්න ඒ දේ කරන්න''

එදින රාත්‍රියේ පුතු අසලින් නිදාගත් ඇය, පුතු නින්ඳට වැටුණු පසු වතුර ජෝග්ගුවක් ගෙන විත් ඒ වතුර ඔහු නිදන ඇඳ ඇතිරිල්ල පුරාවට විසුරුවා හැරියා. නින්ඳෙන්ම දැණුනු සීතලත් සමඟම ඔහු ඒ තෙත ප්‍රදේශයෙන් මදක් ඈත් වී නැවත නින්ඳට වැටුණා. ඇය නැවතත් වතුර ජෝග්ගුවක් ගෙනවිත් ඔහු ඒ වනවිට සිටි ඇඳ ඇතිරිලි කොටසට විසුරුවා හැරියා. මෙවර ඇහැරුණු ඔහු එක්වරම දුටුවේ තම මව වතුර ජෝග්ගුවක් ද ඇතැතිව ඔහු අසල සිටින අයුරුයි.

''මොකද්ද අම්මේ මේ කරන්නේ? පිස්සු හැදිලද? ඇයි මට නිදාගන්න දෙන්නේ නැත්තේ? මම කොහොමද මේ තෙත ඇඳේ දැන් නිදාගන්නේ?''

සිහින් සිනහවක් මුවඟට නගා ගත් අම්මා මෙසේ පැවසුවා...

''පුතේ, පුතා පුංචි කාලේ මම ගාව නිදා ගනිද්දී පුතා ඇඳේ තෙමා ගන්නවා, ඊට පස්සේ මම පුතාගේ තෙත ඇඳුම් මාරු කරල, පුතාව ඇඳේ තෙත නැති පැත්තෙන් තියලා, මම පුතා තෙමපු පැත්තෙන් නිදා ගන්නවා. පුතාට මේ අම්මා කරපු දේට ණය ගෙවන්න ඕන නම්, පුතාට එක රාත්‍රියක් මේ තෙත මෙට්ටෙම නිදා ගන්න වෙනවා. එහෙම නිදා ගත්තොත් මම පිළිගන්නවා පුතා මම වෙනුවෙන් හැම ණයක්ම ගෙවා දැම්මා කියලා''

පුතුගේ දෙනෙත් කඳුලින් බරවී යද්දී ඇය තම පුතුව තම උණුසුමට ලං කරගත්තේ අසීමිත වූ සෙනෙහසිනි...

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩූ මගේ අම්මා...
දරා දස මාසේ ඉහිලූ බරට ණය ගැතියි ජීවිතෙන් මා...

Tuesday, January 24, 2012

◄ බිරින්ඳෑවරුන් හතරදෙනා ►



එක්තරා කාලයක වෙළෙන්දෙක් හිටියා. සල්ලි ගොඩාක් තිබුන මේ වෙළෙන්දට හිටියා නෝනලා 04 දෙනෙක්. ඔහු මේ හිටිය නෝනලගෙන් හතරවෙනි නෝනට ගොඩාක් ආදරය කලා, ආභරණ වලින් සැරසුවා වගේම ලස්සන ඇදුම් වලිනුත් සැරසුවා. ඇයව හොදින්ම රැක බලා ගත්තා.

තුන්වෙනි නෝනාටත් මේ වෙළෙන්දා ගොඩාක් ආදරෙයි. වෙළෙන්දා නිතරම එයාව තියාගත්තේ එයාගේ යාලුවන්ට පෙන්වන්න. ඒ නෝනා ගැන එයා ගොඩාක් ආඩම්බරත් වුනා. පොඩි බයකුත් තිබුනා කවුරු හරි ඒ නෝනා අරගෙන යාවි කියලත්.

දෙවනි නෝනාටත් මේ වෙළෙන්දා ආදරෙයි.. ඒ නෝනා ගොඩාක් මැදිහත් ඒ වගේම හරි ඉවසිලිවන්තයි. මේ පෝසත් වෙළෙන්දට ප්‍රශ්ණයක් වුන හැම වේලාවේම ඒ ගැන යමක් අහන්නෙත් මේ දෙවන නෝනගෙන් තමා. ඇය හැම අමාරු වෙලාවේම මේ වෙළෙන්දත් එක්කමයි.

දන්නවද? මේ වෙළෙන්දාගේ පළමු වැනි නෝනා බොහෝම ගෞරවයෙන් යුතු කෙනෙක්. වෙළෙන්දාගේ වත්කම්, ව්‍යාපාර වගේම ගෙවල් දොරවල් පිළවෙල ගැනත් හොයා බැලුවේ මේ පළමු වැනි නෝනා. එයා වෙළෙන්දත් එක්ක නිතරම එකට ඉන්න හැදුවට වෙළෙන්දා මේ පළමු නෝනාට ආදරේ කලෙත් නෑ ඇය ගැන සොයා බැලුවෙත් නෑ. ඒත් ඇය ඔහුට හිත ගැඹුරෙන්ම ආදරය කළා.

ඉතින් කාලය මෙහෙම ගෙවීගෙන ගෙවීගෙන යද්දි දවසක් මේ වෙළෙන්දා හොදට ම ලෙඩ වුනා. ඔහු දැන ගත්තා ඔහු ඉක්මනින් මැරෙන්න යනවා කියලත්. අන්න ඒ හින්දම වෙළෙන්දා කල්පනා කලා “මම මෙච්චර සැප සම්පත් එක්ක වගේම නෝනලා හතර දෙනෙකුත් එක්කම ගොඩාක් සතුටින් තමා හිටියේ, හැබැයි මැරුනොත් නම් මම තනිවේවි.“ මෙහෙම හිතුන වෙළෙන්දා බැලුවා නෝනලවත් තමන් එක්ක එක්කන් යන්න.

වෙළෙන්දා මුලින්ම හතරවෙනි නෝනාට කතා කලා. කතා කරලා කිව්වා “ මම ඔයාට ගොඩාක් ආදරේ කලා, හොඳ ආභරණ, රෙදි ඔයාට දුන්නා. ඉතින් දැන් මම මැරෙන්න යන්නේ ඔයා එනවද මාත් එක්ක යන්න? “ මේ හතරවෙනි නෝනා ගත් කටටම වෙළෙන්දාට “ බැහැ“ කියලා කිව්වා.
ඒ කතාවට වෙළෙන්දාගේ හදවතට පිහියෙන් ඇන්නා වගේ වුනා.

වෙළෙන්දා තුන්වෙනි නෝනාගෙනුත් ඇහුවා අර ප්‍රශ්ණෙම. ඇය කියනවා “මේ ජිවිතේ කොච්චර හොඳද. ඔයා මැරුණම මම වෙන කෙනෙක්ව කසාද බඳිනවා. ඒ නිසා ඔයත් එක්ක එන්න බෑ“ කියලා. වෙළෙන්දට තවත් දුකයි, ඔහුගේ හදවත සීතල වෙනවා.

කොහොමටත් කියලා ඔහු කතා කරනවා දෙවන බිරිඳට, ඇයගෙන් වෙළෙන්දා ඇහුවා ඔයා ඕනම ප්‍රශ්ණෙකදී මාත් එක්කම හිටියා, දැන් මම මැරෙන්න යන්නේ. ඔයා එනවද මාත් එක්ක? දෙවන බිරිද ටිකක් කල්පනා කරලා මෙහෙම කියනවා. “මට සමාවෙන්න. මේ පාර නම් මට ඒක කරන්න බැරි වෙනවා. හැබැයි ඔයත් එක්ක ඔයාගේ සොහොන ගාවට නම් එනවා“ කියලා. ඒ උත්තරයත් වෙළෙන්දාට දැනුනේ හරියට අකුණක් කෙටුවා වගේ.

එක පාරටම අසරණ වෙළෙන්දාට ඇහෙනවා “ මම එනවා ඔයත් එක්ක, ඔයා කොහේ ගියත් මම ඔයත් එක්ක එනවා“ වෙළෙන්දා බැලුවා වටපිට ඒ ඔහුගේ පළවෙනි නෝනා, එයා හරියට දුර්වල වෙලා. වෙළෙන්දාට දුක හිතෙනවා. ඔහු කියනවා, “ අයියෝ... මට පුළුවන්කම තිබුණ කාලේදී ඔයාව හොදින් බලාගන්න තිබුණා...“ කියලා.

දන්නවද??? මේ වගේ නෝනාලා හතර දෙනෙක් අපේ ජිවිත වලත් ඉන්නවා. කවුද ඒ???

හතරවෙනි නෝනා තමා අපේ ශරීරය. කොච්චර වේලාව අරන් හැඩ වැඩ දාලා ලස්සන කලත් අපි මැරෙන වේලාවට එයා අපිව දාලා යනවා. ම්... තුන්වෙනි නෝනා, ඒ තමා අපේ තත්ත්වය, වත්කම. අයියෝ. අපි මැරුනම ඒ ඔක්කෝම අනුන්ගේ. දෙවනි නෝනා, ඒ තමා අපේ දෙමව්පියන් හා යාලුවෝ ටික. ඕනම දේකට ජිවත් වෙද්දි අපි ළඟ ඉන්නවා. හැබැයි අපි මැරුණම අපේ සොහොනගාව හිටගෙන ඉන්නවා විතරයි. පළවෙනි නෝනා තමා අපි කවදාවත්ම මුදලින්, වටිණ රෙදි වලින්, සතුටෙන් සරසවන්නෙ නැති අපේ ආත්මය. අද ඉඳන් අපි අපේ ආත්මයට ගරු කරමු. ආත්මයම නිවී සුවපත් වෙන ජීවිතයක් ගත කරමු.

◄ මිතුදම ►


කාන්තාරයේ අතරමං වී සිටි ඔවුන් දෙදෙනා කුඩා කල සිටම හොඳම මිතුරන් විය. නමුත් එක් වරම එක් මිතුරෙකු අනෙකාට මුහුණට වැරෙන් පහරක් ගැසුවේ ඔවුන් දෙදෙනා ඒ පැමිණි විනෝද ගමන සැලසුම් කරේ ඔහු බැවිනි. පහර කෑ මිතුරාට රිඳුනද ඔහු කරන ලද්දේ වැලි කතරේ වාඩිවී තම ඇඟිල්ලෙන් ''අද මගේ හොඳම මිතුරා මට පහරක් ගැහුවා'' ලෙස වැලි මත ලිවීම පමණි.

කෙසේ නමුත් දෙදෙනාම තම ගමන අත් නොහැර දිගින් දිගටම එක් දිශාවකට ඇවිද ගියේ ක්‍ෂේම භූමියකට ලං වීමේ අරමුණ ඇතිවය. ඔවුන්ගේ බලාපොරොත්තුව ඉටුවිය, අවසානයේ ඔවුන් දෙදෙනා හට ක්‍ෂේම භූමියක් දැකගත හැකිවිය. සතුටින් උදම් වූ දෙදෙනා වහා වතුරට පැන දිය නෑමට පටන් ගත්හ. සිදුවූයේ නොසිතූ දෙයකි, පහර කෑ මිතුරා ජලයේ ගිලෙන්නට විය. වහා ඔහු වෙත පීනා ගිය අනෙකා තම මිතුරා රැගෙන ජලයෙන් ගොඩට පැමිණියේය. මද වෙලාවක් ගිමන් හරිමින් සිටි ගිලෙන්නට ගිය මිතුරා ගල් කැබැල්ලක් ගෙන ඒ අසල වූ ගල් තලාවේ මෙසේ සටහන් කරන ලදී. ''අද මගේ හොඳම මිතුරා මගේ ජීවිතය බේරුවා''

මේ දෙස බලා සිටි අනෙකා ඔහුගෙන් මෙසේ විමසීය...

''මම කලින් ඔයාට ගැහුව වෙලාවේ ඔයා ඒක ගැන ලිව්වේ වැලි වල , ඒත් ඇයි දැන් ඔයා මෙතනදී ගල් තලාවේ ලිව්වේ???''

එවිට අනෙකා මෙසේ පිළිතුරු දුනි...

''කෙනෙක් අපිව රිදෙව්වම අපි ඒක ගැන හදවතේ සටහන් කරන්න ඕනේ සමාව කියන සුලඟට ඒ රිදවීම හදවතින් මකලා දමන්න පුළුවන් විධියට. ඒත් අපිට කෙනෙක් හොඳ දෙයක් කරාම අපි ඒ ගැන ජීවිතේ පුරාවටම හදවතේ රැඳෙන පරිදි සටහන් කරන්න ඕන, කිසිම දේකින් එය මැකී නොයන විධියට.''

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

''LEARN TO WRITE YOUR HURTS IN THE SAND, AND TO CARVE YOUR BENEFITS IN STONE''

Sunday, January 22, 2012

◄ වස මංජුසාව ►



ලිලී යනු චීන තරුණියකි. ලිලී හට තම විවාහයෙන් පසු තම සැමියාගේ නිවසේ පදිංචියට යෑමට සිදුවිය. සිදුවූයේ ඇය බලාපොරොත්තු නොවූ දෙයකි, නැන්ඳම්මා ඇයට නිතරම පාහේ ඇනුම්පද කියමින් ඇයව රිද්දන්නට පටන් ගත් අතර නිතරම ඇයගේ වැරදි ඇයගේ ස්වාමි පුරුෂයාට පවසන්නට පටන් ගත්තා. තත්ත්වය තවත් දරාගත නොහැකි වූයේ චීන සම්ප්‍රදායට අනුව ඇයට තම නැන්ඳම්මාගේ කීමට අවනත වීමට සිදුවීම නිසාය. නැන්ඳම්මා මොනදේ කීවද ඇයට හිස නමා ඒ දේ පිළි ගැනීමට සිදුවිය. මෙසේ ටික කලක් යද්දී ඇයට මේ දේ තවත් දරාගත නොහැකි විය. ඇය තම පියාගේ මිතුරකු වූ හොංෂූ නම් ඖෂධ වේදියා හමුවීමට ගොස් ඇයගේ තත්ත්වය පැවසූවාය.

''අනේ අන්කල්, මගේ නැන්ඳම්මා නිතරම මාත් එක්ක රණ්ඩු කරනවා, නිතරම දකින්නේ මගේ වැරැද්දක්මයි. මටත් ඒවට කටවහගෙන ඉවසන්න බෑ, මමත් ඇයට බැණ වදිනවා. එවිට ඇය ඒ බව මගේ මහත්තයට කියනවා. ඔහු නම් දන්නවා නැන්ඳම්මා තමයි වැරදි කියල, ඒත් ඔහු කිසි විටෙකත් ඇයට ඒ ගැන දොසක් කියන්නෙත් නෑ. මට තව දුරටත් ඇය සමඟ ජීවත් වන්නට බෑ. කරුණාකර ඇයගේ ජීවිතය නැති කරන්න වස ටිකක් දෙන්න.

මද වේලාවක් කල්පනා කරමින් සිටි හොංෂූ මහතා මෙසේ පැවසූවා.

''දූ කියන දේ මට තේරෙනවා, ඒත් එක් වරම නැන්ඳම්මා මැරුනොත් හැමෝම ඔයා සැක කරනවා. ඔයා ඇයව මරාගත් බව හැමෝම දැනගන්නවා. ඒ නිසා මම ඔයාට වස වර්ග කිහිපයක් දෙනවා, ඒවා ඔබේ නැන්ඳම්මාගේ කෑම පිඟානට එකතු කරන්න. මාස 3ක් වගේ එහෙම කරන්න වෙනවා. ඒ අතර තුළ කාලයේ ඇය හා කිසිම අයුරකින් රණ් ඩු කරන්න යන්න එපා, එහෙම වුනොත් හැම දෙනාම ඇයගේ මරණයට ඔබව සැක කරාවි. ඇයට බොහොම අවනත විධියට, ඉවසීමෙන් කටයුතු කරන්න. ඇය මොනව කිව්වත් දරාගෙන ඉන්න, මාස 3කින් හැමදේම ඉවරයි කියලා.''

ඇය ඒ වස මංජුසාවද රැගෙන හොංෂූ මහතාගේ නිවසින් පිටත් වුනේ බොහොම සතුටින්. ඇය එදා පටන් විවිධාකාර කෑම වර්ග සාදමින් තම නැන්ඳම්මාගේ කෑම වේලට අර වස වලින් කොටස බැගින් එක් කරන්නට වුනා. නැන්ඳම්මා මොන දේ කීවද ඇය සිනා මුසු මුහුණින් ඒ දේ ඉවසා ගත්තා. ඇය තම නැන්ඳම්මාට බොහෝ සෙයින් කීකරු දියණියක් වන්නට වුනා. ඇයගේ සැමියාද මේ වෙනස ගැන පසුවුනේ ඉමහත් සතුටකින්. මෙසේ මාස 2ක් පමණ ගතවෙද්දී ඇයටම නොදැනී ඇයගේ තරහ යෑම නැවතී තිබුණා. හැමදේටම ඉවසන්නට ඇය පුරුදු වී සිටියා. ඇයගේ නැන්ඳම්මාද ඇයට තමන්ගේම දියණියක සේ සලකන්නට වුනා. ඇයද එසේම ආදරයක් තම නැන්ඳම්මා කෙරේ දක්වන්නට වුනා. ඒත් එක් වරම ඇයට මතක් වුනා තව දින කිහිපයක් යද්දී නැන්ඳම්මා ඇය දුන් වස නිසා මරණයට පත්වන බව. ඇය වහාම හොංෂූ මහතා මුණ ගැසීමට ගියා.

''අනේ අංකල්, කරුණාකරල මගේ නැන්ඳම්මව බේරල දෙන්න. ඔබ කියූ විධියටම මම ඇයගේ කෑම වේලට වස එකතු කරා. ඒත් මාස 2ක් ගතවන විට ඇය දැන් මගේම අම්මා වගේ, ඇයටත් මාව ඇයගේම දියණියක් වගේ. මට ඇයව නැති කරගන්න බෑ, අනේ ඇයව බේරගන්න උදව් කරන්න''

හොංෂූ මහතා එක් වරම සිනාසෙන්නට පටන් ගත්තා.

''මේ අහන්න දරුවෝ, ඔයාට මම කිසි විටෙකත් වස ලබා දුන්නේ නෑ. මම ඒ ලබාදුන් මංජුසාවේ තිබුණේ ඇයගේ සෞඛ්‍යය යහපත් කරන විටමින් වර්ග කිහිපයක්. වස තිබුණේ ඔයාගේ හිතේ පමණයි. ඒත් ඔබ ඇයට ආදරයෙන් සලකද්දී ඒ වස සේදිලා ගියා. ඔබේ නැන්ඳම්මාගේ හිතටත් වුනේ ඒ දේම තමයි. දැන් ඉතිං හැමදාටම ඇයට ඔබේ මවට මෙන් සලකන්න. සතුටින් ඉන්න.''

...පරිවර්තනයකි...
≈ Love is like a boomerang – You get it back right away ≈

Saturday, January 21, 2012

◄ කැපවීම ►


වෘත්තිය ලෙස නිවාස තැනීම සිදුකල ඔහු තම සැඳෑ කාලය ලඟාවත්ම රැකියාවෙන් ඉවත් වී නිදහස් මිනිසෙකු ලෙස ජීවිතය ගත කිරීමට තීරණය කලේ කාලයක සිටය. ඔහු ඒ බව තම ආයතන අයිතිකරුට දැනුම් දුනි.

''හොඳයි, ඒත් ඔබ රැකියාවෙන් ඉවත් වෙන්න කලින් ඔබට පුලුවන්නම් අපිට තවත් එකම එක නිවසක් නිම කර දෙන්න, ඒක අපිට ලොකු සතුටක් වේවි.''

සිත යටින් ඒ ඉල්ලීමට අකමැති වුවත් ඔහුට තම ආයතන ප්‍රධානියාට ඒ බව පැවසීම කිසි සේත් කල හැක්කක් නොවීය. ඒ නිසාම ඔහු ඒ නිවසේ වැඩ කටයුතුද ආරම්භ කරන ලදී. එම ආයතනය වෙනුවෙන් ඔහු නිර්මාණය කරන ලද නිවාස කාගේත් සිත් ගන්නට සමත් විය. කෙනෙකුට නෙත් අයා බලා සිටිය හැකි තරම් ඒ නිවාස සියල්ලක්ම අලංකාරව ඔහු අතින් නිර්මාණය කර තිබිණි.

නමුත් පෙර තිබූ සතුට, උද්යෝගීමත් බව මේ අවසන් නිවස තැනීමේදී ඔහුගෙන් දක්නට නොලැබිණි. වෙනදා ඔහු ඉතා පරිස්සමින්, සීරුවෙන් නිර්මාණ කරනයේ යෙදුනද මේ නිවස ඔහුට ඉක්මනින් වැඩ නිමවනු දැකීමට අවශ්‍යය විය. ඉස්තරම් දෑ යොදා ගැනීම වෙනුවට පහසුවෙන් සොයාගත හැකි ද්‍රව්‍ය යොදා ඔහු නිවස තැනීම සිදු කරන ලදී. ඔහුගේ එකම කැමැත්ත වූයේ ඉක්මනින් තම කුඩා නිවසට වී දිවියේ සැඳෑ සමය හුදෙකලාව ජීවත් වීමටය. නිවස තනා අවසන් විය. ඒ නිවස ඔහු අතින් නිමවූ අවලස්සනම නිවස බව ඔහුට පවා වැටහිණ. කෙසේ හෝ ඔහු ආයතන ප්‍රධානියා හමුවීමට ගියේ නිවසේ වැඩ නිමවූ බව පැවසීමටය. ඔහු නිවසේ යතුර බාරදුනි. සිදුවූයේ ඔහු කිසිලෙසකත් නොසිතූ දෙයකි.

''මේ නිවසේ යතුර ඔබ ගාවම තියා ගන්න, ඒ නිවස අවුරුදු 30ක් පුරාවට මෙතෙක් අප ආයතනය වෙනුවෙන් ඔබ වූ කැපවීමට අප ආයතනයෙන් දෙන පුංචි තෑග්ගක්''

තමා කල ක්‍රියාව ගැන ඔහුට එවිට ඇතිවූයේ පසුතැවීමකි. එය තමා වෙනුවෙන් බව දැන සිටියා නම් ඔහු අතින් එම නිවස ඊට වඩා හාත්පසින්ම වෙනස් අයුරකින් නිමවෙන බව ඔහුට සිහිවිය. නමුත් එවිට ඔහු ප්‍රමාධ වැඩිය.

...පරිවර්තනයකි...
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
ඔබ ඒ නිවෙස් තනන්නා නම්, ඔබ ගසන සෑම ඇණයක් පාසා ඔබ බිත්තියක් හැඩ කරාවි, නැතිනම් බිත්තියක් පළුදු කරාවි. ඔබගේ ආකල්ප ඔබගේ ජීවිතය නැමති නිවස ලස්සන කරාවි. එම නිසා කුමක් කරත් ඒ දේ ගැන ආසාවෙන්, කැපවීමෙන් කරන්න. එවිට ජීවිතය සුන්ඳර වේවි.

Thursday, January 19, 2012

◄ අවවාදයයි ►



කාගෙ හරි කොහෙන් හරි ඩවුන්ලොඩි කරගත් පිංතූරයක් දමාගෙන facebook FAKE profile එකක් හදාගන්නා මේ අය අද අපේ රට විශාල අඳුරු අගාධයකට තල්ලු නරමින් සිටී. අපේ ගෑණු ළමයිනුත් මේකට යම් අයුරකින් වගකියන්න ඕන. තමුන් මූණු පොතේ add කරගන්න යාලුවෝ ගැන හොඳට හිතල බලල add කරන්න. ඒ වගේම photo album privacy, ''friends only'' ලෙස වෙනස් කරන්න. (දන්නේ නැති අයට කිව්වේ හොඳේ)

අද අන්තර්ජාලය පුරාවට ඇත්තේ ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් ගේ පිංතූරයි. කාම උන්මාදයෙන් පෙළෙන ශ්‍රී ලාංකීය ජනතාව ගැන Google search bar එකේ Sri Lanka කියා ටයිප් කල සැනෙන් ලැබෙන යෝජිත යොමු වලින් දැනගතහැකිවෙ.

( Sri Lankan Hot Girls / Sri Lankan Sex Girls / Sri Lankan Hot School Girls / Sri Lankan Hot Actress යනාදී වචන ඔබට දැකගත හැකිවනු ඇත.)

තේරුමිගන්න...
අපගේ මවුබිම අනතුරේ. දැන්වත් මෙය නවත්වන්න. ඔබගේ සහොදරියකට, ඔබෙම ආදරවන්තියට මේ දේ සිදුවුනොතින් ? ? ? මෙයට විරුද්ධව නැගී සිටින්න. හැමදෙනාටම ආදරය කරන්න. ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න. අනුන්ගේ වරද නොව තමන් අතින් සිදුවු වරද ගැන සිතන්න. එය නිවැරදි කරගන්න... මෙය ඔබේ මවුබිමයි. ඔබගේ ආර්මාර්ථකාමි සතුට මාගේ මවුබිමට අපකීර්තිය ගෙනදීමට සමත්වනු ඇත.

අද සිට අප අලුත් ‌ෙවමු... සැමට ආදරය කරමු...
ස්තූතියි !

ඔබගේ නමින් මෙසේ ව්‍යාජ ගිණුමක් දුටුවහොත් වහාම පහත දත්ත හරහා ''The Sri Lanka Computer Emergency Response Team'' (SL CERT) සමබන්ධ කරගෙන ඔබේ පැමිණිල්ල යොමු කරන්න.

Address : Room 2-119A, BMICH, Bauddhaloka Mawatha, Colombo 07, Sri Lanka.
Tel : +94 11 269 1692 /269 1064 /267 9888
Fax : +94 11 269 1064
E-Mail : slcert@cert.gov.lk

Idea By - Erandha Bandarra

◄ මේ දේවල් මතකද??? ►


තව add වෙන්න ඕන දේවල් නම් එමටයි. ඒත් මේ වගේ පුංචි ඉඩක ඒ සුන්ඳර කාලය කොහොම නම් අමුණන්නද...

◄ ළඳුනේ ගීතයේ බිහිවීම ►



මේ ගීතය ලියූවේ රණ්බන්ඩා සෙනවිරත්න ශූරීන්. රණ්බන්ඩා ශූරීන් සරසවියෙ ඉන්න කාලෙ එයාගෙ යාලුවො එක්ක ගණිකාවන් හමුවෙන්නට ගිහින් තියෙනව. ඉන් ටික කාලයකට පසු වෘත්තියෙන් නීතීඥයෙකු බවට පත්වන ඔහු දිනක් නුවර උසාවියට නඩුවකට පෙනී සිටීම සඳහා පිටත් වෙනවා. නඩුව අවසානයේ ඔහු නැවත නිවෙස කරා පිටත් වීමට සූදානම් වූවත් ඔහුගේ මිතුරා පවසන්නේ හෙට තවත් නඩුවකට පෙනී සිටීමට ඇති හෙයින් එදින රාත්‍රිය ඔහුගේ නිවසේ නවාතැන් ගන්නා ලෙසයි. හවස ඔවුන් දෙපළ දළදා මාළිගාව වැඳ පුදා ගන්නට මාළිගාවට යනවා. එහිදී ඔහු දකිනවා සුදු සාරියක් හැඳි, සුරූපී ස්ත්‍රියක් මල් වට්ටියකුත් දෝතින් රැගෙන මාළිගාවේ පිය ගැට පෙළ නඟිනවා. ඇය දෙස ඔහු බලා සිටිද්දී ඔහුගේ මිතුරා ඇය ගණිකාවක් බවත් සෑම දිනකම ඇය මෙසේ සිරිතක් ලෙස මාළිගාව වැඳ පුදා ගැනීමට පැමිණෙන බවත් පවසනවා.

මේ කෙනා නුවර ලොකු සමාජ බලයක් තිබුන පවුලක පොඩි දුවලු, අඩු වයසෙන් කෙනෙක් එක්ක සම්බන්ධයක් ගොඩ නැගිලා, මුළු ජීවිතේම එයා වෙනුවෙන් කැප කරලා, අන්තිමට ඒ මිනිහගෙන්ම උහුලාගෙන ඉන්න බැරි තරම් දේවල් වෙන නිසා අයෙත් පාරක් තමන්ගේ අම්ම තාත්ත ලගට යන්න වෙන තැනට පත් වෙනවා. ඒත් ගියාට වැඩක් නෑ, ගහල එලවනවා, අන්තිමට මුළු ජීවිතේම කැප කරපු කෙනත් අද නෑ, මෘගයෙක් වෙලා. එයා ලගට එද්දී හිටපු තමන්ගේ සමීපතමයොත් අද පිළිගන්නේ නෑ. ඒ වෙනුවට ඉන්නේ තුරුලේ කැටි වෙලා නිදන් ඉන්න කිරි කැටියෙක් විතරයි. කාට කියන්නද? කව්රු අහන්නද? සමාජයෙන් ආදරේ බලාපොරොත්තු උන එයාට අද කව්රුත් නෑ. ඒ සමාජයෙන්ම ගහල බැනල , රැවටීමට ලක් වෙලා. තමන් මෙතෙක් විශ්වාස කරපු හැම දේම තමන් ඉස්සරහ බොරුවක්, නිකන්ම නිකම් වචනයක් වෙලා හැල්ලු වෙලා යද්දී, කාත් කව්රුත් ඇත්තටම නැති කෙනෙකුට තව මොනවද මේ සමාජයේදී රැක ගන්න කියල ඉතුරු වෙන්නේ? අන්තිමට වචන විතරයි, ඒ වචන ක්‍රියාත්මක වෙන්නේ නෑ. ක්‍රියාත්මක වෙන්නේ එකම සත්‍යයයි. ඒ සත්‍ය එයා තේරුම් ගන්නවා. ඔන්න ඔය කතාවයි, රණ්බන්ඩා ශූරීන්ගේ සරසවි සමයේ අත් දැකීම්නුත් එක්ක තමයි මේ ගීතය ගොඩ නැගෙන්නේ.

ඇත්තටම ඒ අය කෙනෙක් එක්ක නිදාගද්දී සාප කරනවා හිතින්. ඒ අය මේ සමාජයේ තියෙන හෙළුව හොදටම දකින අය. හැම කෙනාගේම රෙද්ද ගැලවෙන්නේ ඒ අය ඉස්සරහ, හැමෝගෙම හෙළුව දකිනවා. එහෙම බැලුවම අපි මොන තරම් හිස් මිනිස්සුද? හොඳින් මතක තියා ගන්න, මේ කියන දේවල් හැම කෙනෙක්ටම ඒ විධියටම අදාල නොවෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා යතාර්ථවාදීව මේ දිහා බලන්න. අන්තිමට මට කියන්න තියෙන්නෙත් මෙච්චරයි...

“රහසේ පව් කරන දනා, එලියෙ රවන ළඳුනේ...
ලැම පමණක් ලොවට පෙනෙන...
ළය නො පෙනෙන ළඳුනේ...
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ...” 

Wednesday, January 18, 2012

◄ FACEBOOK සත්ත්ව විශේෂ වර්ගීකරණය ►


1. කුකුළා - ඔවුන් සිතනුයේ සෑම උදෑසනකම මූණුපොතේ Good Morning කීම ඔවුන් ගේ රාජකාරිය බවයි.

2. උකුස්සා - සෑම post 1ක්ම කියවන නමුත් කිසිවිට comment / like නොකරයි.

3. උගුඩුවා - LOL / LMAO හැර කිසිවක් comment නොකරයි.

4. හොර පූසා - 4000+ මිතුරන් කෙලෙස ඇති වුනාදැයි ඔවුන්වත් නොදනී.

5. පොර කුකුළා - ඔවුන් මූණුපොත ක්‍රීඩා පිටියක් ලෙස ක්‍රීඩා කිරීම සඳහා පමණක් යොදා ගනී.

6. බකමූණා - ඔවුන් ජීවිතය කළකිරී, ආදරයෙන් පරාජිත වී ඇති බව මුළු ලොවටම හඬ ගා කියයි.

7. සැළලිහිණියා - මොවුන් ගේ රාජකාරිය events promote කිරීම පමණයි.

8. කොට්ටෝරුවා - දකින දකින post එකට like කරයි.

9. මොණරා - විවිධාකාර ඇඳුම් වලින් සැරසී දිනකට කිහිප වතාවක් තම ඡායාරූප පළ කරයි.

10. සුදු රෙදි හොරා - අනුන්ගේ status / photos සොරා ගනී.

ඔබ මින් කුමන සත්ත්ව විශේෂයට හෝ සත්ත්ව විශේෂයන්ට අයත් වේද?

◄ කෝපි කෝප්පය ►



වසර ගණනකට පසු මිතුරන් කිහිපදෙනෙකු නැවත එකතු වීමට සිතුවේ තම විශ්ව විද්‍යාල ජීවිතය තුළ ප්‍රියතම මහාචාර්යවරයා මුණගැසීමට යාමටයි. ඔවුන් ඒ වන විටත් සමාජයේ උසස් යැයි පිළිගන්නා ආයතන වල ඉහළ පෙළේ රැකියාවන්හි නිරත වූවන් වුනා. මෙලෙස මහාචාර්යවරයා මුණ ගැසීමට ගිය ඔවුන් කලකට පසු හමුවූ ඔවුන් ගේ ප්‍රියතම මහාචාර්යවරයා සමඟ දොඩමළු වන්නට පටන් ගත්තා.

“ඉතිං දරුවනේ, දැන් කොහොමද ඔයාලගේ ජීවිත? පෙනෙන විධියට නම් හැමෝම බොහොම හොඳ ජීවිත ගත කරනවා වගෙයි.”

මහාචාර්යවරයා ගේ මේ ප්‍රශ්නයට ඔවුන් හැම දෙනාමා පාහේ ලබා දුන්නේ එකම ආකරයේ පිළිතුරු. එක් අයෙක් රැකියාවේ ඇති කාර්යබහුල බව ගැන කණස්සල්ලෙන් කත කරද්දී තවත් අයෙකු රැකියාව නිසා තමාට මානසිකව ඇතිවී ඇති පීඩනය ගැන කතා කරන්නට වුනා. ඒ හැම අයෙකුම පාහේ තම ජීවිතය ගැන තෘප්තිමත් බවකින් කතා කළේ නෑ. හොඳින් ඔවුන්ට සවන් දුන් මහාචාර්යවරයා තම අතීත සිසුන්ට කෝපි කෝප්පයක් සංග්‍රහ කිරීමට මුළුතැන් ගෙය වෙත පැමිණියා.

වතුර උණුවන තුරු ඔහු කලේ මැටි, ප්ලාස්ටික්, වීදුරු, රිදී, රත්රන් ආලේපිත ආදී විවිධාකාර කෝප්ප කිහිපයක් බන්දේසිය මත තැබීමයි. ඒ හැම එකකටම කෝපි වත්කළ ඔහු බන්දේසිය ගෙන ගොස් මිතුරන් ඉදිරියේ තබා කෝපි කෝප්පයක රස බලන්න යැයි ආරධනා කරා. සිසුන් හැම අයෙකුම කෝපි කෝප්පයක් තම අතට ගන්නා තුරු ඉවසිල්ලෙන් බලා සිටි මහාචාර්යවරයා ඔහුගේ හඬ අවධි කලා.

“දරුවනේ, පේනවද ඔයාලා තෝරාගත් කෝප්ප සහ බන්දේසියේ ඉතිරිව ඇති කෝප්ප වල වෙනස. ඔබ සියළු දෙනා වටිණාකමින් වැඩි කෝප්ප ඔබගේ අතට ගන්නට උත්සුක වුනා, ඒ වගේම දැන් බන්දේසියේ ඉතිරිව ඇත්තේ මැටි, ප්ලාස්ටික් වගේ ඉතාම අඩු වටිණාකමින් යුත්, ඉතා සරළ කෝප්ප කිහිපය පමණයි. ඒත් ඇත්තටම ඔබ සිතන්නට තිබුණේ කෝප්ප ගැන නොවේ, ඒ තුළ ඇති කෝපි ගැනයි. ඔබ කළේ වටිණා කමින් වැඩි කෝප්පයක් තෝරා ගන්නට උත්සුක වන ගමන් අන් අය ගත්තේ කුමන කෝප්පයදැයි බැලීම පමණයි. ජීවිතයත් මේ කෝප්ප ඇතුළේ තියෙන කෝපි වගේ නම් සමාජයේ ඔබේ තරා තිරම, රැකියාව, මුදල් කියන දේ කෝප්ප වගේ. ඒවා ජිවිතය දරා සිටින්න උපකාරී වනවා මිසක් ජීවිතය නෙවෙයි. මොන කෝප්පයක් තුළ තිබුනත් කෝපි එකේ රස වෙනස් නොවෙනවා සේම ජීවිතයත් ඒ ලෙසමයි. ඒත් ඔබ හැම දෙනාම කෝප්ප ගැන සිතද්දී කෝපි එකේ නියම රස රස විඳින්න අමතක වුනා. කෝප්ප වලට ඔබේ ජීවිතය පාලනය කරන්න නොදී කෝපි රස අද සිට නියම ලෙස රස විඳින්න.”

Tuesday, January 17, 2012

◄ ආදරය, රාගය සහ විවාහය ►



ආදරය : සෙනඟ පිරී ඇති කාමරයක් තුළ ඔබට ඔහුගේ/ඇයගේ දෑසට දෑස හමුවීම.
රාගය : සෙනඟ පිරී ඇති කාමරයක් තුළ ඔබට ඔහුගේ/ඇයගේ තොල් පෙති හමුවීම.
විවාහය : සෙනඟ පිරී ඇති කාමරයක් තුළ ඔබට සෙනඟ තුළ අතුරුදන් වූ ඔබගේ දරුවා හමුවීම.

ආදරය : ඔබ ඔහු/ඇය සමඟ ඔබේ ජීවිතය හා බැඳුනු සියලු දේ බෙදාගැනීම.
රාගය : ඔබ ඔහු/ඇය ගේ ජීවිතය හා බැඳුනු සියල්ල කඩාවඩා ගැනීම.
විවාහය : ඔබත්, ඔහු/ඇයත් හා බැඳුනු සියල්ල බැංකුව සතුවීම.

ආදරය : ඔබට sex යන්න එතරම් වැදගත් නොවේ.
රාගය : ඔබට sex යන්න හැමදේම වේ.
විවාහය : මොකද්ද sex කියන්නේ?

ආදරය : ඔබ ඔහු/ඇය ගැන ආදරණීය නිසඳැස් ලියනු ඇත.
රාගය : ඔබ ඔහු/ඇයට ලියා දෙන එකම දේ දුරකතන අංකය පමණයි.
විවාහය : ඔබ ලියන එකම දේ bank checks පමණයි.

ආදරය : ඔබ ඔහු/ඇය ගැන නිතරම සොයා බලයි.
රාගය : ඔබට ඔහු/ඇය ගැන සොයා නොබලා බැරි කමට සොයා බලයි.
විවාහය : ඔබ සොයා බලන එකම දේ රූපවාහිනියේ දැන් බලන්නට ඇත්තේ කුමක්ද යන්නයි.

ආදරය : ඔබ මූණු පොතේ relationship status, In a relationship + ඔහු/ඇයගේ නම සඳහන් කර සියල්ලන්ටම ඔබගේ ආදරය ගැන ආඩම්බරයෙන් පෙනෙන්නට හරී.
රාගය : ඔබ මූණූ පොතේ relationship status, In a relationship ලෙස පමණක් සටහන් කොට තබයි.
විවාහය : ඔබ මූණු පොතේ තවමත් තනිකඩයෙකි(Single).

ආදරය : ඔබගේ එකම පැතුම වෙන් නොවී සදාකල් ඔහු/ඇය සමඟ ගත කිරීමටයි.
රාගය : ඔබගේ එකම පැතුම සදහටම ඔහු/ඇය සමඟ ගත නොකිරීමටයි.
විවාහය : ඔබගේ එකම පැතුම අද දවස ඉක්මනින් ගතවී අවසන් වීමයි.

ආදරය : ඔබ සිතනුයේ ඔහු/ඇය සමඟ කරන දේවල් ගැනය.
රාගය : ඔබ සිතනුයේ ඔහු/ඇයට කරන දේවල් ගැනය.
විවාහය : ඔබ සිතන එකම දේ ''ඇයි දෙයියනේ මම හදිස්සි වුනේ කසාද බඳින්න'' යන්නයි.

Monday, January 16, 2012

◄ මොළේ බේරගන්න ►



අපේ ශරීරයේ සියලුම ක්‍රියාකාරීත්වයන් භාරව ක්‍රියා කරන්නේ මොළය කියලා ඔබ දන්නවා ඇතිනේ. ඉතින් අපි මේක රැක ගත යුතුම සම්පතක්. අපේ නොදැනුවත්කම නිසා අපේ ශරීරයේ වැදගත්ම දෙය වන මොළයේ ක්‍රියා කාරීත්වයට හානි පමුණුවන බව ඔබ දන්නවාද? මම හිතුවා එසේ මොළයට හානි සිදුවන අවස්ථා කිහිපයක් ගැන ඔබව දැනුවත් කරන්න.

1) උදේ කෑම නොගැනීම
අපගේ කාර්ය බහුලත්වයත් එක්ක හුඟක් වෙලාවට උදේ කෑම වේල මග හැරෙනවා. එමගින් සිරුරට අවශ්‍ය සීනි මට්ටම නොලැබෙනවා (Low Sugar Level) වගේම මොළයටත් ප්‍රමාණවත් තරම් පෝෂණයක් නොළැබීමෙන් මොළයට හානි සිදුවෙනවා.

2) පමණ ඉක්මවා ආහාර ගැනීම
ඕනෑම දෙයක් ඕනාවට වඩා හොඳ නෑ කියනවනේ. ආහාර ගැනීමටත් ඒක පොදුයි. වැඩියෙන් අහාරගත් විට අපගේ මොළයේ නිර්මාණාත්මක ශක්තිය අඩු වෙන බව පරීක්ෂණාත්මකව ඔප්පු වෙලා තියනවා.

3) දුම් පානය
දුම් පානය මගින් මොළයේ හැකිලවීම වැඩි කරනවා.. එමගින් "Alzheimer disease" කියන රොගය වැළඳෙන්න පුලුවන්.
http://en.wikipedia.org/wiki/Alzheimer%27s_disease

4) අධික සීනි පරිබෝජනය
ඕනාවට වඩා වැඩියෙන් සීනි ගැනීම සිරුරට ප්‍රොටීන වැනි පෝෂ්‍ය පදාර්තයන් උරා ගැනීමට බාධා පමුණවයි. එමගින් මන්ද පෝෂණය ඇතිවී මොළයේ වැඩීමට අහිතකර ලෙස බලපානු ලබයි.

5) වායු දූෂණය
අප පරිසරයෙන් හුස්ම ගන්න වාතයෙන් හුඟක්ම වැය කරන්නේ මොළයයි. වායු දූෂණය මගින් මොළයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ලබා නොදෙයි. එමගින් මොළයේ කාර්යක්ෂමතාවය අඩුවේ.

6) නින්ද මද බව
මොළයට විවේකය ලබා දෙන එකම දෙය නින්දයි. දිගුකාලීන නිදි වර්ජිත බවින් මොළයේ සෛල විනාශ වී යා හැක.

7) නාසය අවහිර වනසේ නිදා ගැනීම
අපේ සමහරුන් නිදා ගන්නේ කොට්ටෙන් නාසය වසෙන පරිදියි. එහෙමත් නැත්නම් ඔලුවේ ඉඳන්ම පෙරවාගෙන නිදියයි. මෙයින් නාසය අවට ඇති කාබන් ඩයොක්සයිඩ් මට්ටම ඉහල ගොස් ඔක්සිජන් මට්ටම පහතට යයි. මෙය මොළයට සෘජුවම බලපානු ලබනවා.

8) අසනීප වී සිටින විට පාඩම් වැඩ කිරීම
තරඟකාරී අධ්‍යාපන රටාවත් එක්ක අපිට ලෙඩක් හැදුනත් පාඩම් වැඩෙහි නිරත වීමට සිදුවේ.. එහෙත් මෙසේ කිරීමෙන් මොළයේ කාර්යක්ෂමතාව අඩු වී මොළයට හානි විය හැකි බව ඔබ දන්නවාද?.. ඒ දවස් වල මොළය අධික ලෙස වෙහෙසවන පාඩම් වැඩ වලින් ඈත් වී සිටීම තමා නුවණට හුරු.

9) මොළය උත්තේජනය කරන ක්‍රියාවන්ගේ අඩු බව
නුවණැති චින්තනය මොළය දුයුණු කිරීමේ හොඳම මගයි. හිතීම අඩු වීමෙන් මොළයේ හැකිලීම වැඩිවිය හැක.

10) හරවත් දෙයක් කතා නොකිරීම
බුදුන් වහන්සේත් කියලා තියනවනේ හරවත් දෙයක් හැම විටම කතා කරන්න කියලා. එසේ කතා කිරීම මොළයේ දියුණුවට ලොකු රුකුලක් වන බව හොයා ගෙන ඇත